Friday, February 7, 2014

කාන්තා හා ළමා හිංසනය වැලැක්වීමට ඇති නීතීන් තවත් පුලුල් කිරීම වැදගත්ය.

කාන්තා හා ළමා හිංසනය වැලැක්වීමට ඇති නීතීන් තවත් පුලුල් කිරීමට ක්‍රම ක්‍රමයෙන් පියවර ගැනීම වැදගත් වන අතර පවත්නා නීතීන් දැඩි ලෙස බලාත්මක කිරීම කල යුතුව තිබේ !!! ඒ වෙනුවෙන් සහය දැක්වීමේ ලා මුල් තැන ගැනීමට හැකිවන්නේ කාන්තාවක හෝ ළමයෙකු වන ඔබටමය ! ඒ අනුව ඔබ සතුව විෂේශ හූමිකාවක් තිබේ ! මන්ද පුරුශයෙකුගේ යම් අශෝභන ක්‍රියාවකින් යම් ආකාරයක හානියකට පත්වෙන පාර්ශවය වන්නේ ඔබ වන නිසා වේ !

ලැජ්ජාව හෝ වෙනත් හේතුවක් මත ඔබට වූ කිසියම් අගතියක් හෙලි නොකරමින් සිට නීතියට වරදකරුවන් අල්ලාගැනීමට ඉඩ විවර නොකරන්නේ නම් එයින් වන්නේ ඔබ වැනි තවත් කාන්තාවකට හෝ ළමයෙකුට හානියක් වීමට ඉඩක් වක්‍රව ඔබ විසින් ඉතිරි කිරීමය !!! එය වග කිව යුතු පුරවැසියෙකු ලෙස ඔබ විසින් සිදු නොකල යුත්තකි ! ඔවුන් නීතියට අල්ලාදෙන අතරම ඔවුන්ගෙන් සිදුවිය හැකි හානි වලක්වා ගැනීමට අවස්ථානූකූලව පුද්ගලික ආරක්ෂාවේ අයිතියද භාවිතා කිරීමඔබගේ ආරක්ෂාවට වැදගත් වනු ඇත !

විනයක් නොමැතිව අශෝභන ලෙස හැසිරෙන්නාවූ තැනැත්තන්ට අවවාද කිරීම් ප්‍රමානවත් නොවන බව පෙනෙන්නේ නම්, අවවාද කිරීමෙන් පසුවද නැවත නැවත පෙර වැරදි සිදු කරන්නේ නම්, අවවාදයෙන් වන්නේ එවැන්නන්ගෙන් පුද්ගලයින්ට තවදුරටත් පීඩා ලැබීම පමණක් නිසා එවැන්නන්ගෙන් පිඩා ලැබීම වැලක්වීමට නම් නීතියෙන් වරදකරුවන් වන තැනැත්තන්ට අඛන්ඩවම දඩුවම් කරගෙන යා යුතුව තිබේ !!!

දෙමව්පියන්ට සිය ආදරණීය දරුවන් අහිමි කොට විදවිම උරුම කරවන, රටට වටිනා තරුණ ජීවිත අහිමි කරන්නාවූ විකෘති මානසික මට්ටම් ඇති තැනැත්තන්ට නීතියෙන් නිසි දඩුවම් ලබාදෙමින් ඔවුන්ගෙන් සමාජය ගලවා ගැනීම සැබැවින්ම හෙට දවසේ සමාජය ඉදිරියේ ඇති අහියෝගයට සාර්ථකව මුහුණ දිය යුතුව තිබේ !

No comments:

Post a Comment