Friday, February 7, 2014

නම ඇසුවත් අප්‍රිය උපදවන උද්ඝෝෂණ ...

උද්ඝෝෂණ කියන්නේ ජනතා පරමාධිපත්ය පෙන්වන අවස්ථාවක් ! මෙහෙම කතාවක් තියෙනවා අහලත් ඇති ඔයාල ! උද්ඝෝෂණ නැහැල්ලු එක්කෝ මිනිස්සුන්ගේ අවශ්යතා හැම එකක්ම වගේ සම්පූර්ණ නම්, නැත්නම් පාලනය කොතරම් දරුණුද කිවහොත් ඒ පාලනයට ඇති බිය නිසා මිනීස්සු උද්ගෝෂණය කරන්නේ නැතිලු ! අවශ්යතා සියල්ලම පාහේ සම්පූර්ණ වෙනවයි කියන එක ප්‍රායෝගිකව හිතන්න අමාරු කාරනයක්නේ ! ඒ අනුව උද්ඝෝෂණ නැත්නම් ඒ අනික් හේතුව නිසා කියන්න පුළුවන් !

ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙන බවට හොද සක්ෂියක් කියනවා රටක උද්ඝෝෂණ තිබීම ! නමුත් වරදවා තේරුම් නොගත යුතුයි ඒකේන් කොහෙත්ම අදහස් වෙන්නේ නෑ යම් කාලයක රටේ උද්ඝෝෂණ නැති හෝ කාලාන්තරයක් පුරාවට උද්ඝෝෂණ අවම වීම තුල ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින්න බැරිය කියන එක එහෙම ! යම් ඉල්ලීම් ඉටු කරවා ගැනීමට සමාජයේ වගේම බලධාරින්ගේ අවධානය යොමු කරන්න ඒවා සාමකාමීව රැස් වීමේ නිදහස ප්‍රයෝජනයට ගත හැකියි, ආණ්ඩුක්‍රම විවස්ථාවෙන් දී තියෙන 14 (1) ( අ ), ( ආ ), ( ඇ ) කියවෙන නිදහස මිනිස්සුන්ට තිබිය යුතුයි ! ඒක අපේ රටේ නම් ඕනවටත් වැඩියෙන් භාවිතා කරන බව දකින්න තියෙනවා කිව්වොත් තමා මම නිවැරදි ! නමුත් අමතක නොකල යුතු කාරනය තමයි ඒ නිදහස නීතියට පිටින් / තවත් ජනතාව පීඩාවට පත් කරමින් පැවැත්වෙනවා නම් ඒක සුදුසු නෑ ! ඒ තත්වෙට පත් උනොත් නීතියට අනුව විසුරුවා හැරිමට ලක්වේවී !

ඒ අනුව හරියට කලොත් නීතියේ ආධිපත්ය තියා ගන්න මහජනයාගේ පැත්තෙන් දායක වෙන්න හොද අවස්ථාවක් වෙන උද්ඝෝෂණ කියන ඒවා හරියට යොදා ගත්තේ නැත්නම් අපතේ යනවා ! මම හිතන්නේ මේ කාරණෙත් ඒවගේ එකක් ! නමුත් මේ සිදුවීම ගැන, රටේ යම් පිරිසකට පානය කරන්න සුදුසු මට්ටමේ ජලය නැති බව කියන කාරණේ හෝ අඩු ගානේ රටම දැන ගත්තා ! නමුත් කණගාටුව ඒකට අහිංසක ජීවිත කීපයක් නැති වෙන තැනට තල්ලු උන එකයි මේ නිසා තුවාල ලබා කීපදෙනෙක්ටම රෝහල් ගත වෙන්න උන එකයි ! ඒ මේ කාරණේට විසදුමක් ගන්න හරියට ක්‍රියාත්මක නොවීමේ විපාක...!

කොහොම නමුත් නීතිය සම්බන්ධව මේ වගේ අවස්ථාවකින් පසුව හෝ සමාජයේ අවධානය වැඩියෙන් යොමු වී තිබීම යහපත් තත්වයක් !

මේ ගැන ලිපියක් තියෙනවා, මේ ඒක ! (http://www.divaina.com/2013/08/04/nimna01.html) මේ අනුව පැහැදිලිව පේන්න තියෙන්නේ මේ කාරණේ මෑතදී ඇති උන එකක් නොවෙන බව ! කාලාන්තරයක් සුලුවෙන් තිබ්බ කාරණා එකතු වෙලා උග්‍ර තත්වෙට ඇවිල්ලා ! මේ මිනිස්සු කියලා තියෙනවා ! දැනුම් දෙන්න ඕන හැම තැනකටම දැනුම් දුන්නා කියලත් ... නමුත් මම හිතන්නේ මේ කාරණේ සම්බන්ධව දනුම් දිය යුතු අත්යාවශ්යම ස්ථාන වලට දැනුම් දුන් බවක් දකින්න නෑ !

