Friday, February 7, 2014

සැලකිලිමත් විය යුතු බලය විමධ්යගත කිරීම

පලාත් මට්ටමින් මධ්‍යම රජය සතු දේශපාලන බලය විමධ්‍යගත කිරීමෙහි වරදක් නොමැත, එය පවත්නා ආන්ඩුවක් ජනතාවට සමීප කරමින් සංවර්ධන කටයුතු වෙනුවෙන් පරිපාලනය කාර්යක්ශමව මෙහෙයවීමට යොදා ගත හැකිය ! එහෙත් 1987 දී වත්මන් ආන්ඩුක්‍රමවිවස්ථාවට 13 වැන වතාවට කල සංෂෝධනය ලෙස එක්වූ පලාත් සභා ක්‍රමය තුල වර්තමානයට අදාලව වෙනස් විය යුතු කාරනා තිබෙන බව දැන් දැන් පෙනෙන්නට තිබෙන බැවින් ඒ සදහා රජයේ අවධානය යොමු විම කාලෝචිතය ! නීතිය කාලයත් සමග සමගාමිව යමින් කාලීන ගැටලුවලට විසදුම් ලබාදිය යුතුව තිබේ !!!

* පලාත් සභා වල අනුමැතියෙන් තොරව මධ්‍යම රජය වෙත සම්මත කල හැකි පනත් කෙටුම්පත් වල ස්වභාවය හා සමගාමී ලයිස්තුවේ විශයන් පිලිබදව වඩා පැහැදිලිව විවස්ථානුකූලව අර්ථ නිරූපනයකට ලක් කල යුතු බව පෙනේ ! නො එසේ නම් එය පාර්ලිමේන්තුව සතුව ඇති උත්තරීතර විවස්ථා සම්පාදන හැකියාවට බාධාවක් වන්නට පුලුවන. එවැනි රතු එලි මේ වන විට දැල්වී තිබෙන බව පෙනේ ! එවැනි දෑට ඉදිරියේ ඉඩ නොතැබිය යුතුය !

* පලාත් දෙකක් හෝ කීපයක් ඒකාබද්ධ කිරීම යනු විෂාල භූමි ප්‍රදේශයක් තැනිම වන නිසා එමගින් එය වෙනම 'පරිපාලන ඒකකයක්' ලෙස සැලකීමට ඉඩ විවර වෙද්දි එය රටේ ඒකීයභාවයට තර්ජනයක් වන්නට කිසිසේත්ම ඉඩක් නැතැයි හා ජාතික ආරක්ෂාවට, ජාතික සුරක්ශිතභාවයට කිසියම් ආකාරයක හෝ තර්ජනයක් කිසි කලෙක නොවන්නේ යැයි කිසිවෙකුට ඉදුරා සහතිකයක් දිය හැකිද????

ආන්ඩුක්‍රම විවස්ථාවේ 154 (අ) (3) විවස්ථාවෙහි කියවෙන පරිද්දෙන් පලාත් සභා දෙකක් හෝ කීපයක් ඒකාබද්ධ කොට පරිපාලන ඒකකයක් සේ සැලකීමට තරම් සාධාරණ හේතුවක් හෝ අවශ්‍යතාවයක් රටක් වශයෙන් අපට නැත, එසේ තිබියදී එවැනි ඒකාබද්ධ පරිපාලනයක් ගෙන යාමට පහසුකම් සලසන ආකාරයේ විවස්ථාවක් තිබීම මගින් අයහපතක් වන්නට බොහෝ ඉඩ තිබේ, එබැවින් එය බල රහිත කිරිම යෝග්‍යය !

