Friday, February 7, 2014

දියුණුවත් සමග පරිසරයද ආරක්ෂා කරගත යුතුම වේ...

පරිසර නීතියේ කාර්යභාරය සැලකූ විටදි ඒ සදහා ඇති ප්‍රධාන පනත වන්නේ 1980 අ0ක 47 දරණ ජාතික පාරිසරික පනතය... ඒ අනුව පිහිටුවා ඇති ප්‍රධාන බලය දරණ රජයේ ආයතනය වන්නේ මධ්යම පරිසර අධිකාරිය වේ... ඊට අමතරව පරිසරයේ සජීවි සම්පත් යටතට අයත් වන වන ජීවීන් තුරුලතා ආරක්ෂාකිරීමට වෘක්ෂලතා ආරක්ෂණ පනතක් හා වනාන්තර ආරක්ෂා කිරීම සදහා වන ආඥ පනතක් ඇත... ඒ සදහා වන ස0රක්ෂන දෙපාර්තුමේන්තුව රාජ්ය ආයතනය ලෙස කටයුතු කරනු ලබයි...

පරිසරය දූෂණය වීම මෙකල විශාල තර්ජනයක් ඇති බව නොරහසකි, ජලය දූෂණය පස දූෂණය වීම, වායුව දූෂණය වීම එහිදී සිදුවෙයි... එසේ වීමට ප්‍රමුඛස්ථානය ගෙන ඇත්තේද මිනිසාම බව නොරහසකි... සිය දියුණුව උදේසා අසීමිතව පරිසරයෙ ස්වභාවික තත්වය වෙනස් කිරීමට යෑම නිසා එම විපත් ඇතිවී තිබේ... පරිසරය යන්නට ජීවී අජීවි සියල්ල අයත් වෙයි...

ජීවීන් ජීවින් අතරත් ජීවීන් අජීවීන් අතරත් අන්තර්සම්බන්ධතා පවත්වාගැනීම පරිසර පද්ධතිය මගින් අර්ථවත් කෙරෙ... පරිසර පද්ධතියක් තුල මිනිසා, ස්වභාවික වනාන්තර, මිනිසා විසින් කෘතිමව ඇතිකරන ලද වගාවන් ස්වභාවිකව ජීවත් වන්නවූ ජීවින් හා මිනිසා විසින් සිය අවශ්යතාවය උදෙසා ඇතිකරනු ලබන ජීවින් ඇතුලත් වේ... පරිසරය කෙරෙහි මිනිසාගෙ බලපෑම නිසාම මෙ සියල්ල අතර මනා සම්බන්ධතාවයක් ඇතිකරගැනීමෙදී නීතිය මැදිහත් වීමක් සිදුකර තිබේ...

රථ වාහනයක් මාර්ගයක ගමන් ගන්න විට එහි නලාව ශබ්ද කිරීම නොකිරීම කලයුතු අවස්ථාවන්, වේග සීමාවන් නීතියෙ දක්වා ඇත... එසේ කරඇත්තෙ ශබ්ද දූෂණය හා අධික වේගයෙන් වාහන ගමන් කිරීමෙන් දුහුවිල්ල ඇවිස්සීමෙන් වන වායු දූෂණය අවම කරගැනීමට වේ... වාහන වලින් පිට්වන දුමෙහි තත්වය නිසි ආකාරයෙන් පවත්වාගන්නෙද යන්න නීතිය මගින් සොයා බැලීම සිදු කරයි වායු දූෂණය අවම කරගැනීමට වැදගත් වේ... අප ජලය, හා අපද්‍රවය බැහැර කිරීමෙදි කර්මාන්තශාල වලින් එය සිදුකලයුතු ආකාරය නීතියෙ දක්වා ඇත... එමගින් ජලය හා පස දූෂණය වීම අවම කරගැනීම සිදුවේ...

පරිසර සුරැකීමට නීතියේ දායකත්වය සැලකීමෙදි එය යටතේ මිනිසා හා සෙසු ජීවින් ඇතුලත් පරිසර පද්ධතිද, ස්වභාවික වනාන්තර සම්පත් ආරක්ෂා කරගැනීමට විශාල වශයෙන් මග පෙන්වන බව කිව හැකිවේ... රටේ දැනට ඇති ස්වභාවික වනාන්තර සම්පත්, ජීවින් ඇතුලත් පරිසර පද්ධතිද ආරක්ෂා කරගැනීමට දැනට පවතින නීතීන් ගැන අදාල නිළධාරින්ට මෙන්ම ජනතාවටද අවබෝධය පැහැදිලිවම තිබීම අත්‍යවශ්‍ය වේ...

එසේ වුවහොත් ජීවින් ඇතුලත් පරිසර පද්ධති වලට, ස්වභාවික වනාන්තර සම්පත් වලට එරෙහි කිසිවෙකු විසින් හෝ කරණු ලබන යම් වැරදි ක්‍රියාවකට එරෙහිව නීතිය සාර්ථකව අදාල අවස්ථාව හා ගලපා එමගින් විරෝධය ඉතාමත් ඵලදායීව දැක්වීමට අවශ්‍ය වුවහොත් එයද, පරිසරයට හානිකරවෙමින් නීතියට පටහැනිව යමින් කෙරෙන යම් නීති විරෝධී ක්‍රියාවක් වෙතොත් එබදු ක්‍රියාවක් නවතා ලීම සදහා අධිකරණයේ පිහිට ලබාගැනීමට කරුණු ගොනු කිරීමකදී වුවද සහයක් ලබා ගැනීමට අපහට හැකිවනු ඇත...

මිනිසා හා සෙසු ජීවින් ඇතුලත් පරිසර පද්ධතිද, ස්වභාවික වනාන්තර සම්පත්ද ආරක්ෂා කරගැනීමට අදාලව ඇති නීතියෙ ඇති දුර්වලතා වේ නම් ඒවාද පැහැදිලිව සදහන් කිරීමට අදාල විවස්ථා අධ්‍යයනය කර තිබීම වැදගත් වේ... ඒ අනුව ප්‍රධාන වශයෙන් වන ආඥ පනත සමග පරිසරය ආරක්ෂා කිරීමට ඇති වෙනත් පනත් සම්බන්ධව කරුණු හැකි පමණ අපි විසින් අධ්‍යයනය කිරීම හා අවදියෙන් සිටීම අපගේ පරිසරය ආරක්ෂා කරගැනීමේ දී ඉතා වැදගත් වේ මන්ද අප ජීවත් වන්නේ පරිසරය තුල නිසා එය රැකීම අපගේ යුතුකමක් වන නිසා වේ...!

No comments:

Post a Comment