Friday, February 7, 2014

අපේ නිදහසේ ගමන් මග ...

1815 දී උඩරට ප්‍රධානීන් හා ඉංග්‍රීසීන් අතර අත්සන් කිරීමට යෙදුනු උඩරට ගිවිසුම ප්‍රකාරව මහනුවර රාජධානියේ රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙනුවට බ්‍රිතාන්‍යයේ 3 වන ජෝර්ජ් රජතුමා එම රාජධානියේ රජ බවට ප්‍රකාශ කරමින් ගෙවුනු යුගය අවසන් කරමින් ස්වාධීනත්වය වෙනුවෙන් වැඩි වැඩියෙන් කල ඉල්ලීම් හමුවේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ පොදු රාජ්‍ය මණ්ඩලය තුල ස්වාධීන රාජ්‍යයක් බවට පත් කීරිමට නීතිමය බලය ලබාදෙමින් 1947 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත කල ලංකා ස්වාධීනතා පනත අනුව නිකුත් කරනු ලැබූ විධානයන් ප්‍රකාරව තවදුරටත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා බ්‍රිතාන්‍යයේ රැජින ලෙසින්ම තිබියදී ඇය වෙනුවට මෙරට නියෝජනය කරමින් ආණ්ඩුකාරවරයෙක් සිටිමින් 1948.02.04 දින සිට බලපැවැත්වෙන පරිද්දෙන් අප රටට නිදහස ලැබුණි !

2014.02.04 දින සමරන්නේ එකී නිදහස ලැබ 66 වන වසර පිරීමය !

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යය හා විධායක විවස්ථාදායක හා අධිකරණමය වශයෙන් බැදී තිබුණු බැමි සියල්ල ඉවත් කරගෙන 1972 දී පලමු ජනරජ ආණ්ඩුක්‍රම විවස්ථාව යටතේ නිදහස් ස්වාධීන ස්වෛරී ජනරජයක් විය ! ඒ අනුව එය පෙබරවාරි 4 දින සමරන්නාවූ නිදහසේ අති විශේෂ සන්ධිස්ථානයකි !

1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම විවස්ථාවේ 8 වන විවස්ථාවේ දක්වා ඇති ජනරජයේ ජාතික දිනය වන පෙබරවාරී 4 වැනි දින ලැබූ නිදහස 1972 දී වඩාත් අර්ථවත් විය ! එය තවදුරටත් අර්ථවත් කරමින් නිවැරදී දේශපාලන නායකත්වයක මග පෙන්වීම යටතේ අභීත රණවිරුවන් ප්‍රමුඛ ආරක්ෂක අංශයන්ගේ අපමණ කැපකිරීම් මැද වසර 30 කට අධික කාලයක් තිස්සේ මෙරට මහත්සේ පීඩාවට පත් කොට තිබූ බෙදුවාදී ත්‍රස්තවාදයෙන් 2009 දි අප රට නිදහස් වීමෙන් පසුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියන් වන අපි සැම එකාවන්ව එකට එක්ව සහෝදරත්වයෙන් යුතුව අභිමානයෙන් සමරන 5 වැනි නිදහස් දිනයද වේ !

No comments:

Post a Comment