Friday, February 7, 2014

නීතිය සෑදීමෙදි අධිකරණයේ භූමිකාව

නීතිය සෑදීමෙදි අධිකරණයේ භූමිකාව කතා කිරීමට පෙර ඒ වෙත ප්‍රවේශයක් ගැනීම වැදගත් වේ... අප රටේහි නීති මූලාශ්‍රවල අ0ක1 ට ඇත්තේ පාර්ලිමෙන්තුව විසින් පනවන පාර්ලිමේන්තු පනත් වේ, අ0ක දෙක ලෙස ඇත්තේ අධිකරණ තීන්දු වේ (උපරිමාධිකරණ නඩු තීන්දු-ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ) අධිකරණ මගින් කරනුයේ පාර්ලිමෙන්තු පනත් වල කලහොත් වැරදි යැයි දක්වා ඇති දේ කරන්නාවූ තැනැත්තන්ට එම පාර්ලිමේන්තු පනතකම ඇති අයුරින්ම කටයුතු කොට ඔහුට එරෙහිව තීන්දුවක් ලබාදීම වේ... කෙටියෙන්ම කිව්හොත් තමා ඉදිරියට එන යම් ආකරයක නීතිය කඩ කිරීමට අදාල ආරවුල් දක්වා ඇති නීතියට අනුව අපක්ෂපාතීවත් විසදා තීන්දු දීම වේ... නීතියට අනුව නීති මූලාශ්‍රවල පාර්ලිමේන්තු පනත් අ0ක 1 ඇති නිසා එය ඉක්මවා ගොස් නීතිය සෑදීමේ භූමිකාවට යෑමට අධිකරණ වලට නොහැකි වේ... අධිකරණය කරනුයේ අනුනීති සෑදීමක් පමණි... ඒනම් අදාල ප්‍රධාන පනත මත පිහිටා ඒ ඔස්සෙ යම් ප්‍රමාණයකට ඉදිරියට යෑමක් පමණි... ඒම අනුනීති ඕනම අවස්ථවක වෙනස් කිරීමෙ හැකියාව පාර්ලිමෙන්තුවට ඇත...

පාර්ලිමේන්තු පනත් මගින් 100% ක්ම යම් ක්ශේත්‍රයක් ආවරණය කොට නීති සෑදීම කාලය අධිකව වැයව්ය හැකි ක්‍රියාවක් වේ ප්‍රායොගික අපහසුතාමත ප්‍රායෝගික නොවිය හැක... අර්ථනිරූපනය කිරීම් වලින් නීතිය වර්ධනය කිරීමේ විශාල කාර්යභාරයක් අධිකරණ වලට පැවරෙ... නීතිය සෑදීමෙදි අධිකරණයේ භූමිකාව ක්‍රියාත්මක වන්නෙ එතනය... පාර්ලිමෙන්තු පනතක් අධිකරණයෙන් අර්ථනිරූපණය කරනුයේ ඒ පනතෙ විධිවිධාන අපැහැදිලි, අවිනිශ්චිත, බහු අරුත් ගන්නා වෙලාවකදි වේ... ඒ හැර සෑම අවස්ථාවකදීම අර්ථනිරූපණ කිරීමට අවශ්ය නොවෙ... එසේ නොවෙන අවස්ථාවකදි ඒ ඔස්සෙ නීතියෙ වර්ධනය වීමක් අධිකරණය හරහා සිදු නොවේ... ඒ අනුව අවශ්ය අවස්ථාවලදි සක්‍රියව මැදිහත් වීමෙන් පාර්ලිමේන්තු පනත්වලට ජීවය හා අර්ථය ලබා දෙමින් එදිනෙදා තමන් ඉදිරියට පැමිණෙන පුද්ගලයින්ට අදාලව නීතිය අදාල කොට කටයුතු කිරීම කරනුයේ අධිකරණය වේ...

