Saturday, February 8, 2014

13 වන ආණ්ඩුක්රිම විවස්ථා සංශෝධනය පිළිබද නව ප්රවණතා සහ ශ්රී ලංකාවේ ස්වාධිපත්යය

13 වන ආණ්ඩුක්ර ම විවස්ථා සංශෝධනය මෑත කාලයේනැවත සාකච්ඡාවට බදුන් වී ඇති සංශෝධනයකි. 13 වන ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය හරහා ප්‍රධානකාරණා 3 ක් සිදුවී ඇත. එකක් නම් එතෙක් රාජ්ය භාෂාව ලෙසට පැවති සිංහල භාෂාවට අමතරවදෙමළ භාෂාවද රාජ්ය භාෂාවක් ලෙසට නම් කරන ලද අතර, ඉංග්‍රීසිභාෂාවට සන්ධාන භාෂාව ( Link Language ) යන තත්වය ලබාදීතිබිණි. 1987දී වර්තමානයේ ක්රි්යාත්මක දෙවන ජනරජ ආණ්ඩුක්රම විවස්ථාවට එය එක්ව තිබේ. ඒ පිළිබදවසාකච්ඡාවන් ඇති වී තිබෙන්නේ එහි අඩංගු යම් බලතල කිහිපයක් කාලීන අවශ්යතාවය මතසංශෝධනය කිරීමේ අවශ්තාවය මතුව තිබීම සම්බන්ධවය. එය එලැබෙන සැප්තැම්බර් මාසයේපැවැත්වීමට නියමිත උතුරු පළාත් සභා මැතිවරණය සමගද බැදී තිබේ. ඒ අනුව සැබැවින්ම එයසාකච්ඡාවට ගත යුතු කාලීන මාතෘකාවකි. එය පිළිබදව සාකච්ඡා කිරීමට පෙර වැදගත් වියහැකි මෙයට අදාල ශ්රී  ලංකාවේ ඉහිතාසය එනම්පසුබිම කෙටියෙන් ගෙනහැර දක්වීම වැදගත්ය.

ක්‍රි පූ 247 දි පමණදෙවනපෑතිස් රජතුමා ඇතුලු ජනතාව බුදුදහම වැලදගෙන බෞද්ධයන් වූ පසුව අප රට විවිධඅවස්ථා වලදී දේශපාලන අස්ථාවරභාවය නිසා දකුණු ඉන්දීය ආක්රමණ මෙන්ම් පෘතුගීසි, ලන්දේසීහා ඉංග්රීසි යන විදේෂිකයන්ගේ පාලනයටද නතු විය.

ක්‍රි පූ 205 සිට ක්‍රිපූ 161දක්‌වා වසර 44ක්‌ අනුරාධපුර රාජධානිය පාලනය කළ එළාර රජු, එළාර දුටුගැමුණු යුද්ධයෙන් පසුව පරාජය කොට රටඑක් සේසත් කෙරිණි. දකුණු ඉන්දියාවට පැන ගිය කොටස හැරුණු කල මෙරට උතුරේ පදිංචි වූපිරිසකි. ඔවුන්ගෙන් දෙමළ නම් ජනකොට්ඨාශයකුත් හින්දු නමින් ආගමද මෙරට ස්ථාපිත වූ බවපිළිගැනීමයි. ලංකාව සිය වෙලද සබදතා විදේශයන් සමග කරන කල්හි 7 වනසියවසේදී පමණ මුස්ලිම් රටවලින් වෙලදාම පිණිස මෙහි පැමිණි පිරිස් නිසා මුස්ලිම්නැමැති ජන කොට්ඨාශයක් ඇතිවී ආගමික විශ්වාසය ලෙසට ඉස්ලාම් ආගමද මෙරට ස්ථාපිත විය.ලංකාව ආක්රමණය කල පෘතුගීසීන් කතෝලික වූහ. ඒ අනුව ඔවුන් මෙහිදී විවාහ වූ පසුවකතෝලික නම් ආගමද මෙරට ස්ථාපිත විය. ලංකාව ආක්ර මණය කල ලංදේසීන් ක්‍රිස්තියානි වූහඒ අනුව ඔවුන් මෙහිදී විවාහ වූ පසුව ක්රි ස්තියානි නම් ආගමද ස්ථාපිත විය.ඉංග්රීසීන්ගේ කාලයෙදී දකුණු ඉන්දියාවෙන් තේ කෝපී වැවීමට ගෙන ආ දෙමළ වැසියන්දඉංදියානු දෙමළ නමින් ලංකාවේ පුරවැසිබව ලබා ඇත. තවත්මතයකින් කියවෙන්නේ මීට මදක් වෙනස් අදහසකි. පෙරකී පරිද්දෙන් ලංකාවේ ඉතිරි වූ දෙමළජනතාව සිංහලයට අවශෝෂණය වූ බවත් එනම් ඔවුන් මෙරට සංස්කෘතිය වන සිංහල බෞද්ධසංස්කෘතිය අනුව හැඩ ගැසී ජීවත් වන්නට පටන් ගත් බවත් උතුරේ දෙමළ වැසියන් පැවතෙන්නේලන්දෙසීන් විසින් දුම්කොළ වගාවට මලබාරයෙන් ගෙනා දෙමළ ජනයාගෙනුත්, ඉංගිරීසීන්කම්කරුවන් ලෙස මලබාරයෙන් ගෙනා දෙමළ ජනයාගෙනුත් හා එදා සිංහලයන් දෙමළකරණය කිරීමෙන්දෙමළ වූ සිංහලයන්ගෙනුත් බවට විශ්වාසයක්ද තිබේ.

