Tuesday, December 18, 2018

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ වසර හතර හමාරක් වුයේ කෙසේද ?

හිටපු අගවිනිසුරු සරත් එන සිල්වා මහතා ඇතුළු සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් වර්ෂ 2002 දී පාර්ලිමේන්තුව විසුරුවිම සම්බන්ධ කාල සීමාව පිලිබදව ( 62 (2) හි දක්වන පාර්ලිමේන්තුවේ ධුර කාලයෙන් භාගයක් ) දුන් තීන්දුවක් තිබියදී වර්තමානයේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි වුයේ මන්ද ...

සාධාරණ ලෙස මතු විය හැකි ප්‍රශ්නයකි!

උසාවි නියෝග සම්බන්ධ කාරනා නිසා එක්කෝ ඒ සම්බන්ධ කතා කරන්නට ප්‍රායෝගිකව අපහසු මට්ටමේ විෂය කරුණක් නිසා හෝ විවේචනය කිරීමකට හසුවීමක් වනු ඇතයි නිසා හෝ වෙනත් එවැනි / යම් හේතුවක් නිසා හෝ සාකච්ඡා නොවෙනවා විය හැකිය.

කෙසේ නමුත් නීතියටද ගරු කරමින් අපහාසයක් මතු නොවෙනා ලෙසින් ඔය කාරනා සොයා බලන්නට හැකි ලෙසින් විමසීමක් කරන්නට බාධාවක් නැත! එසේ කල යුතුද වේ!

2002 නඩු තීන්දුව කියවූ පසුව මේ සම්බන්ධ නිතිය පැත්තෙන් හෝ දේශපාලනය පැත්තෙන් හෝ යම් උනන්දු අයකුට ඇතිවිය හැකි සාධාරණ ප්‍රශ්නයක් නම් එවන් තීන්දුවක් තිබියදී පාර්ලිමේන්තුව විසුරුවිම සම්බන්ධව වසර හතර හමාරක බාධකයක් 2015 දී සම්මත වූ 19 වන සංශෝධනය හරහා ආවේ කෙලෙසද යන්නය.

එයට නිසැකවම පිළිතුරු දෙන්නට මා හට දිවැස් නැතත් ,,,

1. 2002 දී 19 වන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පතේ තීන්දුව,

https://www.lawnet.gov.lk/…/011-SLLR-SLLR-2002-3-IN-RE-THE-…

2. 2015 දී සම්මත කල 19 වන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පතේ තීන්දුව,

පනත් කෙටුම්පත : http://www.parliament.lk/…/…/19th-amendment-bill-gazette.pdf

තීන්දුව : https://drive.google.com/…/1MD-Ls4ufygY4ucWBIW4Bonahu…/view…

සහ

3. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීන්දුව ඇසුරින්

යම් පිළිතුරක් දිය හැකිය.

පළමුව 2002 තීන්දුවට අදාළ කෙටුම්පත කෙරේ අවධානය යොමු කළහොත්නඩු තීන්දුවේ දක්වා ඇති පරිද්දෙන් එහි යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව එකිනෙකට වෙනස් පක්ෂ 2 කින් පත්ව ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට පාර්ලිමේන්තුවෙන් 2/3 යෝජනා සම්මතයක් අනුව මිස නොකළ යුතු බවයි. එහිදී ජනාධිපතිවරයා සතු පාර්ලිමේන්තුව විසුරුවාලීමේ අභිමතය සම්පුර්ණයෙන් ඉවත් කර තිබුණි.

එහෙත් 2015 කෙටුම්පතේ එවැන්නක් දක්වන්නේ නැත. පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර 5 වෙද්දී එය වසර හතර හමාරකි. අනෙක් අතට එවැනි පක්ෂයක් ඉලක්කගත කරගත් යෝජනාවක් ද නොව පොදුවේ දක්වන ලද විධිවිධානයකි!

ඒ අනුව එනයින්ම එදා සහ 2015 කෙටුම්පත සම්බන්ධ නඩු තීන්දුවේ සාකච්චාවට බදුන්වන සහ තීන්දු කල යුතු විෂය කාරණය එකිනෙකට වෙනස් තැනක ( subject matters are different ) ඇති ආකාරයකි. ඒ අනුව පෙර නඩු තීන්දු වල හරයෙන් බැදීමේ න්‍යාය ( එනම් අධිකරණ පුර්ව නිදර්ශන න්‍යාය - The doctrine of judicial precedent / stare decisis ) ට ව්‍යාතිරෙකයක් ලෙසින් සලකන distinguishing යන පදනම මත පෙර නඩු තීන්දුව නොසලකා සිටිය හැකි තැන ඇත!

නෛතික බැදීමක් නැති උනාම කිව්වත් එහෙත් මග පෙන්වීමක් ගන්නා ලෙසින් හෝ සැලකුවේ නැතිද ??? ( as a persuasive authority ???)

2015 සම්මත කල 19 වන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත විභාගයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ අභිමතය වසර 4 1/2 ක් දක්වා ඉහල දැමිම සම්බන්ධව සාකච්චා වීමක් සිදුවද නැත.

එම නඩු තීන්දුව ( 2015 ) : https://www.colombotelegraph.com/…/SC-SD-4-to-19-of-2015.pdf

එසේ වුයේ මන්ද ...

මා දන්නේ නැත !

