Friday, February 7, 2014

රාත්‍රියට රිය පදවන විට ...

විදුලි ආලෝකය සහිතව වාහන රාත්‍රියට ගමන් කරනුයේ එසේ කල යුතු වන නිසාය ! නො එසේ නම් වාහන හා පුද්ගලයින් එකි නෙක ගැටී අනතුරු ඇතිවීම මගින් සිදුවිය හැකි ජීවිත හා දේපල හානි වලක්වා ගැනීමටය ! එය කුඩා දරුවෙක්ට පවා තේරුම් ගත හැකි මට්ටමේ කාරණයක් යැයි කීම නිවැරදිය ... ඒ අනුව වයස අවුරුදු 12 ඉක්මවූ සාමාන්ය සිහි බුද්ධිය ඇති තැනැත්තෙකුට එය අවබෝධ කරගන්නට නොහැකි වන්නට කිසිම සාධාරණ හේතුවක් නැත !!!

ආලෝකය හොදින් ඇති දිවා කාලයටද අනතුරු සිදුවන කල රාත්‍රියට අනතුරක් සිදුවීමේ සම්භාවිතාවය ගැන අමුතුවෙන් කියන්නට අවශ්ය නැත ! ඒ අනුව රාත්‍රියට අනතුරක් සිදුවීම වලක්වා ගැනීමට දිවා කාලයට වැඩියෙන් වාහන එලවන සේම පාරේ ගමන් ගන්නාවූ යන දෙකොට්ඨාශයම උනන්දු විය යුතුව තිබේ !

වාහන එල්වන පාර්ශවය සැලකූ කල විදුලි ආලෝකය සහිතව මාර්ග නීති අනුව කටයුතු කිරීමට වැඩි වෙහෙසක් ගත යුතු රාත්‍රිකාලයේදී විදුලි ආලෝකය නොමැතිව යතුරු පැදි හෝ වෙනත් වාහනයක් එලවාගෙන යෑම යනු එකී වගකීමෙන් ඕනෑකමින්ම බැහැර වීමකි ! අනතුරක් සිදු විය හැකි බව දැන දැන එය වලක්වන්නට ගත යුතු ක්‍රියාමාර්ග නොගැනීමේ මානසික අංගය දැනටම සපුරා ඇත ! වරදක් සිදුවීමට අවශ්ය වන්නේ සාවද්ය ක්‍රියාව සිදුකිරීම පමණයි !

ඒ අනුව එවැන්නවුන් අතින් යම් වරදක් වුවහොත් කිසිදු සමාවක් නොමැතිව නීතියෙන් උපරිම දඩුවම් ලැබීමට සුදුසුකම් ලබන අතර එවැන්නවුන් අතින් වරදක් නොවුවද ඕනෑකමින්ම අවදානම් අවස්ථාවක් නිර්මාණය කිරීම මතම එවැන්නවුන්ට නීතියෙන් දඩුවම් ලැබිය යුතුය ...

ඒ අනුව වරදක් සිදු නොවුන කලද අදාල තැනැත්තාගේ රියදුරු බලපත්‍රයේ ලකුණු කපමින් නොසිට කල වරද ඇගට දැනෙන සේ බලපත්‍රය තාවකාලිකව හෝ අවලංගු කිරිම වැනි පියවරක් ගැනීම අවශ්යය !!!

ඇතැම් විටෙක එවැනි පුද්ගලයින්ට වලංගු රියදුරු බලපත්‍රයක් පවා නොතිබෙනවා විය හැකිය ! එසේ නම් එයටද දඩුවම් හිමිවිය යුතුය !!!

අවසාන වශයෙන් අවධාරණය කල යුත්තේ එසේ අපරික්ෂාකාරි ලෙසින් රිය ධාවනය කරන්නවුන් වේ නම් එයට දඩුවම් ලැබීමත් එකී වරද නිවැරදි කරගන්නාතාක් කල් පාරේ ගමන් ගන්නාවූ අන් අයගේ ආරාක්ෂාව පිණිස එවැනි තැනැත්තන්ට මහ පාරේ රිය ධාවනය තහනම් විය යුතු බවත්ය !!!

No comments:

Post a Comment