* පලාත් සභා ලයිස්තුව තුල 'පලාතක මහජන සාමය පවත්වාගෙන යෑම සම්බන්ධව ප්‍රමාණවත් පරිද්දෙන් පොලිස් බලතල ක්‍රියාත්මක කිරිම සම්බන්ධව සැලකූ විට එය හා ඉඩම් සම්බන්ධව පලාත් සභාවලට ලැබෙන්නාවූ බලතල සැලකූ විට ඉඩම් හා පොලිස් බලතල පලාත් සභා යටතට තිබීම මගින් පලාත් සභා සදහා අධික ලෙස විධායක බලයෙන් යුතු ඒකක බවට පත්කිරිමට සාධාරණ අවශ්‍යතාවයක් දැක්විය නොහැකිය. පලාත් මට්ටමට ගෙන විෂේශ කොට මහජන සාමය පැවැත්වීමට තරම් විවිධත්වයක් පලාත් අතර ඇත්තේද නැත. ඉඩම් සැලකූ විටදී එය හා සම්බන්ධ කටයුතු පලාත් මට්ටම දක්වාම විමධ්‍යගත කොට පරිහරණය කිරිමට තරම් හූ විශමතාවක් හෝ වෙනත් ආකාරයක විශමතාවයක් දක්නට ඇත්තේද නැත ! කිසියම් වූ පලාතක මහජන සාමය පවත්වාගැනීමට විෂේශයෙන් අවශ්‍ය වන්නේ නම් ඒ මොහොතේ මධ්‍යම රජයේ සහය ඇතිව පරිපාලනය මෙහෙයවිය හැකිය. සංවර්ධන කටයුතුවලදී ඉඩම් සම්බන්ධවද අවශ්‍යතාව මත මධ්‍යම රජයේ සහය ඇතිව එකී කටයුතු කිරීමට හැකියාව තිබේ... උපලේඛනයේ දක්වා ඇති ප්‍රමා ණයට පලාත තුල 'මහජන සාමය පැවැත්වීම' යන්නට ඇ තුලත් නොවෙන බව දක්වා තිබෙන ජාතික ආරක්ෂාව හා ජාතික සුරක්ශිතභාවය යන්නට පොලිස් බලතල පලාත් සභා යටතට තිබීම මගින් කිසියම් ආකාරයක හෝ තර්ජනයක් කිසි කලෙක නොවන්නේ යැයි කිසිවෙකුට සහතිකයක් දිය හැකිද????

කිසියම් වූ ගැටලුවකදී අර්ථනිරූපනයන් හරහා එකී බලතලයන් විෂාල ලෙස පුලුල් වන්නටද පුලුවන. එබැවින් අවම වශයෙන් එකී 'පොලිස්' හා 'ඉඩම්' බලතල ද්විත්වය 'සමගාමී' ලයිස්තුවේ විශයන් බවට හෝ පත් කල යුතුය !

* පලාත් සභා සම්බන්ධව ආන්ඩුක්‍රම විවස්ථාවට අදාලව තම පලාත තුල ප්‍ර ඥප්ති සාදා ගැනීම හා සමගාමී ලයිස්තුවට අදාල විශයන් සම්බන්ධව පලාත් සභා මධ්‍යම රජයට දැනුම් දීනිශ්චිත වූ කාලසීමාවකින් පසුව තම පලාතට අදාලව ප්‍ර ඥප්ති සාදා ගැනීමේ හැකියාව සම්බන්ධව පාර්ලිමෙන්තුවේ විෂේශ අවධානය සහිතව සිදුව්ය යුතුයයන්න වඩාත් අවධාරනය විම වැදගත් ය ! නො එසේ නම් සමගාමී ලයිස්තු විශයක් සම්බන්ධව පලාත් සභාවක් අනන්‍ය ප්‍ර ඥප්තියක් සකසා ගත හොත් එය මධ්‍යම රජය විසින් යම් දිනෙක පනත් කෙටුම්පතක් සම්මත කිරීමට යාමේදී බාධාවක් වන තැනට පත්විය හැකිය !!!