එහෙත් අධිකරණයට යැවූ බවට අන්තර්ජාලයෙන් සොයා ගත හැකි 2015 මැයි 15 දා සම්මත කල 19 වන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ අභිමතය වසර 4 1/2 ක් දක්වා ඉහල දැමිම ඇතුලත් ය. ඒ අනුව එය ගරු අධිකරණය ද දැනුවත්ව එදා 2015 දී ව්යවස්ථාට අනනුකුල නොවේන බවට තීන්දු වන්නට ඇත.

නො එසේ නම් මෑත කාලයේ සිදුවූ බවට හිටපු අගනිවිසුරු සරත් එන් සිල්වා මහතා උසාවියේ හෙළි කලාක් බදු දෙයක් එදාද වුවා විය හැකිය.

එතුමා උසාවියේ දී හෙළි කලේ පළාත් සභා මැතිවරණ පනතේ කාන්තා නියෝජනය වැඩි කිරීමට ගැසට් කල පිටු 3 ක පමණ පනත් කෙටුම්පතේ ඒ සංශෝධන කාරක සභා අවධියේ ඉවත් කොට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට සංශෝධන ඇතුලත් කර සම්මත කරගෙන ඇති බවය.

මේ කාරනයටද එවැන්නක් සිදු වුවාද දන්නේ නැත!

එනම් ගැසට් කල පනත් කෙටුම්පත පිලිබදව ගරු අධිකරණ තීන්දුව ලැබුනාට පසුව කාරක සභා අවධියේදී එය වෙනස් වීමකට ලක් වුවාද දන්නේ නැත.

( උපකල්පනයක් පමණි )

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ නඩුවේදී 33(2)(ඇ) විශේෂයෙන් දක්වමින් කරුණු ඉදිරිපත් කලද ගරු අධිකරණය තීන්දුවේ දක්වා තිබුනේ

......
වගඋත්තරකරුවන් දැන් දක්වන එම කාරණය ( view )ට සහය පිනිස කිසිවක් 33(2)(ඇ) තුල හෝ 19 වන ආණ්ඩුක්රම ව්වස්ථා සංශෝධනයට අදාළ කෙටුම්පතට අදාල නඩුවේදී තහවුරු ( support ) කිරීමක් දකින්නට නොලැබුණු බවත් ඒ අනුව මෙම කරුණු ඉදිරිපත් කිරීම මනක් කල්පිත ( hypothetical ) සහ පිළිගත නොහැකි එකක් බවය - page 73 of the judgment.
.....

මේ සියලු කාරනා අනුව පෙනී යන්නේ ජනාධිපතිවරයා සතුව තිබුණු පාර්ලිමේන්තුව පත්වී වසරකින් පසුව විසුරුවාලීමේ හැකියාව වසර හතර හමාර දක්වා වැඩි කිරීම එදා 2015 දී අභියෝගයට ලක්ව නැතිව සම්මත වී ඇති බවය!

කෙසේ වුවත් දැන් බලපැවැත්වෙන්නේ සම්මතව ඇති නීතියයි.

2018 පාර්ලිමේන්තුව විසුරුවා හරිම සම්බන්ධ තීන්දුව යනු 2015 දී ඒ සම්මත කල 19 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය මත පිහිටා දුන් තීන්දුවකි. එමගින් දක්වන්නේ සම්මත කල ඒ නීතියට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරිද වැරදිද යන්න පමණි.

මේ අනුව එක්කෝ

1. මේ කාරණය එනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති අභිමතය වසර හතර හමාරක් දක්වා දික් කිරීම ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2015 දී සලකා හෝ / පෙර මා දැක්වූ පරිදි 2002 නඩු තීන්දුව අදාළනොවෙන බව තීන්දු කිරීම නිසා හෝ ගැටළුවක් නැති නිසා විශේෂයෙන් ඒ සම්බන්ධව තීන්දුවේ දක්වන්නට නැතුවා විය හැකිය.

2. නො එසේ නම් එම කාරණය විසදිය යුතු ප්‍රශ්නයක් ලෙසින් ගරු ශ්රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත්ව නැත!

3. එක්කෝ මේ කාරණය අභියෝග වී ඇත්තේ ම නැත.

එසේත් නැත්නම් සිදුව ඇත්තේ ඉහත දැක්වූ උපකල්පනයක් පමණි හි දැක්වූ අනික් කාරණයයි!

ඒ කෝක උවත් දැන් කෝප වී හෝ ශෝක වී පලක් නොමැත.

එම සංශෝධනය සම්මත වී හමාරය.

http://slembassyusa.org/downloads/19th_Amendment_E.pdf

එය ප්‍රශ්න කරනවා නම් කල යුත්තේ මුල්වරට රැස්වූ පසුව 2/3 යෝජනා සම්මතයක් නැති නම් වසර හතර හමාරක් යනතුරු විසුරුවාලිය නොහැකි බවට පත් කර ඇති පාර්ලිමේන්තුවෙන් මය !!!