කෙසේනමුදු 1796න් පසුව ඇරඹුනු ඉංග්රීසීන් මෙරට පාලන කාලයෙදී අප රට ප්රධාන වශයෙන් බහුතර සිංහල ජනතාවද, දෙමළ, මුස්ලිම් ජනතාවගෙන්ද සමත්විත වී තිබිණි ! ඊට අමතරව බර්ගර් මැලේජනවර්ගද ඇතුලත් විය. එසේම බුද්ධාගම, කතෝලික, ක්රිස්තියානි, හින්දු, ඉස්ලාම් ආදී ආගම් ගණනවක්ද දැකිය හැකිවිය !ශ්රී ලංකාවෙ ඉතිහාසය සම්බන්ධ පොත පතෙහි ශ්රී ලංකාව බහු ආගමික බහු වාර්ගික රටක් ලෙසහදුන්වා දී ඇත්තේ එබැවින් යැයි කියන්නට හැකිය.
ඉංග්රීසීන්ගේකාලයේ විෂේශයෙන් 1815න් පසුව ඔවුන් මෙරට පරිපාලනය සම්බන්ධව ගෙන ආ ආණ්ඩුක්රම විවස්ථාවන් ගණනාවක්ම විය.පළමුවැන්න 1833දී ගෙන එන ලදී, ඒවාතුලින් කලින් කලට පරිපාලන ක්රමය සමබන්ධව විවිධ වෙනස්කම් කලද වාර්ගික පදනම මත සිංහල- උඩරට සිංහල පහතරට සිංහල, බර්ගර් දෙමළ මුස්ලිම් ලෙසින් බෙදා දැක්වීමතුල බහුතර සිංහල - බෞද්ධ ජනතාවගේ පැත්තෙන් පාලනයේදී යම් අසාධරණයක් වුනු බවත් 1931 ඩොනමෝර්ආණ්ඩුක්රම විවස්ථාවෙන් ජනවාර්ගික නියෝජනය ඉවත් කීරිම හේතුවෙන් තමන්ට පාලනයට පෙරපැවති අවස්ථාව අහිමිවිමක් වූයේ යැයි හඩ නැගීමක්ද දෙමළ ජනතාව නියෝජනය කරන්නාවූනායකයින්ගෙන් දක්නට ලැබුණි.

සුළු ජනනියෝජනය ප්රමාණවත් නොවන පදනම මත රාජ්ය මන්ත්රණ සභාව තුල 50:50නියෝජනයක් ඉල්ලා සිටීමක් විය. මෙවැනි හැල හප්පීම් මධ්යයේ  1949 දි චෙල්වනායගම් මහතා ෆෙඩරල් පක්ෂය පිහිටවූඅතර පාලන කටයුතු වලට සහභාගී වීමට වැඩි ඉඩක් ලබාගැනීමේ අරමුණින් 1957බණ්ඩාරණායක - චෙල්වනායගම් ගිවිසුම තුලින් රට සභා ඇති කොට විසේෂ බලතල ලබාදීම, උතුරුනැගෙනහිර පළාත් වල පාලන භාෂාව දමිළ භාෂාව කිරිම, ඉල්ලීම් වුවත් රට තුලින් මතුවූ විරෝධතා නිසාගිවිසුම අක්රිය විය. නැවත 1965 දී ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුම තුලින්දිස්ත්රි ක් සභා පිහිටුවීම, උතුරු නැගෙනහිර පළාත් වල අධිකරණ වල දමිළභාෂාව කිරීම, උතුරුනැගෙනහිර ඉඩම් සදහා දමිළ බස කතා කරන අයහට ප්ර මුඛතාව දීම වැනි කරුණු විය. එහෙත් රටතුලින් මතුවූ විරෝධතා නිසා එම ගිවිසුමද අක්රි ය විය.

කෙසේ හෝ 1970 පමණ වනවිට අම්රිතලිංගම් මහතා ප්රමුඛ කණ්ඩායමක් වඩුක්කුඩෙයි සමුළුවේදී දෙමළ ජනතාවගේඅයිතීන් වෙනුවෙන් යැයි කියමින් ස්වයංපාලන අයිතිය ඇති ඊළාම් රාජ්යක අවශ්යතාවයඅවධාරණය කරමින් යෝජනාවක්ද සම්මත කරගන්නා ලදී. ආර්ථික ක්ර මය තුල ඇතිවූ විෂමතාහේතුවෙන් එයද ස්වයංපාලන අයිතියක් ලබාගැනීම වෙනුවෙන් සටන් වැදීමට හේතුවූ බවටවිශ්වාස කරනු ලැබේ. ඒ අනුව ඒ වෙනම රාජ්යක් වෙනුවෙන් සන්නද්ධ මෙහෙයුම් වෙනුවෙන්ඉන්දියාවේ පුහුණු කිරීමද සිදුවිය. වෙනම රාජ්යක් වෙනුවෙන් ශ්රී් ලංකාව තුල සටන්ඇතිවිය. එය බෙදුම්වාදී ත්රස්තවාදය වශයෙන් අප කවුරුත් පාහේ දන්නාවූ විපාක අත් දැකඇති මහත් කැපකිරීම් මධ්යයේ 2009 දී යුධමය වශයෙන් පරාජය කෙරුණු කාරණයයි. 1987 ජේ ආර්ජයවර්ධන - රජීව් ගාන්ධි ගිවිසුම බලය විමධ්යග්ත කිරීම සම්බන්ධව තැබූ වැදගත්මප්රාීයෝගික පියවර ලෙස සලකනු ලැබේ. ස්වයං පාලනයක් වෙනුවෙන් කාලයක පටන් දෙමළනායකයින් කල ඉල්ලීමක ප්රතිපලයක් ලෙසින් හා බෙදුම්වාදී ත්ර්ස්තවාදය දේශපාලනවිසදුමකින් අවසන් කරගැනිමට මෙය යොදා ගන්නට අදහස් කරගෙන තිබුණ බවට හදුන්වා දියහැකිය. එහෙත් අදහස කෙසේ වුවත් එය සම්මත කරගැනීමට එවකට සෑදී තිබූ පසුබිම නම් එතරම්සුන්දර නැත ! ශ්‍රී ලංකා ආණ්ඩුව යුධමය ක්‍රියාදාමයකින් ත්‍රස්තවාදය පරාජය කරමින්ඉදිරියට යමින් සිටියදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකා ආණ්ඩුව සාකච්ඡා වලට යොමු කරමින්අවසානයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වී තිබෙන හමුදා ක්‍රියාන්විතය මිනිස් සංහාරයක්බවට පත්ව ඇතැයි කියමින් ඉන්දියාව ධීවර බෝට්ටු වලින් යාපනයට ආධාර එවීම ශ්‍රී ලංකානාවික හමුදාව විසින් වැලැක්වූ දිනට පසුදාම ඉන්දියාව විසින් ගුවනින් මෙරට ආහාරහෙලීම මගින් හෙලි කලේ සිය බලහත්කාරයම මිස අන් කවරක්ද...? ඒ අනුවඑක් අතකට එවැනි පසුබිමකදී අත්සන් තැබුණු ඉන්දු-ලංකා ගිවිසුමේ ඇති නීත්යනුකූලභාවයකවරක්ද යන්න ඇසීම සාධාරණය.

