Friday, February 7, 2014

ළමුන් කෙරේ සංවේදී විය යුතුය ...

* ළමයින් කෲරත්වයට පත් කිරීම දඩුවම් ලැබිය යුතු වරදකි *

ළමයින්ගේ අනාගත යහපත් කිරීම වෙනුවෙන් ඒ සම්බන්ධව කටයුතු කිරීමට පත් කර ඇති ගුරුවරයා / ගුරුවරිය නම් තැනැත්තා, තැනැත්තිය දැනුමින්, නුවණින්, මෙන්ම ඉවසීමෙන්ද ළමයාට වඩා ඉදිරියෙන් සිටිය යුතුව තිබෙන අතරම එය ප්‍රායෝගිකවද දක්නට ලැබිය යුතුවේ ! විෂය සම්බන්ධ දැනුම සමග යහපත් ගතිගුණ ළමයා වෙත කියා දෙන්නට සිටින්නා වූ ගුරුවරයා එසේ ක්‍රියාත්මක නොවන්නේ නම් එවැන්නෙකු ගුරුවරයෙකු / වර්යක ලෙස හැද්න්වීමම නුසුදුසු තැන ඇත !

ගුරුවරයා යනු යම් ක්ශේත්‍රයක / ක්ශේත්‍රකීපයක ප්‍රවීණයෙන් මිස සියල්ල දත් තැනැත්තෙකු නොවේ ! ගුරුන්ටත් අකුරු වරදී ලෙසින් කතාවක්ද ඇත ! පැන්සලක අග මකනයක් සවිකොට ඇත්තේ පැන්සල භාවිතා කරන්නාවූ කවර හෝ තැනැත්තෙකුට වැරදිමක් විය හැකි නිසාත් එවිට එය මකා දමා නිවැරදි කරගැනීමටත්ය ! ලමයා විසින් වුවද ගුරුවරයාගේ වරදක් පෙන්වා දෙනවා විය හැකිය ! එවිට කෝප නොවී එය නිහතමානිව පිළිගැනීමත්, ළමයාගේ ක්‍රියාව අගය කොට තම වරද නිවැරදි කරගැනීමත් කල යුතුව තිබියදී අදාල තැනැත්තිය ක්‍රියාත්මකව අත්තේ ඊට හාත්පසින් වෙනස් ආකාරයෙනි !

මෙහි වාර්තා වෙන සිදුවීම අනුව නම් අදාල චූදිත ගුරුවරිය විසින් අදාල ළමයාට කෲර ලෙස පහර දීම සිය ආත්ම දමනය කරගැනීමට නොහැකිවීමක් නිසා සිදු වූවා යයි සිතන්නට නොහැකි තරම්ය ! ඇස කණ, හා හිස පිටුපස වැනි පහරදීමක්දී ඒ මොහොතේ හෝ පසුව හෝ පහසුවෙන් ආබාධයකට ලක්විය හැකි ස්ථානයන් ආශ්‍රිතව පහර දීම පැහැදිලිව කෲරත්වය ප්‍රකට කිරිමකි ! ඇතැම් විට ගුරුවරියට වෙනත් ගැටළුවක් තිබුනා විය හැකිය ! එහෙත් මතක තබා ගත යුත්තේ තමාට මානසික හෝ කායික අපහසුතාවයක් තිබුණා කියා වෙනත් අයෙකු ඊට පලි නැති බවයි ! තමාට දරා ගන්නටම බැරි නම් කල හැකි දෙයකි ! එනම් තමාට තමාගේ ශරීරයට ඕනෑම හානියක් කරගන්නට හැකියාව ඇත, ඒ මිසක අන් අයට හානි කිරීමට නිදහසක් නැත !

කෙසේ නමුදු හේතුව / හේතු නීතිය මගින් සොයා බැලිය යුතුය !!! කුඩා ලමුන් කටකාරය, එබැවින් දරුවා ඔහු ගුරුවරියට ඇයගේ වරද පෙන්වා දීමේදී ගුරුවරිය අකමැති විලාශයකින් ක්‍රියාත්මක වූවා විය හැකිය ! කෙසේ වුවද කවර හේතුවක් නිසා හෝ වයස අවුරුදු 10 ක තරමේ දරුවෙකුට ඔවැනි ආකාරයෙන් පහරදීම කෲරත්වය විදහා පෑමකි ! ඇයට දරුවන් සිටී නම් ඔවුන්ටද එසේ සලකනවා විය හැක ! එබැවින් ඒ සම්බන්ධවද සොයා බැලීම වටී !

කෙසේ නමුත් වාර්තා වෙන අන්දමට අදාල ළමයාට සැලකීමට සම්බන්ධ අදාල ගුරුවරිය ක්‍රියාත්මක වූ ආකාරය දෙස බැලූ කල ඇයගේ විනය පවත්වා ගැනීම සම්බන්ධව බරපතල ගැටළුවක් මතුවන බැවින් ඒ සම්බන්ධවද නීතිය ක්‍රියාත්මක විය යුතු බව කිව යුතුය !

http://lankacnews.com/sinhala/news/98645/

No comments:

Post a Comment