Friday, February 14, 2014

සිංහලයාගේ අනාගත පැවැත්ම යහපත් කරගන්නට...

මෙරට ස්වදේශිකයන් වන සිංහලයන්ට තමන්ගේ කියා නිදහසේ ජීවත් වන්නට ඇති එකම භූමිය නම් අප ශ්‍රී ලංකාවය ! (http://lankacnews.com/sinhala/news/86267/) මෙවැනි පුවතකින්ද හෙලි කොට ඇති පරිද්දෙන් අද වන ව්ට සිංහලයාගේ ජනගහන වර්ධන වේගය පහත වැටී ඇති බවත් ඊට සාපෙක්ශව අන් ජාතීන්ගේ ජනගහන වර්ධන වේගය ඉහල ගොස් ඇති බවත් රහසක් නොවේ ! ඒ අනුව විදේශයන් හිදීද සිංහලයන්ට බෞද්ධයන්ට ඇති වන නොයෙකුත් අතුරු අන්තරාවන් ගෙන් ආරක්ෂාවීමට ජාතියක් වශයෙන් මෙරටදී පූර්වෝපායයන් යෙදීම අවශ්‍යය, එමගින් සිංහලයාගේ යහ පැවැත්මටත් මෙරට බුද්ධ සාශනයේ යහ පැවැත්මටත් ගැටලු ඇති කරවිය හැකි තත්වයන් වලක්වා ගැනීම කල යුතුව ඇත !! ඒ තත්වය පාලනය කිරීමේ බලය ඇත්තේ අන් කවරක් සතුව වත් නොව නීතිය සතුවය !!! සිංහලයන් වශයෙන් ඒ අනුව අපට උදාවී ඇති කාලීන ගැටලුව වන සිංහලයාගේ ජනගහන වර්ධන වේගය පහත වැටීමටත් ඒ ඔස්සේ මතු විය හැකි අතුරු විපත් වලකා ගැනීම පිනිස නීතිය යොදා ගත යුතුව තිබේ !

සමීක්ශණ මගින් සොයාගෙන ඇති පරිද්දෙන් සිංහලයාගේ ජනගහන වර්ධන වේගය පහත වැටීමට දායක වී ඇති ප්‍රධාන කරුනු දෙකකි !

* නීතී විරෝධී ගබ්සා කිරීම් සිදුවිම...
* වද සැත්කම් සිදුකිරීම...

පලමු කාරනය සාකච්ජාවට ගත් කල නීතී විරෝධී ගබ්සා කිරිම අවම කිරීම පිනිස නීතී විරෝධී ගබ්සා කිරිමට ලබාදෙන දන්ඩනයන් වැඩි කල යුතු අතර එවැනි දෑ කොට හසුවන්නාවූ පුද්ගලයින් හා එවැනි ගබ්සා කිරීම් කරගැනීමට යන්නාවූ අයටද ගහෙන් වැටුනු මිනිසාට ගොනා ඇන්නා යන තත්වයට පත් නොවෙන පරිද්දෙන් නීතියෙන් දඩුවම් කල යුතුයි ! නීති විරෝධී ගබ්සා කිරීම් වලට යොමු වීමට හේතුව ලෙස බි්‍රතාන්‍ය සමයේදී ශ්‍රී ලංකාවට හදුන්වාදුන් අදටද එලෙසම බලාත්මක මවගේ ජිවිතය බේරාගැනීම උදෙසා පමනක් නීතියෙන් ඉඩ දී ඇති ලෙස සදහන් ගබ්සා කිරීම දැඩි ලෙස සීමා කොට ඇති කාලයට අනුව මේ වන විට වෙනස් කොට තිබිය යුතු වූ එහෙත් වෙනස් නොකොට ඇති ගබ්සා නීතිය නිසා යැයි කිව හැකිය !