මන්ද යත් 2002 නඩු තීන්දුව නොතිබ්බා ම / පැත්තකටම කර දැම්මා වුවත් පාර්ලිමේන්තුව් විසුරුවා හැරිම සම්බන්ධ මේ නඩු තීන්දුවෙන් ලැබුණු නිගමනය වූ පාර්ලිමේන්තුවේ 2/3 ක යෝජනා සම්මතයක් නොමැති නම් එය මුල් වරට පත්ව වසර හතර හමාරක් යන තුරු විසුරුවා ලිය නොහැකිය යන තත්වය තුල නඩු තීන්දුව පවත්නා නීතියට අනුව එකග වුවත් ඒ නිතිය නිසාවෙන් පත්වූ නව අගමැතිවරයාටද බහුතරයක් නැති, ඔළුගෙඩි ඈදා ගෙන 113 හදා ගන්නා තැනට පත්ව ඇති ජනමතය හරිහැටි නියෝජනය නොවෙන, එලෙස නියෝජනය වන පරිද්දෙන් සකසා ගැනීමටද නොහැකි ඔහේ තියෙනා පාර්ලිමේන්තුවක් දිහා ඡන්ඳ බලය අතේ තියාගෙන එය ක්‍රියාත්මක කරගන්නට නොහැකිව ඔහේ බලාගෙන ඉන්නට වී ඇති නිසා ය !!!

නීතියේ සමානාත්මතාවය කඩ කලා යැයි තින්දු වූ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම!!!

ආණ්ඩුක්‍රම විවස්තාවේ 12 ව්‍යවස්ථාව අනුව "නීතියේ සමානාත්මතාවයේ ආරක්ෂාව ලැබීමට ඇති අයිතිය කඩ නොවිය යුතුය" යන්න කොහොමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මූලධර්මයකි/පිලිගන්නා කාරණයකි.
එම අයිතිය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පුලුල් වී "නීතියේ සමානාත්මතාවයේ ආරක්ෂාව ලැබීමට ඇති අයිතිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් වුව කඩ නොවිය යුතුය" ලෙසින් මතුවී ඇති ආකාරයකි.

එනම් නීතියේ සමානාත්මතාවයේ ආරක්ෂාව ලැබීමට ඇති අයිතිය තුලට පාර්ලිමේන්තුව වසර හතර හමාරකට පෙර 70(1)හි දක්වා ඇති පරිද්දෙන්ම මිසක විසුරුවීමකින් තොරව පවත්වා ගැනීමේ අයිතියද ඇතුලත් වන බව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති තත්වයකි. එනම් අර්ථනිරුපණය හරහා මූලික අයිතිවාසිකම් වපසරිය පුලුල් කරනා ලද ආකාරයකි.

ජනතා මතය පාර්ලිමේන්තුවෙන් මනාව නිරූපණය නොවෙන වර්තමාන පාර්ලිමේන්තුව බදු අවස්ථාවක ඇතැම් ජනතා නියෝජිතයන්ට පාර්ලිමේන්තුව විසුරුවීම නිසා අහිමි වන්නට ගිය සිය බලය තවත් කාලයක් දක්වා රැකගැනීම පැත්තෙන් ඒ තීන්දුව නිසැකවම වැදගත් වනු ඇත.
 
එය ඔවුන් විසින් ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා වීමක්, නීතියේ ආධිපත්‍යය සුරැකීමක් ආදී බර වචන යොදා ( බාගෙදා ඒ වචන වල අර්ථයද හරි හැටි නොදැන ... ) රස කර ඉදිරිපත් කරනු ඇත. ආත්ම තෘප්තිය පැත්තෙන් සැලකූ කල්හි එහි වරදක් ද නැත.

කෙසේ නමුත් එකී තින්දුව ඔය ඇතැම් අය කියනා තරමටම එක එල්ලේම ජනතාවට නම් වැදගත් නොවෙනා තැන ඇතැයි කීම වරදක් නැත්තේ ජනතා මතය මේ වන විට නිවැරදිව පාර්ලිමේන්තුවේ නිරූපණය වන තත්වයක් දකින්නට නොමැති නිසාය. වසර හතර හමාරක් යන තුරු වෙනස් නොකරනවා නම් නොකල යුත්තේ ජනමතය මනාව නියෝජනය වන පාර්ලිමේන්තුවකි.

ජනතා මතය පැහැදිලි ව පාර්ලිමේන්තුවෙන් නිරූපණය වන හෝ පාර්ලිමේන්තු මැතිවරණය කින් මෙහා වුව එලෙස සකසා ගත් පසුව නම් මේ තීන්දුව වටිනා තීන්දුවක් වනු ඇත. මන්ද එවන් තත්වයකදී නම් එවන් පාර්ලිමේන්තුවකට අත නොතැබිය යුතු ද වන නිසාවෙනි.

ඒ අනුව මේ තීන්දුවට බොහෝ සතුටුව උදම් අනනා අය මතක තබා ගත යුත්තේ මෙම තීන්දුව ලැබුණේ බලය කුමන හෝ ක්‍රමයකින් රැක ගන්නට දිරි දීමක් වශයෙන් නම් නොව සහ ජනතා පරමාධිපත්‍යයට පටහැනි කිසිදු ක්‍රියා මාර්ගයක් පාර්ලිමේන්තුව තුළින් ගැනීමටද නොව ජනමතය නිවැරදිව නිරූපණය වන පාර්ලිමේන්තුවක පැවැත්ම තහවුරු කරගැනීම සඳහාම පමණක් වන බවය. ඒ වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක විය යුතුය.

එසේම මේ තීන්දුවට කනගාටුවෙන් බොහෝ අතෘප්තිමත්ව, එයින් නොනැවතී තම තමන් විනිශ්චයාරූඪ වෙමින් මත පල කරන්නට යන අයද අමතක නොකල යුත්තේ මෙය අති විශේෂ ජයග්‍රහණයක් ලබා ගත් පරිදි සිතනා / ක්‍රියාත්මක වන / පෙන්වා දෙන අයට පක්ෂව දුන් තීන්දුවක් නොවන බවත් ජනතා පරමාධිපත්‍යයේ එන ඡන්ද බලය නොසලකා දුන් තීන්දුවක් ලෙස සැලකිය යුතු ද නොවන බවයි.

