Friday, February 7, 2014

ටියුෂන් පන්තියට යන ලමයා...

'ටියුශන් පන්තිය'ක් ලෙස නොව එය ව්‍යපාරයක් ලෙස හැදින්වීම වඩාත් නිවැරදිය ! මන්ද ඒ තරමටම එය පාසැල් දරුවන් ඉලක්ක කොට ඇති බැවිනි ! ටියුශන් පන්ති නොයන කුඩා දරුවෙකු පවා සොයා ගත නොහැකි තරමටම 'ටියුශන් පන්තිය' ශිෂ්‍ය ප්‍රජාවට අත්‍යාවශ්‍ය බවට පත් කොට තිබේ ! පාසැල් අධ්‍යපනයට අමතරව විශය කරුනු දැන ගැනීමට ඇතැයි කියන ඒ ටියුශන් පන්ති සතියේ දින වලදී මෙන්ම සති අන්ත දිනවලදීද යහමින් පැවැත්වේ !

ගෙවුනු පොහොය දින කැලනිය ප්‍රදේශයේ ටියුශන් ගුරුවරයෙකු සිය සිසුන් පොහොය දින සිල් ගැනීම වෙනුවෙන් යොමු කිරිමේ පුවතක් දක්නට ලැබුනි, ඉතා කාලාතුරකින් එවැන්නක් අසන්නට ලැබෙනවා මිස මුදල් මත තරගයට විශය කරුනු කටපාඩම් කරවා විභාග ඉලක්ක කරගෙන කරන්නාවූ ටියුශන් පන්ති වලින් ගුණ දහම් තුලින් යහපත් පුරවැසියෙක් තැනීමට දායකත්වයක් සැපයීමක් වන්නේ නැතැයි කීමේ වරදක් නැත ! යාන්ත්රිකව ඉගෙනීමේ නිරත වන්නන් තුල දැනුම ගැබ්වී තිබිය හැකි මුත් සමාජ චර්යාවන් ගුන දහම් නොතිබිය හැක ! එවැන්නවුන් ගැබ්වූ දැනුම බෙදාදෙමින් ටියුශන් පටන් ගන්නවා විය හැක, එවිට පෙර චක්‍රය යලිදු ක්‍රියාත්මක වේ !

මේ ඊට උදාහරණයකි ! (http://lankacnews.com/sinhala/main-news/85023/) ගුරුවරයාගේ භූමිකාව තුල සිසුවා වරදින් මුදවාලීමත් යහපතෙහි යෙදවීම තිබෙන මුත් මෙවන් ටියුශන් ගුරුවරුන් යැයි කියා ගන්නාවූ කාමයෙන් මනස විකෘති කරගෙන ඇති තැනැත්තන්ට ටියුශන් ගුරුවරයෙක් තබා 'ගුරුවරයා ' යන නාමය ලබාදීමටද සුදුසු වන්නේ නැත !

මෙවැනි මානසික අසනීප කරුවන්ට නීතියෙන් චෝදනා ගොනු කොට නම පමණක් හෙලි කොට ඉන් නොනැවතී මොවුන්ගේ ක්‍රියාකලාපය පිලිබදව මහජනයා දැනුවත් කරමින් ප්‍රසිද්ධියේ දඩුවම් දිය යුතුව තිබේ!

ටියුෂන් පන්තියකට යන්නට ඕනෑ නිසාම යනවාද, නැත්නම් රැල්ලට වාගේ යනවාද යන්න පලමුකොට දෙමාපියන් සොයා බැලිය යුතුය. ළමයාද කල්පනා කරන්නට අවශ්යය. පන්තිය කරනා ටියුෂන් ගුරුතුමා / ගුරුතුමියගේ හැසිරීම් රටාවද සැලකීමට ගත යුතු කාරණයකි. ප්‍රමිතියක් නොමැතිව හුදෙක් දැනුම පමණක් යොදවා ටියුශන් පන්ති කරමින් යන තැනැත්තන් මුදල් ඉපැයීමේ ව්‍යපාරයක් කරගනිමින් සමාජ සාරධර්මයන් විනාශ මුඛයට ගෙන යෑම වැලැක්වීමට නීතිය දායක විය යුතුව ඇත ! එහිදි මෙවැන්නවුන්ට නීතියෙන් දැඩි දඩුවම් දිය යුතු අතර ටියුශන් ගුරුවරුන් බවට පත් වීමට සුදුසුකම් මාලාවක් මත නීතියෙන් නිර්දේශයන් ලබාගත යුතු තැනකට පැමිනිය යුතුව ඇත !!!

No comments:

Post a Comment