* පාර්ලිමේන්තුව සතු ජනතා පරමාධිමත්‍යයේ විවස්ථාදායක හා අධිකරණ බලය ට පලාත් සභා ගරු කල යුතුව තිබේ ! පනත් කෙටුමපතක අන්තර්ගතය තුල කිසියම් වූ වගන්තියක් හෝ වගන්ති වෙනස් කිරීමට ඇත්නම් එය වෙනස් කරගැනීමට සාධාර ණව ඉදිරිපත් කරන ලද විරෝධතාවයන් (පෙත්සමක්) නම් එය නිවැරදි කිරිම කල යුත්තකි ! එහෙත් එසේ නොවී හුදෙක්ම මධ්‍යම රජයෙන් ගෙන එන්නාවූ පනත් කෙටුම්පත් වල දැක්වෙන විශයයන් පලාත් සභා ලයිස්තුවට අයත් වේ යැයි කියමින් ඒවා සම්මත කරගැනීම වෙනුවෙන් පලාත් සභා අනුමැතිය ගත යුතුයැයි විරෝධතා ගොනු කරන්නේ නම් එය වනාහී රජය ගෙන එනනාවූ පනත් කෙටුම්පත් සදහා පදනම් විරහිත මට්ටමේ විරෝධතාවකි ! එවැනි දෑ මගින් රටේ සංවර්ධන කටයුතු හා ජනතා සුභසිද්ධියට හේත්වන කාරනා අඩා ල වන්නේ නම් එයට ඉඩ හැරිය යුතු නොවේ ! පාර්ලිමේන්තුවේ උත්තරීත භාවය [Parliamentary Sovereignty] පලාත් සභාද ගරු කල යුතුවන බැවින් සාමාන්‍ය බහුතරයෙන් අදාල පනත් කෙටුම්පත් සම්මත කරගැනීමට නොහැකිම තත්වයක් මතුවන්නේ නම්, විෂේශ බහුතරය මගින්ද නීත්‍යානුකූලව පනත් කෙටුම්පත් සම්මත කරගැනීම කල හැකි නිසා එකී ක්‍රමය භාවිතයෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය විදහා දක්වමින් අදාල පනත් කෙටුම්පත් සම්මත කරගැනීමට අවධානය යොමු කල යුතුවේ !

* පලාත් සභා තිබියදී වුවද පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය අප ආන්ඩුක්‍රම විවස්ථාව යටතේ පවතින බව එනම් 'ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි' යන්න ශ්‍රේශ්ඨධිකරණය 1987 දීම තීන්දු කර තිබේ ! ගැටලුව ඇත්තේ එකී තීන්දු කිරීම ප්‍රායෝගිකව එසේම පවත්වා ගැනීම සම්බන්ධවය ! එනම් නීතිය පොතට සීමා නොවී ප්‍රායෝගික කිරිම සම්බන්ධවය... එක් අතකින් පාර්ලිමේන්තුවේ 2/3 එනම් විෂේශ බහුතරය නොමැති අවස්ථාවකදී පලාත් සභා එකග නොවුන අවස්ථාවකදී පලාත් සභා හෝ සමගාමී ලයිස්තුවට අදාල විශයක් සම්බන්ධව වන පනත් කෙටුම්පතක් (ඒ බවට අර්ථනිරූපනයක් ශ්‍රේශ්ඨධිකරණයෙන් ලැබුන හොත්) සම්මත කරගැනීම සම්බන්ධව ගැටලුවක් මතුවේ, එසේම සමගාමී ලයිස්තුවේ විශයන් යැයි අර්ථනිරූපනයක් ලැබුනහොත් එවන් පනත් කෙටුම්පතක් සදහා පලාත් සභා සියල්ලේම අනුමැතිය නොලැබුන හොත් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයෙන් සම්මත කරගැනීමට නොහැකි තත්වයක් දක්නට තිබේ! ඒ අනුව පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය පිලිබදව ප්‍රශ්නාර්ථයක් මතුවීමත් ඒ පිලිබදව සාකච්ජාවන් මතුවීමත් සාධාරණය, බලතල වල සීමාවන් පිලිබදව හා සම්මත වීමේ ක්‍රියාදාමයන් පිලිබදව පැහැදිලිව දක්වා ඇති පුලුල් අර්ථනිරූපනයන් අවශ්‍ය වන්නේ එබැවිනි ! එබැවින් විවධ පාර්ශවයන් විසින් මේ සම්බන්ධව කරන්නාවූ අර්ථසාධක මට්ටමේ දැනුවත් කිරීම්ද ගැටලු ලෙස පෙන්වාදෙන කරුනුද සැලකීමට ලක් කල යුතුව ඇත...

* එසේම පලාත් සභා සම්බන්ධව කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාවේ දේශපූර්ණත්වය උල්ලංඝණය වන්නාවූ සිදුවීම් සිදුවන්නේ නම් එයට එරෙහිව නීතියෙන් කටයුතු කල යුතුය !

පලාත් සභා වලට අදාලව මෙවැනි කාරනා සම්බන්ධයෙන් විෂේශයෙන් අවධානය යොමු කල යුතුව තිබේ !

No comments:

Post a Comment