Friday, February 7, 2014

කිසිවකුගේ මානසික අසහනයට ඔබ ගොදුරු වන්නට කිසිසේත්ම අවශ්ය නොවේ...

පිස්සු බල්ල්කු නොවෙන සාමාන්ය නිරෝගී බල්ලෙකු පාඩුවෙ සිටින කල උගෙන් කාහට වත් කරදරයක් නැත ! එහෙත් පාඩුවේ සිටින බල්ලාව කූරූ ගාන්නට ගියහොත් පීඩාවට පත්ව ඌ ගොරවා ඉන් නොනැවති ඉන් පසුව සපා කන්නට වුවද පනිනු ඇත ! මිනිසා යනුද සත්වයෙකි ! බල්ලගේ ඒ ගතිය මිනිසාට පොදු නොවීමට හේතුවක් නැත ! එහෙත් මනසින් දියුණු නිසා එක වර සපා කෑම වෙනුවට ඉවසීමෙන් සිට කල් යල් බලා ඊට ඉහල සාර්ථක ප්‍රතිචාර දැක්වීමට ඔහු සමත්වනු ඇත ! සැබෑවටම විය යුත්තේ එයයි !!! නීතිය ඒ වෙනුවෙන් පිහිටට ඇත !

මේ ඡයාරූපය මා එෆ් බී හි දුටු පුවතකි ! නීතිය ඔබගේ පිහිටට තිබේ ! විශ්ව විද්යාලයට ගිය අලුත ඔබව කිසිවෙකු හෝ වාචිකව පීඩාවක් හෝ ඇගිල්ලක් හෝ තබා ඔබා බලන්නට පැමිණිය හොත් ඉවසීමෙන් සැනසීම අභිබවා යමින් වැනසීම උදාවෙන තෙක් ඉවසා නොදරා එයට නීතියේ පිහිට ලබා ගන්නට ඔබ මැලිවිය යුතු නැති බැවින් ඔබට කල කායික හෝ මානසික පීඩාවට සම්බන්ධ වූ සියළුම දෙනාටම නීතියෙන් උපරිම ලෙස වන්දි ගෙවීම උරුම කරවීම ඔබට කල හැකි කාර්යයයි ! ඔබ අමතක නොකල යුතු කාරණය නම් ඔබ කිසිවකුගේ මානසික අසහනයට ගොදුරු වන්නට කිසිසේත්ම අවශ්ය නොවෙන බවයි ...

අතීතයේ රජ දවස දණ්ඩන ක්‍රමයන් ලෙස දක්වා තිබූ දෙතිස් වද අතර වූ අදටද දණ්ඩ නීති සංග‍්රහයේ ඇතුලත් කර ඇති එහෙත් පනතකින් ලබාදීම නතර කර ඇති කස පහර ලබාදීම එලෙස නවතා දැමීම හරහා බලාපොරොත්තුව ඇති මානව හිතවාදී තත්වයට ලැබෙන ප්‍රතිචාර නම් සතුටුදායක නැත ! නීතියේ ආධිපත්යය තුල මානව හිමිකම් ආරක්ෂා වන්නට දණ්ඩනය ලැබීම අත්යාවශ්ය කාරණයකි !!!

ඒ අනුව මෙවැන්නවුන් විශ්ව විද්යාලයෙන් නීතියට අනුව නෙරපා හැරීම අවශ්යය !!! ඉන් පසුව
යථා තත්වයට පත් කිරීම පිණිස ( පුනරුත්තාපනයට ලක් කිරීමට ) උත්සාහ කල යුතුය !

එසේම මොවුන් නිසා වින්දිතයන් බවට පත්වූ තැනැත්තන්ට ඇති වූ කායික මානසික පීඩා වලට මොවුන්ගෙන් වන්දි ලබා ගැනීම හා මොවුන්ගේ ක්‍රියාකාරිත්වයට අදාලව නීතියෙන් දඩුවම් කිරීම ද අවශ්යය !!! ලබාදෙන දණ්ඩයට ප්‍රසිද්ධියේ කස පහරින් දඩුවම් කිරීම ඇතුලත් කිරීමද අවශ්යය, මන්ද හරි නම් මෙවැන්නවුන්ට සැලකිය යුත්තේ / ගැලපෙන්නේ පුරාණ රෝම් නීතියේ කියවෙන ආකාරයෙන් වන නිසාය...

No comments:

Post a Comment