Friday, February 14, 2014

දුම්රිය හා බස් රථ තුල සිගමන් යැදීම තහනම් කිරිම සැබැවින්ම යතාර්ථයක් කරගැනීමට නම්...

දුම්රිය හා බස් රථ තුල සිගමන් යැදීම තහනම් කිරිම කියන එක ගත්තාම ඒ දේ දෙපැත්තක් තියෙනවා, දුම්රිය හා බස් රථ වල ගමන් කරන අයගේ පැත්තෙන් ගත්තාම ඒ දේ ඔවුන්ගේ පහසුව හා ආරක්ශාව තහවුරු කරගන්න පැහැදිලිවම රුකුලක් වෙනවා... ඒ දේ ඉතාම වැදගත්...

අපිරිසිදු වෙච්ච ඇදුම් ඇදන් මිනිස්සු අතරේ කෑ ගහමින් යන එහෙම අය නිසා දුම්රිය හා බස් රථ තුල යන ජනතාව අපහසුවට පත්වීම වලක්වන්න දුම්රිය හා බස් රථ තුල සිගමන් යැදීම තහනම් කිරිම පැහැදිලිවම හේතුවක් වෙනවා.. ඒ වගේම සිගන්නන්ගේ වෙස් අරන් විවිධ මට්ටමේ සොරකම් හෝ වෙනත් ක්‍රියාවකට කෙනෙක්ට තියෙන අවස්තාව වලකන්නත් දුම්රිය හා බස් රථ තුල සිගමන් යැදීම තහනම් කිරිම හෙතුවක් වෙනවා...

ගමන් කරන මගීන්ගේ පැත්තෙන් හරි... ඒ විතරක්ම ප්‍රමානවත්ද..? කෙනෙක් තමන්ට දෙයක් තිබිලත්, හැකියාවක් තිබිලත්, තනිකරම බොරුවට සිගමනේ යෙදෙනව වෙන්න පුලුවන්... එහෙම නැතුව මොනව හරි සාධාරන හෙතු උඩ, පෙර කර්මයක් නිසා, තමන්ගේ වරදින් හරි, වෙනත් කෙනෙක්ගේ වරදින් හරි ඇත්තටම කර කියා ගන්න දෙයක් නැතුව ජීවිතේ ගැටගහගන්න ඕන කමටම වෙනත් අයගෙන් යැපිලා ඉන්නවා වෙන්න පුලුවන්...

මොන අරමුන ඇතිව සිගමන කලත් ඒ අයත් මිනිස්සු ඒ අයටත් ජීවත් වෙන්න අඩුම ගානේ අවම පහසුකම්වත් සපයා ගැනීමට අවස්තාවක් තියෙන්න ඕන...ඒ අවස්ථාව අහිමි වෙන එක වලක්වන්න දුම්රිය හා බස් රථ තුල සිගමන් යැදීම තහනම් කිරිමට සමගාමිව යමින් ක්‍රම ක්‍රමයෙන් හරි ඒ අයගේත් අභිවෘධියට වෙනත් වැඩ පිලිවෙලක හරි අවශ්යතාවයට අවධානය යොමු වෙන්න ඕන... නීතිය තුලින් සාධාරන හා යුක්ති සහගත ප්‍රතිඵලයක් ගන්න අවස්ථාව කාටත් ලැබෙන්නේ එතකොටයි...

No comments:

Post a Comment