Friday, February 7, 2014

නීති වෘත්තියේ වැදගත්කම ගැන හිතා බලන්න ...

ඔබ තරුනයෙකු වුවද, මහළු අත පය වාරු නොමැති මට්ටමේ සිටියද, ගොවියෙකු වුවද, කම්කරුවෙකු වුවද, ලිපිකාරයකු වුවද, අධ්යක්ෂක මණ්ඩලයක සාමාජිකයෙක් වුවද, වෛද්යවරයෙකු වුවද, භාෂා 10-15 ක ප්‍රවීණයෙක් වුවද, භූ ගෝල විද්යාඥයෙකු වුවද, ඉතිහාසඥයෙකු වුවද, අමාත්ය්වරයෙකු වුවද, කොටින්ම ජනාධිපතිවරයා වුවද ඔබට ජීවිතයේ කවර වූ හෝ මොහොතක නීති උපදෙස් හෝ නීතිඥ නියෝජනය අවශ්ය වීමකදී එය ලබා ගැනීමට සිදු වනු ඇත !!!

ඒ අනුව ඔබ කවර තත්වයක සිටියද නීතිය තුල තවත් අයෙකුව නියෝජනය කරන්නට බලය ඇති එකම එක තැනැත්තා වන නීතිඥවරයෙකු වෙත යන්නට සිදුවේ !!! ඒ අනුව ඔබ කවර ක්ශේත්‍රයක කවර අන්දමේ ලොක්කෙකු වුවද ඔබ වෙනුවෙන් නීතියෙන් ඔබව නියෝජනය කරන්නට සොයා යා යුත්තේ නීතිඥවරයෙකු වෙතයි !!!

කොටින්ම ඔබගේ අයිතිවාසිකමක් කඩ වී ඇත්දැයි, ඔබ චෝදනාවකට නිවැරදි කරු හෝ වැරදි කරුදැයි තීන්දු කරනාවූ විනිසුරුතුමාද නීතිඥවරයෙකි !!!

ඒ අනුව ඔබ කවර ක්ශේත්‍රයක ආධුනිකයෙක් හෝ ප්‍රවීණයෙක් වුවද ඔබ විසින් අනිවාර්යෙන්ම නීතිඥවරයාට සමාජයේ ලැබිය යුතු ගෞරවනීය ස්ථානය ලබාදිමට කටයුතු කල යුතු වේ !!!

ඕනෑම ක්ශේතරයක මෙන්ම නීති ක්ශේත්‍රයේද නාමය කෙලෙසන්නාවු පුද්ගලයින් සිටිය හැක ! එය සාමාන්ය දෙයකි !!! එවැනි අවස්ථාවක කිසියම් වූ හෝ අයෙකු නිසා සමස්ථ නීති වෘත්තිකයන්ම හෑල්ලුවට ලක් නොකිරීමට වග බලා ගත යුතුය !!!

ඔබගේ උපත මෙන්ම මරණයද නීතියට අදාල කාරණා වන කල ජීවත් වන කාලයේ ඔබ සිදු කරන්නාවූ අනිකුත් ක්‍රියාකාරකම් ගැන කවර කතාද ...?

නීතිය හදාරණ නීති ශිෂ්යයා ඇත්තේ නීතිඥවරයාට පසුපසිනි... ඔහුට නැත්තේ නීතියෙන් කෙනෙකු නියෝජනය කිරීමේ බලයත් ක්ශේතර්යේ නිරතවීමෙන්ම ලබා ගත යුතු අත්දැකීම් පමණි !!! එහෙත් කිසියම් වූ පුද්ගලයෙකු හෝ යම් කාරණයකදී ඒ වෙනුවෙන් අදහස් පල කිරීමට සාමාන්ය අයෙකුට වඩා හැකියාවක් ඇත !!! සුදුසුද වේ !!! ඒ අනුව අන් පුද්ගලයින්ට සාපෙක්ෂව ඔහුටද සමාජයේ ලැබිය යුතු යම් ගෞරවනීය ස්ථානයකි! එයද ලබාදීමට ඔබ විසින් කටයුතු කල යුතුවේ !!!

නීතිය විෂය ප්‍රායෝගිකව භාවිතා විය යුතු අන්දම සම්බන්ධව කතා කරන්නට, නීතියේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබදව ගෙනහැර දක්වන්නට සමාජයේ නීතිය හදාරන්නේ නැති සාමාන්ය පුරවැසියාට ඇති අයිතියට වඩා අයිතියක් නීති ශිෂ්යයාට ( නීතිඥවරයාට කොහොමටත් ඇත ) ඇත ! එකී අයිතියටද ඔබ ගරු කල යුතුව ඇත !!! යම් හේතුවක් මත ඔහුගේ හෝ ඇයගේ අදහස් සමග එකග වන්නට අකමැති නම් එකග නොවීම වෙනත් දෙයකි ! අවම වශයෙන් ඇහුම්කම් දීම හෝ අවශ්යය !!!

ඔබ මතකයේ තබා ගත යුත්තේ නීතිය තරම් ඔබගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට සමත් වෙනත් දෙයක් නොමැති බවත් එකී කාර්යය ඔබ වෙනුවෙන් කර දීමට බලය ඇත්තාවූ නීතිඥවරයාට හෝ එකී බලය නැතත් ඔබගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට යම් මග පෙන්වීමක් හෝ කල හැකි නීති ශිෂ්යයාට සමාජයේ හිමි විය යුතු ගෞරවනීය ස්ථානය ලබාදීමට ඔබ විසින් කලයුතු කල යුතු බවයි !!!

අවසාන වශයෙන් අමතක නොකොට මතක තබා ගැනීම වැදගත් විය හැකි දෙයක් පැවසිය හැක ! එනම් නීතිඥවරයාට හෝ නීති ශිෂ්යයාට ඔබව අවශ්ය වන වාර ගණනට වඩා ඔබට නීතිඥවරයා හෝ නීති ශිෂ්යයාව අවශ්ය විය වාර ගණන බොහෝ වැඩි විය හැකි බවය !!!

No comments:

Post a Comment