ඒ මන්ද යත් පාර්ලිමේන්තුවේ දකින්නට ඇති ගැටලුකාරී, නිසි පරිදි ජනමතය නියෝජනය නොවන ස්වභාවය නිවැරදි කරන්නට අධිකරණයට ව්‍යවස්ථාව අර්ථ නිරූපණය හරහා මැදිහත් වන්නට නොහැකි තැනට කරුණු කාරණා යෙදී ඇති බවද ඔය තීන්දුවෙන් ගත හැකි යුක්තිමත් අදහසක් වන නිසාය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සම්බන්ධව කවරාකාර සීමාව ඉක්මවන මට්ටමේ වර්ණනා, සහ සීමාව ඉක්මවන මට්ටමේ විවේචන තිබුණත් මධ්‍යස්ථව බැලූ කල්හි නීතිය අනුව එහි අපක්ශපාතී බව ගැන යුක්තිසහගතව සෑහීමට පත්විය හැකිය.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු නියමිත කාලයට පෙර අප මහමැතිවරණයක් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ වත්මන් තත්වය ‍මැතිවරණයකින් මෙහා නිවැරදි කරගැනීමට නොහැකි තැන ඇති බව පෙනෙන්නට තිබූ නිසාය.

නියමිත කාලයට පෙර මැතිවරණයක් තැබීම මූලික අයිතිවාසිකම් / පරමාධිපත්‍යය කඩ කිරීමක් නොවේ. ඒ කාරනයට මෙම නඩු තීන්දුව පටහැනිද නොවේ. මන්ද අවැසි නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක යෝජනා සම්මතයක් ඇති කරගෙන එමගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ එහෙමම ඇති නිසාවෙනි. එහෙත් ජනාධිපතිවරයා විසින්ම පෙරදී මෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු කරන්නට පෙර නොතිබූ ව්‍යවස්ථාමය බාධකයක් ඇති බව ගරු අධිකරණයේ මතය වී ඇත. ඒ අනුව එය පාර්ලිමේන්තුටම විසදා ගන්නට යැයි නොකියා කියා ඇති ආකාරයකි. එය අප විසින් පිලිගත යුතුව ඇත.

මෙහිදී ව්‍යවස්ථා රාමුවේ තිබිය යුතු යැයි සලකන සංවරණ තුලන පාලන ක්‍රමයට කිසියම් වූ බලපෑමක් සිදුවී ඇතිද එසේ නම් ඒ කොයිතාක් දුරට ද යන්න මෙම නඩු තීන්දුවෙන් පැන නැගුණු තත්ත්වයත් සමග වෙනම අර්තසාධනීය මට්ටමින් සාකච්ඡා කළ යුතු මාතෘකාවකි.

ගරු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු සිදුවනු ඇත්තේ / කළ හැක්කේ කුමක්ද ?
* පාර්ලිමේන්තුව විසිරුවා හැරීමක් සිදුව නැත. එනම් පාර්ලිමේන්තුව විසුරුවාලීමට ගැසට් නිවේදනයක් නිකුත් නොකලා බදුය.
* පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රයට පසුව මේ තාක් පාර්ලිමේන්තුව විසින් නීතියට අනුව ගෙන අැති සහ ඉදිරියට ගන්නා එවැනි පියවර / පියවරයන් වේ නම් ඒවා පමණක් වලංගු ඒවා ලෙසට සැලකේ.
* නඩු තීන්දු නිසාවෙන්ම වත්මන් අගමැතිවරයාගේ හෝ ඇමති මණ්ඩලය වෙනසක් සිදු නොවේ.
* වත්මන් අගමැතිවරයා හෝ ඇමති මණ්ඩලයේ වෙනසක් ව්‍යවස්ථාව අනුවම සහ අධිකරණයේ බලයට පටහැනි නොවෙනා ලෙසින් මිසක සිදුකළ නොහැක.

මූලික අයිතිවාසිකම් සම්බන්ධ මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව පාර්ලිමේන්තුවේ ඇති නොසන්සුන් / ජනමතය නියෝජනය නොවෙනා තත්වය නිවැරදි කරන්නට මහ මැතිවරණයකදී ඡන්දයක් භාවිතා කරන්නට ජනාධිපතිවරයා මැදිහත්ව ලබා දුන් අවස්ථාව මග හැරී ගිය මුත් එහි වගකීම ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ගත නොහැකිය. එලෙස වගකිමක් පැවරිය නොයුතු ද වේ. මන්ද එය එසේ සිදුවූයේ ව්‍යවස්තාදායකය හෙවත් පාර්ලිමේන්තුවේ ක්‍රියාවක් නිසාවෙනි. එනම් 19 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔය බාධාව ඇති කලේ පාර්ලිමේන්තුව වන නිසාය.

