Sunday, September 10, 2017

පොලිතීන් තහනම් නීතිය සැබෑවටම ප්‍රායෝගික කරන්නට නම් ...



පොලීතීන් තහනමේ නිතිය හොදය. එහෙත් සාමාන් අවස්ථාවේ වෙනුවට භාවිතා කරන්නට කිසිදු ප්රායෝගික විකල්පයක් හදුන්වා නොදී එක්වරම පොලීතීන් භාවිතය අහවල් දින සිට නීතියෙන් තහනම්ය යැයි දැක්වීම එහෙමට ප්රායෝගික නොවනු ඇත ...

ප්රායෝගික විකල්පයක් හදුන්වා දී එයද කලක් සාර්ථකව අත්හදා බැලීමෙන් පසු ක්රමානුකූලව පොලීතීන් තහනම ක්රියාත්මක කොට කලකදී පූර්ණ ලෙසම තහනම් කරන්නේ නම් එය ප්රායෝගිකය.

එසේම පළමුව තහනම් කරනවා නම් කල යුත්තේ අනවශ් ලෙසින් පොලිතීන් සැරසිලි ලෙස භාවිතා කිරීමත්, අතන මෙතන පොලීතින් කවර දමා පරිසරයට හානි සිදු කිරීමත් .

ගබ්සා නීතිය පුළුල් කිරීම යෝග්‍යද?



ගබ්සා නීතිය පුළුල් කලා හෝ නැතා ගබ්සාව තුලින් ප්රාණය නිරුද්ධ වන්නට කර්ම ශක්තිය උරුම කරගත්තෙකු ඉන් වලක්වන්නට බැරි වනු ඇත, එසේ වුවත් විකෘති කලල, ඕනෑම වයසකදී ස්ත්රී දූෂණය නිසා ඇතිවූ කලල, අනවශ් යැයි සිතා කලලයක් ඉවත් කර ගැනීම ආදී ඕනෑම අවස්ථාවකදී නීතියෙන් ඊට නීත්යානුකූලභාවය ලබා දිය හැකි වුවද පැහැදිලිව සියල්ලම ප්රාණඝාත නිසා ඊට ඍජුව වක්රව දායකත්වය දෙන සියළුදෙනාට විපාක උරුම වනු ඇත!

දැනට බලපවත්වන නීතිමය තත්වය වන "මවගේ ජීවිතය බේරා ගැනීම සදහා සත්භාවයෙන් සිදු කරනා ගබ්සා කිරීම" යන්නද සැබැවින්ම ප්රාණඝාතයක් වුවද ජීවිතයක් බේරා ගැනීම උදෙසා නොකර බැරි අවස්ථාවකදී එසේ කිරීම නිසා ප්රාණඝාත පාපයේ විපාක අවම කරවනු නියතය!

හැකි පමණින් ආධාර කරන්න / සෙත් පතමින් ෂෙයාර් කරන්න යැයි කියා දැන් දැන් ආබාධ සහිතව උපදින දරුවන් ගැන විස්තර දුලබ නැති ආකාරයකි ... ධර්මයට අනුව සැලකූ කල එසේ වන්නේ හේතුවක ඵලයක් ලෙසිනි ... සිත කය හොදින් තිබියදී අන් අයට කල කී දෑ හි විපාක පෙරලා තමන්ට ලැබීමය ...
ගබ්සා නීතිය පුළුල් කොට එවැනි කර්ම ගෙවන්නට සිටිනා ධර්මයට අනුව සහ සදාචාරමය වශයෙන් අනුකම්පාව දැක්විය යුතු මට්ටමේ සිටිනා අයගේ උපත නීතියේ පිහිටෙන් බලහත්කාරයෙන් වැලැක්වුවහොත් සදහා අත හිත දෙන සිත කය හොදින් සිටිනා අයටද එවැනිම ප්රතිඵල මතු උරුම වන්නට කර්ම රැස් කරගනු ඇත!

ධර්මය බුද්ධිමතුන්ට මිස මෝඩයින්ට නොවේ යැයි කියන්නේ නිකමට නොවේ!
බෞද්ධ දර්ශනය අනුව ලෝභ, ද්වේශ, මෝහ ප්රහාණය නොකල සියලු දෙනා /පෘතග්ජනයන්, උන්මත්තකය. අර්ථයෙන් දෘශ්යමාන මට්ටමේ විවිධ කායික මානසික ආබාධ සහිත දරුවන්, ආබාධිත අය සහ පෘතග්ජනයන්ගේ මනස සැලකූ කල්හී එහෙමට වෙනසක්ද නැත.
 
කෙසේ නමුත් දෘශ්යමාන කායික මානසික ආබාධ ඇති අය සම්බන්ධවද එසේ නොවෙන සාමාන් අය සම්බන්ධව ධර්මය අනුව ගැඹුරින් සහ නීතියේ වුව පුලුල් ඇසින් බැලූකල ඇත්තේද එකම ආකල්පයක් නම් එවැන්නෙකුට ගබ්සා නීතිය පුළුල් කිරීමට පක්ෂ විය හැකිද?

