Friday, February 7, 2014

පුද්ගලික ආරක්ෂාවේ අයිතියේ වැදගත්කම හදුනා ගන්නේ නම් ...

මැස්සෙකුටවත් නිකරුණේ හිරිහැර කිරීමට ඔබට සදාචාරාත්මක අයිතියක් නැත ! එහෙත් මදුරුවෙකුට නම් පාඩුවේ වුව ඉන්නට දෙන්නට නීතිය ඔබට ඉඩ දෙන්නේ නැත, මන්ද මදුරුවන් බෝ වන්නට ඉඩ හැරීම නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක් වන නිසාය ! එසේ කර ඇත්තේ මදුරුවන් හානිකර රෝග බෝ කරමින් මිනිසාට විනාශය කැදවන්නාවූ නිසා එය පාලනය කිරීම අවශ්ය වන නිසාය !

එසේම මදුරුවෙකු ඔබේ ලේ උරා බොන්නේ නම් ඒ මදුරුවාගේ අවසානය ලගා කරවීමේ තීන්දුව ඔබට ගැනීමේ අයිතිය ලැබීමකි !!! නමුත් එය කරන්නට යැයි බල කර නැත ! මදුරුවාද සතෙකු නිසා ප්‍රාණගාතය යැයි සිතා කිසිවෙකු එසේ නොකරනවා විය හැකිය ! නමුත් මදුරුවන් බෝ වන්නට ඉඩ හැරීම නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක් වන නිසා එවැනි ක්‍රියාවක් පැහැර හැරීම වියංගයෙන් මදුරුවන් පැතිවීමට සහය දීමක් ලෙසට සැලකිය හැකි වනු ඇත !!! අනෙක් කාරණය නම් යම් තැනැත්තෙකු එසේ ගණන් නොගෙන සිටියද එම මදුරුවා තවත් අයව දෂ්ඨ කොට රෝග පැතිරවීම සිදුවිය හැකි වීමයි !!! යම් හෙයකින් තමුන්ටම ඒ මදුරුවා දෂ්ඨ කොට රෝගයක් ඇති කරනවා විය හැකිය ! පරලොව යහපත් කරගන්නට වුව පළමුව මෙලොව ජීවත් ව සිටිය යුතුය !!! තමන්ට වැනීමේ අභිමතයක් තිබෙනවා කියා අයෙකුට තම අත ඇති බස්තම අන් අයට හානිකර ලෙස වැනීමටද නොහැකිය ... ඒ අනුව නීතියද ගැනද, අන් අයගේ ආරක්ෂාව ගැනද සිතා යම් මධ්යස්ත බවකින් එවැනි කාරණා දෙස බැලිය යුතුය ඇත...

කෙසේ නමුදු ඉහත සදහන් මදුරුවා වෙනුවට මිනිසා යන වචනයද ආදේශ කල හැකිව තිබේ... එහෙත් ඒ මදුරුවකු මෙන් ලේ උරා බීම හෝ ලේ සෙලවීම වෙනුවට නිශ්චිතව දැක්වූ සීමාවන් තුලදී බව සිතේ තබා ගැනීම අතිශය වැදගත්ය !!!

පාසැල් වයසේදීම මනා අවබෝධය ලබා දිය යුතු විෂය ක්ශේත්‍රයක් වේ ! ඒ අපරාධ නීතියේ එන පුද්ගලික ආරක්ෂාවේ අයිතිය සම්බන්ධවයි ! මන්ද එය එතරම්ම වැදගත් විෂය ක්ශේත්‍රයක් නිසාය !

කෙසේ නමුදු එය ඇත්තේ දැනගෙන නිකම් උඩ බලාගෙන සිටින්නට හෝ පොත පාඩම් කොට විභාග සමත්වන්නටම නොවේ ප්‍රායෝගිකව භාවිතා කරන්නට අවස්ථාවක් උදා වුවහොත් නොබියව සේම නොපැකිලව නීතියේ සීමාවන් පිළිබදව සැලකිලිමත් වෙමින් භාවිතා කොට තමන්ගේ ශරීරය, දේපල සේම හැකි නම් අන් අයෙකුගේ ශරීරය දේපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වීමටය !

ආත්මාරක්ෂක සටන් කලාවක් ඉගෙන ගෙන තිබීම නිසා හෝ අවම ලෙස දැනුම අනුව තැනට සුදුසු නුවණ ඇසුරින් කටයුතු කිරීම තුලින් අනිසි ලෙස කාමය සංසිදුවා ගැනීමකට, ස්ත්‍රී දූෂණයකට උත්සාහ කරන්නාවූ පුරුෂයින් වේ නම් ඔවුන්ට එරෙහිව නොබියව බලය භාවිතා කිරීම මගින් ආරක්ෂාව සපයා ගැනීමට කාන්තාවන් සමත් වනු ඇත ...

කාන්තාවක හෝ පුරුෂයෙකු වුව තමාගේ අකමැත්තෙන් කිසිවෙකු / කීපදෙනෙකු ඔබ ශරීරය දේපල අනාරක්ෂිත තත්වයට පත් කරමින් ක්‍රියාත්මක වන්නේ නම් එවැන්නවුන්ගෙන් ඇතිවිය හැකි පීඩාවක් දරා සිටීමට කිසිවිට අවශ්ය නොවෙන අතර ඔවුන්ට කිසිදු සමාවක් නොදෙමින් අවස්ථානුකූලව උපරිම ලෙස ඔබගේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කොට ඔවුන් අඩපණ කොට දඩුවම් ලබාදීම පිණිස නීතිය ඉදිරියට පැමිණවීම වැදගත්ය !!!

කෙසේ නමුදු කිව යුතු විශේෂ දෙයක්ද ඇත, කිසිවිටක කිසිවෙකු එකී අයිතිය කොතරම් හුරුබුහුටි ලෙසින් භාවිතා කරන්නේදැයි පරීක්ෂා කිරීමට නොයෑම අතිශයින් වැදගත්ය !!! මන්ද යම් හෙයකින් එවැනි අවස්ථාවකදී අදාල පරීක්ෂාව කරන්නට ගිය තැනැත්තාගේ අවසානය ලගා කරවීමක් විමට ඉඩ ඇති නිසාය...

ගින්දර සමග සේම කිසිවෙකුගේ හැගීම් සමගද සෙල්ලම් නොකල යුතුය... ගිනි ගැනීම් වන්නේද හැගීම් ඇවිස්සිම නිසාය !!! එය සාමාන්ය තත්වයයි !

ඉහත තත්වය සරලව කීවොත් දැනුම අවබෝධය ඇති අයෙකුගේ ඉවසීම සමග සෙල්ලම් කරන්නට යන්නේ නම් එය පෙරල් හෝ ඩීසල් වැනි වහා ගිනි ගන්නාවූ සුලු ද්‍රවයක්ද තම අතේ තබා ගෙන ගින්දර සමග සෙල්ලම් කිරීමක් වනු ඇත !!!

No comments:

Post a Comment