Friday, February 7, 2014

අසීමිත මුදල් තන්හාව ජීවිතයට ගෙනදෙයි මරණය ...

මීට වසර 8 කට පමණ පෙර අලවුවේ, යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගය වසා දමා තිබියදී බස් රථයක් පැදවීමෙන් 41 දෙනකු මරා දැමීමටචෝදනාවට වැරදිකරු වූ බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයාට මරණ දඬුවම නියම කෙරිණු බව වාර්තා වී තිබේ ...

එසේම මොවුන් ජීවතුන් අතර ඉතිරි වූ අනිකුත් මගීන්ට බරපතල තුවාල සිදුකර තිබේ ! මිනිසුන් මැරීමට කිසිදු චේතනාවක් නොමැති බව විත්තිවාචකය ලෙස කියූවද/කියන්නට හැකි වුවද දුම්රියක් එන වගක් සිතුවේ නැත යන්න විත්තිවාචකය ලෙස කියූවද/කියන්නට හැකි වුවද, දුම්රියක් පැමිණීමට පෙර යන්නට හැකිවේය යන්න විත්තිවාචකය ලෙස කියූවද/කියන්නට හැකි වුවද, කුමන හේතුවක් කීවද දුම්රියක් පැමිණීම අපේක්ෂා කරන නිසා දුම්රිය හරස් මාර්ගය වසා දමා තිබියදී මගීන් රැගත් බස් රථයක් දුම්රිය මාර්ගය හරහා පැදවීමට පටන් ගැනීම යන වරදක් සිදු කිරිමේ ආරම්භයේ සිට හා ( එයට සහය දැක්වීම මත ) ඉදිරියට යමින් දුම්රිය පැමිණ ගැටුන හොත් නියත වශයෙන්ම සිදුවන්නාවූ කාරණය මගීන්ගේ මරණය බව අවබෝධ කරගනන්ට හැකි තරම් මානසික ප්‍රකෘතිභාවයකින් සිටීම තුල ඔවුන් ක්‍රියාත්මක වීමෙන් මගීන්ගේ ජීවිත අවධානමට ලක්කොට ඔවුන්ගේ මරණය වූවත් කම් නැත යන චේතනාවක් තිබුණේ යැයි හා ඒ අනුව වක්‍රව මරණය සිදු කරන්නට සමත් ක්‍රියාවක් කරනු ලැබූ බවට නිසැකවම නිගමනය කරගන්නට හැකිය ! ඒ අනුව මෙවැනි වරදකට ලැබිය යුතු මරණීය දණ්ඩනට අදාල චූදිතයන්ට නියම වී ඇති බව කියන්නට හැකිය ! සරලව ගත හොත් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය තෘප්ත කරනු ලැබු සාවද්ය ක්‍රියාවත් සාවද්ය මනසත් එකී ක්‍රියාවේ අඛණ්ඩභාවයත් සාධාරණ සැකයෙන් ඔබ්බ්ට ඔප්පු වී ඇත ! ඔවුන් කලා වූ වරදේ බරපතල ස්වභාවය මත එසේ මරණීය දණ්ඩනය ලැබ එවැන්නවුන් සාමන්ය මිනිසුන් සහිත සමාජයෙන් සදහටම බැහැර කිරීම සමාජයක් වශයෙන් බලාපොරොත්තු වන තත්වයද වේ !

දණ්ඩනය නියම වීම පමණක් ප්‍රමාණවත් නැත! එය එලෙසින් ප්‍රායෝගික විය යුතුය ! මොවුන්ගේ ක්‍රියාකාරිත්වය මත ඉතා අවාසනාවන්ත ලෙස සිය ජීවිත වලින් වන්දි ගෙවන්නට වූ සියළුම දෙනාට ජීවත්ව සිටින සමාජයේ ක්‍රියාත්මක වන නීතිය තුලින් සාධාරණයක් ඉටු කිරීම පිණිස හා සමාජයේ මෙවැනි සිදුවීම් නැවත සිදු නොවිය යුතු බවට වන පණිවිඩයක් නීතියේ ආධිපත්යය තුල දෙනු පිණිසද කල මහා අපරාධයට දඩුවම් වශයෙන්ද මෙකී අපරාධයට වරදකරුවන් ලෙස තීන්දු වූ තැනැත්තන් දෙදෙනාව නීතියට අනුව එල්ලා මරා දැමිය යුතුය !

No comments:

Post a Comment