Friday, February 7, 2014

යහපත් ක්‍රියා ගෙනදෙයි වාසනා...

2012.08.12 දිනය අමතක නොවෙන දිනයකි ... එනම් 2013 වසරට සිසුන් ඇතුලත් කරගැනීම වෙනුවෙන් නීති ප්‍රවේශ විභාගය පැවති දිනයයි ! එය ලියන්නට ගිය දිනයේ උදයේද විභාගයට පැය 2ක් වත් නැතුව තියෙද්දි අමතක නොවෙන සිදුවීමක් සිදුවිය ! අද කාලයේ මනුස්ස ජීවිතයට වටිනාකමක් නොහදුනන මිනිසුන් සිටින කල්හි කෙටියෙන්ම කිව හොත් අද කාලේ සමාජයට ආදර්ශවත් ක්‍රියාවකි ! එයට දායක වන්නට ලැබුණි !

අන් සියලු දෙනාම වාගේ තමන් ලග ඇති පොත් මිටි පිටින් පෙරලමින් සිටියදී පොත් අතේ තියාගෙන එහෙත් තමන්ගේ වටිනා කාලයෙන් බිදක් ගෙන වැටි සිටියේ ලේන් පැටියෙකු වෙත අවධානය යොමු කොට ඌට කිසියක් වූ පිහිටක් වන්නට උත්සාහ කරමින් සිටි තරුණියන් දෙදෙනෙකි ! බිමට වැටීමෙන් ඌ කිසියම් ආකාරයක කම්පනයකට පත්ව ඇති බව පෙනෙනෙන්ට තිබුණි ! මා ලගද සුරතලයට ලෙහෙනුන් දෙදෙනෙකි ! මාහට එක්වරම මතක් වූයේ උන්වය ! සිහි එලවා ගන්නා තුරු ඌට ආරක්ෂාව ලබදිය යුතු විය ! එබැවින් ඔවුන් හා එකව ලේන් පැටියා ආරක්ෂා කාරි තැනකින් තැබීමටත් ඌට වතුර ටිකක් ලං කරන්නටත් මටත් මාගේ පියාටත් අවස්ථාව ලැබුණි ! ( වැඩිම උනොත් විනාඩි 10 ක් ඒ සියල්ලට ගත වන්නට ඇත )

ඒ අවසානයේ දැනුනේ පුදුම සතුටකි ! විභාගය ලියද්දිද එය මතක් විය ... ලියන්නට අවශ්ය දේවල් ගලාගෙන ආ බව මතකය !

දැනුම විභාගයක් සමත් වීමට අත්යාවශ්ය කාරණය බව සැබෑය ! දැනුම තිබුනද මනස සංසුන් නැත්නම් දන්නා දෙයක් වුව ලියා ගන්නට නොහැකිව යන බව කියන කතාව ඇත්තකි.. කලබල වූ වූ විට කොරොස් කටේ අත දමා ගන්නට නොහැකියැයි කියන්නේ කට කහනවටම නොවේ !

විභාග බිය පරදා මා හට සිත සංසුන් කරගනන්ට පෙර කී තරුණියන් දෙදෙනා ලේන් පැටියාට පිහිට වන්නට උත්සාහ කිරීමට සහය වන්නට ලැබීම මහත් සේ උපකාරි විය !

යහපත් දෙයක් කල විට ඉන් යහපත් ප්‍රතිපල ලැබේ ! දැනුමේ අකුරක දෙයක් මා අයහපත පිණිස කියා / ලියා නැත ... දැනුම සම්බන්ධව අහිංසක සතුටක් ඇතුවා මිස මා කොයිම වෙලාවකවත් මා දන්නා වූ කාරණා වලින් උජාරුවට පත්ව කටයුතු කර නැත ... නොදන්නා දේ බොහෝ ඇති බවට වූ මනා අවබෝධය සහිතව මා හට දැනුම ලබා දෙන්නාවූ සෑම දෙනා කෙරෙහිම ගෞරවදරයකින් යුතුව / පොතකට පවා දැඩි ආදරයක් දක්වමින් කටයුතු කරමින් දන්නා දෙයක් අන් අය සමගද බෙදා ගනිමින් කටයුතු කිරීමටත් ලැබුනු තිළිණයක් ලෙසට අද මම සිටිනා තැන ගැන සිතද්දි මා හට සිතේ !!!

No comments:

Post a Comment