Friday, February 14, 2014

නායකත්ව පුහුණුව හරි මග යා යුතුය...

කණ්ඩායම් හැගීම් ඇති කරගැනීම, පෞරුෂය වර්ධනය කරගැනීම, අභියෝග වලට කායිකව හා මානසිකව සාර්ථකව මුහුණ දීමට හැකියාව වර්ධනය කරගැනීම වැනි අනාගත පරපුරකට අතිශයින් වැදගත් ජීවිතය පුරාවටම වැදගත් වන ධනාත්මක වැඩසටහනක් නම් "නායකත්ව පුහුණුව" සැබැව්න්ම අගනේය ! එහෙත් කුමන පුහුණුවක් ලැබුවද එය ලැබිය යුත්තේ පූර්ණ ආරක්ෂාව මධ්‍යයේ නිසි පහසුකම් සමගය !දියතලාව ගුවන් හමුදා කදවුරේ නායකත්ව පුහුණුවේදී දඩුවම් ලැබීම නිසා රෝගාතුර වී ඇති බව අද (2013.01.02) ලංකාදීපය වාර්ථා කර තිබිණි ! එසේ දඩුවම් ලැබීමට හේතුව පුහුණුවේදී තම කණ්ඩායමට දැඩි අපහසුතාවයන්ට ලක් වන බවත් මකුණන් සහිත මෙට්ට මත නිදා ගන්නට සලස්වන බවත් ඒ අනුව පහසුකම් ප්‍රමාණවත් නොවෙන බව එනම් කදවුරේ සත්ය තත්වය මව්පියන් වෙත දැනුම් දීම බව පෙන්වාදී තිබේ !

කදවුරේ පුහුණුවට පැමිණෙන සිසින් හට පූර්ණ ආරක්ෂාව හා ඔවුන්ගේ සනීපාරක්ෂාව පිළිබදව එය බාරව සිටින තැනැත්තන් වගකිව යුතුය ! ඒවා ප්‍රශස්ථ තත්වයෙන් තැබීම ඔවුන්ගේ රාජකාරිය මෙන්ම ඔවුන්ගේ පාර්ශවයෙන් කල යුතු යුතුකමද වේ ! යුතුකම් අයිතිවාසිකම් කාසියක දෙපැත්ත බදුය ! ඒ අනුව ඒ යුතුකම අනෙක් අතින් පුහුණුවට පැමිණෙන්නාවූ සිසුන්ගේ පැත්තෙන් අයිතිවාසිකමකි ! ඒවා නොලැබෙනේ නම් ඒ පිළිබදව තම භාරකරුවන්ට දැනුම් දීම සාධාරණය ! එසේ කල එයට දඩුවම් කරන්නෙ නම් අදාල කදවුර භාර පුහුණු කරුවන් තම යුතුකම් පැහැර හැරියාට අමතරව ඒවා පිළිබදව තොරතුරු එලිවීම වලැක්වීමට සිසුවියට හිංසා කිරීමේ වරදද සිදු කර තිබේ ! මෙවැනි දෑ දිනකීපයක් ගතව හෝ වාර්තා වීම ප්‍රයොජනවත් වන්නෙ මෙවැනි සිදුවීම් වලට වැට බැදීමටත් එය හේතුවක් වන නිසාය ! ඒ අනුව මෙවැනි තැනැත්තන්ට එහෙහිව නීතියෙන් කටයුතු කොට දඩුවම් පැමිණ විය යුතු වනවා සේම කිසියම් වූ පුහුණුවක් ලබාදෙන්නේ නම් එය නිසියාකාරව ලබාගැනීමට සුදුසු කායික මානසික වටපිටාවක් නිසි ආරක්ෂාව හා සනීපාරක්ෂාව මධ්‍යයේ ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු යෙදිය යුතුව තිබේ ! නො එසේ නම් එකී පුහුණුව ලබන්නට පැමිණෙන නිරෝගිව සිටිනා වූ සිසු දරුදැරියන් පුහුණුවෙන් පසුව කායික වශයෙන් හා මානසික වශයෙන් රෝගීන් වීමට නායකත්ව පුහුණුව හේතුවක් වනු ඇත !

No comments:

Post a Comment