Friday, February 7, 2014

ශ්‍රී ලංකාව තුල ගව ඝාතනය නීතියෙන් තහනම් කිරීමට හැකිය.

ශ්‍රී ලංකාව තුල ගව ඝාතනය නීතියෙන් තහනම් කිරීමට ඍජු තීරණයක් කඩිනමින් ගැනීමට අප වෙනුවෙන් විවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන්නාවූ එනම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නිරූපණය කරන්නාවූ උත්තරීතර පාර්ලිමෙන්තුවට යම් හේතුවක් / හේතු මත නොහැකි නම් එය නීත්යානුකුලව ජනතාව වන අපට කල හැකිය !!! එසේ නම් කරුණාකර එය ජනතාව වන අපට බාර කරන්න !

අපට එය කල හැක්කේ කෙසේද යත් උක්ත අරමුණ ආණ්ඩුක්‍රම විවස්ථාවේ 85 (2) උපවිවස්ථාවෙන් කියවෙන සීමා කිරීම් වලින් බැහැර කාරණයක් නිසා හා ආණ්ඩුක්‍රම විවස්ථාවේ 3 වන විවස්ථාවේ කියවෙන පරිද්දෙන් පරමාධිපත්යට අයත් විවස්ථාදායක බලය කිසිදු ගැටළුවකින් තොරව ක්‍රියාත්මක කල හැකි වන බැවිනි !!!

ඒ අනුව උක්ත පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්ය විවසථාදායක බලය අපට සකසා දෙන්නට හැකිය !

ඒ අනුව අනාගත නීතිය ව්ය යුතු " ගව ඝාතනය ශ්‍රී ලංකාව තුල මෙයින් මතු තහනම්ය" යන්න බලාත්මක වීමට අවශ්ය වන්නේ ගරු ජනාධිපතිතුමාගේ සහතිකය පමණි !!!

ජනතාව අනුමත කිරීම යනු එතුමාගේ සහතිකය ලැබීමටද හේතුවකි !!!

" ගව ඝාතනය ශ්‍රී ලංකාව තුල මෙයින් මතු තහනම්ය" ලෙස හෝ එකී අර්ථය ඇත්තාවූ පනත් කෙටුම්පතකට ජනමතය විමසන්නේ නම් එයට මා මනාපය පල කරමි !!!

No comments:

Post a Comment