ඒ අනුව අධිකරණය දැනුවත් කරපු බවක් දකින්න නෑ ! ගරු අගවිනිසුරුතුමාට ලියා දන්වන්න තිබ්බා මෙහෙම ප්‍රශ්නයක් අපිට තියෙනවා සහනයක් ගන්න කරුණාකරලා අපිට උදව් කරන්න කියලා ! මානව හිමිකම් කොමිෂම, ඔම්බුඩ්ස්මන්වරයා දැනුවත් කරන්න තිබුණා, ඒ හරහා මේ කාරණේ පාර්ලිමෙන්තුව තුල පවා සාකච්ඡා කරන්න තිබුණා ! මේ වගේ දෙයක් ගැන පොඩි උපදෙසක් දෙන්න දැනුවත් කිසිම කෙනෙක් හිටියේ නැද්ද ඔය පැත්තේ කියන ප්‍රශ්නේ මතුවෙනවා !

ඔය ජන ගග මහපාරට එකතු වෙන වෙලාවේ සාක්ෂි අරගෙන අධිකරනයට ගියා නම් විසදුමක් ගන්න බොහෝ පහසු වෙන්න තිබ්බ ! අධිකරනය තියෙන්නේ පවුල් අවුල්, වැට මායිම් විසදන්න විතරක්ම නොවෙයි !

කර්මාන්තශාල ක්‍රියාත්මක වෙන්න ඕන පරිසරයට හිතකර ලෙසින් ... එහෙම නැත්නම් අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා ඒකට විරුද්ධ වෙන්න අවස්ථාව තියෙනවා ! ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න තිබ්බා ! හැම වෙලේම වහන්න පුළුවන් වෙයි කියන්න බෑ, නමුත් සිදුවෙන පීඩාවක් වේ නම් එය නවත්වා දෙවී !

අනිත් කාරණේ නම් මෙතරම් කලක් යනතුරු නීතියේ පිළිසරණක් ලබා ගන්න යොමු නොවීම ! සැබැවින්ම ඒ පිළිබදව හරි දැනුවත් බාවයක් නොතිබුණා වෙන්න පුළුවන් බවයි පෙනී යන්නේ ! ඒක කණගාටුවට කරුණක් ! ඔය නීතිය පිලිබද දැනුවත් භාවය මදිය / ක්‍රියාකාරී වීම මදිය කියන එක මම නම් ප්‍රායෝගිකව දැකලත් තියෙනවා, ඒක මිනිස්සුන්ගේ දැනුම පැත්තෙන් තියෙන අඩුවක් !

එහෙම තත්වෙකදී මහජන අවධානය / බලයේ සිටින පක්ෂයේ අවධානය දිනා ගන්න ව්ක පාරම උද්ඝෝෂණය කිරීම් වලට යොමු වීමයි සිදුවෙන්නේ යම් ආවේගයක් ඇතිව... ආවේගය නම් ඉතාම සාධාරණයි... ( ඒක නීතිය පැත්තෙනුත් හරි කිව හැකියි ) නමුත් ඒක මනාව කලමණාකරණය කරගැනීමට නොහැකිවීම කණගාටුදායකයි !

අද කාලේ අත් පත්‍රිකාවක් බෙදුවත් ඒ 13 ගැන හරි පලාත් සභා ගැන කියලා, ඒකත් කමක් නෑ තේරුමක් තියේ නම් ! එක්කෝ අහවල් තැන තියෙන අහවල් ප්‍රදර්ශනය ගැන, පෝස්ටරයක් ගැහුවත් " අරක දියව්" " මේක දියව්" කියලා සටන් පාඨ, ඒ මිසක් මිනිස්සුන්ට එදිනෙදා වැදගත් දැනුමක් ලබාගන්න දෙයක් නොවෙයි ! ඒ නිසා නොදැනීම එක අතකින් සාධාරණයි ! කෙසේ නමුත් දැනුවත් භාවය එක්කම ආකල්පමය වෙනසකුත් ඕන ප්‍රශ්න නීතිය තුලින් විසදා ගැනීමට ආරම්භයේ සිටිම කඩිනමින් යොමු වීම සම්බන්ධව ! එහෙම උනොත් ඒ තුල ඉල්ලීම් ඉල්ලන්නත් පුළුවන් බයක් නැතුව ! අනිත් අතට එහෙම ඉල්ලන නිසා ඒවා ලබා ගන්නටත් ලේසී වෙවි !

No comments:

Post a Comment