Friday, February 7, 2014

සමගියේ වැදගත්කම...

එක්සත් ජාතීන්ගේ සංවිධානයට වෙනම රාජ්‍යයක් ඇතිකිරීම වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වීම සුදුසුය යන්න ප්‍රකාශ කිරීම වෙනුවෙන් මග විවර කර දෙන්නේ නම් ඒ අන් කවරෙකුවත් නොව රටක ජීවත් වන්නාවූ ජනතාවගෙන්ම කොටසකි ! මන්ද ඔවුන් ඒ වෙනුවෙන් කරන්නාවූ එකම දෙය නම් ඒ වෙනුවෙන් අදාල ජනමතය උරගා බැලීමක් සිදු කිරීම වන බැවිණි ! සුඩානය එයට හොදම උදාහරණයයි, එය උතුරු හා දකුණු ලෙසට වෙන් වී තිබේ !

ජනතාව බුද්ධිමත්ව එකාවන්ව සිටිනතාක් බහුතර මනාප වෙනම රාජ්‍යයක් ඇතිකිරීම වෙනුවෙන් රටින් පිටදී ලැබුනද යෝජනා සම්මත වුවද එවැන්නකට ප්‍රායෝගික ඉඩක් නොලැබෙනු ඇත ! මන්ද එක්සත් ජාතීන්ගේ සංව්ධානය ඒ සියල්ලටම වඩා ගරු කරන්නේ රටක ජනතා මතයට වන බැවිණි ! ජනමතය ප්‍රකාශ කරවා ගැනීමට සුදුසුම මෙන්ම වඩා ප්‍රායෝගික අවිය ලෙස බටහිර රටවල් යොදා ගන්නාවූ කාරණයක් වන "මානව හිමිකම්" යන්න පිළිබදව වඩාත් සැලකිලිමත් විය යුතු වන්නේ එබැවිණි ! එය කෙතරම් පුළුල් දෙයක්ද අදාල නොකල හැකි ක්ශේත්‍රය්ක් නොමැති තරම්ය ! එය භයානක කාරණයක් විය හැක්කේද එනිසාමය !

මානව හිමිකම් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබදව වන විශ්ව ප්‍රකාශණයේ දැක්වේ ! ඒ අනුව ලොව පුරා එක්සත් ජාතීන්ගේ සමාජිකත්වය දරන්නාවූ රටවල් ඒ කෙරේ බැදීමක් ඇති කරගන්නාවූ ප්‍රකාශණ 1966 දී පමණ නිකුත්ව තිබුණි !

මානව හිමිකම් කඩ කීරිමක් යන්නට පැවති සටන් හෝ පවතින්නාවූ සටන් ඇත්නම් ඒවා පමණක්ම නොව පුද්ගලයින් අදහස් හුවමාරු කරගනිමින් අන්තර් සම්බන්ධතා පවත්වන ආකාරය, කිසිවෙකු යම් කරුණක් සම්බන්ධව අදහස් දක්වන අයුරු පවා ඇතුලත් ව්ය හැක යන්න කිසිසේත් අමතක නොකල යුත්තකි ! ඒ අනුව විශේෂයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය වල අදහස් පල කිරීමද සැලකිලිමත්ව කල යුතුව තිබේ ! නැතහොත් අදහස් පල කිරීම හරහා ඉස්මතුවෙමින් හුදු වීරයන් වීමට ගොස් අවසන රටක ස්වාධීනත්වය හානි පමුණුවන තැනට යා හැකි වන බැවිණි !

ඒ අනුව විශේෂයෙන් අන් ක්ශේත්‍රයන් හා සැසදීමේදී අවබෝධයක් නොමැති අරුත්සුන් විලසින් නීතිය, අධිකරණ පද්ධතිය, විනිසුරුවරුන්, නීතීඥ වෘත්තිකයන් ආදී මානව හිමිකම් යන්න සමග විශේෂයෙන් බැදී ඇති කාරණා පිළිබදව අදහස් දැක්වීම බදු කාරණා හා ඒ අයුරින්ම පුරවැසියන් වර්ගය ආහම් භාෂාව කුලය ආදීය මත විශේෂකට හෝ පහතට හෙලීමක් බදු අදහස් දක්වන්නේ නම් එයද වක්‍රාකාරව ඉහතින් පෙන්වා ඇති බදු තත්වයක් ප්‍රායෝගික කරනු පිණිස පොහොර දමනවා විය හැකි බවද ෆේස්බුක් වැනි ප්‍රසිද්ධ මාධ්‍යයක අදහස් දක්වන්නාවූ සැවොම විසින් අමතක නොකොට තරයේ සිතේ තබා ගත යුත්තකි !!!

1 comment: