Friday, February 7, 2014

විශ්ව විද්‍යාලයකට හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයකට ඉගෙනීමට යන ඔයාට...

කාලීනව වැදගත් තවත් දෙයක් මේ, විහිලුව කියන දේට සීමාවක් තියෙන වග මතකයේ තියාගන්නම ඕන දෙයක් ! ... ඔයා විශ්ව විද්‍යාලයකට හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයකට ඉගෙනීමට යනවා නම් වැදගත් වෙන්න පුලුවන් දෙයක් , දැනුවත් කරලා තියන්න නංගිලා මල්ලිලා අක්කලා අයියලා ඉන්නවා නම් ඒ අයවත්, මොකද මානසික ව්‍යාධී ඇති තැනැත්තන් මුන ගැහෙන්න ඉඩයි, විහිලු මුවාවෙන් කරදර කරන්න ආවොත් තමන්ගේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය වෙනුවෙන් ගන්න පුළුවන් ඉහලම පියවර ගන්න අවස්ථාවෙ හැටියට කීයටවත් පසුබට වෙන්න එපා... විස නසන්න ඕන විසෙන්මයි කියලා කතාවක් තියෙනවා... !

ආයතනයක තියෙන නීති පද්ධතියට ඒ නීතිවලට අනුකූලව නියෝග නිකුත් කරන්න පුළුවන් බලධාරියෙක්ගේ නියෝග වලට පමණක් ඔයා අවනත වීම හොදටම ප්‍රමාණවත්, තැනකට ඔයා නවකයෙක් නම් ඒ වෙද්දි ජේෂ්ඨ මට්ටමේ තැනැත්තන්ට ගරු කරන්න, ඒ අය විහිලු තහලු කරයි, ඒවාට අකමැති නම් කෙලින්ම කියලා ඉවත් වෙන්න.. ඔයාට කල හැකි මට්ටමේ ඉල්ලීම් නම් ඔවුන් ඉල්ලන්නෙ ඒවා සලකලා කරන්න... විනෝද වෙන්න.. ඒ අය ඇසුරේ දැනුම අවබෝධය ලබා ගන්න, ඒත් ඔවුන්ගේ විශේෂයෙන්ම මානසික ව්‍යාධී වලින් ඉන්න බව පේන්න තියෙන මට්ටමේ උදවිය ඉන්නවා නම් ඔවුන්ගේ නියෝග වලට ඔබ නතු වෙන්න අවශ්ය නෑ, නියෝග පිලිපදින තත්වෙට වැටීම අවශ්ය වෙන්නේ නෑ...

නීතිය අනුව කෙනෙක්ගේ සිතේ බිය ඉපදවීමම (assault) අපරාධ වරදක්... මතක තියා ගන්න... කොහෙත්ම ඔයාට කායික මානසික පීඩා ඇති කරන්න වෙන කෙනෙක්ට ඉඩ නොතබන්න ඔයා වග බලා ගන්නව කියන්නෙ ඒක ඔයාගෙ පැත්තෙන් වගේම ඕවගේ ව්‍යාධී වලින් පෙළෙන අයට තව කෙනෙක්ට ඕවගෙ කරන්න තියෙන අවස්ථාවට වැට බැදීමකුත් වෙනවා... නීතියේ පිළිසරන තියෙනවා ඔයාට කරදර කරන්න ආව අයව නීතියට කොටු කරන්න... ක්‍රියාත්මක වීම පමනයි තියෙන්නේ !!!

No comments:

Post a Comment