Friday, February 7, 2014

බණ ඇහුණට හැදෙන්නේ නැති නම් ???

බණ ඇසුවට හැදෙන්නේ නැති එකා හැදෙන්නේ නැත ... ඒ අනුව හදන්නට බැරි එවුන් සිටී නම් ඔවුන් සමාජයෙන් බැහැර කොට එවැනි තැනැත්තන්ගෙන් තොර සමාජයක් නිර්මාණය කරගැනීමට වෙහෙසීම වඩා ප්‍රතිඵල දායකය !!! පරලොව ගැන හිතන්නට හෝ පළමුව මෙලොව ජීවත්ව සිටිය යුතුය !!!

අතවර කොට මරා දැමීම් පිළිබදව නිතර වාර්තා වෙන තත්වය තුල එවැනි සිදුවීම් සම්බන්ධව වරදකරුවන් වන තැනැත්තන්ට ලබා දිය යුතු දඩුවම සම්බන්ධව ආයේම කතා දෙකක් අවශ්ය නැත...!!!

තර්ක විතර්ක වාද කිරීම් වලට කාලය ගත කිරීම අවශ්ය නැත !

මන්ද එවැන්නකින් අදාල පැනයට පිළියම් ලැබෙන්නේ නැති බැවිණි ! එනම් මරණයට පත් දරුවාට පණ එන්නේ හෝ ජීවිතයම කඩා වැටීමකට පත් කරවන්නවූ වෙනත් පීඩාවකට පත් දරුවාට එකී පීඩාව ස්වයංක්‍රීයව නැතිව යන්නේ නැත !!!

ඒ අනුව දඩුවමක් ලෙසින් එවැන්න්නවුන්ව සමාජයෙන් බැහැර කරනුවස් සිර මැදිරියක තබා ගෙන බත් තම්බ තම්බා කන්නට දී එවුන්ගේ බඩගෙඩි පුරවමින් තව අසනීපයන්ට බේත් හේත් දෙමින් යම් කාලයක් හෝ මියෙන තුරු හෝ තබා නොගෙන නොපමාව ක්‍රියාත්මක වන පරිද්දෙන් නීතියෙන් අනුමත ශිෂ්ඨ සම්පන්න විදියකින් මරණීය දණ්ඩනය තුලුන්ම ප්‍රසිද්ධ සමාජය ඉදිරියේ මෙවැන්නක් කල හොත් තොපිටද වන්නේ මෙය යැයි සමාජයේ ජීවත් වන්නාවූ බාල තරුණ මහළු කාහටත් තම ඇස් ගෙඩි වලින්ම බලාගන්නට අවස්ථාව ලබාදෙමින් සමාජයෙන් සදහටම බැහැර කල යුතු තැනට ආ යුතුය...

No comments:

Post a Comment