Friday, February 7, 2014

දියුණුව පිටුපස සිටිය යුතු නීතිය.

විද්‍යාව විව්ධ ක්ශේත්‍ර ලෙසින් ඉගෙන ගැනීමට තිබ්බද ඒවා වෙන් කොට ගත නොහැක, යම් ආකාරයකින් ජීවිතයට සම්බන්ධය... රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, පරිගණක තාක්ෂණය, ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව ඇතුලු විද්‍යාවේ සෑම අංශයක්ම ජීවිතේට සම්බන්ධය, ජීවිතය සමබරව තිබාගැනීමට ඒ හැම දෙයම යම් මට්ටමකින් හෝ ප්‍රයෝජනවත් වේ...

විද්‍යාවේ විව්ධ ක්ශේත්‍ර වල දියුණුවත් සමගම අනිත් අතින් නීතිය වැනි සියල්ලම පාලනය කලහැකි තැනක ඇති විශයක දැනුමත්, වැරදි පුද්ගලයින් අතට ගියහොත් ඒයින් කෙතරම් හානියක් වෙ දැයි කල්තියා කිව නොහැකිය ... ඒබැවින් කුමන ක්ශේත්‍රයක, කුමන ආකාරයෙන් වන දියුණුවක් වුවද ඒ සමගම ඒ ඔස්සෙ ලැබිය හැකි අහිතකර විපාකද තිබිය හැකි බව අවබෝධයෙන් යුතුව ඒවාට හැකිතාක් පූර්ව සූදනමකින් සිටීම වටී...

දියුණුව යන්න අයුතු ලෙස භාවිතා කිරීමට ඇති ඉඩ පාලනය කිරීමට ක්‍රමවේදයකුත් දියුණුවත් එක්කම එලියට ආ යුතුය...! දියුණුව අයුතු ලෙසින් භාවිතා කිරීම වැලැක්වීමට කල හැකි සරල ක්‍රියාමාර්ගයක් නම් දැණුමින් සියලු දෙනාම සන්නද්ධ වීමට උත්සාහ කිරීමය...

එසේ වුවහොත් දැනුම තිබෙන කෙනෙක්ට සිය බලයද යොදා පාලන කටයුතු කීරිමකදී අනවශ්‍ය මට්ටමකින් අධිකාරී වීමට ඇති ඉඩ අවම කිරීමට අනිකුත් තැනැත්තන්ට ඉඩක් තිබේ, අවම වශයෙන් පාලකයෙකු වන ඔහු/ඇය එසේ කරනුයේ ඇයිදැයි හෝ ඇසීමට හැකිවනු ඇත... තවත් අතකින් දැනුම මානසික තත්වය යහපත්ව තබාගැනීමට හෙතුවෙන අයුරින් යහපත පිණිසම යොදාගැනීම අවධාරණය කරමින් දැනුම අයුතු විදියට යොදාගතහොත් නිසි පරිදි දඩුවමට යටත් වන විනය පද්ධතියක් අනුව දැනුම ලබාදීමය...!

No comments:

Post a Comment