13 වන ආණ්ඩුක්රිම විවස්ථා සංශෝධනය සහ ශ්රී  ලංකාවේ ස්වාධිපත්යය පිළිබදව සලකා බැලීමේදී “ස්වාධිපත්යය” නම්නිදහසේ බාධාවකින් තොරව අවශ්ය නීති සම්මත කිරීමේ හැකියාවයි. මෙය ස්වාධීන රාජ්යයකඇති අනිකුත් ලක්ෂණ වන ජනගහණයක් සිටීම, දේශභූමියක් තිබීම, ආණ්ඩුවක්තිබීම, විදේෂසම්බන්ධතා පැවැත්වීමේ හැකියාවට අමතරව ඇති සුවිශේෂී බලතලයයි. 1972 දීවිවස්ථා සම්පාදක මණ්ඩලයක විසින් එකමුතුව සම්මත කරගන්නා ලද පළවෙනි ජන-රජ ආණ්ඩුක්රභමවිවස්ථාවේ 1වැනි විවස්ථාවෙන් කියවෙන පරිද්දෙන් බ්රිතාන්ය සමග එතෙක් විධායක, විවස්ථාදායක, හාඅධිකරණමය වශයෙන් වූ සියළු බැදීම් බිද දමා නිදහස්, ස්වෛරී, ස්වාධීන ජනරජයක් බවට පත් විය ! ශ්රී ලංකාවඒකීය ජනරජයක් බව 1972මෙන්ම 1978ආණ්ඩුක්රිම විව්ස්ථාවේ 2 වන විවස්ථාවේ දක්වා ඇත. ශ්රී ලංකා දේශයපාලනය කිරීම පිණිස උත්තරීතර නීති සම්පාදන බලය ඇති පාර්ලිමෙන්තුවකින් සමන්විත එක් රජයක්ඇති  බව ඉන් අදහස් වේ. පළාත් සභා ඇතුලත් 13 වනආණ්ඩුක්රම විවස්ථා සංශෝධන කෙටුම්පත මගින් හා පළාත් සභා පනත් කෙටුම්පත මගින් ශ්රීමලංකා ජනරජයේ එකීය භාවය යන්න උල්ලංඝනය වන බවට කරුණු ඉදිරිපත් වූ අයුරු පහත දක්වා ඇත. මෙම ආණ්ඩුක්ර ම විවස්ථා සංශෝධනය සම්මත වීම පිළිබදව යම් මතභේදයක් ඇත.

13 වන ආණ්ඩුක්රම විවස්ථා සංශෝධන පනත් කෙටුම්පතටඑරෙහිව පෙත්සම් ඉදිරිපත් වූයේ එමගින් ඇති කරන්නාවූ පළාත් සභා මගින් ජනරජයේ ඒකීයභාවය දක්වන 2වන විවස්ථාව උල්ලංඝණය කරනාවූ හා පාර්ලිමෙන්තුවේ විවස්ථාදායක බලය අනිසි ලෙස පැහැරගන්නාවූ ආයතන ( පළාත් සභා ) පිහිටුවන බැවින් එමගින් 76 (1) වනවිවස්ථාව උල්ලංඝණය වන බවට සදහන් කරමිනි. ( මෙය නඩු තීන්දුවක් ලෙසට සටහන් වී තිබේ.) ශ්රේංෂ්ඨාධිකරණයේ 9 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලෙන් එයපිළිගත් විනිසුරුවරුන් 4 දෙනෙකු ඒ සදහා ජනමතවිචාරණයක අවශ්යතාවයපෙන්වා දෙන ලදී. එහෙත් එවකට සිටි අගවිනිසුරුතුමා ඇතුලුව විනිසුරුවරුන් හතර දෙනෙකුපෙන්වා දෙනු ලැබුවේ ජනරජයේ ඒකීය භාවය උල්ලංඝණය වීමක් හෝ පාර්ලිමෙන්තුවේ බලතල අයුතුලෙස උදුරා ගන්නට පළාත් සභා අසමත් වන බවත්ය. එහෙත් එක් විනිසුරුතුමෙක් පෙන්වා දෙනුලැබුවේ එකී කෙටුම්පතෙහි වූ 154 ( උ ) (2) ( ආ ) හා 154 ( උ ) (3) ( ආ )විවස්ථාවන් සම්මත කිරීමට පමණක් ජනමතවිචාරණයක් අවශ්ය බවය. එහෙත් එවකට පැවති රජයජනමතවිචාරණයකින් තොරව එකී විවස්ථා සංසෝධනය සම්මත කර ඇති බැවින් එහීනීත්යානුකූලභාවය පිළිබදව විවිධ අදහස් ඇත.

