Friday, February 7, 2014

නිවැරදිව පාර මාරු වෙමු ...

ජනතාව බොහෝ දේ දන්නවා විය හැකිය ! විවිධ ක්ශේතර වල ප්‍රවීණයන් වන්නට පුළුවන ! එහෙත් ජනතාවගෙන් කීයෙන් කී දෙනෙක් නිවැරදිව පාර මාරුවන්නට දන්නේ දැයි සැක සහිතය !

* කහ ඉරක් ඇත්තේ පාර මාරු වන්නටය ! එය දැක දැක ඊට එහායින් මෙහායින් එක් වරම පාරට පැමිණ පාර පනිති !

* තවත් අවස්ථාවක සිතන්නේ කහ ඉර ගැන පමණි. කලර් ලයිට් එක දෙස බලන්නේ නැත, ගාල කඩා ගත් හරකුන් මෙන් ඔහේ පැමිණ පනිති !

* තවත් අවස්ථාවක කහ ඉර අසලට පැමිණ බලාගෙන සිටිති ! ඔවුන් පාර මාරු වන්නට පටන් ගන්නවාද නැද්ද යන්න සිතා ගැනීමට වාහනයක් එලවන අයෙකුගේ පැත්තෙන් සිතා ගැනීමට නොහැකිව යන බව මා වාහනය පදවා යන විට පුද්ගලිකව අත් දැක ඇති කාරණයකි !

මෙවැනි දෑ නිවැරදි විය යුතුව තිබේ ! වාහනය එලවාගෙන යන කෙනාගේ පැත්තෙන් තමන් හැර පාරේ යන අන් සියළු දෙනා මෝඩයින් ලෙස සලකා ඔවුන් මෝඩ ක්‍රියා වල නිරත විය හැකි බැව් සිතා තමන් උපරිම ලෙසින් වාහනය එලවීම පිළිබදව සැලකිලිමත් විය යුතු බව මා රියදුරු බලපත්‍රය ගැනීමට පුහුණුවට යන විට මා හට සහය දුන් උපදේශක මහතුන් කියා දුන්නා තවම මතකය ! එහෙත් වාහනය තුල සිටින තමන් ඇතුලු සියළු දෙනාගේම පූර්ණ වගකීම තමන් කරට ගන්නට සැම විටම රියදුරෙක්ට නොහැකිය ! පාරේ යන එන අයද නිසි සැලකීමෙන් පාරේ යන බව අවබෝධයෙන් පාරේ යා යුතුය, අවශ්ය නම් වාහන එලවන්නේ මෝඩයින් යැයි සිතා ඔවුන්ගෙන් ප්‍රවේශම් විය යුතු යැයි කියා හෝ ආරක්ෂාව පිළිබදව වඩාත් සැලකිලිමත් වීම අවශ්යය !

ඒ අනුව ....

* කහ ඉරෙන්ම පාර පැනීමට පුරුද්ද ඇති කරගත යුතුය...
* කහ ඉර සේම කලර් ලයිට් එකක් ඇත්නම් එයටද අනුකූල විය යුතුය...
* කහ ඉර ඇත්තේ පාර මාරු වන්නට මිස එය අසලට විත් පාර මාරු වනවාද නැද්ද යන්න සිතමින් ඉන්නට නොවේ ! පාර මාරු වන බව කලින්ම සිතා ගෙන පැමිණ අත ඔසවා පාර මාරු වීමට අවශ්ය බව අගවා අවස්ථාව ලද විගස ඉක්මනින් පාර මාරු වීම කල යුතුය ( පොලිස් නිල්ධාරියෙකු රාජකාරි කරන්නේ නම් ඔහු අවස්ථාව ලබාදෙන තෙක් සිටිය යුතුවේ )

 
පාර මාරුවන්නට කහ ඉරි ඇද තිබේ ( රාත්‍රියට ඒවා හරියට නොපෙනේ යැයි කියනා නිසා අනාගතයේ දිනෙක ඒවා සුදු ඉරි බවට පත් කිරීමට අදහසක් ඇත ) කහ ඉරකින් පාර පැනිය යුතු යැයි ලගට කතා කොට පුතේ දුවේ යැයි අමතා හිස අතගා කියා දෙන්නට තරම් ඔවුන් නොදරුවන් නොවේ ! තවත් නිවැරදිව නීතියට අනුව කිවහොත් අවුරුදු 8 ට අඩු තැනැත්තන් නොවේ !!!

