Friday, February 7, 2014

විරෝධය දැක්විය යුතු ළමා විවාහ...

ඕනෑම ක්‍රියාකාරකමක් විවස්ථාදායකයෙන් නිසි කාර්යපටිපාටියට අනුව සම්මත කරගෙන එය "නීත්‍යානුකූලයි" ලෙස කිව හැකි තැනකට ගෙන ආ හැක ! එහෙත් එසේ වූ පමණින්ම එය පිළිගැනීමට ලක් වේද??? නැත ! ජර්මනියේ නාසි පාලන සමයේ අහිංසක මිනිසුන් වධ බන්ධනයන්ට ලක් කොට මරාදැමීම පිණිස හිට්ලර් නැමැත්තා විසින් සිය විවස්ථාදායකය හරහා කාර්යපටිපාටිය අනුව සකසා ගත්තේද නීතියය ! එහෙත් එවැනි නීති "නීති" සේ සැබැවින්ම නොසැලකෙන්නාවූ බව පසුව තීරණය කරන ලදී !

නීතිය තුල මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්නාවූ සාධාරණත්වයද ගැබ් විය යුතුය ! "මානව අයිතිවාසිකම් ආරක්ෂා කරනාවූ සාධාරණ නීති පද්ධතියක්" ලෙස දැනුම ඇති වගකිව යුතු සමාජයේ පිළිගැනීමට ලක්වෙන තත්වයක් තිබිය යුතුය ! එහෙත් මේ පුවතින් වාර්තාවන අන්දමට 90 වියැති අයෙකු 15 හැවිරිදි දැරියක විවාහ කරගැනීමක් ගැන වාර්තාවේ (http://lankacnews.com/sinhala/foreign-news/88494/) මානව හිමිකම් ක්‍රියාකාරින්ගේ විවේචනයට ලක් වුවද එකී පුද්ගලයා සිය ක්‍රියාව "නීත්‍යානුකූලයි" කියා සිටි ! නීත්‍යානුකූලය යන්න පැවසිය හැක්කේ මෙවැනි නොගැලපෙන මට්ටමේ විවාහ කිරීම සදහා සකසා ගත් නීතිය අනුව මිස ළමුන් සම්බන්ධයෙන් වන මානව අයිතිවාසිකම් පැත්තෙන් නොවේ ! සර්ව භෞමික, අභේද්‍ය, අන්තර්යැපීම් සහිත අන්තර් සම්බන්ධතා වන මානව අයිතිවාසිකම් තුල ළමයා වෙනුවෙන්ද අයිතිවාසිකම්ද තිබේ !

ඒ අනුව සකස්වූ එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය අනුව ළමුන් ලෝකයේ කොහේ සිටියද එකී ළමා අයිතිවාසිකම් වලට හිමිකම ලබන පසුබිමක ළමා අයිතිවාසිකම් සම්බන්ධ මෙවැනි ක්‍රියාකාරකම් වලට ලෝකයා වශයෙන් බෙදීමකින් තොරව දැඩිව විරෝධය පල කල යුතුය, එසේම නීතියට මුවාවී ළමා හා මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් දැඩිව හෙලා දැකිය යුතු අතර ඊට එරෙහිව අර්ථසාධනීය ලෙස විරෝධය පල කරමින් මෙවැනි ක්‍රියාකාරකම් පාලනය කොට නවත්වා දැමීමට කටයුතු කල යුතුය ! එවිට උදාවන හෙට දිනයේ මෙවැනි දෑ කියවන්නට අපට සිදුනොවනු ඇත !

No comments:

Post a Comment