Friday, June 15, 2018

මයි කා මයි පෙට්‍රෝල් න්‍යාය

සල්ලි අතට ලැබෙන්නේ පෙර පිනට ය.

ඒවා වියදම් කරන්නේ පිනට බරවද පවට බරවද යන්න පුද්ගලයාගේ මනාපය ( කරුමය ) මත තීරණය වේ.
කෙසේ එය කර්මයට බාර නොදී සකසා ගත හැකි කාරනාවක්දයි බැලීමට මග පෙන්වීමක් කිරීමට යුතුකමක් සමාජයට ඇත. එහිදී පිළිතුරු ලෙස ඇතැමුන් මයි කා මයි පෙට්‍රෝල් න්‍යාය ඉදිරිපත් කරනු දකින්නට ඇත.

එහෙත් අමතක නොකළ යුත්තේ ,,,

කිසිවකු ධනය උපයන්නේ / ලැබෙන්නේ ධාර්මිකවද යන්න සහ ඒවා වියදම් කරන්නේ ධාර්මික කටයුතු වෙනුවෙන්ද / වියදම් කොට කරන්නේ ධාර්මික කටයුතුද යන්න ප්‍රශ්න කරන්නට ධර්මයට අනුව සමාජයට අයිතියක් ඇති බවයි.

එසේම කිසිවකු ධනය උපයන්නේ / ලැබෙන්නේ නීත්‍යානුකුලවද, ඒවා වියදම් කරන්නේ / වියදම් කොට කරන්නේ නීත්‍යානුකුල ක්‍රියා සදහාද යන්න ප්‍රශ්න කිරීමට නීතියට අයිතිය ඇති බවයි.

මයි කා මයි පෙට්‍රෝල් න්‍යාය අදාළ කොට සල්ලි අපේ නම් පාටි අපේ නම් ඇදුම් අපේ නම් කාටවත් ඇයි වේදනා කියා අසද්දී, ආලයෙන් පැරදුනු කල රේල්ලුවට ඉරණම බාර දෙන මට්ටමේ තාරුණ්‍යය මේවාද අනුකරණය කරන්නේ නම් / යොමුවන්නේ නම් එයින් නැති ප්‍රශ්න ඒ පවුල් වල, සමාජයේ ඇති වන්නේ නම් අන්න එය ද ප්‍රශ්න කිරීමට සමාජයට සහ බාගේදා ඊට එහා ගොස් නීතියෙන් අයිතිය ඇති විය හැකි කාරණයකි.

එසේම අත දිග හැර වියදම් කරන්නට සල්ලි ඇත්නම්, ඒ බව පෙන්වන්නේ නම් පොඩි මිනිහා නොතලා ඒ වියදම් කිරීම හරහා පෙන්වන ඔවුන්ගේ ආදායමට සාපේක්ෂව ඒ ඇත්තන්ගෙන් සැලකිය යුතු ලෙස බදු අය කරගත්තාට ද පව් නැත.

ඉල්ලීම් ගැන සැලකිලිමත් වීම

පළාත් සභා පරිච්චේදය තිබියදී ව්‍යවස්ථාදායකයේ සහ විධායක ජනාධිපතිධුරයේ පැවැත්මේ පිහිටෙන් ජනරජයේ ඒකීය භාවය ආරක්ෂා වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. එය ප්‍රායෝගිකව තවත් ශක්තිමත් වන තැනට යාම වැදගත් මුත් අවම ලෙස දැනටද හොද තැනක ඇත. ඒ තැන හෝ තිබිය යුතු වෙයි.

ඒ අනුව

විග්නේශ්වරන් නොව වෙනත් කවුරුන් ඉල්ලුවද ජනරජයේ ඒකීයභාවයට හා දේෂපුර්ණත්වයට පටහැනි ඉල්ලීමක් දිය යුතු නොවේ. විධායක ජනාධිපතිධුරය ඇත්තේද එතන ය.

 ඔය ඉල්ලා ඇති ඉල්ලීම නම් පවත්නා පළාත් සභා / සමගාමී ලැයිස්තු බලතල වලට ඔබ්බෙන් ගිය හෙවත් ultra vires මට්ටමේ ඉල්ලීමකි  ( ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබිය හැකි අර්ථනිරුපනයකට යටත්ව )

එහෙත් ව්‍යවස්ථාව තුල ඇති අයිතියක් තුල යමින් හෙතෙම ප්‍රකාශ නිකුත් කරන්නේ නම් මතුපිටින් බැලුකල නුසුදුසු යැයි පෙනුනද එයට කිසිවක් කියන්නටද නොහැකි ය.