අදාලවිනිසුරුතුමා කර ඇත්තේ ආණ්ඩුක්‍රම විවස්ථාවේ 120 ( අ ) අනුව ජනමතවිචාරණයකඅවශය්තාවය දැක්වීම පමණි. එහෙත් ආණ්ඩුක්‍රම විවස්ථාවේ 123 (4) අනුව ආණ්ඩුක්‍රමවිවස්ථාවට අනනුකුල යැයී තීරණය කරනලද පනත් කෙටුම්පතක් / විධිවිධාන ශ්‍රේෂ්ඨාධිකරණයේතීරණයේ ප්‍රකාශ කර ඇති ආකාරයට හැර සම්මත නොකල යුතු බව දැක්වූවද ආණ්ඩුක්‍රමවිවස්ථාවට ඇති අනනුකූලභාවය ඉවත් වන සේ සංශෝධනය කර ඒ කෙටුම්පත සම්මත කිරීමනීත්යානුකූල බවට දක්වා ඇත. කෙසේ නමුදු දැන් එය ආණ්ඩුක්රම විවස්ථාවේ කොටසකි.කෙටුම්පත් අවස්ථාවෙ මිස පනත් කෙටුම්පතක් යථා පරිද්දෙන් ඡන්දය ලැබ සම්මත වූ බවටකතානායක වරයාගේ අත්සන ලැබුණු පසුව ඒ පිළිබදව ප්ර්ශ්න කිරීමට බලය 120 විවස්ථාවඅනුව අප ශ්‍රේෂ්ඨාධිකරණයට නැත. ඒ අනුව යම් වෙනසක් කරන්නේ නම් එය කල යුත්තේ තවත්ආණ්ඩුක්රම විවස්ථා සංශෝධනයකින්මය…

13 වන ආණ්ඩුක්ර ම විවස්ථා සංශෝධනය ගෙන ඒම මගින්සිදු කර ඇත්තේ කුමක්දැයි බැලූ කල මධ්යම ආණ්ඩුවේ බලයෙන් ( විධායක, විවස්ථාදායක, හා අධිකරණ) තෝරාගත් බලතල පලාත් මට්ටමින් විමධ්යගත කිරීමය. බලය විමධ්යගත කිරීමේදී බලය හාකාර්ය ජාතික හා උපජාතික ඒකක අතර බෙදා දක්වයි. එසේම මධ්යම රජයට විසින් අවශ්ය සමහරබලය එසේම තබා ගනී. මධ්යම ආණ්ඩුව හා පළාත් සභා අතරේ පාලන බලතල නිශ්චිතව දක්වා ඇත, එම ලක්ෂණ 13 වනආණ්ඩුක්රම විවස්ථා සංශෝධනය යටතේ දක්නට ඇත. රොනල්ඩ්ස් වොට්ස් නම් කැනේඩියානු දේශපානවිද්යා මහාචාර්යවරයාට අනුව සන්ධීය රාජ්යක ලක්ෂණ වන තම වැසියන් කෙරේ ඍජු බලයක්රිායාත්මක කරන ආයතන දෙකක් තිබීම, මධ්යම පාලන අධිකාරිය තුල පළාත් සභා නියෝජනයක්හෙවත් දෙවන මන්ත්රණ සභාවක් තිබීම, ආණ්ඩුක්රම විවස්ථාව පාර්ලිමෙන්තුවට වඩාඋත්තරීතර වීම, මධ්යමආණ්ඩුව හා පළාත් ආණ්ඩු අතර ගැටුම් විසදීමට අධිකරණය මැදිහත් වීම, මධ්යම අධිකාරියහා පළාත් සභා අතර එකිනෙක සබදත පවත්වාගෙන යා හැකි ක්රමයක් තිබිය යුතු වීම යන්නදැක්විය හැක. ශර්වානන්ද විනිසුරුතුමාට අනුව 13 වන ආණ්ඩුක්රම විවස්ථා සංශෝධනය සැලකූ කලපාර්ලිමෙන්තුව සාදන නීති හා පළාත් සභා සාදන ප්රඥප්ති අතර ගැටුමකදී පාර්ලිමෙන්තුවේනීති බලධාරී වේ. එසේම පළාත් සභාවකට පැවරූ බලතල සියල්ල නැවත මධ්යම ආණ්ඩුවට ගතහැකිය. පළාත් සභාවකට පාර්ලිමෙන්තුව සමග තරගකාරි ලෙස කටයුතු කල නොහැක. ඒ අනුව 13 වනආණ්ඩුක්රභම විවස්ථා සංශෝධනය සැලකූ කල ආණ්ඩුක්රාම විවස්ථාවේ දක්වා ඇති ඒකීයභාවයටහානි සිදු නොවේ…

එසේම ශ්රීලංකාවේ ඇත්තේ නිසි බලය විමධ්යගත කිරිමක් නොවෙ යැයිද ඒ අනුව පළාත් සභා ඇති කිරීමමගින් සන්ධීය රාජ්යක් ඇතිවීමක් සිදුවී නැති බව කියන්නට හැකිය. මන්ද යත් උප ජාතිකඒකක ( පළාත් සභා ) වෙත පැවරූ බලය ඔවුන්ගේ එකගත්වා නැතිවම අවලංගු කල හැකි බැවිණි !සන්ධීය රාජ්යකදී ඊට වඩා වැඩි එකගතාවයක් අවශ්යය ! උදාහරණයක් ලෙසට ඇමරිකාවේ ආණ්ඩුක්රම විවස්ථාව සංශෝධනය කරන්නට නම් එම යෝජනාව කොන්ග්ර සයේ ( The Senate and The House ofRepresentatives ) 2/3 ඡන්දයෙන් සේම ප්රාෝන්ත රාජ්ය වලින් ( 50 න් ) 3/4 කින්අනුමත කල යුතුවේ ! නමුත් ස්කොට්ලන්තයට, උතුරු අයර්ලන්තයට හා වේල්සයට බලය පනත් යටතේවිමධ්යගත කර තිබුණද එක්සත් රාජධානියද මෙන්ම ශ්‍රී ලංකාවද පළාත් සභ ක්‍රමය යටතේඒකීයභාවය ආරක්ෂා කරගෙන ඇත…

