Friday, February 7, 2014

සමාජය සදාචාරවත් කිරීමට ධර්මය සේම නීතියද වැදගත්ය.

සිංහල-බෞද්ධ රාජ්‍යයක් වුවද ශ්‍රී ලංකාව තුල ඇතැම් පුරවැසියන් නෙයෙකුත් විශමාචාරයන්ට ගොදුරුව එහි ප්‍රතිඵලයක් ලෙස අධික කාමාශාවන්ට ලක්ව කටයුතු කිරීම, දේපල කොල්ලකෑම හා බීමත්ව රිය හසුරුවීම වැනි අන් පුරවැසියන්ගේ පැත්තෙන් ගත් කල බෙහෙවින් භයානක කටයුතු වල සිට වෙනත් දූෂණ කිරීම් දක්වා විශමාචාරයන් සිදු කරන්නාවූ බව වාර්තා වීමෙන් ඇතැම්විට ධර්මය ඇසූවද ඇසූ ධර්මය පිළිපැදීමෙන් බැහැර වීම මත මෙවැනි දෑ සිදුවන බව එක් අතකින් කිව හැකිය ! එවැනි තැනැත්තන්ගේ විශම ක්‍රියාකාරිත්වය හුදෙක් ඔවුන්ගේ මෙලොව පරලොව පිරිහීමට පමණක්ම නොව ශ්‍රී ලංකාව තුල බුද්ධාගමේ පැවැත්මට හා බුද්ධ සාශනයේ යථා පැවැත්මට නොයෙකුත් බාධා ඇතිකරවමින් තිබේ, මන්ද ඔවුන් නිසා ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ සමාජයේ අන් පුරවැසියන්ද ක්‍රම ක්‍රමයෙන් අගතියට පත්වන්නාවූ නිසාය !

එබැවින් එවැනි තර්ජනයන්ගෙන් අන් පුරවැසියන් හා බුද්ධාගම, බුද්ධ සාශනය ආරක්ෂා කරනු පිණිස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම විවස්ථාවේ 9 වන විවස්ථාවෙන් කියවෙන "ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය" යන්න හා බුද්ධ සාශනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය යන්න (අන් ආගම් වල අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන අතර) පැහැදිලි ලෙස පුළුල් අර්ථනිරූපණයකට ලක් කොට වඩා ප්‍රායෝගික කිරීම අවශ්‍යය !!!

ඒ එක් පැත්තකි ! එමගින් පුද්ගලයින්ට ධර්ම මාර්ගයේ ගමන් ගැනීමට වඩා යොමු කිරීමක් නීතියෙන්ම සිදුවේ ! එහෙත් ඒ කොතරම් දේ කලත් කලයක් මුනින් අත හරවා වතුර වත් කල විට එය නො පිරෙන්නාක් සේම සරලවම පැවසුවහොත් හැදෙන්නේ නැති එකා හැදෙන්නේ නැත ! ඔවුන් හැදීමට වෙහෙසීමෙන් ඇති ඵලක්ද නැත්තේය !! එසේ නම් එවැන්නවුන් සම්බන්ධ කල යුත්තේ එකම එක දෙයකි ! අන් අයගේ යහ පැවැත්මට බාධා එල්ල කරන්නාවූ එවන් තැනැත්තන් නීතියට අනුව සමාජයෙන් සදහටම බැහැර කිරීමය ! එසේම නීතියේ ආධිපත්‍යයය වඩා විද්‍යාමාන කරණු අටියෙන් දණ්ඩනය වඩා ප්‍රායෝගික කල යුතුවේ !!!

ධර්මය හා නීතිය දෙකම භාවිතා කොට සමාජය සදාචාරවත් කිරිම පිණිස පියවර ගැනීම අවශ්‍යය !!! ඒ අනුව ධර්මානුකූලව මෙලොව හා පරලොව සකස් කරගැනීමට පුරවැසියන්ට වැඩි අවකාශය ලැබෙන අතරම එසේ නොවෙන තැනැත්තන් නීතියෙන්ද මනා කොට පාලනය වී උදා වන හෙට දිනයේ අදට වඩා සමාජය වඩා සුරක්ෂිත ස්ථානයක් කරගත හැකි වනු නියතය !

No comments:

Post a Comment