Friday, February 14, 2014

සමාජයේ විශේෂ අවධානයක් යොමු කලයුතු අයට ඒ තැන දෙමු.

සමාජයේ අවධානය වැඩියෙන් යොමුවෙන්න ඕන තැනැත්තන් ඉන්නවා. ඒ අයට නිසි තැන දෙන්න අපි පුරවැසියෝ විදියට කටයුතු කරන්න ඕන. එහෙම එක්කෙනෙක් තමයි ආබාධිත අය කියන්නෙ, ආබාධිත තැනැත්තෙක් සැලකුවාම උපතින් හෝ එහෙම නැත්නම් උපතට පස්සේ උන යම් සිදුවීමක් උඩ [රිය අනතුරක්, ඇද වැටීමක්..] ආබාධිත තත්වයට පත්වෙන්න පුළුවන්. ස්ථිරවම ආබාධිත තත්වෙට පත් උන අය ඉන්න පුළුවන්, තාවකාලිකව ආබාධිත තත්වෙට පත්වෙච්ච අය ඉන්න පුළුවන්. හොදට ඉන්න ඔයාගේ කකුලේ තුවාලයක් වෙලා ඇවිදින්න අමාරු තත්වයක් ආවොත් ඔයාවත් සලකන්න වෙන්නෙ යම් මට්ටමක ආබාධිත තැනැතෙක් කියලා, ඒ නිසා හොදට ඉන්න කෙනෙක් යම් මොහොතක යම් හේතුවක් උඩ යම් ආබාධිත තත්වයකට පත්වෙයිද කියන්න බෑරි බවත් මතකයේ රදවා ගන්න වටිනවා !

සමාන තත්වයේ සිටින තැනැත්තන්ට නීතිය සමාන ආකාරයට සලකන නිසා සමාජයේ අවධානය විශේෂයෙන් යොමුවිය යුතු මට්ටමෙ ඉන්න ආබාධිත තත්වයෙ අයට වගේම විශේෂ හේතුවක් උඩ සැලකීමක් දැක්විය යුතු මට්ටමෙ අයටත් [ගර්භණී කාන්තාවන්ට, පූජ්‍ය පක්ෂයට] සමාජයේ විශේෂ තැනක දෙන්න නීතිය කටයුතු යොදලා තියෙනවා, බස් එකක, දුම්රියක ආබාධිත, ගර්භණී කාන්තාවන්ට, පූජ්‍ය පක්ෂයට විශේෂයෙන් ආසන වෙන් කරලා තියෙන්නෙ ඒ හේතුව උඩ.

ඔයාට යුතුකමක් තියෙනව ඒ වගේ සමාජයේ විශේෂ අවධානයට ලක් කල යුතු තැනැත්තෙකුට [ගර්භණී කාන්තාවන්ට, පූජ්‍ය පක්ෂයට, ආබාධිත අයට] ඒ සැලකීම කරන්න ඔයා වාහනයක කොතනක වාඩි වෙලා ගියත් ඔයා ලගට එහෙම කෙනෙක් ආවොත්, ඒත් ඔයා ඒවගේ අයට වෙන් කරලා තියෙන ආසනයකම වාඩි වෙලා ඉන්නවා නම් ඒ ආසනය ඒ වගේ කෙනෙක්ට පරිත්‍යාගකිරීමට බලාපොරොත්තුවෙන් සිටිය යුතු බව අමතක කරන්න හොද නෑ...!

No comments:

Post a Comment