Friday, February 14, 2014

පොරොන්දු කඩවීම හා ඉවසීම...

පොරොන්දු කඩ වෙන එකත් එක්ක ඉවසීමේ තියෙන බැදීම ගැන හරියට තේරුම් ගන්න බැරි උනොත් මොනවා වෙයිද...?

විවිධ හේතු උඩ වෙච්ච පොරොන්දු කැඩෙන්න පුළුවන්... විහිලුවට දෙයක් පොරොන්දු වෙලා ඒ දේ නොකර ඉන්නවා වෙන්න පුළුවන්... පොරොන්දු ගැන වැඩිය නොහිතන නිසා කඩ වෙනවා වෙන්න පුළුවන්... පොරොන්දුවක් වෙලා පස්සේ ඒ දේ කරන්න බැරි හේතුවක් උදා උනා වෙන්න පුළුවන්... කොහොම උනත් කෙනෙක් ඕන කමින් පොරොන්දුවක් කඩනවා නොවෙන්න පුළුවන්... ඒත් අපිට කෙනෙක් වෙච්ච පොරොන්දුවක් එයා අතින් කඩ වෙනවාට අපි කැමති නෑ...

කඩ වෙච්ච පොරොන්දුවෙන් අපිට ඇතිවෙච්ච පාඩුව/දුක ලතැවීම දැනෙන විදියට අපි එයාට ප්‍රතිචාර දක්වනවා... ඒ දේ එයා ඉන්න මානසිකත්වෙත් එක්කයි එයා තේරුම් ගන්නේ... අපිට හැබෑවටම එයාට කියන්න ඕන උන දේ උනත් එයා වැරදියට තේරුම් අරගෙන අපිට පෙරලා ප්‍රතිචාර දක්වන්න පුලුවන්... ඒකට ආයේම අපි ප්‍රතිචාර දක්වන්න පුලුවන් අපේ පැත්තෙන් වැඩිපුර හිතලා... එහෙම උනාම ඒ ගැන තවත් හිතලා එයා වෙනමම දෙයක් කියන්නත් ඉඩයි... අවස්ථාවන් 3-4ක් ඔහොම ගියාම අන්තිමට පොඩි ප්‍රශ්නයක් කෙලවර වෙන්න පුලුවන් එතෙක් ඒ අය අතරෙ තිබ්බ බැදීම් සියල්ලම උනත් අවසන් වෙන තැනට ඇවිල්ල වෙන්න පුළුවන්...

එහෙම වෙලා වටිනා සම්බන්ධතා අහිමි කරගන්න එකෙන් දෙගොල්ලන්ගෙම පැත්තෙන් ඵලක් ඇති දෙයක් නොවෙයි... පොරොන්දු කඩවීමකදි ඉවසීම කියන එකෙ වැදගත්කම මුලින්ම ඉස්මතු කරන්න පුලුවන් වෙන්නෙ හානියට පත්වෙච්ච කෙනාගෙ පැත්තෙන්... අනිත් පැත්තෙන් පොරොන්දුව කඩ වෙච්ච එකට හෙතු කියද්දි ඒවා ඉවසීමෙන් අහන් ඉන්න එක වටිනවා... ඒ දේවල් කා අතිනුත් වෙන්න පුලුවන් සාධාරන අතපසුවීම් නම් ඉවසීමෙන් බලලා සුළු දේවල් නම් ඒ දේ අමතක කරලා දාන එක වටිනවා... එහෙම නොවෙන ගැඹුරු දෙයක් නම් ඉවසීමෙන් කරුණු හොයලා බලලා ඒ ගැන සාකච්ඡාවක් කරලා සුහදව තීරණයකට එන එක වටිනවා...

No comments:

Post a Comment