Friday, February 14, 2014

මෙරට බුද්ධ ශාසනයේ අඛණ්ඩභාවය...

සිංහල රජතුමාගේ පාලනය යටතේ අප රට පැවති කල මෙරට බුද්ධ ශාසනයට නිසි තැන හා රාජ්‍ය අනුග්‍රහය ගෞරවයෙන් ලබාදෙන ලදී ! පෘතුගීසීන් ලන්දේසීන් හමුවේ වුවද බුද්ධ ශාසනය පවත්වා ගැනීමට භික්ෂු හික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කලහ !

1815 දී උඩරට ගිවිසුම අනුව කන්ද උඩරට රාජධානීයේ එවකට රජ ව සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා වෙනුවට ශ්‍රී ලංකා රාජ්‍යයේ පාලනය බ්‍රිතාන්‍යයේ 3 වන ජෝර්ජ් රජතුමා වෙත නීතියට අනුව ගිවිසුමකින් බාර කෙරුනද ඉංග්‍රීසීන්ටද මෙරට බුද්ධ ශාසනයට නිසි තැන ලබාදීමෙන් බැහැර වීමට නොහැකි විය ! එනම් ඔවුන් එහි 5 වැනි වගන්තිය යටතේ

1. "බුද්ධාගම අනුල්ලංඝනීය බව" පිලිගත්හ.
2. "ආගමික වත්පිලිවෙත් හා සංඝයා වහන්සේ ආරක්ෂා කල යුතු බව" පිළිගත්හ.
3. "ජූජනීය ස්ථාන ආරක්ෂා කලයුතු බව" පිළිගත්හ.
4. "උඩරට ප්‍රධානීන්ට/වැසියන්ට හිමි වරප්‍රසාද තවදුරටත් ආරක්ෂා කරන බව" පිළිගත්හ !

එය සිංහලයන් වශයෙන් අප ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයකි ! මන්ද එකී වගන්ති කීපය තුල අප බෞද්ධ රාජ්‍යයේ අඛන්ඩතාවය එලෙසම පවත්වා ගැනීමට අවශ්ය වන කාරණා මැනැවින් අඩංගු වන බැවිණි ! යටත් මානසිකත්වයම රදවා ගෙන ඇති ඇතැමෙකුට අප සුද්දාට යටත් වූ බව කියමින් සිටින්නට හැකියාව ඇතැත් සැබැවින්ම ස්වදේශිකයන් ඉංග්‍රීසීන්ව උඩරට ගිවිසුම යටතේ කොන්දේසී මගින් බැද තබා ගැනීමට කටයුතු කීරිමේන් සැබැවින්ම ගත් කල සිංහලයා කෙතර සූක්ෂම වී ඇත්දැයි අවබෝධ කරගත හැක ! ඒ තත්වයේ වර්ධනයක් බවට කියන්නට හැකි 1892 පමණ වන විට ඔවුන් මෙරට සිද්ධස්ථාන ඉදිකිරීම වෙනුවෙන් හදුන්වා දුන් නීතිය තුලින්ද පෙන්නුම් කෙරෙන්නේ ඔවුන් මෙරට බෞද්ධ රාජ්‍යයේ අඛන්ඩතාවය පිළිගත් බවය !

බෞද්ධ හැර අන් ආගමික සිද්ධස්ථානයක් ඉදිකරන්නේ නම් ඒ සදහා

(1) සුදුසු පරිසරයක
(2) සාමකාමි ලෙස ආගම ඇදහීම

යන්න පිණිස

(3) ආණ්ඩුකාරවරයාගේ (වර්තමානයේ නම් ජනාධිපතිතුමාගේ සතු විධායක බලය දරන්නාවූ ආයතන ධූරවලියේ පහලම ආයතනය වන ප්‍රාදේශීය සභාවද, ඉන් පසු නගර සභාව, මහ නගර සභාව අදහස් වේ ) අනුමැතිය ඇතිව සෑදිය යුතුය !

එසේ නොමැතිව ඉදිකොට ඇත්තාවූ අන් ආගමික සිද්ධස්ථායක් වේ නම් එය එකී ඉංග්‍රීසි නීතියට අනුව මෙරට තුල නීත්යානුකූල වන්නේ නැත ! එබැවින් එවැන්නක් ඇත්නම් එවැනි දෑ පැවතීමම නීති විරෝධී වන බැවින් ඒවා ඉවත් කල හැකිය !

සිංහල රජතුමාගේ පාලනය යටතේ අප රට පැවති කල මෙරට බුද්ධ ශාසනයට නිසි තැන හා රාජ්‍ය අනුග්‍රහය ගෞරවයෙන් ලබාදීම අඛණ්ඩවම පවත්වා ගැනීමත් බුද්ධාගමේම කියවෙන්නාවූ අන්තර් ආගමික සහජීවනය යන්නද පවත්වා ගැනීම පිණිස අවශ්ය වන්නාවූ විඩිවිධානයන් ලබාදීම 1972 ආණ්ඩුක්‍රම විවස්ථාවේ 6 වන විවස්ථාව මගින්ද 1978 ආණ්ඩුක්‍රම විවස්ථාවේ 9 වන විවස්ථාව මගින්ද සිදු කර ඇත ! ඒවා වඩාත් අර්ථාන්විතව ප්‍රායෝගික කිරීම රජයේ වගකීම වේ !

No comments:

Post a Comment