Saturday, February 8, 2014

චෝදනා එල්ල වී පමණින් වරදකරුවෙකු වන්නේ නැත ...

යුධ අපරාධ යන්න කාලයක සිට කතාවෙන මාතෘකාවකි ! අපරාධ නීතිය අනුව අප ඉදිරියේදීම කිසිවෙකු විසින් තවත් අයෙකු ඝාතනය කලද ඝාතනය සිදු කල තැනැත්තා මිනීමරුවෙකු ලෙස නම් කරන්නට හෝ දඩුවම් දෙන්නට අපට නොහැකිය ! එය තීරණය කල යුත්තේ නඩු විභාගයක් අවසානයේදී නීතිය විසිනි! එසේම කවර වූ හෝ අවස්ථාවකදී යුධ අපරාධයක් සිදු වූවද නැද්ද යන්න සමාන්ය ජනතාව වන අපට තීරණය කරන්නට නොහැකිය. මන්ද යත් එය නීතිය ඇසුරින් ප්‍රකාශ කල යුතු කාරණයක් වන නිසාය ... අපට කල හැක්කේ අපරධයක් වුන හෝ නූන බවට කරුණු ( Facts ) සාක්ෂි ආධාරයෙන් ඉදිරිපත් කිරිම පමණි !

නීතිය ලෙසින් සලකන බව පෙනී යන්නේ අතිරේක ප්‍රොටොකෝල ඇතුලත් ජීනීවා ප්‍රඥප්තිය, හේග් ප්‍රඥප්තිය, යුද්ධකයදී පවත්වා ගත යුතු ආයුධ සන්නද්ධ ගැටුම් වලට අදාල දේශිය වශයෙන් ගැටුමකදී අනුගමනය කල යුතු බවට අන්තර්ජාතිකව සම්මත කරගෙන ඇති නීති වලට පිටින් සිදු කරන්නාවූ ක්‍රියාවක් නිසා සිදුවන නීතියේ කඩ වීමකි ! යුධ අපරාධ සම්බන්ධ නීති ක්ශේත්‍රය නඩු තීන්දු හරහා වර්ධනය වූවකි ! ඒ අනුව විවිධ අර්ථ දැක්වීම්ද තිබිය හැකියි !

ආරවුලකට තීන්දුවක් ලැබුණු පසුව හෝ යන් සිදුවීමකින් පරාජයට පත්වූ පාර්ශවය විවිධ හේතු ගෙන අභියාචනා කිරීම / චෝදනා කිරිම සමාන්ය දෙයකි ! එසේම ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදය මානුෂික මෙහෙයුමක් තුලින් පරාජය ක්‍රීමෙන් පසුවද එකී ක්‍රියාවලිය දෝශ දර්ශනයට ලක් කොට විවිධ ක්‍රියාකාරකම් සිදුවීම අපේක්ෂා කල හැකි දෙයකි ! කෙසේ නමුදු දකින්නට ලැබෙන වීඩියෝ දර්ශන, ඡායාරූප වේ නම් ඒවා ඔවුන්ගේ චෝදනා වලට අදාල සාක්ෂි පමණි ... ඔවුන් එසේ කියනා විගසම අප වරදකරුවන් වන්නේ නැත ! පළමුව ඒවායේ සත්යතාවයත්, ඉන් පසුව ඒ පවසන කාරණා වලට අදාලව සත්යතාවයක් ඇතිද, ඒවා අතර සම්බන්ධතාවයක් ඇතිද යන්න එසේ නොවන බවට ගෙන ආ හැකි කරුණු සියල්ල අභිබවා චෝදනා කරන්නාවූ පාර්ශවයෙන් ( පැමිණිලි පාර්ශවයෙන් ) චෝදනාව ඔප්පු කල යුතුව ඇත... ඒ අනුව එය හිතනා තරම් සරල කාර්යක්ද නොවේ ! පිලිගත් අන්තර්ජාතික නීතියට අනුව නීතියේ නිසි ක්‍රියාදාමය අනුව යමින් දේශීය වශයෙන් නඩු විහාගයට අවස්ථාව ඇත... නො එසේ නම් ජාත්යන්තර අපරාධ අධිකරණය හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය හරහා විශේෂ විනිශ්චය සභාවක් පිහිටුවිම හරහා හෝ අවස්ථාව් ඇත !

කෙසේ නමුත් අන්තර්ජාතික පරීක්ෂණයකට රටක් කැමැත්තෙන් ගියහොත් මිස කැදවාගෙන යෑමට නම් ලෙහෙසි පහසු නැත ! ඒ අනුව රටක් කැදවාගෙන යෑමට පරිසරය සකස් නොකොට ආරවුල් තිබේ නම් නීතියේ නිසි ක්‍රියාදාමය අනුව යමින් ඒවා දේශීය වශයෙන් විසදා ගැනීමටම දිරි දීමත් ඒ වෙනුවෙන් යොමු වීමත් වැදගත්ය ! ඒ වෙනුවෙන් ආණ්ඩුවකට සේම ජනතාව අතේද යම් කාර්යයක් තිබේ !