උතුරු මහ ඇමතිවරයා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු නිසා දැනුමින් සන්නද්ධ අයෙකු විය යුතුය. එබැවින් හෙතෙම කලා යැයි පුවත්පත් වාර්තා දක්වන ප්‍රකාශ ගැන වඩාත් අවධානයෙන් පසු විය යුතුව ඇත.
එහෙත් හෙතෙම වුව කරුණු වරදවා වටහා ගෙන හෝ දැන දැන තම වාසියට කියනා වූ ප්‍රකාශයක් වේ නම් ඒවායේ එකග වන්නට නොහැකි කරුණු වේ නම් එයද පැහැදිලිව දැක්විය යුතු ය.

ඒ ජනතාව වන අපේ පැත්තෙනි

බලධාරීන් ඊට එහා ගොස් එයට ක්‍රියාකාරිත්වයෙන් පිලිතුරු දිය යුතුව ඇත.

http://divaina.com/sunday/index.php/main-news-2/4290-2018-06-08-14-01-59

ප්‍රමාදයෙන් තොරව වැඩ කරගැනීමේ අවශ්‍යතාවය

මිතුරෙකු ගේ ඉල්ලීමට අනුව මහාධිකරණ නඩුවක සහතික පිටපතක් ලබා ගැනීම සඳහා රිසිට් එකක් ලබා ගැනීමට පෙරේදා මහාධිකරණ කාර්යාලයට පය තබා ඒ සම්බන්ධව විමසා වැඩි වේලාවක් යන්නට මත්තෙන් රිසිට් පත පත ලබා ගැනීමට හැකි වූ අතර ඊයේ උදෑසන photo copy අංශයෙන් සහ ලඝු ලේඛක අංශයෙන් විමසීම් කර ලොකු වේලාවක් යන්නට මත්තෙන් ඔවුන් පොරොන්දු වූ පරිදි ප්‍රධාන රෙජිස්ටාර්වරයාගෙන් අදාළ සහතික පිටපත ලබා ගැනීමට හැකි විය.

කලකට පෙර එක් මහාධිකරණයක මා නිරීක්ෂණය කළ දෙයක් විය. එනම් එක්තරා විභාග නඩුවක ඊලඟ දිනයට සූදානම් වීම සඳහා අවශ්‍ය ව තිබූ සාක්ෂි සටහන් ලබාගැනීමට කීප වරක් උත්සාහ කලද ඒවා ලබාගැනීමට නොහැකි වූ බැවින් ඉදිරි දිනයක් ලබා ගැනීමට අවශ්‍ය බව රජයේ නීතිඥවරියක් ගරු විනිසුරුතුමා වෙත කියා සිටින ලදී. විත්තියේ නීතිඥ මහතාගේ ස්ථාවරය විමසූ කල්හි එයට විරෝධතාවය පල නොකල අතර එවැන්නක් තමාට ද සිදු වූ බව ප්‍රකාශ කරන ලදී. ඒ අනුව එම සාක්ෂි සටහන් වහාම ලබාදීමට නියෝගයක් කළ අතර ප්‍රමාදයට හේතු දක්වන ලෙසට විනිසුරුතුමන් විසින් රෙජිස්ටාර්වරයාට නියම කරන ලදී. එසේම විනය ක්‍රියා මාර්ග සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කරන ලද බවක් අසන්නට ලැබුණි. එහෙත් එය මා හට පැහැදිලිව නෑසුනි.

කෙසේ නමුත් අනවශ්‍ය ප්‍රමාදය යන්න විනිසුරුතුමා විසින් ඉතා තදින් හෙළා දුටු බව යන්න නම් පැහැදිලිය.

01. ඒ සිද්ධිය නිසාවෙන් හෝ,
02. අද දින සාක්ෂි සටහන් අදාල ගාස්තුවට යටත්ව දෙපාර්ශවයටම නිකුත් කරන ලෙසට නඩු පොතේම විනිසුරුතුමා විසින් සටහනක් දමා ඇති නිසාවෙන් හෝ
03. ඒ සිද්ධියේ සම්බන්ධයකින් තොරව හැබෑවටම ඔවුන්ගේ කාර්යක්ෂමතාව නිසාවෙන්
අදාල සහතික පිටපත අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව මා වෙත ලබා ගැනීමට හැකි විය. ඒ අනුව එය අගය කළ යුතුය. මේ සටහන ඒ වෙනුවෙනි!!!

