Friday, February 14, 2014

විනය කඩ වීම හා අපහාස වීම

ඇතැමුන් විනය කඩ වීම් අපහාස වීම් වනවා යැයි හුදු ප්‍රකාශ වලින් දක්වනවා මිස එසේ දක්වා සිටින්නේ කුමන පදනමකින්ද යන්න පැහැදිලිව දක්වන්නේ නැත... මේ එවැනි කාරණා 3 කි.

* පාසැල් කාලයේ ආදර සබදතා තබා ගැනීම පාසැලට අපහාසයක් යැයි අගවන බව පෙනේ.

එසේ නීතියක් නම් කොහේවත් නැත. ආණ්ඩුක්‍රම විවස්ථාව අනුවම සබදතා ඇති කරගනිමින් කැමති පුද්ගලයින් ඇසුරු කිරීම මූලික අයිතිවාසිකමක් බව දක්වා ඇති කාරණයකි, දී ඇති එවන් අයිතිවාසිකම් යම් පමණකට සීමා කිරීමක් වේ නම් එය නීතියට අනුව සාධාරණ හේතු මත, තවත් පැහැදිලිව කිව හොත් ගත් තිරණයක් සමග එම තීරණය ගැනීමට පදනම ලෙස ඉදිරිපත් කරන කරුණු සාධාරණ ලෙසින් ගැලපිය යුතු තත්වයක් විය යුතුය ! ඒ මිස හිතූ හිතූ ලෙසින් අයිතිවාසිකම් සීමා කිරීම නොකල යුතුය...

මිතුරු සබදතා ඇති කරගැනීමත් ඒවා ඉදිරියට රැගෙන යෑම විදුහලක විදුහල්පතිවරයාට, ගුරුවරුන්ට, ටියුෂන් පන්තියක ටියුෂන් සර්ට තබා අම්මා තාත්තාටද වුව නැවැත්විය හැකි කාරණයක් නොවේ. කල හැක්කේ වරදක් ඇත්නම් එය පෙන්වාදීමය. තවද වරදකට පෙල්ඹීම වැලැක්වීම හා වරදක් කලේ නම් නීතිය තුල සිට දඩුවමක් ලබාදීමට යොමු වීමත් පමණි. එයද කල යුත්තේ ඔහු / ඇය තවම "ළමයෙකි" ලෙසින් කල්පනාවේ තබාගෙන මිස වැඩිහිටියකු ලෙසින් කල්පනා කරගෙන නොවේ ... විශේෂයෙන් ළමයා කිසියම් වූ වෙනත් ප්‍රශ්න වලින් පෙලෙන්නේ නම් එයද මනාකොට සැලකීමට ලක් කර තිබිය යුතුය.

* පාසැල් වයසේ ළමුන් එම වයසේදී චිත්‍රපටියක් බැලීමට යෑම පාසැලට සම්බන්ධව විනය කඩ වීමක් යැයි අගවන බව පෙනේ.

සමාගමයේ නිදහස භුක්ති විදීමට ළමුන්ටද නිදහස ආණ්ඩුක්‍රම විවස්ථාව අනුව ඇත... මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ගරු කිරිම හා ප්‍රවර්ධනය කිරීම සියළු පාලන ආයතන වලින් සිදුවිය යුතුව තිබියදී හුදෙක් 'විනය හා අපහාසය' යන සාධකය සෑම විටම ඉදිරියට ගෙන එම නිදහස පාසැල් ළමුන් සම්බන්ධව අයථා ලෙස සීමා කරන්නේ නම් එය මූලික අයිතිවාසිකම් වලට පහර ගැසීමක් ලෙසට නම් කල හැකි කාරණයක් වනු ඇත...

