Friday, February 7, 2014

ලිඛිත ආණ්ඩුක්‍රම විවස්ථාවක වැදගත්කම

ලිඛිත ආන්ඩුක්‍රම විවස්ථාවක් [Written Constitution] ලෙස හදුනා ගත හැකි එක් ලේඛනයක් නොමැති බි්‍රතාන්‍යය සැලකූ විටදී එය සංග්‍රහ ගත කරද නැත (Uncodified) ඒ අනුව නවසීලන්තය, රීශ්රායලය හා බි්‍රතාන්‍යය හැර සෙසු රටවල ලිකිත ආන්ඩුක්‍රම විවස්ථාවක් හදුනා ගත හැක. ලිකිත ආන්ඩුක්‍රම විවස්ථාවක් නොමැතිවීම කරනකොට බි්‍රතාන්‍යයේ පාර්ලිමේන්තුව සතු නීති සම්පාදන බලය අහිබවා යන හෝ එයින් පැනැවූ විවස්ථා අහෝසි කල හැකියාව ඇත්තාවූ ආයතනයක් නොමැති බැවින් එය උත්තරීතරම ආයතනය ලෙස සැලකේ !

එහෙත් එහි භයානක පැත්ත නම් නීති සම්පාදනයේ සීමාවන් ලේඛනගතව පැහැදිලිව හදුනා ගත හැකි ලෙස දක්වා නොමැති වීමය ! ඒ අනුව පවත්නා ඕනෑම නීතියක් ඉතාම පහසුවෙන් ඉවත් කිරිමටත් නව නීති ගෙන ඒමටත් හැකි වීම මගින් නීතියේ නිශ්චිතභාවය (Certainty of Law) පිලිබදව අවිනිශ්චිත හැගීමක් ජනිත කරවා තිබේ ! ආන්ඩුක්‍රම විවස්ථා සම්ප්‍රදායන් (Constitutional Conventions) එරටේ බහුලව භාවිතා වුවද සම්ප්‍රදායන් නීතිම ය වශයෙන් බලාත්මක කිරිමේ හැකියාවද නොමැති නිසා සම්ප්‍රදායන් පවා කඩ වී යා හැකි තැන පවතී! විවස්ථා සම්පාදනයේ උත්තරීතරම ආයතනය ලෙස පාර්ලිමේන්තුව තිබිය යුතුය එහෙත් එහි විවස්ථා සම්පාදනයට සිමා තිබිය යුත්තේ ය ! නො එසේ නම් එය බලය බෙදීමේ න්‍යායට පවා පටහැනිය ! මන්ද පාර්ලිමේන්තුවේ බලය අසීමිත ලෙස විධායකට හා අධිකර ණය ඉක්මවා යා හැකි මට්ටමේ පවතින බැවිනි ! ඒ අනුව ව්ධායක බලය විවස්ථාදායක බලය හා අධිකරණ බලයන් හී සීමාවන් පැහැදිලි ලෙස දක්වා ඇති ලිකිත ආන්ඩුක්‍රම විවස්ථාවක් තිබීම ඉතා වැදගත් ය!!

ශ්‍රී ලංකාවේ වත්මන් ක්‍රියාත්මක 1978 දෙවන ජනරජ ආන්ඩුක්‍රම විවස්ථාව සැලකූ විටදී එය ලිකිත වේ ! එසේම පාර්ලිමේන්තු උත්තරීතරභාවයටද ගරු කරමින් ඊට ඉහලින් ආන්ඩුක්‍රම විවස්ථාව රටේ උත්තරීතර නීතිය ලෙස පනවා ව්ධායක බලය විවස්ථාදායක බලය හා අධිකරණ බලයන් හී සීමාවන් පැහැදිලි ලෙස දක්වා තිබේ ! ඒ අනුව බි්‍රතාන්‍යයට වඩා අප රටෙහී නීතියේ නිශ්චිතබවත් නීතියේ සීමාවන් දක්වා තිබීම ඉතා වැදගත් තැනක් ගනී !

No comments:

Post a Comment