ආණ්ඩුවේ කාර්යය නම් චෝදනා වලට පිළිතුරු දීමට අවශ්ය විය හැකි සියළුම කරුණු එකතු කරගෙන සූදානම්ව සිටීමත් ඒ සම්බන්ධව ජනතාව මනා ලෙස දැනුවත් කර තිබීමත්ය !

රජයේ හමුදා යුධ අපරාධ කල බවට චෝදනා කරන පාර්ශවයකි ! එසේ නොවෙන බවට කියා සිටින අනිත් පාර්ශවයකි ! පුරවැසියෙක් ලෙසින් යම් අයෙකු ඒ පාර්ශවයන් දෙකෙන් ඕනෑම එකක් නියෝජනය කරනවා විය හැකිය ! එහෙත් කෘතගුණ දැක්විය යුතු ජනතාව වශයෙන් අපට කල හැකි කාර්යයක් ඇත, එය අපගේ පැත්තෙන් සදාචාරාත්මක යුතුකමක්ද වේ, එනම් ජනතාව විදියට අප සිටිය යුත්තේ නම් යුධ අපරාධ නොවුන බවට කියා සිටින පාර්ශවයේය... මන්ද යත් නැවත ගෙදර පැමිණෙන්නට හැකි වේද නොහැකි වේද යන්න සිතමින් සිටි යුගය අවසන්ව අද අපට බස් රථයක දුම්‍රියක එවන් බියකින් තොරව ගමන් කිරීමට, නිදහසේ ගමන් කිරීම ඇතුලුව, මෙසේ බුකියට පැමිණ නිදහසේ අකුරු කොටන්නට හෝ වාතාවරණය උදාවී තිබෙන්නේ එම රණවිරුවන්ගේ අපමණ කැපකිරීම් හි සාමූහික ප්‍රතිඵලය වන නිසා එසේ පෙනී සිටීමට සදාචාරාත්මක යුතුකමක් අප වෙත ඇති නිසාය ! එසේම කොහෙත්ම අමතක නොකල යුතු කාරණය නම් ඔවුන්ට එම කාර්යය කිරිමට අවශ්ය නොසැලෙන දේශපාලන නායකත්වය තිබීමද ඉතා වැදගත් වූ බවයි ! එබැවින් රණවිරුවන් හා රාජ්යයේ නීත්යානුකූල භාරකරුවා ලෙසින් සිටින්නාවූ ආණ්ඩුව යන දෙකම ආරක්ෂා කරගැනීමේ වගකීමක්ද ජනතාව වශයෙන් අප සතුය ! එයින් කියවෙන්නේ ඇතැමුන් කියන්නාවූ ආණ්ඩුවට කඩේ යෑමක් යන්න නම් නොවන බවද කිව යුතුය ! ඒ අනුව වරදක් සිදුව ඇත්නම් එයට අදාලව නීතියෙන් දඩුවම් දීම වෙනම කාරනයකි, එය නොසලකා හැරි යුතු යැයි මෙයින් කොහෙත්ම අර්ථ දැක්වෙන්නේ නැති බවත් කිව යුතුය !

ජනතාව අතේ ඇති කාර්යයකි ! ආණ්ඩුවේ යම් ප්‍රතිපත්තියකට / ක්‍රියාකාරකමකට එකග නොවූ පමණින් හෝ වෙනත් හේතුවක් / හේතු නිසා එයට විරෝධයක් පල කරන්නට අවස්ථාවක් ලබාගෙන / ලැබුණු විට පාරට බැස පාරවල් වසාගෙන ක්‍රියාත්මක වෙමින් නීතියෙන් සීමාවන් ඉක්මවා ඉදිරියට යෑමට ක්‍රියාත්මක වන්නේ නම් අධිකරණයට ආරවුල් අපක්ෂපාතිව විසදීමට ඇති හැකියාවට බාධා එල්ල කිරීමක් විය හැකි බවත් එතැනින් නොනැවති තම්න්ටද නොදැනී ම රාජ්ය ද්‍රෝහීබවට පත් වන්නට පුළුවන් බවද එහි විපාක සම්ස්ථ රට වැසියන්ටම ලැබීමට හේතුවිය හැකි බව අදහස් ප්‍රකාශ කරන්නාවූ කවුරුත් පාහේ, විශේෂයෙන් ජනතාව කුමක් කලත් නිවැරදියි යැයි කියා සිටිමින් දැඩි ලෙස ආණ්ඩු / ආරක්ෂක අංශයන් විවේචනයට බර පාර්ශවයන් අමතක නොකල යුතුම කාරණයකි !

No comments:

Post a Comment