Friday, February 14, 2014

විශේෂ නීති තුල විශේෂ වරප්‍රසාද තිබීම...

සමාන්ය නීති තත්වය යටතෙ පුරවැසියෝ සියලුදෙනාටම යම් වරප්‍රසාදයක් හිමිවෙනවා කිව්වොත් එ දේ විශේෂ නීති වලටත් අයත් අයටත්, එහෙම නොවෙන අයටත් ලැබෙනවා, ඒ නිසා වරප්‍රසාද යටතේ සැලකිය යුත්තේ විශේෂ නීති අවස්ථාවන් ගැන...

විශේෂ නීති තුල ඒවායින් පාලනය වන අයට විශේෂ වරප්‍රසාද තිබීම අරුමයක් නොවෙයි... ඒත් සාධාරනව බැලුවොත් අපේ රටෙ තියෙන විශේෂ නීති වර්ග 3න් අඩුම වරප්‍රසාද හිමිවෙලා තියෙන්නෙ සි0හලයන්ට [1815 ඉදලා උඩරට පලාත් වල ජීවත් වෙන්නන්ගෙන් පැවතගෙන එන්නන්ට - උඩරට සි0හල] අදාල උඩරට නීතියට... [උඩරට සි0හල විස්තරය අනෞව පුද්ගල නීතියක් වගේ පෙනුනත් උඩරට පළාත සීමා කිරිම් වලට යටත්ව ප්‍රාදේශීය ලෙස සීමා වී තියෙන බවකුයි දකින්න තියෙන්නේ] ඒ යටතේ දේපල, විවාහයට අදාලව වැනි කරාණා වලට පමනයි...

ඊලගට වැඩි වරප්‍රසාද තියෙන්නෙ යාපනයේ ස්ථිරව පදි0චි ද්‍රවිඩ ජාතිකයින්ට අදාල තේසවලාමේ නීතියට [ද්‍රවිඩ ජාතිකයන්ට අදාල වුවත් මෙයද ප්‍රාදේශීය ලෙස සීමා වී තියෙනවා, ඔවුන්ද අයත් වෙන්නෙ සාම්න්ය නීතිය යටතේ විවාහයට, ඊට අමතරව දේපළ වල අයිතිය ලැබීම ඉඩම් අයිතියට අදාලයි]

තේසවලාමේ නීතිය අපේ රටෙ උපන්න එකක් විදියට නොවෙයි සලකන්නේ, ඒක ඉන්දියාවේ මර්බාර් [කදුකර] පෙදෙස්වල [වර්තමානයේ දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට අයත් භූමි භාගය අර්ථවත් වෙනවා] සිට මෙහේ ආව ද්‍රවිඩයන් අරන් ආව ඔවුන්ගේ චාරිත්‍ර ඇසුරින්, දකුණු ඉන්දීය සම්භවයක් සහිතව ඔවුන්ගේ අවශ්යතා සපුර ගන්න මෙහේදී සම්මත කරගත්ත නීති ස0ග්‍රහයක් විදියටයි සලකන්නේ... හින්දු, මුස්ලිම්, රෝම ලන්දේසි ඉ0ග්‍රීසි නීතිවල ආභාෂයත් තේසවලාමේ නීතියට ලැබිලා තියෙනවා...

1708 දි පමණ ලන්දේසි ආන්ඩුකාරවරයා විසින් නීතියෙ බලය ලබාදීලා 1806 අ0ක 18 රෙගුලාසිය යටතේ බ්‍රිතාන්‍ය පාලකයෝ මේ නීතී ස0ග්‍රහය පිළි අරගෙන තියෙනවා... විවස්ථා සාමාන්‍ය මූලධර්ම, නීතී ස0ග්‍රහය ඇසුරින් උසාවී නඩු තීන්දු මූලාශ්‍ර විදියට සලකනවා...

පුද්ගලයෙකුගේ ජාතිය ආගම කුමක් උනත් තේසවලාමේ බලපාන ප්‍රදේශයේ සමහර නිශ්චල දේපල වලට, පරවශ්යතා, උගස් දේපල වලටත් තේසවලාමේ නීතිය බලපාන බව කියවෙනව... ප්‍රාදේශීය නීතියක් විදියට ල0කාවේ උතුරු පලාතට අයත් සියලුම ඉඩම් වලට බලපානවා.. අඹු සැමියන්ට අදාලව යාපනය පලාතෙන් පිටත තියෙන දේපළ වලට තේසවලාමේ නීතිය බලපාන බවත් පිලිඅරන් තියෙනවා...

