Saturday, February 8, 2014

සිගරට්ටුවක් දල්වා ගැනීම යනුද සිය අයිතිවාසිකමක්...????

~~ විපාක පිළිබදව කොතරම් දැනගත්තද කීවද සිගරට්ටුවක් දල්වා ගැනීම යනුද සිය අයිතිවාසිකමක් යැයි ඔබ කියන්නේ නම් එයින් නොකියා කියන ඔබට සිගරට්ටුවක් දල්වා ගැනීමේ අවශ්ය තාවය අන් අය සිටිනා ප්‍රසිද්ධ ස්ථානයකින් බැහැරව පසෙකට වී කරගත්තාට කම් නැත ... නො එසේ නම් ඔබ ඔබගේ අයිතිවාසිකම ක්‍රියාත්මක කිරීමට යෑමේදී සිගරට් දුමෙන් තොර පිරිසිදු වාතය ආශ්වාස කිරිමට අන් අයහට ඇති අයිතිය කඩ වනු ඇත ! එහෙත් ඔබගේ දුම්පානය කිරීමේ අයිතිය වෙනුවෙන් එසේ අන් අයගේ අයිතියක් කඩ කීරිමට ඔබට අයිතියක් නැති බවද නිතරම සිතේ තබා ගැනිම වැදගත් වනු ඇත නො එසේ නම් නීතිය ඒ බව ඔබට මතක් කර දෙනු ඇත...

ඔබ තනිව දුම්පානය කරගෙන හෘදයාබාධයක් ඇතිවී ක්ෂණිකව හෝ වෙනත් ආබාධයක් ඇතිව අන් අයට කරදරයක් නොවෙන ලෙසින් ටිකෙන් ටික මිය ගියද අපට කම් නැත, එහෙත් ඔබ නිසා අපට එවන් ඉරණමකට බදුන් වන්නට කොහෙත්ම අවශ්ය නැත ~~ -

දුම්පානය බීමත් කමත් සමග බද්ධව ඇත්නම් වේගයෙන් මාසිකව හා කායිකව පිරිහෙමින් යන බැවින් ඔබ මතු දිනෙක අන් අයට පීඩා ගෙන දෙන තරමට මානසිකව රෝගී වී සමාජ විරෝධී හා නීති විරෝධී ක්‍රියාවලට වග කිව යුතු වන තැනැත්තෙක් වනු ඇත. සිගරට් බොන්නාවූ පෙම්වතෙකු වේ නම් තරුණියක් වශයෙන් ඔබ අමතක නොකල යුත්තේ ඔහු දිනෙන් දිනම මානසිකව වශයෙන් හා කායික වශයෙන් ( පුරුශ ශක්තියෙන් හීන වීමද ඇතුලුව ) පිරිහෙමින් යන්නාවූ තැනැත්තෙක් බවය... දුම් පානය කොට ඉන් පසුව රිය පැදවීම හෝ වෙනත් බොහො දෙනෙකුගේ ජීවිත වල වගකීම දරන්නාවූ වෘත්තියක් කලද මානසිකව හා කායිකව පිරිහෙමින් යන තැනැත්තෙක් වන ඔබට හදිසියේ ඇතිවන හෘදයාබාධයක් හෝ වෙනත් රෝගී තත්වයක් මත රිය අනතුරක් හෝ වෙනත් අනතුරක් පවා වන්නට පුළුවන... වටිනා ජීවිත වලට හානිවන්නට පුළුවන... ඒ අනුව ඔබ ප්‍රසිද්ධියේ නැතත් තනිව තෘප්තිය හෝ වෙනත් හේතුවක් නිසා කරන්නාවූ දුම්පානය නිසා වක්‍රව ඔබගෙන් යැපෙන්නන්ට හා වගකීම් දැරීමේදී අන් අයහට හානි සිදු කීරිමට දායක විය හැකි බවද සිතේ තබා ගත යුතුය !

No comments:

Post a Comment