Friday, February 14, 2014

හැගීම් දැනීම් නැති යන්ත්‍ර හා මනුෂ්‍යයින්

කිරීමට ඇති/කරන ක්‍රියාව යහපතක්ද නැද්ද යන්න කිසිත් නොවිමසා බලා හුදෙක් කියන්නාවූ දෙයක් එසේම කරගැනීමට නම් තෝරගත යුත්තේ මනුෂ්‍ය හැගීම් දැනීම් නොහදුනන යන්ත්‍රයන්ය... එබදු යන්ත්‍ර ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන්නේ නම් එසේ වනවාටත් වඩා එබදු යන්ත්‍ර යම් හෙයකින් මනුෂ්‍ය පෙණුමකට පමණක් සීමාවී සැබැවින්ම මනුෂ්‍ය හැගීම් දැනීම් කිසිත් නොමැති මට්ටමේ අයගේ පාලනයට පත්වුවහොත් ඇතිවන තත්වය අතිශය භයානක විය හැකිය !

ඇතැම් විට ඇතැම් මනුෂ්‍යයින් හා සැසදීමේදී යන්ත්‍ර හොද බව සිතේ ! එසේ වන්නේ පෙනුමින් මනුෂ්‍ය වුවද ඔවුන් ක්‍රියාත්මක වන්නේ හැගීම් දැනීම් නැති හෝ යම් අරමුණක් ඉටු කිරීමට යොමු කල යන්ත්‍ර වලටත් වඩා අන්ත ලෙස බැවිනි ! හැගීම් දැනීම් නැති යන්ත්‍රයක් වුවද යම් අවස්ථාවකදී ප්‍රයෝජනවත් විය හැකි බව අමතක නොකල යුතුවේ. මිනිසාට ප්‍රායෝගිකව කරගත නොහැකි බොහෝ දෑ යන්ත්‍ර සූත්‍ර මගින් ඉතා පහසුවෙන් කරගත හැකිවනවා සේම හැගීම් දැනීම් නොමැති ලෙස ක්‍රියාත්මක වන තැනැත්තන් සිටී නම් ඔවුන් හා ක්‍රියාත්මක විමට සුදුසුම වන්නේද එබදු යන්ත්‍ර වන නිසාය !

පෙනුමෙන් මනුෂ්‍ය පෙණුමකට පමණක් සීමා නොවි ඉන් ඔබ්බට ගොස් සැබැවින්ම මනුෂ්‍ය හැගීම් දැනීම් මැනැවින් ඇති අයගේ පාලනයට යටත්ව යන්ත්‍ර ක්‍රියාත්මක වන්නේ නම් හැගීම් දැනීම් නැති යන්ත්‍ර සූත්‍ර වලින් වුවද මනුෂ්‍යයාට හානියක් නොවනු ඇත !

කිරීමට ඇති/කරන ක්‍රියාව යහපතක්ද නැද්ද යන්න විමසා බලා කටයුතු කරන්නාවූ මනුෂ්‍ය හැගීම් දැනීම් ඇති අය හා මනුෂ්‍යයෙක් ලෙසත් එසේ හැගීම් දැනීම් නැති යන්ත්‍ර මෙන් ක්‍රියාත්මක වන අය ඇත්නම් ඔවුන් හා අනවශ්‍ය ලෙස ගැටීමට ගොස් තම මානුෂික තත්වය ඔවුන් නිසා පහත හෙලා නොගෙන කටයුතු කිරීමට උත්සාහ වන්ත වන තරමට මනුෂ්‍යයන් වශයෙන් මුහුණ දෙන්නට වන ගැටළුලට විසදුම් එහිම තිබෙනු ඇත !

No comments:

Post a Comment