Friday, February 7, 2014

දැනුවත් බවමයි පිහිටට එන්නේ ...

අවධානය පිනිසයි !!!

නවක වදය මුවාවෙන් කොලඹ සරසවි සිසුවියන් පිරිසකට අතවර කරලා ---- >>> ඇමතිට යැවූ පැමිනිල්ලක් සරසවියෙන් රහස් පොලීසියට- 2012.06.08 ලoකාදීප !!!

පාසැල් සිසුවියක්ව වෑන් රථයකින් පැහැරගෙන යෑමේදී ඇය ඉන් බේරී පලා ගොස් තිබූ අයුරු පසුගිය දිනෙක පුවත්පතක් වාර්ථා කර තිබිනි ! එසේ ක්‍රියාත්මක වීමට ඇයට උපකාරී වී ඇත්තේ පාසැලෙන් පෙර දිනයකදී සිසුන්ට ලබා දී තිබූ දැනුවත්භාවය නිසා බව පුවත්පතේ දක්වා තිබිනි ! !!! ඒ අනුව සමාජයේ සිදුවන සිදුවීම් සම්බන්ධව දැනුවත්භාවය හා යම් සිදුවීමකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිලිබදව අවබෝධයක් ලබාදී තිබීමේ වැදගත් කම කොතරම් දැයි තේරුම්ගත හැක ! !!! එවන් කාරනා සේම සිසුන්ට පාසැලේදී නීතිය පිලිබදව, විෂේශයෙන් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය සම්බන්ධව දැනුවත් කරන්නේ නම් එය ඔවුන්ගේ මතු ආරක්ෂාවට ඉතාමත් වැදගත් වනු නොඅනුමානයි !! පාසැලෙන් පසුව විශ්ව විද්‍යාලයේදී හෝ වෙනත් අධ්යාපන ආයතනයකදී සිය කායික මානසික යහ පැවැත්මට තර්ජනයක් කිසිවෙකු වීසින් ඇති කරන්නේ නම් එයට ප්‍රතික්‍රියා දැක්වීමෙන් වෙනත් කිසිවෙකු නිසා තමාව කායික මානසික හිoසනයට ලක්වීමෙන් වැලකීමට එය සිසුවෙකුට/සිසුවියකට මහත්සේ උපකාරී වනු ඇත !!!
අද සමාජයේ මා නසික ව්‍යාධීන්ගෙන් යුත් තැනැත්තන් විසින් තවත් අහිoසක පාර්ශවයන්ට හිoසා පීඩා කරන්නාවූ බව නිතර අසන්නට දකින්නට ලැබෙමින් පවතී ! උක්ත පුවත තවත් එකකි !!! එවැනි අවස්ථාවකදී නිතියෙන් ඔබට හිමිවී ඇති ආරක්ෂාව ගැන අවබෝධයක් ලබාගැනීම ඉතා වැදගත් වේ !!! මන්ද යම් අවස්ථාවකදී ඔබගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට මේවා වැදගත් විය හැකි නිසාය !!! කාන්තාවක් වන ඔබට මෙය විෂේශයෙන් වැදගත් බව සිතේ තබා ගන්න ... ඔබගේ මිතුරන්ද දැනුවත් කරන්න !!!! සරල අර්ථයෙන් ගත් කල ඒවා මෙසේය !! මේ ඔබට මුහුන දීමට සිදුවිය හැකි භයානක අවස්ථා හයකි !!!

1. මරනය සිදු කල හැකි මට්ටමේ පහරදීමක් කිසිවෙකු විසින් ඔබට එල්ල කරයි නම් ...

2. ඔ බට බරපතල තුවාල සිදුවිය හැකි යැයි සාධාරන ලෙස අනුමාන කල හැකි පහර දිමකදී...

3. ස්ත්රී දූශනය සිදු කිරීමට උත්සාහ කරන්නේ නම් ...

4. අස්වාභාවික ලෙස ඔබගෙන් කාමය සoසිදුවා ගැනීමට කිසිවෙකු වෙර දරන අවස්ථාවකදී....

5. ඔබව පැහැරගෙන යෑමට උත්සාහ කරන අවස්ථාවකදී ....

6. ඔබව නිදහස් කරගැනීමට ආන්ඩුවේ බලධරයෙකු ඉදිරිපත් වීමට ඉඩක් නැති යැයි සාධාරන ලෙස සිතෙන විට කිසිවෙකු විසින් ඔබව අයුතු ලෙස සිර කරගැනීමේ අදහසින් පහරදීමක් කරන විට ...