අධිකරණය කලේ අධිකරණයේ භූමිකාව හෙවත් ඒ නීතිය අර්ථදක්වා පැහැදිලිව ප්‍රකාශ කිරිම පමණි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ජනතා පරමාධිපත්‍යය ඉක්මවා හෝ එයට අභියෝග කර නම් නැත. පාර්ලිමේන්තුවේ සිටින්නේද රටේ ජනතාවගේ ජනතා නියෝජිතයන් වන නිසා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ද සලකන්නට වන බව අර්ථවත් කරමින් ජනතා පරමාධිපත්‍යය වෙනුවෙන් නිතියෙන් දී තිබුණු අවකාශය තුල පසුගිය දින ගණනාව පුරාම ගොස් ලබා දිය හැකි යුක්තිමත්ම තීන්දුව එලි දක්වන්නට ඇතුවාට කිසිම සැකයක් නැත / එවන් සැකයක් පුරවැසියන් වශයෙන් අධිකරණය සම්බන්ධව තබා ගත යුතුද නොවේ. මන්ද එසේ වුවහොත් එහි හානිය වනු ඇත්තේද ජනතාවටම වන නිසාවෙනි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නඩු තීන්දුව - 2018

නඩු තීන්දුව සදහා :

https://drive.google.com/file/d/1MD-Ls4ufygY4ucWBIW4BonahuLJSId3y/view?fbclid=IwAR3xezcPs98-8_huidLH99B2r6jM-tVfrahjyxAmov2ywewwSyrLJUVGB34

පෙත්සම්කරුවන්, වගඋත්තරකරුවන් අතරමැදි පෙත්සම්කරුවන් සහ ඔවුන්ට පෙනී සිටින නීතිඥවරුන් හඳුන්වාදීමෙන් පසුව නඩුව විභාග කළ විනිසුරුවරුන්ගේ නම් දක්වා නඩුව විභාග කළ දිනයන්, ලිඛිත දේශන ගොනු කළ දිනයන්, නඩුව තීන්දු කළ දිනයත් දක්වමින් නඩුවේ පසුබිම් වූ කාරණය හෙවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය සහ වත්මන් පාර්ලිමේන්තුව මුලින්ම කැඳවීමට අදාළ ගැසට් පත්‍රය යන ලේඛණ p1, p2 ( සහ තවත් ලේඛන ) ලෙස දක්වමින් ගරු අගවිනිසුරුතුමා විසින් කරුණු දැක්වීම අරඹා ඇත.

- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) අනුව ක්‍රියාත්මක නොවීම, එහි දක්වා ඇති පරිදි යෝජනා සම්මතයක් නොමැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, වත්මන් පාර්ලිමේන්තුව මුල් වරට රැස්ව අවුරුදු තුනකුත් මාස දෙකක් සහ දින අටක් පමණක් ගෙවී තිබියදී එය විසුරුවා හැරීම, යන පෙත්සම්කරුවන් දක්වන කාරණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17, 126 සහ 35(1) අනුව පෙත්සම්කරුවන් විසින් එම ක්‍රියාවන් අභියෝගයට ලක් කර තිබුණි. එහිදී ඔහු විසින් වග උත්තරකරු ( ජනාධිපතිවරයා ) ක්‍රියාත්මක වූයේ බලාතික්‍රමණය ( Ultra Vires ) යටතේ, අයුක්තිසහගතව ( unreasonableness ) ව්‍යවස්ථාවට පටහැණි ව (Unconstitutionally), ජනතා පරමාධිපත්‍යය කඩවීම, පෙත්සම්කරුවන්ගේ නීත්‍යානුකූල නිත්‍යානුකුල අපේක්ෂාව (L.E) කඩ වෙන ආකාරයට ආදී ලෙසින් කරුණු ගණනාවක් දක්වා ඇත.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) කඩවීම (නීතිය ඉදිරියේදී සමානාත්මතාවය, නීතියේ සමාන ආරක්ෂාව ලැබීම) යන්න මත එම පෙත්සම් විභාගයට අවසර දෙන මෙන් කරුණු දක්වා ඉල්ලා සිටීමේදී එම අවසරය ලබාදී තිබුණි. ( Leave Granted )

ඒ අනුව අතුරු සහනයක් ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය ක්‍රියාත්මකවීම
නඩු විභාගය අවසන් වන තෙක් අත්හිටුවන ලදී ( Suspended the operation of the Gazette )
දෙසැම්බර් 4, 5, 6 යන දින නඩු විභාගයට නියම කර ඊට ප්‍රථම විරෝධතා, ප්‍රතිවිරෝධතා සහ ලිඛිත දේශන ගොනු කරන ලෙස දක්වා ඇත ( objections, counter affidavits and W/S)

නඩු විභාගයේදී මුලින්ම ගරු නීතිපතිවරයා විසින් මූලික විරෝධතාවයක් ගෙන තිබුණි.
එනම් මෙහිදී මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී නැති බවත්, මූලික අයිතිවාසිකම් ආණ්ඩුකම ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 15(7) අනුව සීමා කළ හැකිවීම මත ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝග කළ නොහැකි බවත් ජනාධිපතිවරයා විවස්තාවේ 33(2), 62(2), සහ 70(3) අතුරු විධානය ii අනුව කටයුතු කර ඇති බවත් මැතිවරණයක් කැඳවීම නිත්‍යානුකූල බවත් පෙත්සම්කරුවන් ගේ ඉල්ලීම් ලබා දුනහොත් එමගින් ජනතාවගේ ඡන්දය භාවිතා කිරීමේ අයිතිය කඩවෙන බවත්
අනෙකුත් වගඋත්තරකරුවන් වෙනුවෙන්;

- අත්‍යවශ්‍ය සියලුම පාර්ශ්වයන් සඳහන් නොකිරීම නිසා පෙත්සම් ඉවත දැමිය යුතු බව,
- පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් විසුරුවා හැරීම දේශපාලනමය තීන්දුවක් ( political decision ) බවත් ඒ අනුව ගරු අධිකරණය එවැනි කාරණාවකට මැදිහත් නොවිය යුතු බව,
- පාර්ලිමේන්තුවේ මතුව ඇති තත්ත්වය අනුව වෙනත් විකල්පයක් නොමැති වීම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිත්‍යානුකූල බව,
- ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකම විවස්ථාව කඩ කර ඇත්නම් එයට ප්‍රතිකර්ම ලබා ගත යුත්තේ මූලික අයිතිවාසිකම් හරහා නොව ව්‍යවස්ථාවේ 38(2) හරහා බව.

