Friday, February 7, 2014

සිගරට් හා ගව මස් ඕනෑමද ?

සිගරට් කඩේ ඇති නිසා අපි ගන්නෙමු යැයි සිගරට් වලට මනාප ඇත්තන්ට කියන්නට හැකිය !!! සිගරට් බොන ඇත්තන් සිටිනා නිසා සිගරට් විකුණන බව මුදලාලි මහතුන්ට කියන්නට හැකිය !!! කඩේ තිබුණාටම ඒවා මිලයට ගෙන පරිභෝජනය කරන්නේ මන්ද ...? ( හුදෙක් චෝදනා කරනවා මිස බොහෝ දෙනෙකු මෙය ගැන සිතන්නේ නැත ) එයට ගිජු වූ අයෙකුගෙන් එසේ ඇසුවහොත් එයට වෙනත්ම පිළිතුරක් ලැබෙනු ඇත !!! කඩ වල සිගරට් නැතිවූවා නම් ඒවා බොන්නට නොලැබෙනවා නොවේදැයි මුදලාලි මහතුන්ගේ මතය විමසා සිටින්නට ගියහොත් එයටද වෙනත්ම පිළිතුරක් ලැබෙනු ඇත ... කෙසේ හෝ එවැනි මතයකින් ගම්ය වන්නේ එකී දෙපාර්ශවයටම එය නවතා ලන්නට උවමනාවක් නැති වග යැයි කීම වඩාත් නිවැරදිවේ !!!

සිගරට් බීමට ඇබ්බැහි වූ මනස කෙසේ හෝ පාලනය කරගෙන එකී නිශ්ඵල ක්‍රියාව නවතා දමන්නට ඒවා බොන ඇත්තන්ට හැකි නම් එනම් සිගරට් චක්‍රය කොහෙන් හෝ කඩා දම්මනට හැකි නම් මෙය කතා කරන්නට ඉඩක් නොතැබිය හැකි මාතෘකාවක් කිරීම අසීරු නැත ( එහෙත් එවැනි මනස පාලනය කරගැනීමකට ඉඩ තිබෙනවා නොවේද යන්න පමණක්ම ප්‍රමණවත් නොවෙනා බැවින් එයට නීතිය මැදිහත් ව තිබේ . සිය වර්ගයා ඉලක්ක කොට ඔවුන්ගේ සුභ සිද්ධිය පතා මිනිසාට නීති සාදා ගන්නට හැකි මුත් අසරණ සතුන්ට නම් කාගේ පිහිටක්ද ...? )

ගව මස් කෑම සම්බන්ධවද කියන්නට ඇත්තේ එවැන්නකි !!! මස් පිණිස සතුන් මරන්නේ ඇයි ලෙස ඇසුවහොත්... මස් කන්නට සොයනා අය ඇති බැවින් ඔවුන්ගේ අවශ්යතාවයට මස් සපයන බවද , මස් කන්නේ ඇයි ලෙස ඇසුවහොත් කඩවල මස් ඇති බැවින් ඒවා කන බවද මස් වලට ගිජු ඇත්තන්ට කියන්නට හැකිය !!! බැලු බැල්මට අපූරු උත්තර දෙකකි !!! එහෙත් මස් තුබූ පමණින්ම ඒවා මිලට ගෙන ගිල දැමිය යුතුද ...? ඇසුවහොත් එයට වෙනමම පිළිතුරක් ලැබෙනු නියතය...

( මස් තිබීම දකින කල එසේ ගිල දමන්නට සිත්ද එවැන්නවුනට පහල වීමද වලක්වා ගැනීමට අපහසු නොවන්නේද යන්න නම් සැකයකි !!! )

ගවයාගේ සම්බන්ධව කතා කරන විට සතෙකුට සිටින්නේ ගවයා පමණද කුකුලන් එලුවන් ඇතුලුව හාල්මැස්සාද සතෙකු නොවේදැයි අසන්නට ඇතැමුන් ඉදිරිපත් විය හැක ! මදුරුවකු හෝ නොමරන තරමට අවිහිංසක බවක් මවා පෙන්වන්නට අවශ්ය නැත ! හුදෙක් එවැනි වදන් මත තර්කයන් ගොඩ නගමින් යන්නේ මෙකී ප්‍රධාන කාරණයට යම් සහයක් දී මෙයින් ඔවුන්ද අදහස් කරන්නාවූ සත්ව හිංසාව පිටුදැකීම හොද ඇරඹුමක් තබන්නට ඉදිරිපත් නොවන්නේ මන්දැයි සිතා ගන්නට නොහැක !!!

