Friday, February 7, 2014

වඩා ප්‍රායෝගික විය යුතු කාන්තාවන්ගේ ආරක්ෂාව...

ආදරණිය මවක්, මිත්තණියක්, දයාබර බිරිදක්, ආදරයට ආදරය කරන්නාවූ පෙම්වතියක්, දුක සැප බෙදා ගන්නාවූ සොහොයුරියක්, හෙට දින බාර ගන්නට සිටින්නාවූ දියණියක් ආකාරයේ ජීවිතයේ පුළුල් පරාසයක යම් මොහොතක ජීවත් වන්නාවූ වූ ඇයට බණ දහම් අසන්නට තිබුණද ඉන් ප්‍රයෝජනයක් නොගෙන දුර්ලභ වූ මනුෂ්‍ය ආත්මභාවයද පිරිහීමට ලක් කරගනිමින් ධර්මයට අනුව ක්‍රියාකාරී නොවන්නාවූ යම් පුද්ගලයින්ගේ විෂම වූ ක්‍රියාකාරිත්වය නිසා අද ඇයට තම ජීවිතය ආරක්ෂා කරගැනීමට සෑහෙන තරමේ සටනක් කිරීමට සිදුව ඇති බව දක්නට තිබේ, ඒ කැලෑබදව වෙසෙන්නාවූ නපුරු වන සතුන්ගෙන් නොව මානසික ව්‍යාධීන්ට ලක්ව සතා සිවුපාවටද අන්ත අන්දමින් ක්‍රියාත්මක වන්නාවූ මිනිස් සතාගෙනි !

මානසික ව්‍යාධීන්ට ලක්ව වියරු වැටී ඇති එකී මිනිස් සත්වයා පාලනය කිරීමට නීතිය ඇත (එය ප්‍රමාණවත් නොවෙන බව පෙනී යමින් තිබෙන බැවින් ආණ්ඩුක්‍රම විව්ස්ථාවේ 12 (4) අනුව යමින් එහි දක්වා ඇති පරිද්දෙන් නීතියෙන් තවදුරටත් සිය රැකවරණයේ දෑත කාන්තාවන් සම්බන්ධව ශක්තිමත් කරගත යුතු වන්නේ නම් වැදගත් වනු ඇත... පරමාධිපත්යය දරණ්නාවූ ජනතාව වශයෙන් පෙරකී කාර්යය පිණිස අවස්ථාව ලද විගස අවශ්ය යෝජනා සැපයීම වෙනුවෙන් නිතැතින් අප සැදී පැහැදී සිටින්නෙමු ) රජය විසින් නඩුව මෙහෙයව අපරාධ කරුවන්ට දඩුවම් ලබාදීමට යොමු වීම සාමාන්යෙන් සිදුවේ.. එසේම අමතක නොකරන්න !!! ඒ වෙනුවෙන් නීතියේ රැකවරණය ඔබටම භාවිතා කල හැකි තැනකද ඇත ! එනම් පුද්ගලික ආරක්ෂාවේ අයිතයයි...


"කට ඇති පුතයි රුව ඇති දුවයි" ලෙස කීවද පුතාලාට කට පමණක්ද දූලාට රුව පමණක්ද තිබී ප්‍රමාණවත් නැත ! රුව පුත්තුන්ටද වැදගත්ය ! එසේම රුවටත් වඩා සිය දැනුම මෙහෙයවා අවස්ථානුකූලව භාවිතා කල හැකි කටක් තිබීම දුවලාට වැදගත් වනු ඇත ! ඊටත් වඩා අවස්ථානුකූලව තම ශරීරයට, දේපළට පමණක්ම නොව වෙනත් තැනැත්තෙකුගේ ශරීරයට හා දේපළට වන කරදරයකදී භාව්තා කිරීමට හැකි පුද්ගලික ආරක්ෂාවේ අයිතිය වඩාත් කාර්යක්ෂමව භාවිතා කරන්නට ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් පවා දැන සිටිමෙන් අවාසියක් නොවෙන බව සිතෙන්නේ පුවත්පත් වල දකින්නට ලැබෙන්නාවූ කාන්තාවන්ට එරෙහිව සිදුවිනැයි වාර්තා වන්නාවූ ඛේදනීය පුවත් දකින විටය !

ඒ කවරක් තිබුණද සමස්ථයක් වශයෙන් ශ්‍රී ලංකාව ඇතුලුව ලොව පුරාම කාන්තා හිංසනය දැඩි ලෙස හෙලාදැකීමට හා එය සමාජයන්ගෙන් තුරන් කොට දැරියක, තරුණියක, සොහොයුරියක, මවක, මිත්තණියක ලෙස ඇයට සමාජයේ හිමි නිසි තැන ගෞරවාන්විතව ලබාදෙනු පිණිස ඔවුන්ට නීතියෙන් පිරිනමා ඇති ආරක්ෂාව පුලුල් කල යුත්තේ ය !!! ඒ අනුව නීතියට අනුව කාන්තාවන් ලිංගික හිංසනයට ලක් කරන්නවුන් හා ඔවුන් හට කෘර අමානුශික අන්දමින් සැලකුම් ලබාදීම පිනිස ක්‍රියාත්මක වන්නාවූ මානසික අසහනකාරයින් තවත් ප්‍රමාද නොකොට නීතියට අනුව සමාජයෙන් සදහටම තුරන් කරනු පිණිස දඩුවම් ලබාදීමට කාලය පැමිණ ඇත !!!
 

No comments:

Post a Comment