පළාත් 9 ටපළාත් සභා 9 ක් ඇති බව 154 අ (1) විවස්ථාව දක්වා සිටී. එසේම ජනාධිපතිවරයා විසින්පත් කරනු ලබන බොහෝ දුරට නාමික ප්‍රධානියෙක් සේ හැදින්විය හැකි ආණ්ඩුකාරවයෙක් හාඡන්දයෙන් තෝරා පත් කරගන්නාවූ මන්ත්රීකවරයන් අතරින් පළාත් සභාවේ බහුතර මන්ත්රීඩන්ගේ සහය ලබා ගැනීමට සමත් යැයිආණ්ඩුකාරවරයා කල්පනා කරන්නාවූ මන්ත්රීතවරයා ඔහු විසින් ප්රධාන අමාත්යවරයා ලෙසට පත්කල යුතු බව 154ඉ (4) විවස්ථාවදක්වයි, එසේවුවද තෝරාපත්ව ඇති මන්ත්රීඅවරුන්ගෙන් දෙකෙන් එකකට වැඩි කොටසක් යම් දේශපාලන පක්ෂයකටඅයත් නම් එහි නායකයා ප්රතධාන අමාත්යවරයා ලෙස නම් කල යුතුව ඇත. එසේම ප්ර ධානඅමාත්යවරයාගේ ප්රධධානත්වයෙන් යුත් වෙනත් අමාත්යවරුන් 4 දෙනෙකුටනොවැඩි පළාත් අමාත්ය මණ්ඩලයක් තිබේ. එය පළාත් සභාවට සාමූහිකව වගකීමට හා උත්තර දීමටබැදේ ! 13වන ආණ්ඩුක්රම විවස්ථා සංශෝධනය හරහා නව වන උපලේඛණය යටතේ ලයිස්තු තුනක බලතල අන්තර්ගතවේ. පළාත් සභා වලට අනන්ය වූ බලතල දක්වන පළාත් සභා ලයිස්තුව, පළාත් සභාහා මධ්යම රජය යන දෙකටම අදාල වන සේ සමගාමි ලයිස්තුවද, මධ්යම රජයට පමණක් නීති සම්මත කල හැකි විශයයන්ඇතුලත් සංවෘත ලයිස්තුව යනු එම ලයිස්තු 3 යි. 154 ( උ) (2) ( අ) අනුව පළාත් සභා සියල්ලේම කැමැත්ත මත XVII අ පරිච්ඡේදයේ විධිවිධාන, හෝ නවවනඋපලේඛණය හෝ සංශෝධනය හෝ ඉවත් කිරීම සදහා පාර්ලිමෙන්තුවෙ බහුතරයෙන් කටයුතු කල හැක.එක් සභාවක් හෝ අකමැති වන්නේ නම් 154 ( උ ) (2) ( ආ ) අනුව පාර්ලිමෙන්තුවේ නොපැමිණි මන්ත්රීන්දඇතුලුව 2/3විශේෂ බහුතර ඡන්දයෙන් අදාල සංශෝධන සම්මත කල හැක !

154 ( උ ) (3) යටතේ පළාත් සභා ලයිස්තුවේ යම් කාරණයක්පිළිබදව පාර්ලිමෙන්තුව නීතියක් සම්මත කරන විටදී 154 ( උ ) (3) ( අ ) අනුවපළාත් සභා සියල්ලේම කැමැත්ත මත පැමිණ ඡන්දය දෙන මන්ත්රීවරුන්ගේ බහුතරය මගින්ද එක්පළාත් සභාවක් හෝ අකමැති වීම මත 154 ( උ ) (3) ( ආ ) අනුව පාර්ලිමෙන්තුවේ නොපැමිණි මන්ත්රීන්දඇතුලුව 2/3විශේෂ බහුතර ඡන්දයෙන් අදාල සංශෝධන සම්මත කල හැක. නො එසේ නම් අදාල නීතියබලපවත්වන්නේ කැමති වූ පළාත් සභා සදහා පමණක් බවද දක්වා තිබේ. සමගාමි ලයිස්තුවට සම්බන්ධව විශයක් සම්බන්ධව නීතියක් සම්මත කිරීමේදීපළත් සභාව විසින් පාර්ලිමෙන්තුවට දන්වා එය සම්මත කරගත හැක. පාර්ලිමෙන්තුව විසින්සමගාමි ලයිස්තුවට සම්බන්ධව විශයක් සම්බන්ධව නීතියක් සම්මත කිරීමේදී පළත් සභාවන්ටදන්වා එය සම්මත කල හැක. 154 ( උ ) (8) අනුව සංවෘත ලයිස්තුවේ විශයක් සම්බන්ධවප්රඥප්ති ( පළාත් සභා නීති හදුන්වන නම වේ ) සෑදීමේ බලය පළාත් සභාවකට නොමැති බවපැහැදිලිව දක්ව තිබේ. 154( උ ) (10) අනුව පළාත් සභා අභිබවා පාර්ලිමෙන්තුවේඋත්තරීතර බව සදහන් කර තිබේ. පළාත් සභා විසින් සෑදුප්රඥප්ති ආණ්ඩුකාරවරයා විසින් අනුමැතිය දුන් පසුව බලාත්මක වේ. ඒ ක්රියාදාමය 154 ( ඌ ) හිදක්වා ඇත. 154 ( අ ) (3) අනුව යාබද පළාත් 2 ක් හොවැඩි ගණනක් තනි පරිපාලන ඒකකයක් ලෙස පැවතිය යුතුද යන්න පිළිබදව පාර්ලිමෙන්තුවවිසින් නීති පැනවීමේ හැකියාව දක්වා ඇත. පළාතක පරිපාලනය ඇනහිටීමදී ගත හැකික්රියාමාර්ගයන් 154ඕ යටතේ දක්වා ඇත. ඒ අනුව ජනාධිපතිවරයාට අධිකරණ බලතල හැර පළාත් සභාව සතු සෙසු බලතලතමා යටතේ ක්රියාත්මක කිරීමට හෝ පාර්ලිමෙන්තුව මගින් ක්රියාත්මක විය යුතු බවදැක්විය හැක.
මුලින්මකී පරිද්දෙන් 13වන ආණ්ඩුක්රම විවස්තා සංශෝධනය යටතේ දෙමළ භාෂාවද රාජ්ය භාෂාවක් කිරීම, ඉංග්රීසිභාෂාව සන්ධාන භාෂාව (LinkLanguage) කිරීමට අමතරව කර ඇති සුවිශේෂී මෙන්ම මහජනයාගේ පැත්තෙන්වැදගත් වෙනස්කමක් නම් පළාත්බධ මහාධිකරණ පිහිටුවීම හා ඒවාට පළාතතුල මහේස්ත්රා ත් ප්රාථමික අධිකරණ වල තීන්දු සම්බන්ධව අභියාචනා හා ප්රතිශෝධන බලතලලබාදීමත් පළාත් සභා ලයිස්තුව තුල විෂයකට අදාල පරිපාලන තීන්දු වලට එරෙහිව රිට්අධිකරණ බලය බාර කොට ඇත. පරිපාලන තීන්දු වලට එරෙහිව රිට් අධිකරණබලය  ඒ අනුව විධායක, විවස්ථාදායක බලය පමණක් නොව අධිකරණය බලයද විමධ්යගත කර ඇත. 154( ජ ) අනුව මුදල් කොමිෂන් සභාව පිහිටුවීම හා එහි බලතල දක්වාඇත. මෙහි පළාත් සබා ලයිස්තුව යටතේ ඉඩම් හා පොලිස් බලතල දක්වා තිබේ ! පරිශිෂ්ඨය 2 හි ඉඩම්බලතලද, පරිශිෂ්ඨය1හි දක්වා ඇති ප්රමාණයට මහජන සාමය පැවැත්වීම හා පොලිස් බලතල ක්රිරයාත්මක කිරීමපළාත් සභා සතු කර ඇත. දැනට මධ්යම රජය විසින්ම එකී බලතල ද්විත්වය ක්රියාත්මක කරගෙනයනු ලබයි.