ගබ්සා නීතිය වෙනස් කිරීම යන්න සාමාන්‍ය දැනුමැති සමාජය තුල විෂේශයෙන් නීතිය පිලිබද ප්‍රමානවත් අවබ් අවබෝධයක් නොමැතිව ඇති කල අතිශය කතා බහට හෝ හීතියට පත්ව කම්මුලේ අත තබා ගෙන ''අනේ අපෝයි'' යැයි කීමට හේතුවක් වුවද සත්‍යවශයෙන්ම එහි භයානක බවක් නැත ! නීතිය යනු අද සාදා එය එලෙසින්ම වසර සියයකින්ම භාවිතා කල හැකි ගැටලු විසදීමේ යාන්න්රනයක් නොව කාලයත් සමග සමගාමිව යමින් කාලීන ගැටලුවලට විසදුම් ඉදිරිපත් කල යුතුවන යාන්තරනයකි ! නො එසේ නම් වන්නේ නැති ගැටලු සමාජයේ නිර්මානය විමය ! දැනටම වී ඇත්තේ එවැන්නක් නොවේදයන්න බුද්ධිමත්ව සිතූවිට අවබෝධ වනු ඇත !

නීති විරෝධී ගබ්සා කිරීම් වලට කාන්තාවන් යොමුවන්නේද, එවැනි ආයතන නීති විරෝධීව පවත්වාගෙන යන්නට අවකාශ ලැබ ඇත්තේද අන් කිසිවක් නිසා නොව ගබ්සා නීතියේ ඇති දැඩි බව නිසාමය ! නීති විරෝධී ගබ්සා කිරීම් නිසා මවට විය හැකි අනතුරු වලින් ඇය මරනයට හෝ නැවත දරුවන් පිලිසිදගත නොහැකි තැනට පත්විය හැක ! අනාචාරයේ හැසිරීම නිසා හෝ ලිංගික අතවර වලට පත්වීම නිසා, අවාසනාවට විකෘති වූ කොහෙත්ම සාමාන්‍ය ජීවිතයක් පවත්වා ගැනීමට නොහැකි තරම් වන (වෛද්‍ය නිර්දේශයන් මත) විකෘති කලල, හා ව්‍යහිචාරය නිසා ඇති වූ එහෙත් මවගේ අවශ්‍යතාවය ඇත්නම් ඇයට ඒවා ඉවත් කරගැනීමට වත්මන් ගබ්සා නීතිය අවසර දී නොමැත. මෙය දරුවෙකු දරා සිටින මවගේ පැත්තෙන් දැඩි අසාධාරන තත්වයකි ! එහෙත් නීතියෙන් සහනයක් නොලැබෙන තැන ඇය සිය අවශ්‍යතාවය නීති විරෝධී ලෙස කරගැනීමට යොමු වේ !

ඒ අනුව එකී ආයතනයන්ටද පැවැත්මක් වත්මන් ගබ්සා නීතියේ දැඩි බව නිසාම ලැබී තිබේ ! ඒ අනුව නීති විරෝධී ගබ්සා කිරීම් වලින් කාන්තාවන්ට වන හානිය වලක්වා ගෙන සිංහලයාගේ ජනගහන වර්ධන වේගය වර්ධනය කරගැනීම පිලිබද කතා කරන්නේ නම් මෙකි තත්වයේ වෙනසක් විය යුතුව තිබේ, නො එසේ නම් එය හිසේරදයට නියමිත බෙහෙත් නොබී කොට්ටය මාරු කිරීමක් බදු ක්‍රියාවකට වැඩි යමක් නොවනු ඇත !

මවගේ අවශ්‍යතාවය ඇත්නම් ඒ මත වෛද්‍ය වරුන්ගේ හා අවසාන වශයෙන් අධිකරන නිර්දේශය මත පහත දන්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය සංෂෝධනය කරමින් පහත අවස්ථා තුනද ඇතුලත් කරමින් ගබ්සා නීතිය පුලුල් කිරිම වැදගත් ය !

* ලිංගික අතවර නිසා ඇතිවූ කලලයන් ඉවත් කිරීම...
* දැඩි ලෙස විපරීත වූ කලල ඉවත් කිරීම...
* ව්‍යහිචාරය නිසා ඇතිවූ කලල ඉවත් කිරීම...

