Friday, February 7, 2014

මානව අයිතිවාසිකම් ගරු කරමු ...

මනුෂ්‍යයෙකු ලෙස උපත ලැබූ අයෙකුගේ එසේ ඉපදීමෙන් ලද අයිතිවාසිකම් වෙනත් තැනැත්තෙකු විසින් උදුරා ගැනීමට ලක් නොකල යුතුව තිබේ. තවත් අතකින් කියන්නේ නම් එසේ යම් අයිතිවාසිකම් උදුරාගැනීමක් වේ නම් එසේ උදුරාගත් තැනැත්තාගේ අයිතිවාසිකම්ද එම උදුරා ගත් ප්‍රමාණයට අහිමි වීමකට යටත් බවය !!! නීතිය මගින් කෙරෙන්නේ එලෙස අන් අයගේ අයිතිවාසිකම් කඩ කරන තැනැත්තන්ගෙන් සමාජයේ සෙසු පුරවැසියන්ගේ අහිමි වන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමය ! අයිතිවාසිකම් නිකරුනේ කඩ වන්නේ නැත, ඒවා කිසිවෙකු විසින් කිසියම් හේතුවක් උඩ කඩ කරනු ලැබිය යුතු වේ !!!

මානව අයිතිවාසිකම් සම්බන්ධව කතා කරන විට බාහිර පෙනුමෙන් පමණක් මනුෂ්‍ය වූ අයෙකුගේ සිට බාහිර පෙනුමෙන් පමණක් නොව අභ්‍යන්තරයෙන්ද සැබෑවටම මනුෂ්‍ය ගති පැවතුම් උපරිමයෙන්ම ඇති තැනැත්තන් දක්වා වූ පරාසයේ සියලුම පුද්ගලයින්ට අදාල වන මුත් කෙනෙකු විසින් තවත් තැනැත්තෙකුගේ අයිතිවාසිකම් කඩ කල ප්‍රමාණයට ඔහුගේද අයිතිවාසිකම් අහිමි වීමට යටත් වේ ..!!!

ඒ අනුව බාහිර පෙනුමෙන් පමණක් මනුෂ්‍ය වූ අයෙකුට වඩා බාහිර පෙනුමෙන් පමණක් නොව අභ්‍යන්තරයෙන්ද සැබෑවටම මනුෂ්‍ය ගති පැවතුම් උපරිමයෙන්ම ඇති තැනැත්තෙකුට/තැනැත්තන්ට ඒ ඒ ප්‍රමාණයට අදාලව මානව අයිතිවාසිකම් වල උපරිමම ආරක්ෂාවට මෙන්ම ඒ පිළිබදව කතා කිරීමේ උපරිම අයිතියද හිමිවේ !!! මන්ද එවැනි තැනැත්තෙකුට/තැනැත්තන් තම උපමා කොට හෝ වෙනත් හේතුවක් නිසා අන් අයගේ අයිතිවාසිකම් උපරිමයෙන් ආරක්ෂා කරන බැවිනි !!!

එබැවින් මානව අයිතිවාසිකම් වල උපරිමම අරක්ෂාව තමා වෙත හා අන් අය වෙත ලබාගැනීමට අවශ්‍ය නම් පුද්ගලයෙකු/පුද්ගලයින් කල යුත්තේ බාහිර පෙනුමෙන් පමණක් නොව ආගම හා සදාචාරය අනුව දිවිය අන් අයට හානිකර නොවෙන ලෙස සකස් කරගනිමින් අභ්‍යන්තරයෙන්ද සැබෑවටම මනුෂ්‍ය ගති පැවතුම් උපරිමයෙන්ම ඇති තැනැත්තෙකු/තැනැත්තන් බවට දිනෙන් දින පරිවර්තනය වීමයි !!! අයෙකු එසේ නොවී ඉන් ක්‍රම ක්‍රමයෙන් බැහැර වන්නේ නම් මානව අයිතිවාසිකම් වලට ඇති හිමිකද මානව අයිතිවාසිකම් වල ආරක්ෂාවට ඇති හිමිකමද, ක්ෂය වෙමින් යයි, මන්ද ඔහු අන් අයගේ අයිතිවාසිකම් උදුරා ගන්නාවූ තැනැත්තෙක් වෙමින් යන නිසා වේ !!!

No comments:

Post a Comment