6 වන ආණ්ඩුක්රම විවස්ථා සංශෝධනය මගින් ශ්රීලංකා දේශය තුල වෙනම රජයක් පිහිටුවිම හෙවත් දේශපූර්ණත්වය උල්ලංඝණය ක්රීවමේ වරදහදුන්වා දී තිබේ (ස්වාධිපත්යය ආරක්ෂා කරගැනීම සැලකූ කල 6 වන ආණ්ඩුක්රයමවිවස්ථා සංශෝධනයද වැදගත්ය.
1977 දී මැතිවරණයෙන් පසුව විපක්ෂයට පත්වූ ද්රවිඩඑක්සත් විමුක්ති පෙරමුණේ නායකයාව සිටි විපක්ෂ නායක අමිර්තලිංගම් මහතාට මන්ත්රීධූරයඅහිමිව ගොස් තිබුණේද 6වන ආණ්ඩුක්ර ම විවස්ථා සංශෝධනයට අදාලව එකතු කල 7 වන උපලේඛනයට අනුව දිවුරුම් දීම ප්රතික්ශේපකල නිසාය) එයත් සමගම ජනරජයේ එකීයභාවය ආරක්ෂා කරගන්නට 13 වනආණ්ඩුක්ර්ම විවස්ථා සංශෝධනයේම විධිවිධානයන් යොදා තිබේ. 154 ( ඕ ) අනුව පරිපාලනය ඇන හිටීමකදී ක්රිරයාත්මක වනආකාරය එකකි. එය යොදා ගත් ආකාරයක් පසුවට දක්වා ඇත ! පාර්ලිමෙන්තුවේ 2/3 විශේෂබහුතර ඡන්දයෙන් පළාත් සභා පරිච්ඡේදයේ හා ලයිස්තු වල අවශ්ය සංශෝධනයන් කිරීම හෝපළාත් සභා අනුමැතියෙන් තොරව පළාත් සභා පරිච්ඡේදයම ඉවත් කීරීමට හැකිවීම, 154 ( උ ) (10) අනුවපළාත් සභා අභිබවා පාර්ලිමෙන්තුවේ උත්තරීතර බව සදහන් කර තිබීම මගින් එසේ පැවසියහැකිය ! එහෙත් කාලයට අනුව වෙනස් වන දේශපාලන වටපිටාවට අනුව නීතියද කාලයත් සමගසමගාමීව යමින් කාලීන ගැටළු විසදීම කෙරේ දායක විය යුතු බව නීතියේම සදහන් වේ ! ඒඅනුව 13වන ආණ්ඩුක්රම විවස්ථා සංශෝධනයේ කාලීනව විය යුතු සංශෝධනයන් සම්බන්ධව අවධානය යොමුකීරිම ඉතා වැදගත්ය...!