මෙකී නිතීය පුලුල් කිරීමට විරුද්ධ වන්නෙකු වේ නම් හෙතෙම එක් අතකින් මෙය බුද්ධාගමට පටහැනි පාපකාරී ක්‍රියාවකැයි කියා සිටිය හැක ! මෙමගින් ජනගහනය අඩු විය හැකි බව කියා සිටිය හැක ! එසේම ගබ්සා නීතිය අවශ්‍යතාවයේ සීමාව තෙක් පුලුල් කිරිමෙන් කාන්තාවන් මෙයට විෂාල වශයෙන් යොමු විය හැකි බව කිව හැක ! එහෙත් බුද්ධාගමට අන නුකූල වන්නේ යැයි හුදෙක් පවසමින් මෙකී ගැටලුව විසදා ගැනීමට ප්‍රායෝගික වූ විසදුම් ඉදිරිපත් නො කරනතාක් කල් ඔවුන්ද වක්‍රව මෙකී නීති විරෝධී ගබ්සා කිරීමට දායකවන්නන් ලෙස හැදින්වීමේ වරදක් නැත්තෙ ය ! බුද්ධාගම පැත්තෙන් ගතහොත් මවගේ ජීවිතය බේරාගැනීමට සත්භාවයෙන් කරන්නට වන ගබ්සා කිරිම්දබුද්ධාගමට පටහැනිය ,එසේම තමාව ඝාතනය කරන්නට එන බවට සාධාරන හා ප්‍රත්‍යක්ශ ලෙසම පෙනී යන අවස්ථාවකදී පුද්ගලික ආරක්ෂාව භාවිතා කිරීමද බුද්ධාගමට පටහැනිය !! එහෙත් බුද්ධාගමේ යැයි කියා සිටිමින් එවැනි අවස්ථාවල සුදුසුම ක්‍රියාමාර්ගයන් ගැනිමෙන් බැහැර වන්නේද නැත! දැඩි ලෙස ගබ්සා කිරිම සීමා කිරිම තුලම ජනගහන වර්ධනය වේගය අඩු කිරීමට ප්‍රධාන සාධකයක් ලෙස නීතී විරෝධී ගබ්සා කිරීම් හදුනා ගෙන තිබීම තුල එවැනි දෑ සීමා කොට නීත්‍යානුකූල සීමාවක් තුල නිසි වෛද්‍ය අනුමැතිය ඇතුව සිදු කරන්නාවූ ගබ්සා කිරීමක් මගින් එසේ නොවෙන අවස්ථාවකදී මවගේ පැත්තෙන් ඇතිවන සංකූලතා අවම කරගැනීමත්, නීති විරෝධී ගබ්සා කිරීමේ ආයතන පැවතීම අවම කිරීමටත් හැකිවන බව මෙකී නිතීය පුලුල් කිරීමට විරුද්ධ වන්නෙකු වේ නම් හෙතෙම අවබෝධ කරගන්නාතුරු හුදෙක් සිය විරෝධය දක්වනු ඇත !

නීතිය යොදාගන්නේ එකී අවස්ථාවට සැබැවින්ම පත්වූවන් පමනි ! අවශ්‍යතාවය තිබූ පමනින්ම එයට නීතියෙන් අවකාශය නොලැබෙන තරමට ගබ්සා නීතියේ පුලුල් වීමක් කොහෙත්ම නැත !එබැවින් ඉදිරිපත් විය හැකි දෙවන විරෝධතාවයද ඉවතට විසිවේ !