Sunday, June 3, 2018

Client is a paid enemy

"Client is a paid enemy " .......

එසේ වන්නේ කෙසේද?

උසාවියේ පෙනී සිට හෝ නැතිව වුව නීතියට අදාලව කිසියම් කාර්යයක් කිරීමට මුදල් ගෙවූ පසුව ඔහුට අවැසි කාර්යය නීතිඥවරයා විසින් කිසිදු අඩුපාඩුවක් නොමැතිව තමා වෙනුවෙන් කරනු ඇතැයි සේවාදායකයා වන හෙතෙම මහත් වූ බලාපොරොත්තුවෙන් පසුවේ.

එහි කිසියම් අඩුවක් වුවහොත් පුර්ණ වගකීම නීතිඥවරයා වෙත පැවරීමට හෙතෙම පසුබට නොවෙන තැන ඇත.

ඔහු සමග ප්‍රවේශමින් කටයුතු කල යුත්තේ එනිසාය !

ඒ කෙසේද යත් ,,,

එම සේවය සැපයීමේ ගිවිසුමේ ප්‍රතිෂ්ඨාව ලෙස සැලකිය හැකි මුදල නිසියාකාරව ගෙවන තුරු නෛතිකව එම සේවාදායකයා වෙනුවෙන් උසාවියේ පෙනී සිට / පෙනී සිටින ලෙස තවත් නීතිඥවරයෙකුට උපදෙස් දී / උසාවියේ පෙනී සිටීමක් නොවෙන අවස්තාවක වුව ඒ කාර්යයට අදාළ / අවශ්‍ය පියවර ගැනීමේ වගකීමෙන් නීතිඥවරයා බැදේ.

ඒ බැදීමෙන් ඉවත් වන්නේ නම් ඊට සාධාරණ පිළිගත හැකි හේතුවක් / හේතු සේවාදායකයාගේ කැමැත්ත ඇතිව හෝ නැතිව උසාවියට ඉදිරිපත් කරන්නට සිදුවේ.

ඔහු නියමිත පරිදි ගාස්තු හෝ නඩුවට අවශ්‍ය උපදෙස් දෙන්නේ නැති නම් ඒ බවට කරුණු / සාක්ෂි එකතු කරගෙන උසාවියට ඉදිරිපත් කොට සේවාදායකයා සමග අනවශ්‍ය ගැටුම් ඇති කරගන්නට නොගොස් පෙනී සිටීමෙන් ඉවත් වීමත් කල යුතු ය.

උපදෙස් මත පෙනී සිටින්නේ නම් උපදෙස් දෙන නීතිඥවරයාගේ උපදෙස් නොමැතිව හුදෙක් සේවාදායකයාගේ උපදෙස් මත පමණක් තනිව කිසිම පියවරක් / ක්‍රියාමාර්ගයක් ගැනීම සුදුසු නැත.
අවශ්‍යම දෙකට මිස දුරකථන ඇමතුමක් පවා නොදීම. කෙටි පණිවිඩ ද අවශ්‍යම කාරණයකට මිස නොයවිම ලැබෙන ඇමතුම් කෙටි පණිවිඩ වලටද කෙටියෙන් සහ අවශ්‍යම කරුණු දක්වා පිළිතුරු දීම / යැවීම නීතිඥවරයකුගේ පැත්තෙන් සුභ දායක වනු ඇත!

අනෙක් අතින් සේවාදායකයින් ඕනෑවට වඩා හිතවත් වෙන තැනට හෝ ගැටුම් ඇති කරගන්නා තැනට යන්නට ඉඩ නොදිය යුතු වන්නේද Client is a paid enemy යන කාරණය මත ඔය අන්ත දෙකම නීතිඥවරයාගේ වෘත්තීය ස්වාධීනව පවත්වා ගෙන යාමට බාධාවක් විය හැකි නිසාවෙනි!

නව සංශෝධනයකින් නොවිය යුතු දේ ...

ජනරජයේ ඒකීය භාවය, දේෂපුර්ණ ඒකීයභාවය සමග ගහට පොත්ත සේ ගැට ගැසී ඇති විධායක ජනාධිපති ධුරය සම්බන්ධව කවුරුන් කවර පනත් කෙටුම්පත් ගෙනාවද තීරණ ගත යුත්තේ සිහිකල්පනාවෙනි.