පොලිස්ඉඩම් බලතලද පළාත් සභා ලයිස්තුවටම ඇතුලත් කරන්නට ඇත්තේ පළාත් මට්ටමින්ම මහජන සාමයපවත්වාගෙන යෑම කඩිනම් කරන්නට හා පරිපාලනය තුල යම් ස්වාධීනත්වයක් ඇති කරගෙන ඒ ඒපළාත් වල ප්ර්ශ්න පළාත් මට්ටමින්ම විසදා ගන්නට ඉඩ සැලසීම වෙනුවෙන් වන්නට පිළිවන !කෙසේ නමුදු එය එතරම් උචිත නොවන බවට සාධාරණ කරුණු ඉදිරිපත්ව තිබේ…
1988 දී උතුරු - නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කොටතනි පරිපාලන ඒකකයක් ලෙසින් පාළනය කිරීමට අවස්ථාව ලබාදෙන ලදී ! එහෙත් 1990 මාර්තුවන විට එවකට ප්රධාන අමාත්යවරයා වූ වර්ධරාජා පෙරුමාල් විසින් ස්වේච්ඡා පුරවැසිබලකාය නමින් නිල නොවන හමුදාවක් සාදා ඒ බලය පාවිච්චි කොට ඒක පාර්ශව ස්වාධීනත්වයදෙමළ ඊළම වෙනුවෙන් ප්රසිද්ධ කොට දෙමළ ඊළමක් ප්රපකාශයට පත් කළ පසුව එකී පළාත් සභාවවිසුරුවා හරිනු ලැබීය. මෙමගින් ජනරජයේ ඒකීයභාවය ආරක්ෂා කරගන්නට අවස්ථාව ලැබුණි.එවැනි තත්වයක් නැවත ඇතිවේදැයි පූර්ව නිගනම්නය කිරීමට එක්වරම නොහැක්කේ එකල තිබූදේශපාලන වාතාවරණයම අද නොප්වතින බැවිණි, එහෙත් එවැනි තත්වයකඅවධානමක් නොගන්නට තරම් බුද්ධිමත්වීම නම් අවශ්යය !
මධ්යමරජයට අයත් ඉඩම් පොලිස් බලතල පළාත් මට්ටමින් විම්ධ්යගත කොට පළාත් සභා අධික ලෙසස්වාධිපත්යට නතු කිරීමේ අවශ්යතාවයක් මතුව නැත, එසේම සුදුසුද නැත. ( අවම වශයෙන් මුලින්ම එකීබලතල සමගාමී ලයිස්තුවට හෝ ඇතුලත් කරන්නට තිබුණි ) ආරක්ෂාවට සම්බන්ධව මෙන්ම භූමියටසම්බන්ධවත් තීරණ ගැනීමෙදී එය පළාත් මට්ටමින් ස්වාධීනව කරගන්නට ඉඩ හරිනවාට වඩා එකීබලතල ආණ්ඩුක්රාම විවස්ථාව අනුවම මධ්යම රජයම සතුවීම වඩා සුදුසුය. එකී බලතල හැරුනුකල පලාත් සභා ලයිස්තුව යටතේ දැක්වෙන අනිකුත් බලතල පාර්ලිමෙන්තුවේ මනා අධීක්ෂණයයටතේ ක්රිියාත්මක කිරීමේ වරදක් නැත ! ඒ අනුව පාර්ලිමෙන්තුවේ ස්වාධිපත්යය වඩාතහවුරු කරගැනීමේදී පළාත් සභා හෝ 13 වන සංශෝධනයම අහෝසි කරන්නට අවශ්යතාවයක් මතුව නැත.

එසේමයාබ්ද පළාත් දෙකක් ඒකාබද්ධ කිරීම මගින් විශාල භූමි ප්රදේශයක් නිර්මාණය වන්නට ඉඩහැර පරිපාලනය මෙහෙය වන්නට තරම් අවශ්යතාවයක් ද නැත. එයද යම් මට්ටමකින් ජනරජයේඒකීයභාවයට තර්ජනයක් විය හැකි තැන තිබෙන බැවින් එකී විවස්ථාවද (154 අ (3) ) ඉවත් කිරීම වැදගත්ය. එසේම පාර්ලිමෙන්තුවේස්වාධිපත්යය ප්රායෝගිකව රදවා ගන්නට 154 ( උ ) (2) ( ආ ) හා 154 ( උ ) (3) ( ආ )විධිවිධානයන් යම් බාධාවක් එල්ල කරන බව පෙනේ. මන්ද පාර්ලිමෙන්තුවේ 2/3 විශේෂබහුතරය නොලැබෙන තාක් එකී සංශෝධන ක්රියාත්මක කරගන්නට නොහැකි වීම නිසාය… ඒ අනුවඑකී ප්රායෝගික බාධාවද ඉවත් කිරිම මගින් එනම් පළාත් සභා විෂයක් සදහා පාර්ලිමෙන්තුවවිසින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන විටදී එය පළාත් සභා සියල්ලේම අනුමැතිය ලබා ගතයුතු යැයි කියවෙන 154( උ ) (3) ( අ ) විධිවිධානය හා එක් පලාත් සභාවක් හෝසංශෝධනයකට අකමැති අවස්ථාවක එවැන්නක් සම්මත කිරීමට පාර්ලිමෙන්තුවේ 2/3 ක විශේෂ බහුතරඡන්දය ඉල්ලා සිටින 154( උ ) (3) ( ආ ) ඉවත් කොට පළාත් සභා බහුතරයක කැමැත්ත මතලෙස වෙනක් කිරීම මගින් පාර්ලිමෙන්තුව සතු ස්වාධිපත්යය දැනට තිබෙන තත්වයට  වඩා ආරක්ෂා කල යුතුව තිබේ.

එසේමපළාත් සභා හා සමගාමී ලයිස්තු වල ඇති බලතලයන් වඩාත් නිශ්චිත කොට දක්වන්නේ නම් එයදයම් ගැටළුවකදී ශ්රේ්ෂ්ඨාධිකරණය විසින් අර්ථනිරූපණය කිරීමකදී වඩා පහසු වනු ඇත. 154 ( ඒ ) විවස්ථාව අනුවපළාත් සභාවක් ආණ්ඩුක්‍රම විවස්ථාවට අනුකූලව කටයුතු නොකර ඇති අවස්ථාවක් සම්බන්ධවජනාධිපතිවරයා දැනුවත් වීමෙන් පසුව විසින් පරිපාලනය ඇනහිටීමක් තීරණය කල හැකිය. ඉන්පසුව අධිකරණ බලතල හැර සෙසු බලතල 154 ( ඔ ) විවස්ථාවේ දක්වා ඇති පරිද්දෙන් තමා වෙතපවරා ගැනීමේ හැකියාව හෝ පාර්ලිමෙන්තුව විසින් ක්‍රියාත්මක විය යුතු බව දක්වා ඇත.මේ අනුව පළාත් සභාව විසිරුවා හැරීමට වුවද හැකිය.