1988 සෞඛය අමාත්‍යංශයේ LRT සැත්කම් කිරිම සදහා බලපැවැත්වෙන ලේඛනයේ දක්වා ඇති පරිදි එම සැත්කමක් කරගැනීමට කාන්තාවක් අවම වශයෙන් වයස 26 ක් සම්පූර්න වී දරුවන් දෙදෙනෙකුවත් සිටිය යුතු බවත් දෙවෙනි දරුවා ටද වයස අවුරුදු දෙකක් සම්පූර්න වී තිබිය යුතුය යන්නය ! මෙයද කාලයට අනුව සංෂෝධනය විය යුතු නීතියකි ! පුවත්පතක නිර්දේශ කොට තිබූ පරිද්දෙන් වයස 26 යන්න වයස 40 දක්වාද, දරුවන් දෙදෙනා යන්න දරුවන් තිදෙනෙකු බවටද වෙනස් කල යුතු බව යන්න යෝග්‍යයය ! මන්ද වයස 26 වන විට අද සමාජයේ දරුවන් දෙදෙනෙකු සාදා ඉන් එක් දරුවෙකුගේ වයස අවුරුදු දෙකට වැඩි වීම යන කාරනය නොයෙක් හේතු මත එතරම් ප්‍රායෝගික නොවෙන තත්වයක් නිසාය ! එසේම දිනකට LRT සැත්කම් 40 ක් පමන කිරීමට දී ඇති අවස්ථාවද සීමා කල යුතුව තිබේ !

එසේම අවධානයට ලක් කොට සංෂෝධන අවශ්‍ය නම් කල යුතු යුතු තවත් කරුනක් නම් දරුවන් සෑදීම පිලිබදව නීතියෙන් ලබාදී ඇති අවකාශය යන්නය ! මුස්ලිම් නීතියේ ඉඩ දී ඇති පරිද්දෙන් විවාහ හතරක් දක්වා කරගැනීමට පුරුශයෙක්ට අවස්ථාව ලබාදී තිබේ, එය සිංහල තබා දෙමල ජාතිකයන්ට හෝ නැති වරප්‍රසාදයකි ! ඒ තුල මුස්ලිම් ජාතිකයන්ට සිංහල හෝ දෙමල ජාතිකයන්ට වඩා වේගයෙන් දරුවන් සෑදීමේ අවස්ථාව ලැබී තිබේ ! එය කෙතරම් දුරට සිංහලයාගේ ජනගහන වර්ධන වේගය පහත වැටීමට දායක වී ඇතිද යන්න ගැඹුරින් සලකා බැලිය යුතුවන කාරනයක් බවට නිතැතින්ම පත්වේ !

අවශ්‍ය නීතිමය වෙනස් කම් කිරිම යනු ආරක්ෂාව පැත්තෙන් සහතිකයකි ! එහෙත් එසේ කලද එය පමනක්ම නොසෑහේ, මන්ද නීතිය ක්‍රියාත්මක වන්නේ රික්තයක නොවෙන නිසාය, ඒ අනුව නීතියෙන් පාලනය වන ජනතාවද මනා කොට දැනුවත් කල යුතුය, එහිදී විෂේශයෙන් සදහන් කල යුත්තේ විවාහ වී දරුවන් ලැබීමේ සිට දරුවන් ආරක්ෂා කරගැනීමේ වැදගත් කම හා ඔවුන් කායික මෙන්ම මානසික වශයෙන්ද නිරෝගී රට ජාතිය ගැන හා සහෝදර අන් ජාතිකයන් හා සුහදව වෙසෙන අර්බුද ඇතිවුවහොත් ඒවා බුද්ධිමත්ව විසදා ගන්නා දැනුමෙන් හා ගුන නුවනින් යුතු පුරවැසියන් ලෙස සමාජගත කිරිමට දෙමාපියන් ප්‍රමුඛව පාසැලේ ගුරුවරින් හා අවසාන වශයෙන් සමාජය විසින් කල යුතු කාර්යභාරය ඉටු කීරිම පිලිබදවය !

නීතී විරෝධී ගබ්සා කිරීම් සිදුවිම හා වද සැත්කම් සිදුකිරීමයන කාරනා දෙකට අමතරව ඉපදී සිටින සිංහලයින්ම තම වර්ගයා විනාශ මුඛයට යවාගන්නාවූ කාරනා වන සිගරට් ඇතුලු මත්ද්රවය භාවිතා කිරීම ඒ ඔස්සේ සිදු කරන්නාවූ අපරාධයන් අවම කරගැනීම උදෙසාද පරිහානියට පත්වන්නාවූ වෙනත් ක්‍රියාවන්ද දැඩි ලෙස සීමා කරනු වස් නීතිය වඩ වඩාත් සක්‍රියව දායක විය යුතු තැන ඇත !

No comments:

Post a Comment