ඊලගට වැඩිම වරප්‍රසාද තියෙන්නේ වාසය කරන ප්‍රදේශය කුමක් උවත් ඉස්ලාම් ආගම වැලදගැනීමෙන් හෝ උපතින් මුස්ලිම් වන මුස්ලිම් ජාතිකයින්ට අදාල වෙන පුදගල නීතියක් වෙන මුස්ලිම් නීතියට බව පේන්න තියෙනවා...

විශේෂ නීති තුල වරප්‍රසාද හිමිවීම කියන කාරණේ පැත්තෙන් නොබැලුවත් වරප්‍රසාද බෙදී ගිහිල්ලා තියෙන ආකාරය කියන එක අනුව මේ තත්වයේ යම් අසාධාරන බවක් තියෙන බවයි මගේ හැගීම... උඩරට, තේසවලාමේ කියන්නෙ ප්‍රාදේශීය නීති එතන්දි යම් වරප්‍රසාද හිමිවෙනවා නම් ඒ දේ ප්‍රදේශයට අදාලව නිසා සීම සහිතයි... ඒත් මුස්ලිම් නීතිය පුද්ගල නීතියක්... ඒක අනිකුත් විශේෂ නීති එක්ක බලද්දි මුස්ලිම් ජාතිකයින්ට හිමිවෙන විශාල වරප්‍රසාදයක්... ඒ අය ශ්‍රී ල0කා දේශය තුල ඉන්න ස්ථානයෙන් ස්වායත්තව මුස්ලිම් නීතිය අදාලයි, ඒ අනුව නීතිය තුල හිමිවෙන යම් හිමික වෙ නම් ඒව ලැබෙනවා, අනිකුත් නීති වර්ග දෙකට එහෙම වෙන්නෙ නෑ. . .

ඒත් එක්කම විවාහ වීම සම්බන්ධ තත්වෙදි විවාහයේ පාරිශුද්ධතාවය අවධාරණය කරන්න හෙතු වෙන ඒක විවාහය ඉක්මවමින් බහු විවාහයට මුස්ලිම් නීතිය තුල ඉඩ විවර කරලා තිබීමෙ තත්වය සලකන්න පුළුවන්... මුස්ලිම් නීතිය ශ්‍රී ල0කාවෙදී බලපාන්නෙ විවාහය දික්කසාදය, උරුමය, ළමයින් දරුකමට හදා ගැනීම නඩත්තුව වගේ ක්ශෙත්‍රවලදි උනත් [මුස්ලිම් දණ්ඩන නීතින් ඇතුලත්ව නැත...]අනිකුත් විශේෂ නීති එක්ක බලද්දි මුස්ලිම් නීතිය සිය ප්‍රභලත්වය රදවගන්න සමත්වෙලා තියෙන බව දකින්න තියෙන්නෙ විවාහයට ඇති විශේෂ වරප්‍රසාද තත්වයත්, පුද්ගල නීතියක් විදියට ක්‍රියාකාරීවීමෙ හකියාවත් ඉස්ලාම් ආගම එක්ක මුස්ලිම් නීතියෙ තියෙන දැඩි බැදියාව [ආගම හා නීතිය සමීපව සම්බන්ධ වීම - රටක ආගම ඒ රටේ නීතිය වීම උදා: සෞදි අරාබිය, ඉරානය, ඇෆ්ගනිස්ථානය] නිසා කියල මම හිතනවා...

සුන්නි ෂාරියා කියලා ප්‍රධන නිකාය දෙකකට බෙදෙන මුස්ලිම් වරුන් අයත් වෙන සුන්නි නිකාය තව්ත් කොටස් 4 කට බෙදිලා ඒකෙන් එකක් වෙන ෂාෆීය නිකායට අපේ රටෙ මුස්ලිම් ජනතාව අයත් වෙනවා නීතියට අනුව... ලන්දේසි පාලන සමයෙදී ක්‍රි ව 1806 දී පමණ සම්මතකරගෙන තියෙන මුස්ලිම් නීති ස0ග්‍රහයකට අනුව වගේම ඒ ඔස්සෙ පැනවුන තවත් ප්‍රඥප්ති අනුව අපේ රටෙ මුස්ලිම් නීතිය පාලනය වෙන බවයි කියවෙන්නෙ...

