Saturday, February 8, 2014

පුද්ගලයින් බන්ධනාගාර ගත කිරීමේ අභිමතාර්ථයන් සාර්ථක වේද???

පුද්ගලයින් බන්ධනාගාර ගත කිරීමේ අභිමතාර්ථයන් වන...

1. බොහෝ විට ඉදිරිපත් කරන්නාවූ හේතුව ලෙස කියවෙන ඔවුන් නැවත එවැනි වැරදි කිරිම හා වෙනත් අය වැරදි කිරීමෙන් වැලැක්වීම යන කාරණයෙන් ප්‍රයෝජනයක් නොමැති බව මෙවැනි පුවත් තුලින් පෙනුම් කරමින් තිබේ !!!

http://www.divaina.com/2012/07/30/news01.html, http://www.divaina.com/2012/07/30/news05.html

2. ජනප්‍රිය හේතුව ලෙසින් කියවෙන සමාජ ආරක්ෂාව යන්නද නිශ්ප්‍රයෝජන බව පෙනෙන්නට තිබේ ! මන්ද මෙවැනි අපරාධ කරුවන් නැවත වැරදි කිරිම වැලැක්වීම යන්න තාර්කිකව නොසිතන බවක් පෙනෙන්නට නොමැති බැවින් නැවත සමාජ ගත වීමෙන් ඔවුන් පෙරටද වඩා භයානක විය හැකි නිසාය !!!

3. පුළුල්ව පිළිගන්නා කාරණය වන වරදකරු පුනරුත්තාපනය යන්න කෙතරම් දුරට ප්‍රායෝගික දැයි ප්‍රශ්නාර්ථයක් ඉතිරි කර ඇති කරුණක් බව පෙනේ ! එසේම මෙවැන්නවුන් පුනරුත්තාපනයට යොමු වේ යැයි සිතීමට පවා නොහැකිය !!!

ඉතිරිව ඇත්තේ වරදකරුට ලැබිය යුතු දේ සාධාරණව ලැබිය යුතුය යන දේ එනම් සමාජය විසින් අපරාධ හෙලා දකින බව දැක්වීම හා අපරාධයන් නො ඉවසන බව පෙන්නුම් කෙරෙන කල වරදට දඩුවම් ලබාදීම හෙවත් විපාක හේතුවයි !!!

බන්ධනාගාර ගත කිරීමෙන් තාවකාලිකව අපරාධකරුවන් සමාජයෙන් බැහැර කොට තැබීම යනු ඔවුන් නඩත්තු කිරීමට සමාජයට අමතර මූල්‍යමය වශයෙන් බරක් එක් කරන්නාවූ කාර්යයකි, එසේ වුව්ද බන්ධනාගාර ගත කිරීමෙන් අභිමතාර්ථයන් යථා පරිද්දෙන් ඉෂ්ඨ වන්නේ නම් කම් නැතැයි කිව හැක, එහෙත් මුදල් යොදවා වරදකරුවන් ඇතුලත් බන්ධනාගාරද නඩත්තු කරන අතර තුර සමාජයද වෙනසක් නොමැතිව පුද්ගලයින් නිසා පීඩාවට පත් වන්නේ නම් එය වනාහී ජාතික අපරාධයකි !

එබැවින් උදේ සවස ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව තිබෙන රටක්ව තිබියදී ඒ අනුව සිය මෙලොව පරලොව සකස් කර නොගන්නා තැනැත්තන් නිසා අන් අය පීඩාවට පත්වීම නැවැත්වීමට "කල වරදට ලැබිය යුතු වන දඩුවම" යන්න දැඩිසේ ප්‍රායෝගික විය යුතුව තිබේ... එහිදී උක්ත පුවත් වලින් කියවෙන්නාවූ ක්‍රියාවලට සම්බන්ධ අපරාධයන් සිදු කරන තැනැත්තන් නම් මරණීය දණ්ඩනය ප්‍රායෝගික කිරීම තුලින් සමාජයෙන් සදහටම බැහැර කොට එවැන්නවන්ගෙන් තොර සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නීතිය වහාම ක්‍රියාත්මක විය යුතුව තිබෙන බව මෙයින් අව්ධාරණය කරන්නෙමු !!!

No comments:

Post a Comment