ඔබට මට කිරි ටික පොහොර ටික දෙමින් ඔබගේ ජීවන බර අදින්නට සහය දෙන්නාවූ ගවයාගේ ජීවිතය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වීමට දැඩි උත්සාහයක් පවතින මෙකල එයට බිදකින් හෝ සහයක් දක්වන්නට උනන්දු විම ඔබ මා සතු යුතුකමක් නොවේද ...? යුතුකමකි !!! ඔබ බෞද්ධයෙකු වුවත් නූවත් සදාචාරය පැත්තෙන් හෝ යුතුකමකි !!! ගවයාගේ ජීවිතය ආරක්ෂා කරගැනීම අර්ථසාධනීයව අදහස් පල කිරීම ඒ පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ ඵලදායි මාර්ගයකි !!! එසේම මස් කෑමට පුරුද්දක් තිබුණේ නම් එය ක්‍රමාණුකූලව අවම කරගෙන ගොස් නවතා ලන්නට උනන්දු වීම එසේ සහය දැක්වන තවත් ක්‍රමයකි !!!

අයිතිවාසිකම කඩ වීමක් ඇත යන්න මෙයට විරෝධය පිණිස විවිධ තැනැත්තන්ට ගෙන හැර දක්වන්නට හැකි හේතු ඇතුලත්ව මසට ගිජු වී සිත කය සන්තර්පණය කරනු පිණිස ගවයන්ගේ ප්‍රාණය අහිමි කිරීම යන්න මිස අන් කිසිවක් එකී අයිතිවාසිකම යැයි කියන්නාවූ කාරණය තුල නැති බවද අවබෝධ කරගන්නට අපහසු නැත !!!

ඕනෑම එකකට ඇතැමුන් ඉදිරියට දමන්නාවූ කාරණයක් වන "මානව අයිතිවාසිකමක් කඩ වීමක්" ( Human Rights Violation ) යැයි කියනු ඇත !!! ( එහෙත් නීතියට අනුව නම් කඩ වන්නට එවැන් අයිතියක් සදහන්ව නැත ) කෙසේ හෝ එකී දෙපාර්ශවයටම එය නැවතීමට උවමනාවක් නැතැයි පෙරසේම කීම නිවැරදිය !!! එකී චක්‍රයද කඩා දමන්නට හැකි නම් එයද නැවත කතා කරන්නට ඉඩක් නොතැබිය හැකි මාතෘකාවක් කිරීම අසීරු නැත !!! සදාචාරය පැත්තෙන් පරමාණවත්ව එය ඉදිරියට නොයන්නේ නම් නීතිය මැදිහත්ව කල හැකිය !!! බහුතර ඉල්ලීම මත එවැන්නක් කීරිමට පාර්ලිමෙන්තුව සදාචාරය අනුව මෙන්ම ජනතාවගේ කාලීන අවශ්යතා ඉටු කිරීම පැත්තෙන් සැලකූ කල නීතියෙන්ද බැදී සිටී !!! පුද්ගලික ආරක්ෂාවේ අයිතිය යටතේ කෙනෙකු විසින් තවත් අයෙකුට මරණය ලගා කරවන්නට පවා නීතිය ඉඩ දී තිබේ නම් කවුරුන් කවර අදහස් ගෙන ආවද මෙවැන්නක කිසිදු වරදක් කියන්නට බැරිය. මෙය වනාහී පංචශීලයේ මුල් ශික්ෂා පදය නීතියෙන් වඩා අර්ථවත් කරවීමකි !!! එහි කිසිදු වරදක් නැත්තේය !!!

ගව ඝාතනය තහනම් කිරීම යන්න පවතින මෙකී කාරණයට නීත්යේ මැද්හත්වීමක් අවශ්ය තැනට පත්ව ඇත්තේ / ඒ බව අවධාරණය කරන්නට අවශ්යව ඇත්තේ සදාචාරය මගින් පමණක් ගව ඝාතනය වැලැක්වීමට අපහසුව ඇති නිසාය !!! ඒ අනුව නීතිය මැදිහත් ව ගව ඝාතනය වැලැක්වීම පිණිස ක්‍රියාත්මක වීම අවශ්යව තිබේ !!! එසේ කලා කියා කාගේවත් මූලික අයිතිවාසිකමක් නම් කඩ වන්නේ නැත !!! එක්වරම නොහැකි නම් පියවරෙන් පියවර තහනම නීතිගත කරන්නට හැකිය!!! එහෙත් අවසානය ගව ඝාතනය තහනම් යන්න අවධාරණය විය යුතුය !!!

No comments:

Post a Comment