Saturday, February 8, 2014

ශ‍්‍රී ලංකාව අතීතයේ සිටම සිංහල බෞද්ධ රාජ්‍යයකි....

ශ‍්‍රී ලංකාව සිංහල-බෞද්ධ රාජ්‍යයක් බවට අමුතුවෙන් පත් කරන්නට අවශ්‍ය නැත ! මෙය අතීතයේ සිටම සිංහල බෞද්ධ රාජ්‍යයකි....

ක්‍රි පූ 247 තරම් ඈත අතීතයේ දේවානම්පියතිස්ස රජ සමයේ සිටම අප රට බෞද්ධ රාජ්‍යයක් විය. සිංහලයන් එහි පාලිතයන් වූ අතර පාලකයන් වූ සිංහල රජවරුන් යටතේ රාජ්‍ය අනුග්‍රහය ලබමින් පෘතුගීසී, ලන්දේසි හා ඉංග්‍රීසි පාලන සමයන්හිදීද, දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේද බෞද්ධ රාජ්‍යය අඛණ්ඩව පවත්වා ගැනීමට සිංහලයා සමත් විය ! එහිදී රට කොටස් වශයෙන් බෙදාගනිමින් පාලන බලයද බෙදා ගැනීමට ක්‍රියාත්මක වූ එම ආක්‍රමණයන්ගෙන් රට මුදාගෙන ඒ සියල්ල ඉවත් කර ඒකීය පාලනය නැවත ස්ථාපිත කිරීමද සිදුවිය !

1815 දී ඉංග්‍රීසින් හා අත්සන් තැබූ උඩරට ගිවිසුමේ 5 වැනි වගන්තිය ඔස්සේ බෞද්ධාගම අනුල්ලංඝනීය බවත්, පූජනීය ස්ථාන ආගමික වත් පිලිවෙත් හා සංඝ්‍යා වහන්සේ ආරක්ෂා කිරීමේ වගකීම ඉංග්‍රීසි ආණ්ඩුවට පැවරීමත් සිදුවිය. එසේම 1948 දී අප ලැබූ නිදහසින් පසුව 1956 දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමත් 1972 දී ක්‍රියාවට නැංවූ ස්වස්ථානික ආණ්ඩුක්‍රම විවස්ථාව තුලින් බුදු දහමට ප්‍රමුඛස්ථානය මුල්වරට ලබා දීමත් එයම 1978 දී ක්‍රියාවට නැංවූ ස්වස්ථානික ආණ්ඩුක්‍රම විවස්ථාව තුලින්ද පිළිගැනීම ඔස්සේ මෙරට අනාදිමත් කාලයක සිට අඛණ්ඩව ප්‍රමුඛතාවය හිමිවී තිබූ සිංහල බෞද්ධ සංස්කෘතිය නීත්‍යානුකූලව පිළිගෙන පැහැදිලිව ප්‍රකට කර තිබේ...! එසේම බුද්ධ සාශනය සුරක්ශිත කොට පෝශනය කිරීමේ වගකීමද රජය සතු කොට ඇත !!! රජය පත් කරනුයේ ජනතාවගේ බහුතර මනාපයෙනි.... ඒ අනුව බහුතර බෞද්ධ ජනතාවගේ අහිලාශයන් මෙරට ක්‍රියාත්මක වීම කිසිවෙකු විසින් ප්‍රශ්නයක් කරගත යුතුද නැත !!!

එකී සිංහල බෞද්ධ රාජ්‍යයට අයත් දේශය තුල කවර වූ හෝ ස්ථානයක නීතියට අනුව බෞද්ධ සිද්ධස්ථාන ඇති කිරීම හෝ පවතින එබදු බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිසoස්කරනය කිරීමට මෙන්ම නීතියට අනුව මෙරට බුද්ධ සාශනයේ උන්නතිය වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම ටද හැකියාව තිබේ !!!!

නොයෙකුත් විවේචනයන් ඉදිර්පත් කරමින් කිසිවෙකු විසින් මෙකී කාරනා පිළිනොගනිමින් වෙනත් කාරණා හා සම්බන්ධ කොට අනවශ්‍ය පරිද්දෙන් ප්‍රශ්නයක් කරගැනීමට වුවද හැකි බව දැන ගනිමින් හා ඇතැමුන් ශ‍්‍රී ලංකා ඉතිහාසයද විකෘති කරමින් දෙමල නිජභූමියක් ගැන කතා කරමින් හාස්‍ය ජනක ලෙස හා බෞද්ධ විරෝධී ලෙස හැසිරෙමින් කටයුතු කරන බව හදුනා ගනිමින් එවැනි විවේචනයන් බැහැර කරමින් අන් අයවද එවැනි විවේචන සම්බන්ධව දැනුවත් කරමින් වාසය කිරීමට කල්පනාකාරි විය යුතුව තිබේ !

http://www.lankacnews.com/sinhala/news/65328/

No comments:

Post a Comment