කලලයේ නිරෝගි බවෙන් හෝ අඩුපාඩු තිබිමෙන්ම යම් තැතැත්තෙකුගේ පසු ක්රියාකාරිත්වය මැනීමට හැකිද? නිරෝගී කලලයක් ඇත්තෙකු බිහිවූ පසුව මිනීමරුවෙකු, කොල්ලකාරයෙකු, සොරෙකු ස්ත්රී දූෂකයෙකු විය හැකිය. එසේම යම් ආබාධ සහිතව ඉපදුනද අත පය හතර සහ මනස හොදට ඇති අයට වඩා සාර්ථක ලොවට සෙතක් කරනා කෙනෙක් විය හැකිය. කලලය විකෘති යැයි දක්වා එය ගබ්සාවට ඉඩ දුන හොත් එවැන්නෙකුට කරනා පැහැදිලි අසාධාරණයක් බව ගබ්සා නීතීය පූලුල් කිරීමට පක්ෂ ඇත්තන් කල්පනාවට ගත යුතු කාරණයකි.

නූතන මානව හිමිකම් සංකල්පයත් සමග නීතියට අනුවම බැලුවද ගබ්සා නීතිය පුළුල් කිරිම මානව හිමිකම් කඩ කිරීමක් යන තැනට ගෙනා හැකිය. කෙසේ නමුත් බෞද්ධ දර්ශණයට අනුව ගබ්සා නීතිය පුළුල් කිරිම තුලින් සිදුවන්නේ පැහැදිලිවම ප්රාණඝාත කිරීමට ඉඩකඩ නීතියට අනුවම විවර කර දිමකි. එයට ඍජුව හෝ වක්රව වචනයකින් හෝ සහය දක්වන්නවුන් සියල්ලන්ටම දායකත්වයේ තරමට මතු එහි විපාක උරුම කරගනු නියතය!

කෙලෙස අර්ථදැක්වුවද ගබ්සාවේ සහ මරණීය දණ්ඩනය ලබා දීම යන දෙකේම අවසාන බලාපොරොත්තුව නම් මමත්වය ඉහලටම ගත් තත්තවයකදී ( ධර්මයට අනුව නම් සක්කාය දිට්ඨිය ) තමන්ගේ මේ ලෝකේ සුවය පතා තවත් සරලව කිවහොත් තමාට වදයක් උනේය පදනම ඉදිරියට දමා තවකෙකුගේ දිවි තොර කොට හෝ ලබන තමන්ගේ සුවයයි, සැනසිමයි. එහිදී විකල්ප තිබියදී තවත් ජීවිතයක ප්රාණයට පහර දි ඉන් නොනැවති එය සම්පූරණයෙන්ම නැති කරනා නිසා දෙකේම ව්යාංගයෙන් යම් මට්ටමකට පලි ගැනීමද අන්තර්ගත වේ යැයි කීමේ වරදක් නැත ...

නීත්යානුකූල අයිතියක් ක්රියාවේ යොදවන චේතනාව මත එහි නීත්යානුකූල බව රදා නොපවතින බව සහ හුදෙක් තමාගේ නීත්යානුකූල අයිතියක් ක්රියාත්මක කිරීම කරන්නෙකු වරදක් නොකරන බවට වූ නිති මූලධර්ම වල පිහිටෙන් බාහිරට නොපැමින ඇති තාක් කල් කලලයක් විනාශ කිරිම ජීවිතයක් නැති කිරීමක් නොවේ ආදී ලෙසින් අර්ථදක්වා ගෙන එලෙස ක්රියාත්මක වන්නට හැකි තැන ඇත, එය එහෙත් ධර්මයට අනුව නම් පටහැනිය ... මෙලොවක් පරලොවක් නැත, පින් පව් නැත, ඕපපතිකව උපදින සත්වයෝ නැත ලෙසින් විශ්වාස කිරීම දස වස්තුක මිත්යා දෘෂ්ඨියට අයත් කාරනා කීපයක් බවද අත් නොහරින එබදු මිත්යා දෘෂ්ඨියේ ප්රභලත්වය අනුව කල්ප එක දෙක ලෙසින් දැක්විය හැකි තරම් දීර්ඝ කාලයකට නිරයේ උපතට හේතුවන බවත් ධර්මය කියා දෙයි.

ආණ්ඩුක්රම ව්යාවස්ථාවේ 10 ව්යවසථාව අනුව සිතීමේ නිදහසේ අයිතිය භාවිතා කොට මතයකට එලබ පරලොවදීද යම රජු ඉදිරියේද තර්කයෙන් දිනන්නට හැකි යැයි කිසිවකු සිතනවා එය අනුකම්පා කල යුතු තත්වයකි, මන්ද බුදුරදුන් නිය පිට ඇති සහ පොලවේ පස් සලකමින් තේරුම් ගන්න යැයි වදාල දේ අවබෝධ කරගන්නට හුදෙක්ම නීතියේ දැන උගත්කම පමණක් ප්රමාණවත් නැති නිසාවෙනි. සදහා දහම් දැනුමද මට්ටමට වර්ධනය වී තිබිය යුතුවෙයි.

ගබ්සා නීතිය පුළුල් කරන්නට පක්ෂ ඇත්තන් මෙලොව කෙසේ වෙතත් සිය පරලොව ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුව ඇත, දුගතිගාමි නොවන්නට බොහෝ මහන්සි ගන්නට වෙනු නියතය! මන්ද යත් ද්වේශයෙන් යුතු ප්රාණඝාතයට පක්ෂ සිත කෙලින්ම යොමු වන්නේ දුගතියටය!