නමුත් කහ ඉරක් තිබූ පමණින් පාර පැනීමටද නොහැකි බව සිතේ තබා ගැනීම වටී ... තමන්ට පාර මාරු වන්නට අවස්ථාවක් ලබා දෙන්නට කලර් ලයිට් ඇත්නම් ඒ අනුව කටයුතු කල යුතුවේ මන්ද කලර් ලයිට් එක යනු අදාල නීතිය වන නිසාය !!! නමුත් ඇතැමුන් ගාල කඩා ගත් හරකුන් මෙන් දිව විත් මාර්ගයේ වාහන ගමන් ගන්නා අතරතුර ඔහේ පාර පනිති ! ඉන් වාහන එලවන තැනැත්තන්ද, ගමන් කරන්නන්ද යන දෙපිරිසම අවධානමට ලක්වේ ! එසේම ඇතැම් වාහනද කලර් ලයිට් එක ගැන සලකීමක් දක්වන බව නොපෙනේ !!! ඒවැනි ක්‍රියාකාරක්ම් දක්වන්නවුන් දැනුවත් කිරීම් වලින් පාලනය වන්නේ නැතින්ම දඩ ගැසීම්, මාර්ග බලපත්‍රය අවලංගු කිරීම දක්වා යෑම වැදගත්ය !

තමන්ට ක්‍රියාත්මක වන්නට අවස්ථාව එනතුරු ඉවසීමක් ඇතිව සිටින්නට බැරි කොතරම් පිරිසක් සමාජයේ සිටීදැයි දැන ගන්නට ප්‍රධාන මාර්ගයක කහ ඉරක් අසලට වී සිටින්නේ නම් ඔබට හැකිවනු ඇත ...! කුඩා වුවත් නීතිය නීතියයි ! ඒ අනුව කුඩා නීතියක් අනුව හෝ ක්‍රියාත්මක වන්නට බැරි නම් / උනන්දු නොවේ නම් ඉන් ඔබ්බට නීතිය අනුව එවැන්නවුන් විසින් කටයුතු කිරීම කෙසේ නම් බලාපොරොත්තු විය හැකිද ...?

එසේ කී දෙනෙකු ගාල කඩා ගත් හරකුන් මෙන් ඔහේ පාර පැන ගියද මා නම් පාර පනින්නේ මා හට ඒ වෙනුවෙන් නීතියෙන් හෝ නීතිය ක්‍රියාකාරී නොමැති අවස්ථාවකදී නීතිය ක්‍රියාත්මක කරන්නාවූ නිළධාරියෙකු අත හසුරුවා යථා පරිද්දෙන් අවස්ථාව ලබා දුන් විටය !!! එසේද නොමැති නම් පමණක් මා අතින් සංඥා කරගෙන පාර මාරුවෙමි !

මාගේ අයිතිවාසිකම් කඩන්නෙකු සිටියහොත් ඔහුට එරෙහිව පූර්ණ බලය සහිතව චෝදනා එල්ල කිරීමට නම් මා පළමුව නීතියට අනුවම ක්‍රියාත්මක විය යුතුව ඇත ... එය ඔබටද එසේම අදාලයි...!

නීතිය කඩ නොවීමට වග බලා නොගනිමින් ක්‍රියාත්මක වෙමින් ඩිෆෙන්ස් සොයන්නට වෙහෙසෙනවාට වඩා ඔෆෙන්ස් සිදු වීම වලක්වා ගැනීමට ( ක්‍රියාවක් හෝ නොකර හැරීමක් තුලින් ) උනන්දු වීම කාගේත් ඇගට ගුණය !!! වලක්වා ගැනීම ප්‍රතිකාර කිරීමට වඩා සෑම අතින්ම අගේය !!!

No comments:

Post a Comment