කෙසේ නමුදු අමතක නොකල යුත්තේ විශ්ව විද්යාල මට්ටමේ වයස අවුරුදු 18 ද පසු කල, වරදකට නිතිමය වගකීමක් පැවරීමට බාධාවක් නැති අය මෙන් නොව පාසැල් මට්ටමේ ළමුන් යනු බාලවයස්කාරයින් බවයි. ඔවුන්ට නීතියෙන්ම විශේෂ ආරක්ෂාවක් ඇත්තේ ඔවුන්ගේ බාල අවධියේදී ඔවුන්ගෙන් සිදුවිය හැකි වැරදි වලදී ඔවුන්ව වයස්පූර්ණත්වයට පත්වූ අය මෙන් නොව වරදකට ලැබෙන දණ්ඩනයෙන් යම් තාක් දුරට ආරක්ෂා කරගැනීමටය... ඒ ඔවුන්ගේම යහපත පිණිස බැවින් ඒ අනුව සිතා බලා කටයුතු කිරීමේ වගකීමක් වැඩිහිටියන්ට පැවැරේ ...

චිත්‍රපටිය වැඩිහිටියන්ට පමණක් නොවෙන එකක් නම් එවැන්නක් නැරඹීමට බාධාවක් බාලවයස්කරුවකුට නැත... 'වැඩිහිටියන්ට පමණයි' චිත්‍රපටියක් නම් එවැනි අවස්ථාවක බාලවයස්කරුවෙකුව එවැන්නක් නැරඹීමට යෑමට රැගෙන යෑම වැඩිහිටියෙකු විසින් නම් නොකල යුතුය ! නමුත් ළමුන් එක්වී එවැනි දෑකට දැනුවත්ව හෝ නොදැනුවත්ව එවැනි චිත්‍රපටියක් බැලීමට පැමිණිය හොත් වයස 21 න් පහළ අයට සිගරට් දීමෙන් වැලකෙන ආකාරයෙන් එවැන්නවුන් හරවා යැවීමේ යුතුකමක් වැඩිහිටියන් වශයෙන් අදාල චිත්‍රපටි ශාලාව භාරව සිටින තැනැත්තන්ට තිබේ ... එය කඩ වූයේ නම් මුලින්ම වගකීම පැවැරිය යුත්තේ ඔවුන්ටය. ළමයාට කල වරද පිළිබදව පැහැදිලි කර දීම විය යුතු මුත් එය කල යුත්තේ ළමයාට සවන් දීමෙන්, ළමයාට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් අවස්ථාවක් දී ළමයාගේ මානසික මට්ටම සලකා බලා ඒ අනුව ය.

* ගැහැණු ළමයකු පාසල් නිල ඇඳුමෙන් පිරිමි ළමයකු හා ඡායාරූපයක් ගත් පමණින් එය ෆේස්බුක් හී පලවීමක් වූ පමණින්ම එය කිසියම් වූ පාසැලකට අපහාසයක් වන්නේ යැයි අගවන බව පෙනේ.

සරලව කියන්නේ නම් කිසියම් ඡායාරූපයකින් යම් ආයතනයකට අපහාසයක් වන්නේද යන්න තමන් හිතාගෙන බලන කෝණයෙන් නොව සාමාන්ය සිහිබුද්ධිය ඇති තැනැත්තන් පොදුවේ දකින ඇසින් විමසා බැලිය යුතු කාරණයකි... එහිදී ළමයා වරදක් කර ඇත්නම් ඒ පිළිබදව පැහැදිලි කර දීම විය යුතු මුත් එය කල යුත්තේ ළමයාට සවන් දීමෙන්, ළමයාට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් අවස්ථාවක් දී ළමයාගේ මානසික මට්ටම සලකා බලා ඒ අනුව ය.

දෙයක් කියන සේම ඉල්ලන විදියක්ද ඇත. එසේ නොමැති නම් හැකියාවක් තිබුණද දෙන්නට නොහිතනු ඇත... ඒ අනුව වචන හැසිරවීම ප්‍රවේශමින් කල යුත්තේ එමගින් අන් අයට හානිවීම සේම තමන්ට ලැබෙන්නට ඇති දෙයක් පවා නොලැබී යන්නට ඉඩ ඇති නිසාය. සිදුවීම් දෙකක් මතකයට නැගේ ...