ඒ සම්බන්ධව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය අදහස් කර ඇත්තේ:

ආණ්ඩුකම විවස්ථාවේ 4(d) සහ 118 (b) අනුව මූලික අයිතිවාසිකම් සම්බන්ධව විශේෂයෙන් සොයා බැලීමට ව්‍යවස්ථාමය වගකීමක් ඇති නිසාත් මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) අනුව ජනාධිපතිවරයා නිල තත්වයෙන් කරන ක්‍රියා හෝ නොකර හැරීම ( Act / Omission ) මූලික අයිතිවාසිකම් නඩුවක් හරහා විමර්ශනය කර ගැනීමට ( Subject to Judicial Review ) අවස්ථාව උදා කර ඇති බව ය.
ඉන් පසුව වගඋත්තරකරුවන් ගෙන ඇති ස්ථාවරය වන්නේ: ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යන්න සාමාන්‍ය විධායක ක්‍රියාවක් නොව අධිකරණ විමර්ශනයට බඳුන් නොවන / නොකල යුතු බලයක් ( prerogative Power ) ලෙසටය.

ඒ සම්බන්ධව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් කර ඇත්තේ:

එවැනි බලයක් 1972 ට පෙරදී නම් අදහස් කළ හැකිව තිබුණු මුත් 1978 ව්‍යවස්ථාව 3 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට ලැබෙන්නේ පරමාධිපත්‍යය දරන ජනතාවගේ විධායක බලය බවත් හෙතෙම එය 4 වන ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක කළ යුතු බවත් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාල බලය ඇතුළත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන පරිච්ඡේදය වන "විධායකය" යටතේ බවත්ය.

එම බලය ක්‍රියාත්මක කිරීම විමර්ෂණයට ලක් කිරීම බැහැර කර ඇති ද ... ආණ්ඩුක්ම ව්‍යවස්ථාවේ 35(1) අනූව බැහර කර ඇත්තේ 33(2)(උ) පමණි. expressio unius මූලධර්මය අනුව ප්‍රකාශ කර ඇති දෙයක් මගින් ප්‍රකාශ කර නොමැති දේ බැහැර කෙරේ. ඒ අනුව 33(2)(ඇ) අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ හැක.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධ ව 33(2), 62(2), 70, 48(1),48(2) සලකා බලන ලදි. 48(1),(2) අන්තර් ගතය දක්වා ඇත.

මෙහිදී වගඋත්තරකරුවන් සහ අතරමැදි පෙත්සම්කරුවන් විසින් දක්වා සිටි පරිදි සංවරනය තුලනය පවත්වා ගැනීමද අදහස් කරමින් 33(2)(ඇ) යනු පෙරදී නොතිබුණු එහෙත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ අලුතින්ම එකතු කළ විධිවිධානයක් බවත් එය වර්ග කර ඇත්තේ "අමතරව" ලෙස සදහන් තත්වය නිසා එය භාවිතා කොට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ඇති බවත් 62(2) මගින් ද දක්වා ඇති පරිද්දෙන් එම විවස්තාවද භාවිතා කොට 70 අවස්ථාවේ දක්වා ඇති සීමා කිරීම් වලින් බැහැරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් / අභිමතයක් ජනාධිපතිවරයාට ඇතැයි දීර්ඝ වශයෙන් කළ කරුණු දැක්වීම් සලකමින් අනුව සැබැවින්ම එවැනි අදහසක් වගන්තියේ වචන ඇසුරින් / අර්ථ නිරූපණ රීති යටතේ ගත හැකි දැයි ගරු අධිකරණය විසින් සොයා බලා ඇත.

මෙහිදී ගරු අධිකරණයේ අවධානයට ලක්කර ඇත්තේ ව්‍යවස්ථා අර්ථ නිරූපණය සම්බන්ධවයි. එහිදී සාමාන්‍ය ව්‍යවස්ථාවක විධිවිධාන මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණයේ දී ද අර්ථ නිරූපනයට අදාළ රීති භාවිතා කළ යුතු බවත් එහිදී පාර්ලිමේන්තුවේ චේතනාව ( intention of the parliament ) සොයා බැලිය යුතු බවත්, යම් වගන්තියක අර්ථය පැහැදිලිව දකින්නට ඇති විටදී / භාෂාව පැහැදිලි විටදී එය ඒ ආකාරයෙන්ම අර්ථ නිරූපණය කළ යුතු බවත් ( literal meaning ) පාර්ලිමේන්තුවට කිසියම් වූ වැරදීමක් සිදුව ඇත්නම් එය නිවැරදි කිරීම අධිකරණය කටයුත්තක් නොවන බවත් නඩු තීන්දු දක්වමින් සඳහන් කර ඇත. එකම විෂය කාරණයක් සම්බන්ධව වගන්ති කීපයක සඳහන් කර ඇති විටදී ඒ සියලු වගන්ති එක් ව කියවිය යුතු බවත් දක්වා ඇත.