තමන්ට එසේ හිoසා පීඩා කරන්නට උත්සාහ කරන්නාගෙන් එයට භාජනය වන තැනැත්තා වන ඔබට තම ශරීරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් තමාට එසේ හිoසා පීඩා කරන්නට උත්සාහ කරන්නාට බරපතල තුවාල හෝ තවත් ඉදිරියට ගොස් මරනය ගෙන ඒම දක්වා වූ පුලුල් පරාසයක ක්‍රියාකාරිත්වයක් දක්වමින් ඔබගේ ශරීරය ආරක්ෂා කරගැනීමේ අවස්ථාව නීතියෙන් ඔබට හිමිව තිබේ !!! [ද න්ඩ නීති සoග්‍රහය 93 ] එවැනි දෑ ඇත්තේ ඔබගේ මෙන්ම ප්‍රජාවගේම ආරක්ෂාව වෙනුවෙනි ! මෙකී දක්වා ඇති වැරදි හය හැරුනු කොට කිසිවෙකු විසින් ඔබට සිදු කරන්නාවූ සෙසු සියලු වැරදි සදහා එසේ ඔබට හිසා පීඩා කරන්නාගේ මරනය ලගා කරවීමට ඔබට අයිතිය නැති බවත් ඇත්තේ බරපතල තුවාල කීරීම දක්වා ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වීම බව මතක තබා ගන්න !!! ඒ පිලිබද එසේ දැනුවත්ව අවශ්‍ය නම් අදාල වගන්ති ඇතුලත් දන්ඩ නීති සoග්‍රහයද ්හොදින් කියවා බලා එවන් අවස්ථාවකට ඔබ මුහුන දුනහොත් යථා පරිද්දෙන් ක්‍රියාත්මක වී ඔබගේ ආරක්ෂාව සලසා ගැනීමට සූදානම්ව සිටීම ඔබ විසින් කල යුත්තකි !!!!

ඔබගේ ශරීරය වෙනුවෙන් මෙන්ම වෙනත් කෙනෙකු මෙවැනි කරුනු නිසා පීඩාවට පත්වේ නම් ඔහු හෝ ඇය බේරා ගැනීම වෙනුවෙන්ද ඔබගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් ඔබට ක්‍රියාත්මක විය හැක ! එසේම ශරිරය පමනක් නොව ඔබගේ හෝ වෙනත් අයකුගේ දේපල ආරක්ෂා කරගැනීම වෙනුවෙන්ද පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පැතිරවිය හැක !!!

විහිළුවකට ඔබ්බ්ට ගොස් අයුතු ලෙස, හෝ ඔබ අකමැති ලෙස ඔබට ශාරීරිකව හෝ මානසිකව පීඩා ගෙන ඒමට යම් කිසිවෙකු කිසියම් ස්ථානයකදී උත්සාහ කරයි නම් ඔබට පීඩා කිරීමට තැත් කරන තැනැත්තාට/තැනැත්තන්ට එරෙහිව අවස්ථනුකූලව නොපැකිලව ඔබට නීත්‍යානුකූලව හිමිව ඇති පුද්ගලික ආරක්ෂාවෙ අයිතිය ක්‍රියාත්මක කිරීමට සිතේ තබා ගන්න... නීතිය ඔබගේ පිහිටට ඇත... ඊට අමතරව ඔබට පීඩාවන් සිදු කල/සිදුකිරීමට උත්සාහ කල තැනැත්තා/තැනැත්තන්ව නොපැකිලව නීතියට කොටු කිරීමට දායක වී එවැන්නන්ගේ ක්‍රියාකාරකම් පාලනය කොට මනාසික ව්‍යාධීන්ගෙන් යුත් තැනැත්තන් විසින් සාමාන්‍ය ජනතාවට කරන්නාවූ හිංසනය පිටු දැකීමට දායක වීමේ වගකීමක් ඔබටද ඇත !!!

උක්ත පුවතින් දක්වා ඇති පරිද්දෙන් අදාල සිදුවීමට මුහුන දුන් සිසුවියන් විසින් තමන්ට සිදුවූ එකී පීඩාව යථා පරිදි දැන්වීමට කටයුතු කිරීම මගින්මනාසික ව්‍යාධීන්ගෙන් යුත් තැනැත්තන් විසින් තවත් තැනැත්තන් පීඩාවට පත්වීම වැලැක්වීමට දායක වීමක්ද සිදු කොට ඇති නිසා එය සමාජය පැත්තෙන් ඉටු කල මහගු වූ සේවයක්ද වේ !!!

No comments:

Post a Comment