ආසනයක් තිබුණු නිසා වාඩි වී සිටියදී වෙහෙසක් තිබූ නිසාම මදක් ඇහැ පියාගෙන සිටියෙමි. යම් කාලයක් ගත වූ පසුව ඇස් ඇර බැලූ විට වෙහෙස දුරුවී මා යන ගමනින්ද සෑහෙන දුරක් පැමිණ තිබූණි. මද වේලාවකින් කවුදෝ කාන්තාවක් මා හට 'පුතේ' කියා අමතා ඇයගේ දියණියට ආසනය මදක් දෙන්න පුළුවන්දැයි ඇසූ කල මා නැගිට ආසනය දුන්නෙමි... ටික වේලාවක් වාඩි වී බෑගය මත සිය හිස තබාගෙන සිටි ඇය නැගිට මා හට කතා කොට නැවත වාඩි වෙන්න යැයි කීවද කමක් නෑ ඔයා ඉන්න යැයි ඇගවූ කල ඇය මද වේලාවක් වාඩි වී සිට එම ආසනය අර කාන්තාවට ( ඇයගේ අම්මා විය හැක ) වාඩි වෙන්නට දුන්නාය...

එහෙම අය අතරේ වෙනස්ම අයද සිටී ...

තවත් කාරණා එක්ක අද හැදෙන තැරුණ පරම්පරාව ඔක්කොම එකය ලෙසින් අවසානයට කාන්තාවක විසින් ඇයට ආසනයක් නොලැබී තිබීම මත තවත් අයෙකු වසමග කී ද්වේශ සහගත මට්ටමේ ප්‍රකාශය ඇසුණු විටදී මුලදී ටික දුරක් ගොස් ඇයට ආසනය දුන්නා නම් හොදය ඇය සිටගෙන ඉන්නවා නේ කියා තිබුණු සිතිවිල්ල ඇයගේ වචන හමුවේ බිදී ගොස් "උන්දෑ හිටගෙනම හිටපුවාවේ" කියා සිතෙන තැනට පත්ව ආසනය නොදී දිගටම වාඩිවී සිටිමට මා තීරණය කලා මතකය. බාලවයස් කරවෙකු නොවුනද මා හට එම කාන්තාවගේ අදහස් එසේ සිතට දැනුනා නම් බාලවයස්කරුවකු ඔවැනි වචන හමුවේ කොතරම් සංවේදී වී දරදඩු වනු ඇති දැයි සිතා ගන්නට සාමාන්ය සිහිබුද්ධිය ඇති ඕනෑම කෙනෙක්ට හැකි වනවාට කිසිදු සැකයක් නැත.

අමතක නොකල යුත්තක් වන්නේ ළමුන් සම්බන්ධව වන සිදුවීමකදී ක්‍රියාත්මක වූ ආකාරයක් නිසා ළමයාට කිසියම් හානියක් වුවහොත් එයට ඇගිල්ල වැඩි වශයෙන් යොමු වන්නේ වැඩිහිටියන් වෙත බවයි... එහි සාමාන්ය දෙයකි. මන්ද වයසින් වැඩි පුද්ගලයා වගකීමෙන් ක්‍රියාත්මක වීම සම්බන්ධවත් වැඩියෙන් සැලකිලිමත් විය යුතු වන බැවිණි ! සැබැවින්ම එය එසේම විය යුතුද වේ !

එහිදීද ඇගිල්ල දික්වන්නේ යම් සිදුවීමක්දී ආසන්නම හේතුව වෙතය. එයද සාධාරණය. මන්ද අන් කවර බාහිර හේතු තිබුණද යම් සිදුවීමදී ආසන්න හේතුව ඉතා තීරණාත්මක විය හැකි බැවිනි !!! ඒ අනුව එය ගැන අවධානය යොමු කල යුතුමය...

No comments:

Post a Comment