බලයවිමධ්ය ගත කල පමණින් වෙනම රාජ්යන් ඇතිවන්නේ නැත. මීට පෙරපෙන්වාදුන් පරිදිද එක්සත් රාජධානියේද බලය විමධ්යගත කර ඇත ! එහෙත් එක්සත් රාජධානියපවතින්නේ ඒකීයභාවය ආරක්ෂා කරගෙනය ! ඒ අනුව බලය විමධ්ය ගත කිරීමට බිය විය යුතු නැත! බිය විය යුත්තේ බලය විමධ්යගත කිරීමකින් හෝ වෙනත් ආකාරයකින් ජනරජයේ ඒකීයභාවය පැත්තෙන්හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ නම්ය ! එවැනි බලතල නම් කිසියම් වූ පක්ෂයක්විසින් ඉල්ලා සිටීමද නොකල යුතුය ! එසේම දේශපූර්ණත්වය ආරක්ෂා කිරීම කෙරේද වැඩිඅවධානය යොමු විය යුතුව ඇත…
පළාත් සභාඅධික ලෙස ස්වාධිපත්යට නතු කිරීම නම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකිය ! ඒ අනුවආරක්ෂක උපක්රිම කවරක් තිබුණද ඒවායින්ම් සෑහීමට පත් නොවී ඒවා තවත් ශක්තිමත් කරනුපිණිස කාලයට අනුව මතුව ඇති සමාජ තත්වයන් මත නීතියේ සංශෝධනයක් කඩිනමින් විය යුතුවතිබෙන බව කීම නිවැරදිය ! ඒ අනුව ඉන් පසුව ප්රජාතන්ත්රනවාදී ආකාරයට මධ්යම ආණ්ඩුවේපරිපාලනයට පළාත් මට්ටමින් විවිධ පක්ෂ වලට හවුල් වීමට ඉඩ සැලසීම පිණිස ජනරජයේඑකීයභාවයට ප්රාපයෝගික වශයෙන් යම් අභියෝගයක් එල්ල කල හැකි බලතල පමණක් ඉවත් කොටපළාත් සභාවන් සතු අනිකුත් බලතල ඒ ආකාරයෙන් ක්රියාත්මක කරමින් පළාත් සභා ක්රමය වඩාඅර්ථවත් කරගන්නට කටයුතු කල යුතු කාලය උදා වී ඇත...

උතුරහැරුණ කල අන් සියළු පළාත් හි ජනතාව සිය ඡන්දය භාවිතා කොට තෝරා ගත් නියෝජිතයින්ගෙන්සමන්විත පළාත් සභාවන් මේ මොහොත වන විට ක්රියාත්මක වේ ! උතුරේ ජනතාවට ඇති එකීඅයිතිය කඩිනමින් ප්රායෝගික කල යුතුය !!! පරමාධිපත්යට අයත් ඡන්ද බලය තුලින් අප සතු විධායකවිවස්ථාදායක අධිකරණ බලයන් ජනතා නියෝජිතයන් විසින් ක්රිමයාත්මක කිරීමට බලය පැවරීමහෙවත් නියෝජිත ප්රජාතන්තර්වාදය අනුව අප කටයුතු කොට ඇති බැවින් රටේත් ජනතාවගේත්ආරක්ෂාව වෙනුවෙන් පක්ෂ භේදයෙන් තොරව මහජන නියෝජිතයින් අප්රමාදීව කටයුතු කිරීම ජනතාඅපේක්ෂාවයි !!! එසේම අනාගතය පැත්තෙන් ජාතික වැදගත්කමක් ඇති කාරණාවලදී එක්සත්වඅවශ්ය මොහොතක ජනමතය විදහා දක්වන්නට ජනතාව වශයෙන් අප සතුව ඇති කාර්යභාරයද සුලු පටුනොවෙන බව අපද මනාකොට තේරුම් ගෙන අර්ථසාධනීය ලෙසින් නීතිය තුල ක්රියාත්මක විය යුතුවඇත…

අතීතය ගැනදුක් වී ඵලක් නැත, අතීතයෙන් උගත් පාඩම් වලින් වැරදුන තැන්හදුනා ගෙන ඒවා අනාගතයේදී නැවත ඇති නොවන්නට වග බලාගත යුතුය ! 1983 කලු ජූලිය නිසාසිවිල් වැසියන්ගේ ජීවිත දේපල අහිමි විය ! එවැනි සැකයේ අවිස්වාශයන්ට නැවත ඉඩනොතැබිය යුතුය ! ඉන්දු ලංකා ගිවිසුමේ 1.4 වගන්තිය අනුව උතුරු නැගෙනහිර පළාත් යනුදෙමළ භාෂාව කතා කරන වැසියන් කාලයක් තිස්සේ භාවිතා කලභූමිය ලෙස ( එය නිජභූමිය ලෙසටද අර්ථදැක්වීම් කරන්නට හැකිය ) දක්වා තිබේ! එහෙත්එවැනි පටු සීමාවන්ට සීමා නොවෙමින් ශ්රී ලංකා දේශය යනු සිංහල දෙමළ මුස්ලිම් බර්ගර්මැලේ ආදී සියළුම ජනතාවගේ එකම මාතෘ භූමිය ලෙස සලකා එය මනාකොට ආරක්ෂා කරගනිමින්රාජ්ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම අනුව ක්‍රියාත්මක වීමේදී රජයට අවශ්ය සහයදෙමින් ආණ්ඩුක්රිම විවස්ථාවේ මූලික යුතුකම් අනුව ක්රියාත්මක වෙමින් යම් ආරවුලක්ඇති වුව හොත් ඉවසීමෙන් යුතුව එය නීතියට අනුවම විසදා ගනිමින් ජාතික සමගිය වර්ධනයකරගනිමින් කාලය ගෙවිය යුතු බවට කවුරුත් එකසේ සිතිය යුතුය !!!

No comments:

Post a Comment