මුස්ලිම් තැනැත්තන්ට ස්වකැමැත්තට සාමන්ය නීතිය යටතේ හෝ උපතින් හෝ උපතට පස්සේ ඉස්ලාම් ආගම වැලද ගැනීමෙන් මුස්ලිම් ජාතිකයෙකු වීමෙන් අදාල වෙන 1955 අ0ක 22 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පණතට අනුව විවාහය, දික්කසාදය ක්‍රියාත්මකයි... ඒත් ඔවුන්ට විවාහය තුල ලැබෙන විශේෂ තත්වය යටතේ ප්‍රායෝගිකව ඔවුන් සාමන්ය නීතිය වෙනුවට මුස්ලිම් නීතියෙන් වන විවාහය අදාල කරගනීවි කියන්න පුළුවන්... මුස්ලිම් කාන්තාවකට විවාහ කරගැනීමේ හැකියාව තියෙන්නේ එක මුස්ලිම් පුරුෂයෙක් පමණයි, ඒත් මුස්ලිම් පුර්ෂයෙක්ට කාන්තාවන් 4 දෙනෙක් විවාහ කරගැනීමේ අවස්ථාව තියෙනවා...

ඒත් පළමු භාර්යාව ජීවත් වෙලා සිටියදී හෝ ඇය දික්කසාද කර නොමැතිව දෙවැනි වරට විවාහ වීමට යම් කෙනෙක් ඉස්ලාම් ආගම වැලදගත්තොත් ඔහු ද්වී විවාහයට වරදකරු විය හැකියි... (අප දණ්ඩ නීති ස0ග්‍රහයේ 362 [ආ]), මුස්ලිම් නීතිය යටතේ විවාහ වෙන්න වයස් සීමවක් නැතිබවයි කියවෙන්නෙ, ඒත් මුස්ලිම්වරයෙක්ට අවුරුදු 16 ට අඩු දැරියක්ව ඇයගේ කැමැත්ත ඇතිව පවා විවාහ කරගැනීමේ හැකියාව නෑති වෙන්නෙ ස්ත්‍රී දුෂණය කිරීමෙ වරදට හසුවන නිසා... මුස්ලිම් පුරුශයෙක්ට කාන්තාවන් 4 දෙනෙක් විවාහ කරගැනීම සාමන්ය විවාහ නීතියට [1907 අංක 17 දරණ සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනතට] පටහැනිද නැද්ද කියන කාරණෙ සලකද්දි ඒ ගැන එ0ගලන්තයේ රාජාධිකරණය තීන්දුවක් දීලා තියෙනවා...

ඒ අනුව කියවෙන්නේ ශ්‍රී ල0කාව වැනි විවිධ ජාතීන් ආගමිකයන් ඇති රටක පදි0චිකරුවන්ට ඔවුන්ගේ ආගම පෞද්ගලික නීතිය වෙනස් කිරිමේන් වල0ගු බහුභාර්යා විවාහ සිදුකිරීමට නෛසර්ගික අයිතියක් ඇති බව... එවැනි දේයක් වෙනස් කිරීමට අවශ්ය නම් ඒ දේ දේශීයව පනවන විවස්ථා හරහා සිදුකලයුතු බව කියවෙනවා... ඒ අනුව කාලයට අවශ්ය පරිදි සාධාරන අවසන් ඵලයක් කරා එලබීමට උත්සාහ දරමින් විවිධ දෘෂ්ඨි කෝණ වලින් බලලා ඒ වගේම හරවත් සාකච්ඡා වට ගනනාවක් තියලා නීතියක් උචිත විදියට සම්මත කරගැනීමෙ හැකියාව තියෙනවා...

විශේෂ නීතිවලට අදාලව කාලෝචිත ස0ශෝධන [විශේශයෙන් 1955 අ0ක 22 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පණතට අදාලව] නොකර රටටම පොදුවේ නීතියක් ලෙස එක් අයෙකුට/පවුලකට දරුවන් 2ක් හෝ 3ක උපරිමයක් ලෙස නීතියක් ගෙන ආවොත් දැන් තියෙන තත්වෙ හැටියට ඒකෙ අවාසිය පැහැදිලිවම වෙන්නෙ උඩරට සි0හලයින්ට විතරක් නොවෙයි රටේ සමස්ථ සි0හල ජාතිකයින්ටයි... ඒ නිසා විවාහ නීතියෙ දරු උපත් ස0බ්‍යාවට අදාලව නීතිමය බාධකයක් අරන් අරන් එනවා නම් අනිකුත් නීති ස0ග්‍රහයන්ද ඊට අනුරූපව කාලොචිතව ස0ශෝධනයට ලක් විය යුතුයි...

No comments:

Post a Comment