පාර්ලිමේන්තු පනත් අර්ථනිරූපණය හරහා නීතිය වර්ධනය කිරීමට අධිකරණය යොමු වුනු අවස්ථාවක් වලෙස 1978 ආන්ඩුක්‍රම විවස්ථාව අනුව මූලික අයිතිවාසිකම් පුළුල් අධිකරණ විමර්ශනයට ලක් කොට ඇති තියෙන නිසා කෲර අමනුශික අවමන්සහගත සැලකිල්ලක් වන්නෙ හෝ නොවනෙ කුමක්ද්ද යන්න තීරණය කොට ඇත... ඒමෙන්ම වඩාත් සක්‍රියා ලෙස නීති සෑදීම පිලිබදවව අධිකරණයෙ දායකත්වෙ ලැබ නීතිය වර්ධනය වූ අවස්ථාවක් ලෙසට ජෝසෆ් පෙරෙරාට එරෙහිව නීතිපති යන නඩුව සැලකිය හැක...

ඒමෙන්ම ආන්ඩුක්‍රම විවස්ථාවෙ 15(7) යන මූලික අයිතිවාසිකම් සීම කිරීමෙ විවස්ථාව සැලකු විට ඒම අභිමතාර්ත යැයි පවසමින් රජයෙන් ඒ විවස්ථාව පුළුල්ව අර්ථකතනය කිරීමට ඇති ඉඩ අධිකරනයෙන් අහුරා ඇත... ඒ අනුව දී ඇති පරමාර්ථ හා සසද බලා සීමා කිරීමක් සාධාරන විය යුතු වේ, ඒ බව තීරනය කරනුයේ අප රටෙහි ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි...

පනත් අර්ථනිරූපනය හරහා නීතිය සෑදීමෙදි අධිකරණය මැදිහත් වූ තවත් අවස්ථාවකට උදාහරණයක් ලෙස වරුණ කරුණාතුලක/සුනන්ද දේශප්‍රිය එ. මැතිවරන කොමසාරිස් නඩුව සැලකිය හැකිවේ... එහිදී ආන්ඩුක්‍රම විවස්ථාවේ 14(1) හි දක්වා ඇති භාෂණයේ හා ප්‍රකාශනය ඇතුළු අදහස් පලකිරීමේ නිදහසට ඡන්දය ලබාදීමද ඇතුලත් බව තීන්දු කරන ලදී...

එසේම ශ්‍රියානි සිල්වා එ. චානක ඉද්දමල්ගොඩ නඩුවේදි ආ.වි 13 (4) හි දක්වා ඇති නිසි අධිකරණයක් මගින් කරන ලද ආඥාවක් මත මිස කිසිම තැනැත්තෙකු මරණීය දන්ඩනයට ලක් නොකල යුතුයි යන්නේන් ජීවත් වීමේ අයිතිය ආ.වි මගින් පිලිගෙන ඇතිබව තීරණය කරන ලදී...

නීතිය සෑදීමෙදි අධිකරණයේ භූමිකාවෙදි කලින් සදහන් කල පරිදි පනතක විධිවිධාන අපැහැදිලි, අවිනිශ්චිත, බහු අරුත් ගන්නාවූ අවස්ථවකදි සාධාරන්ත්වය වැනි නීති ස0කල්පද එක් කොට මානුශික පැත්තෙන්ද බලා පාර්ලිමෙන්තු පනත් වලට ජීවය අර්ථය දී යම් තීන්දුවක් දිය හැක... එසේ වූ විට එම තීන්දුව ඉන් පසු ඒ හා සමානව නීතිය අදාල වෙන අවස්ථාවකදි පහසුවෙන් යොදා ගැනීමෙ අවස්ථාව ලබාදෙමින් ඒ කෙරෙහි බැදීමක් ඇති කරවයි... මෙ අනුව නීතිය සෑදීමෙදි අධිකරණයේ භූමිකාව යන්න නීති මූලශ්‍ර ඇසුරින් ගත් කල දෙවෙනි තැන තිබුනද එමගින් වන කාර්යය ඉතාම වැදගත් තැනක් ගන්න බව මෙන්ම ඒම කාර්යය ජනතාවගෙ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පැත්තෙන් බැලූ කල ඇතැම් අවස්ථාවලදි ඍජුවම ඉතා අවශ්ය බවත් පැහැදිලි වේ...

No comments:

Post a Comment