Friday, February 14, 2014

රියදුරු අසුනේ සිටිනා ඔබට ...

ශරීරයේ මතුව ඇති රෝගාබාධ සහිතව, මානසික තත්වය යහපත් තත්වයක නොමැතිව රිය පැදවීම නොකල යුතුය, මන්ද එසේ සිදුකිරීමෙන් රියදුරාගේ දෑත ඔස්සේ පාලනය වෙමින් තිබෙන වාහනයේ යන්නාවූ තැනැත්තන්ට ද පාරේ යමින් සිටින තැනැත්තන්ට ද, වෙනත් වාහන වල සිටින තැනැත්තන්ටද හානි සිදුවිය හැකි නිසාය. මෙකී රිය අනතුරට සැක කරන්නාවූ හේතුව පුවතේ අග සදහන් වන කාරණය නිසා

//මේ රියදුරුට ඇතැම් අවස්‌ථාල මීමැස්‌මොර රෝගය වැළඳෙන අතර අනතුර සිදුවන අවස්‌ථාවේද එම රෝගය වැළඳී තිබෙන්නට ඇතැයි ප්‍රදේශවාසීහු සැකපල කරති.//

Link: http://www.divaina.com/2012/10/04/news05.html

එනම් මීමැස්‌මොර රෝගය නිසා මෙකී අනතුර සිදුවූයේ නම් මීමැස්‌මොර රෝගයේ ප්‍රතිපලයන් මීට ප්‍රථමවද අත්දැක ඇති තැනැත්තෙකු වශයෙන් එය ඇතිවෙන හේතු, ඇතිවෙන වේලාවන් පිලිබදව හා එය ඇතිවීමට ප්‍රථමව පූර්ව රෝග ලක්ෂණයන් පිලිබදව අවබෝධයක් ඇතිව සිටිය යුතුව තිබූ තැනැත්තෙකු බව ප්‍රකාශ කිරිමේ වරදක් නොමැත !

මී මැස්‌මොර රෝගය ශරීර අහ්‍යන්තර (මොලයේ )ක්‍රියාකාරිත්වයක් නිසා ඇතිවන ශරීරය පාලනය කරගත නොහැකි තත්වයක් වේ, රෝගී තත්වයක් නිසා කරනනාවූ ක්‍රියාවක් චේතනාන්විතව මනා දැනීමෙන් හා සිහිබුද්ධියෙන් යුතුව කරන්නට නොහැකිවීම මත මෙවැනි අවස්ථාවලදී වරද සිදුවීමේදී නිදහසට කරුනක් ලෙස Insain Automatism ඉල්ලා සිටිය හැක,

කෙසේ වුවද මෙය දිගින් දිගටම නිදහසට කරුනක් ලෙස නීතිය පිලිනොගනී, මන්ද තමන් මෙවන් පාලනය කල නොහැකි තත්වයකට තත්වයකට පත්විමත් එමගින් අනතුරු සිදුවීමත් පිලිබදව තේරුම් ගැනීමට එකී තැනැත්තාට හැකි නිසා ඔහුට ඒවා වලක්වා ගැනීමට හැකියාව තිබියදී /එසේ කටයුතු කල යුතුව තිබියදී එසේ නොකරන්නේ නම් ඔහු ඕනෑකමින්ම වරදක් සිදුවීමට ඉඩ හල නිසාය ! මෙකී අනතුරද එවැන්නක ප්‍රතිඵලයක්දැයි සොයා බැලිය යුතුය !

ඒ අනුව මෙකී අනතුර මෙන් මීට පෙරද අනතුරු වී තිබේද, ඔහුට වැලදෙන මී මැස්මොර රෝගය කෙතරම් දුරට මෙකි අනතුර වෙත බලපෑවේද, වෙනත් හේතුවක් හෝ හේතු තිබේද යන්න සොයා බැලීමෙන් අනතුරුව වරදකරුවන ප්‍රමා ණය තීරනය කරගත හැකි වනු ඇත ! කෙසේ වුවද මතකයේ තබා ගත යුතු කරුන නම් [රියදුරෙකු වන තැනැත්තෙකු විෂේශයෙන්ම ] තම ශරීරයේ හා සිතේ ස්වභාවය පිලිබදව මනා කොට අවධානයෙන් සිට සුක්කානමට අත තැබිය යුතු බවය !

No comments:

Post a Comment