Saturday, February 8, 2014

ශ්‍රී ලoකාවේ දේශපූර්නත්වය උල්ලoඝනය කරන්නවුන්ට හට නීතියෙන් දඩුවම් ලැබිය යුතුව තිබේ.

අවශ්‍යතාවය මත ඉතාම කාලෝචිත නීතිමය සoෂෝධනයක් ලෙස සම්මත වූ වූ 1983 දී ශ්‍රී ලoකා ආන්ඩුක්‍රම විවස්ථාවට ගෙන ආ 6 වන සoෂෝධනයෙන් "ශ්‍රී ලoකාවේ දේශපූර්නත්වය උල්ලoඝනය කිරිම තහනම් " යන්නට එකග නොවූ මෙරටේ විපක්ශ නායකත්වය පවා දරමින් සිටි ද්රවිඩ එක්සත් විමුක්ති පෙරමුනට පාර්ලිමෙන්තු ආසන අහිමිවීම ඔවුන් දැරූ රටට එරෙහි බෙදුම්වාදී අදහස් වලට ලැබුනු නිසි දන්ඩනයකි !!!! යම් වෙනත් ආකාර වලින් චෝදනා එල්ල කල හැකි ක්‍රියාවන් තිබුනද වුවද එදා මෙන්ම අදටද, අද මෙන් හෙටටද මතු අනාගතයටද වැදගත් වන මෙවන් වටිනා නීතිමය සoෂෝධනයක් ගෙන ඒම පිලිබදව එවකට ජනාධිපති වූ ගරු ජේ ආර් ජයවර්ධන මහතාව ගෞරවයෙන් සිහිපත් කල යුතුව තිබේ !!!!

ඊනියා දෙමල නිජභූමියක් වෙනුවෙන් මෙරටේ උතුරු නැගෙනහිර පමනක් නොව දකුන බටහිරද විසූ සියලුම ජනතාව අවුරුදු තිස් ගනනක් තිස්සේ මර බියෙන් ජීවත් කරවූ බෙදුම්වාදී ත්රස්තවාදය ඉමහත් වූ කැප කිරීම් මැද වසර 2009 දී ගරු මහින්ද රාජපක්ශ ජනාධිපතිතුමාගේ රජයේ දේශපාලන නායකත්වය හා මෙහෙයවීම යටතේ අහීත රනවිරුවන් විසින් යුධ හූමියේදී යුධමය වශයෙන් පරාජයට පත්කරන ලදී !!!

බෙදුම්වාදි ත්රස්තවාදය මගින් අහිමි කොට තිබූ මෙරටේ ජාතින් අතර සමගිය හොද හිත නැවත වර්ධනය වෙමින් තිබෙන හා සoවර්ධන මාවතේ ගමන් කරමින් තිබෙන්නාවූ ශ්‍රී ලoකාවේ ඉතිහාසය විකෘති කරමින් හා හෞමික අඛන්ඩතාවය අහියෝගයට ලක් කරමින් සිoහල රජුන් යටතේ ද්ර්විඩ ආක්‍රමන වලදී ඒවා පරදා එක්සේසත් කල මෙරට දෙමල නිජභූමියක් තිබුනා යැයි යැයි මිත්‍යාවන් වපුරමින් ජාතික සමගිය කඩාකප්පල් කිරීමේ නිරතවෙමින් නැවතත් බෙදුම්වාදය කරලියට ගෙන ඒමට උත්සාහ දරන්නවුන්ට [http://www.lankacnews.com/sinhala/main-news/65071/] නැවත වතාවක් එකී විවස්ථාවෙන් ශ්‍රී ලoකාවේ දේශපූර්නත්වයට එරෙහිව යෑම මත සුදුසුම අවස්ථාවක් බලා ඉදිරියේදී නීතියෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දඩුවම් ලබාදිය යුතුව තිබේ !!! දිය කෙලියේ යෙදී සිටියද කකුලුවන්හට දියෙහි රස්නය දරාගත නොහැකි මට්ටමක් එන බව එදිනට හෝ එවැන්නවුන් දැන ගනු ඇත !!!

No comments:

Post a Comment