එහිදී යම් හෙයකින් විධායකය හා විවස්තාදායකය එක්ව උමතුවෙන් ක්‍රියාත්මක වුවහොත් එයට නිසි පිළිතුරු දෙන්නට සහ වරදක් කරන්නට යන්නේ නම් එය නිවැරදි කරන්නට එනම් ජනරජයේ ඒකීය භාවය, දේෂපුර්ණ ඒකීයභාවය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට අධිකරණයට භූමිකාවක් ඇත.

මා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙක් නම් නොවෙමි. ලොකු පට්ටම් නම්බු නාම මොකවත් මා හට නැත. එහෙත් මාගේ දැනුමේ හැටියට ජනරජයේ ඒකීය භාවය, දේෂපුර්ණ ඒකීයභාවය අල්ප මාත්‍රයකින් හෝ අඩු කරනා සංශෝධනයක් නම් එයට පුරවැසියෙකු ලෙස ඇත්තේ මාගේ පැහැදිලි විරෝධයකි.

ජනතාවගේ අයිතීන් පිළිබද වඩා සංවේදී වන්නට නම් දැනට විධායක ජනාධිපතිධුරය තිබෙනා අයුරින්ම තිබෙන්නට හැර සාකච්චාවක් ඇති කල යුත්තේ අධිකරණය වඩා බලවන්ත කිරීම සම්බන්ධවයි.
පුළුල් කල යුත්තේ දැනට වඩා ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය යි.

ෆැෂන් කිරීම

ෆැෂන් කිරීම වරදක් නැතත් එය මෙරට සංස්කෘතියට අනුකුළ මට්ටමට විය යුතු ය.

මන්ද සල්ලි තමන්ගේ වුවත්, රෙද්ද තමන්ගේ වුවත්, අදින්නේ තමන් වුවත්, පාටියද තමන්ගේ එකක් වුවත් එසේ කරන්නා පුරවැසියෙකු ලෙසින් සිටින්නේ ආගම දහමින් පෝෂිත මෙරට සංස්කෘතිය තුලය. එසේ සිටිනා තාක් කල් මෙරට සංස්කෘතියට අනුව ඇදීමේ බැදීමක් ඒ තැනැත්තාට ඇත.

සිංහල-බෞද්ධ සංස්කෘතිය තුල නම් කාන්තාවගේ ඇදුමේ සංවරභාවය ඉහලම තැනක ඇත.

ශ්‍රී ලංකාව තුල මුස්ලිම්, කතෝලික හා වෙනත් ඇදහීම් වල හර පද්ධතීන් තුලද ඇදුමේ සංවර භාවය බැහැර කර නැත.

එසේම සංස්කෘතිය පසෙකින් තැබුවද සාමාන්‍ය සිහි බුද්ධිය අනුවද අවස්තාව කුමක් වුවද ඇදුමක අවශ්‍යතාවය / බලාපොරොත්තුව තේරුම් ගත හැකි විය යුතු ය. වැද්දන්ද කොල අතු වලින් වුව කරගත යුතු දේ කරති. ඇතැම් කාන්තා විලාසිතා යැයි කියන ඒවා තුල දකින්නට නැත්තේද එය යැයි කීමේ වරදක් නැත.

ඒ අනුව මෙරට සංස්කෘතිය ඉක්මවන / සාමාන්‍ය සිහි බුද්ධියෙන් බැලු කල නොගැලපෙන මට්ටමේ ෆැෂන් පිටරටට ගැලපුනා විය හැකි වුවත් අපිට ගැලපෙන්නේ නැත, ඒ අනුව ශ්‍රී ලංකාව තුල කරනා එවැනි දෑට විරුද්ධ වන්නට සංස්කෘතිය අගයන, සාමාන්‍ය සිහි බුද්ධියද ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන ඕනෑම කෙනෙක්ට සදාචාරමය අයිතියක් පැහැදිලිවම ඇත !!!

එය එසේ විය යුතුද වෙයි !!!

අනෙක් අතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (ඊ) අනුව ඇත්තේ පුරවැසියෙකුට සංස්කෘතිය භුක්ති විදීමට, වැඩි දියුණු කිරීමේ නෛතික අයිතියක් පමණි. ඒ මිසක සංස්කෘතිය පරිහානියට ලක් කිරීමට අයිතියක් නැත! එසේ කරන්නේ නම් එයට විරුද්ධ වන්නට අනෙක් තැනැත්තන්ට නෛතික අයිතියක්ද පැන නගී.

එයද එසේ විය යුතුද වෙයි !!!