Friday, February 7, 2014

මාරු කාසි නැත්නම් ... වැඩ වරදීවී ...

"ලග බහින අය කරුණාකරලා මාරු ගන්න මාරු ගන්න ...." මාරු නෑ අපි අතේ " ඉතිරි පස්සේ දෙන්නම්, බහිද්දි ඉල්ලාගන්න"

කොන්දොස්තර මහත්තුරුන්ගෙන් ඇසෙන, විටෙක කන්දොස්කිරියාවක් වන තරමට ඇසෙන මෙවනි වදන් හුරුපුරුදු කෙනෙක් නැති තරම්ය. ඔතරම් මාරු කාසි නොතියෙන්නට මේ මාරු කාසි කොහාට මාරු වී ඇත්දැයි පැනයකි.

මාරු කාසි අත තබා ගැනීමේ වැඩි යුතුකම ඇත්තේ කොන්දොස්තරවරයා සතුවයි, එසේ කියන්නේ මාරු කාසිවල අවශ්යතාවය වැඩිපුර දැනෙන්නේ ඔහුට නිසාත් ගමනට අවශ්ය පමණට වඩා වැඩිපුර මුදල් දුන හොත් අවසන රුපියල දක්වාම ඉතිරි දීමට හේ නීත්යානුකූලවම බැදී සිටීන නිසාත්ය. එතැනදී මාරු නැතැයි කීම පිළිගත හැකි නිදහසට කරුණක් නොවේ.

මගී ජනතාව වශයෙන් මාරු කාසි අත ඇති විට මාරු කාසි දෙන්නට හැකිය. නැතිවිට දෙන්නට හැකියාවක්ද නැත. එහි වාසියද රුපියල දෙක බැගින් හෝ අඩුවෙන් දීම මගින් කොන්දොස්තරවරයා සතු කරගන්නට ඕනෑ නිසාම ඔවුන් මාරු කාසි සගවා ගෙන මාරු කාසි අහේනියක් ගෙන හැර දක්වනවාදෝ විටෙක සිතේ.

ඔවුන් අත මාරු නැතැයි කියා අපට කීයක් හෝ අඩුවෙන් දෙන්නට නිතරම වාගේ මනාප මුත්, මගී ජනතාව වශයෙන් අප අත මාරු නැති නිසා නියමිත ගානට අඩුවෙන් අපෙන් මුදල් ගන්නට නම් කොන්දොස්තරවරුන්ගේ සාමාන්යෙන් මනාපයක්ද නැත ! ...

පැමිණිලි කරනවා නම් රුපියලක් ඉතිරි නොදුන්නද එයද වරදක් ලෙස පැමිණිලි කල හැකිය. මන්ද ඉතිරි මුදල් දීමට ගිවිසුම් නීතියට අනුව හේ බැදී සිටින නිසාය. නමුත් රුපියලනේ, ඔය රුපියලට මොකට දුක් විදිනවා දැයි හෝ සිතා, එසේත් නැත්නම් කාර්ය බහුලත්වය නිසාම / අමතක වීම නිසාම බොහෝ දෙනා එවැන්නක් පැමිණිලි නොකරනවා විය හැකිය, ඒ නිසාම මාරු කාසි අහේනිය කොන්දොස්තරවරුන්ගේ පැත්තෙන් ගජ වාසියක්ව තිබුණා වන්නටද පුළුවන. මෙහි කොන්දොස්තරවරුන් කී පමණින්ම හැමටම ඒ චෝදනාව අදාල වන්නේද නැත. මාරු නැත්නම් වැඩිපුර රුපියලක් දෙකක් විටෙක රු 5ක් වුව අතට දෙන කොන්දොස්තරවරුන්ද කලාතුරකින් සිටී / සිටිය හැකිය.

කෙසේ නමුදු වත්මන් තත්වය මත මාරු කාසි නෑ යන්න නිදහසට කරුණක් ලෙස කොන්දොස්තරවරුන්ගේ පාර්ශවයෙන් කියන්නට තිබූ අවස්ථාව බොහෝ සෙයින් සීමා වී ඇතැයි සිතේ, එය මගී ජනතාවගේ පැත්තෙන් විශාල යහපතකි...

http://lankacnews.com/sinhala/news/108270/

No comments:

Post a Comment