Friday, February 7, 2014

නීතියේ ආධිපත්‍යය තුල අගතියට පත් පුද්ගලයින්ට (අපරාධ වින්දිතයන්ට) යුක්තිය ඉශ්ට වීමේ වැදගත්කම...

නීතියේ ආධිපත්‍යය තුල අගතියට පත් පුද්ගලයින්ට (අපරාධ වින්දිතයන්ට) යුක්තිය ඉශ්ට වීම හා ඒ බව පෙනී යෑමට නම් දන්ඩනය ක්‍රියාත්මක විම අත්‍යාවශ්‍යය...! පුද්ගයෙකු නීතියෙන් නියම කල කාර්ය පටිපාටියට අනුව සමාජයෙන් සදහටම බැහැර කිරිම හෙවත් මරනීය දන්ඩනයට ලක් කල යුත්තේ එසේ නොකර බැරිම තැනය. සත්‍ය වශයෙන්ම එය නියම වන්නේද එවැන් විටෙකදීය. ඒ අනුව මරනීය දන්ඩනය අනුමත කරන්නේ එමගින් කිසියම් වූ හේතුවක්/හේතු මත සමාජයේ යහපැවැත්මට ඉතාම හානිකර තැනැත්තන් බවට පත්වූවන් සමාජයෙන් සදහටම බැහැර කොට සමාජයේ යහපැවැත්ම රදවා ගැනීමට හැකියාව ලබාගැනීම උදෙසාය ! එය නීතියේ කාර්යභාරයකි ! නීතියෙන් යුක්තිය පසිදලීම සම්පූර්ණ කිරීමට අත්‍යාවශ්‍ය විටදී යොදා ගත යුත්තකි ! ආගමට එකග නොවිය හැකි වුවත් ආගම පවා නීතියේ පාලනයට අයුතු ලෙස මැදිහත් විය යුතු නැත. මන්ද සමාජයේ යහ පාලනයක් පවත්වා ගැනීමේදී ආගමින් පාලනය නොවන්නාවූ අන් පුද්ගලයින්ගේ නන් වැදෑරුම් නිදහස ඇතුලත් යහපැවැත්ම පවත්වා ගැනීමට බාධා ඇති කරන්නාවූ තැනැත්තන්ගෙන් සමාජය මුදවා ගැනීමේ කාර්යය පැවැරී ඇත්තේ නීතිය වෙත නිසාය !

එසේ තිබියදී කිසිවෙකු ඊට විරුද්ධ නම් ඊට විකල්ප ලෙස කරුනු කාරනා ඉදිරිපත් කොට ඒවා ඇසුරින් මතුව ඇති ගැටලුව වන සුලු පීරිසකගේ සාවද්‍ය චේතනා හා සාවද්‍ය ක්‍රියා හේතුවෙන් ප්‍රතිඵල වන්නාවූ සමාජයේ ජීවත් වන්නාවූ සාමාන්‍ය පුරවැසියන් නිකරුනේ විනාශයට පත්වීම වැලැක්වීම සිදු වන බව ප්‍රායෝගිකව සමාජය ඉදිරියේ පෙන්වාදිය යුතුය ! නොඑසේ එවන් අදහස් යනු හුදු වචන සමුදායක් පමනි ! අපරාධ වින්දිතයන්ගේ පැත්තෙන් යුක්තිය ඉශ්ට වීමට කිසිසේත්ම පිටිවහලක් නොලැබේ ! එනම් ප්‍රශ්නය එතැනමය ! කාලීන ගැටලුවකට විසදුම් ලබාගත නොහැකි හුදු ප්‍රකාශ අදහසක් දරා සිටීමක් හෝ මනාපය පලකිරීමකින් හෝ කිසිදු ඵලක් නැත්තේ ය!

හුදෙක් වචන භාවිතා කොට මරනීය දන්ඩනයට විරුද්ධ වන්නෙකු වේ නම් හෙතෙම එසේ පවසනු ඇත්තේ එක්කෝ මරනිය දන්ඩනය බුද්ධාගමට පටහැනි යැයි කියමින් ඒ මත පිහිටා හෝ ඉන් ඔබ්බට ගොස් තමන් වනාහී මදුරුවෙකු හෝ නොමරන තත්වයේ ඇත්තාවූ සත්ව අවිහිංසාව යන්න හද පතුලෙන්ම අගය කරන්නෙකුගේ හූමිකාවට පන පොවන්නෙකු යැයි පෙන්වීමට හෝ නො එසේ නම් පවතින කාලීන අවශ්‍යතාවයක් හදුනා ගත නොහැකි තරමේ මනස අබල/විකෘති තත්වයේ සිටිනතැනැත්තෙකු නිසා හෝ වෙනත්ම හේතුවක් නිසා විය යුතුය...

ඒ කවර වූ හේතුවක් නිසා හෝ එවැන්නෙකුගේ වුවද පුද්ගලික ආරක්ෂාවේ අයිතියට තවත් කිසිවෙකුගෙන් තර්ජනයක් වූ විටදී එකී තැනැත්තා පෙර දැරූ අදහස ඔහුගේ ඇගට පතට නොදැනී කොතරම් දුරට වෙනස් වන්නේදැයි සමාජය ඉදිරියේ නිරාවරනය වනු ඇත... (නො එසේ නම් සැබැවින්ම එය එකී තැනැත්තාගේ කරුමයකි)

මන්ද සත්වයෙකු සිය ආරක්ෂාවට තර්ජනයක් වූ විට ඉන් මිදීම උදෙසා ක්‍රියාත්මක වන සහජ ආකාරයක් තිබෙන නිසාත් මරනීය දන්ඩනයට විරුද්ධ වන්නෙකු වේ නම් එසේ වුවද එකි පුරුශයා හෝ ස්ත්රිය ද Home Sapiens යන විද්‍යාත්මක නමින් හදුන්වනු ලබන වෙනත් සත්වයින් මෙන් නොව මහත් වූ බුද්ධියක්ද ඇති සත්වයෙකු වන නිසා ඔහු/ඇයද අවස්ථාවට අනුකූලව අන් සත්වයින් ක්‍රියාත්මක වන්නාවූ ආකාරය අබිහවා ක්‍රියාත්මක වනු ඇති නිසාය !!!

No comments:

Post a Comment