Friday, February 14, 2014

දරුවන් කෙරේ වඩාත් යොමු විය යුතු දෙමව්පිය අවධානය...

වෙලද පොලේ තහනම් ඖෂධයක් වන කොරෙක්-ඩී පැනිය හා මත්ද්රව ය මිතුරන් හා එක්ව භාවිතා කොට වතුපිටිවල ප්‍රදේශයේ නේවාසික කාමරයක් තුලදී නිදියහනේදීම11 වන වසරේ ඉගෙනුම ලැබූ පාසැල් සිසුවකු මියගොස් තිබේ !

හඩා වැලපී පලක් නොමැත ! පාප මිතුරන් හදුනා ගැනීමට නොහැකිවීමද? එසේ හදුනා ගන්නාවූ ක්‍රමය දෙමාපියන් විසින් උගන්වා තිබුනේ නැතිද? හෝ වෙනත් හේතුවක් නිසා එකී අවාසනාවන්ත ඉරණමට එකී තරුනයා ගොදුරු වී හමාරය ! කල යුත්තේ පාඩම් ඉගෙන මෙවැනි දෑ යලිදු සිදු නොවීමට වග බලාගැනීමය !

ජංගම දුරකතන පිලිබදව කිව යුත්තක් ඇත. අද වන විට නැතිවම බැරි මට්ටමේ ඇති අත්‍යාවශ්‍ය වූ එකී උපකරනයෙහි වීඩීයෝ හා අන්තර්ජාලයට ප්‍රවේශ වීම වැනි උසස් පෙල මට්ටමට වුවද එතරම් ප්‍රයෝජනයක් නොමැති පහසුමක් වලින් තොර ජංගම දුරකතන භාවිතා කරවීමට දරුවන්ව යොමු කිරීම වැදගත් ය ! එසේම අන්තර්ජාලයද සීමාවක් තුල භාවිතා කරවීමට කටයුතු කල යුතුය ! අවශ්‍ය වුවහොත් නීතියක් මගින් මෙවැනි දෑ ක්‍රියාවේ යෙදවීමට කටයුතු කල යුතුව තිබේ ! වයස් හේදයක් නොමැතිවම දෙමාපිය අවධානය දරුවන් කෙරේ යොමු වීම වැදගත් මුත් අවම වශයෙන් නීතියට අනුව වයස් පූර්නත්වයට පත්වන වයස එනම් වයස 18 වන තෙක් හෝ දරුවන් කෙරේ දෙමාපියන්ගේ අවධානය දැඩි ලෙසම යොමුවිය යුතුව තිබේ ! මන්ද ඔවුන් වනාහී ජීවිතාවබෝධය හරි හමන් නොලැබුන පරිනත වෙමින් සිටින රැකවරනය යථා පරිද්දෙන් නොලැබුන හොත් පහසුවෙන් වරදේ බැදිය හැකි වයසක පසුවන්නන් නිසාමය ! ඔවුන් කරන්නේ කුමක්ද, යන්නේ එන්නේ කොහේද? ඇසුරු කරන්නවුන් කවුරුන්ද යන්න පිලිබදව අවධානය වඩාත් යොමු කල යුතුව ඇත ! ඉගෙනීමට යොමු කරනවා මෙන්ම දරුවන්ගේ ක්‍රියාකාරකම් පිලිබදවද මනා සෙවිල්ලෙන් සිටිමින් ඉදිරියට හෝ මෙවැනි විපත් වලක්වා ගැනීමට කටයුතු කල යුතුව තිබේ ! එසේම දරුවන් සතුවද යුතුකමක් ඇත, ඔවුන්ටද හොද නරක සෑහෙන තරමකට අවබෝධ කරගත හැකි බැවින් ඒ අනුව යහපත් ක්‍රියාවලම නිරත වෙමින් තමන්ට වයසට නියමිතව ඇති අධ්‍යයන කටයුතු වල නිරත වෙමින් යහපත් මිතුරන් අවබෝධයෙන් හදුනාගෙන ඔවුන් ඇසුරු කරමින් වගකිමෙන් යුතුව අනාගතය වෙත පිය මැනීමය !

No comments:

Post a Comment