එහෙත් යම් අවස්ථාවක ව්කල්ප අර්ථයන් දෙකක් ( two alternative constructions ) ගත හැකි විටදී ව්‍යවස්ථාවේ අනිකුත් කොටස් සමග ගැටීමක් නොවෙන / අනුකූල වන වන අර්ථය තෝරාගෙන එසේ නොවන සහ ව්‍යාකූල ( Absurd ) ප්‍රායෝගික අපහසුතාවයට පත්කරන, අර්ථය ශූන්‍ය කරවන ( Nugatory ) අර්ථය බැහැර කළ යුතු බව දක්වන ලදී - [Golden Rule] එසේම ආණ්ඩුක්‍රම විවස්තාවක විධිවිධාන වලට සාමාන්‍ය විධිවිධාන වලට වඩා වැඩි වටිනාකමක් දිය යුතු ද වේ ( not formal, vital ) එසේම ව්‍යවස්ථාවේම විශේෂයෙන් සඳහන් කර / අර්තවත් කර ඇත්නම් මිස ව්‍යවස්ථාවේ කොටසක් එලෙස විශේෂ කොට සැලකිය යුතු නැත. එසේම අර්ථ නිරූපණය කළ යුත්තේ පනත තුල ( හතර කොන තුල සිට ය ) සිටය.

පෞද්ගලිකව ක්‍රියාත්මක වෙන තැනැත්තෙකුට මෙන් නොව මහජන ධූරයක් / අධිකාරියක් (Office / Authority ) දරන තැනැත්තෙකු සිය ධූරයේ ක්‍රියාත්මක වෙද්දී / බලතල භාවිතයේදි ක්‍රියාත්මක කරනාවූ අභිමතය යන්න සීමා කල හැකි / යුතු අභිමතයක් මිස සීමා නොකළ අභිමතයක් නොවේ ( not an unfettered discretion )
මෙහි සරල අදහස නම් තීරණ ගත හැකි බලයක් දරන පුද්ගලයකු කිසියම් වූ තීරණයක් ගත යුත්තේ එවන් තීරණයක් ගැනීමට තමාට ඇති හැකියාව ( අභිමතය ) යුක්ති සහගතව ( with a reasonable cause ) භාවිතා කරමිනි.

ජනාධිපතිවරයා සැලකූ කල කළ හෙතෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සිය බලතල භාවිතා කළ යුතු / නීතියේ ආධිපත්‍යයට ( Rule Of Law ) යටත් අයෙකි. ඔහුගේ ක්‍රියා අධිකරණ විමර්ශනයට ලක් කළ හැකි තැන ඇති නිසා ඔහු සතුව නීතියට පිටතින් ක්‍රියාත්මක කළ හැකි අභිමතයක් නැත.
19 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට පෙර 42 ව්‍යවස්ථාව යටතේ ද, 19 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 33අ යටතේ ද ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමට බැඳී සිටියි.
ඒ අනුව ජනාධිපතිවරයාට සීමා නොකළ අභිමතයක් ( unfettered discretion ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී නැත.

මෙහිදී ගරු අධිකරණය විසින් බලය බෙදීම ( Seperation of Powers ) යන්න පිළිබඳ කරුණු දක්වා ඇත.
ඒ අනුව එහි අර්ථය නම් ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන ආයතන තුන ව්‍යවස්ථාමය වශයෙන් එකිනෙකට සමාන සහ ( constitutionally equal status ) අනෙකුත් ආයතන වලින් ස්වාධීන, යම් බලතල ප්‍රමාණයක් තනිව ක්‍රියාත්මක කරන, එකක් අනෙක අභිබවා ක්‍රියාත්මක නොවෙන ( Should not be in a position to dominate others ) එහෙත් අනිත් ආයතන කෙරෙහි සංවරණ තුලනය පැවැත්විය යුතු වේ.
අධිකරණයේ කාර්ය භාරය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හිමි උත්තරීතර තැන ලබා දෙමින් කටයුතු කිරීමයි.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසියම් විවස්තාවක් කඩ වී ඇති බවට දක්වමින් අධිකරණය ඉදිරියට ගෙනා විට ගෙනා විට එය බැලූ බැල්මට ම ( primafacie ) ප්‍රතිකර්ම දිය යුතු තත්ත්වයකි.

33(2)(ඇ) හි සඳහන් පරිදි පාර්ලිමේන්තුව විසුරුවීම විසුර වීමේ හැකියාව ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද යන්න ගරු අධිකරණය සොයා බලයි.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ට අනුවය. ඒ අනුව 33(2)(ඇ) යන්න සාමාන්‍ය විධිවිධානයක් ( General Provision ) බවට පත්වන අතර 70(1)-(7) විස්තරාත්මක විධිවිධානය ( detailed / special provision ) බවට පත් වෙයි. මේ ආකාරයට එක ම කාරණයක් සම්බන්ධව සාමාන්‍ය විධිවිධානයක් සහ විශේෂ විධිවිධානයක් ඇති විටදී විශේෂ ලෙස දක්වා ඇති විධිවිධානය ක්‍රියාවට නැංවේ.
33(2)(ඇ) පමණක් ම සලකන්නේ නම් එයින් 70 ව්‍යවස්ථාව නොසලකා හැරීමකට ලක් වන බවත් ඒ අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්තේ 70 වන විධිවිධානය වෙත අවධානය යොමු නොකරමිනි.

මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් ගරු අධිකරණයේ අවධානය යොමු කර ඇත්තේ 19 වන ආණ්ඩුක්‍රම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පෙර තිබුණු 70(1) ඉවත් කොට වත්මන් වගන්තිය ඇතුළත් කර ඇති බවය. 19 වන සංශෝධනයට පෙර දී විසර්ජන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව විසින් දෙවරක් ප්‍රතික්ෂේප කළ විටදී ජනාධිපතිවරයා විසින් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීය යුතු වුවත් වර්තමානයේ ජනාධිපතිවරයාට එම හැකියාවද නැති ව ගොස් ඇති බවත් එනම් එවන් පාර්ලිමේන්තුවක් වුවත් විසුරුවා ලිය හැක්කේ පාර්ලිමේන්තුව විසින් ම තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් යෝජනා කොට ඉල්ලා සිටියොත්
පමණක් බවය.

නමුත් ගරු අධිකරණය දක්වා ඇත්තේ වගඋත්තරකරුවන් දැන් දක්වන එම කාරණය ( view )ට සහය පිනිස කිසිවක් 33(2)(ඇ) තුල හෝ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කෙටුම්පතට අදාල නඩුවේදී තහවුරු ( support ) කිරීමක් දකින්නට නොලැබුණු බවත් ඒ අනුව මෙම කරුණු ඉදිරිපත් කිරීම මනක් කල්පිත ( hypothetical ) සහ පිළිගත නොහැකි එකක් බවය - page 73 of the judgment.

කෙසේ වුවත් 19 වන සංශෝධනයට අදාළව 33(2)(ඇ) සහ 70 දැන් පෙනෙනා පරිදි කියවා තේරුම් ගත යුතු බවත් සම්මත කළ පනතක් පිළිබඳ අධිකරණ විමර්ශනයට 80(3) ව්‍යවස්ථාව අනුව අධිකරණය ට ඉඩක් නොමැති බව ගරු අධිකරණය දක්වා ඇත.

ඒ අනුව නීතිපතිවරයාගේ මතය පිළිගත හොත් 33(2)(ඇ)මගින් ජනාධිපතිවරයා ට 70 ව්‍යවස්ථාව අබිබවා ක්‍රියාත්මක වන්නට බලයක් ලැබෙන බවත්, ඒ අනුව පාර්ලිමේන්තුව අභිබවා යන උපරිම බලයක් ( Supreme Power ) ජනාධිපතිවරයා සතුවනු ඇති බවත්, එවැනි බලයක් සංවරනය තුලනය පවත්වා ගැනීම සඳහා බලපෑ හැකි බවත් ඒ ආකාරයේ පාලනය නොකළ එනම් විලංගු නොයෙදූ ( unfettered ) අභිමතයක් ජනාධිපතිවරයාට තබා වෙනත් කිසිම රජයේ නිලධාරියෙකුට අපගේ නීතිය අනුව ලබාදී නොමැති බවත්, විශේෂයෙන් එවැනි බලයක් ජනාධිපතිවරයාට ඇති බව අර්ථවත් නොකර ඇතිවිට අර්ථ නිරූපණ රීති යටතේ නීතිපතිවරයාගේ සහ අනිකුත් වගඋත්තරකරුවන්ගේ ස්ථාවරයන් ප්‍රතික්ෂේප කළ යුතු බවත්ය.
එසේම 33(2)(ඇ) යන්න විධායකය විසින්ම පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළව බලය ක්‍රියාත්මක කර වීමක් ( executive driven ) සහ 70 යනු පාර්ලිමේන්තුව විසින් ඉල්ලා සිටි විටදී ජනාධිපතිවරයා විසින් බලය ක්‍රියාත්මක කරවීමක් ( legislative deiven ) යන එකිනෙකට වෙනස් සහ ස්වාධීන ලෙස සැලකිය යුතු අවස්ථා යන්නද ඉහත හේතු දැක්වීම මත ප්‍රතික්ෂේප කර ඇත.

33(2)(ඇ) හි සදහන් "අමතරව" යන්න තුල 70 ව්‍යවස්ථාව නොසලකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති හැකියාවක් ගැබ්ව ඇතැයි යන ස්ථාවරය ද ඉහත හේතු මත ප්‍රතික්ෂේප කර ඇත.
එසේ ම ගරු අධිකරණය වැඩිදුරටත් දක්වා ඇත්තේ 19 වන සංශෝධනයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධ විධිවිධාන ඇතුළත් වූයේ 70 ව්‍යවස්ථාවේ පමණක් බවත් එහිදී ජනාධිපතිවරයාගේ බලතල / කාර්‍ය යටතට පාර්ලිමේන්තුව කැඳවීම වාර අවසාන කිරීම විසුරුවා හැරීම යන්න සඳහන් නොවූ බවත් 19 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය 33(2)(ඇ) යටතේ එය සඳහන් කර ඇති බවත් එමගින් අදහස් වන්නේ එම බලය ජනාධිපතිවරයාට ඇති බව හඳුනා ගැනීම ( only a recognition of that power ) පමණක් බවය.
62(2) විවස්තාවෙ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් කෙරෙහි ගරු අධිකරණය අවධානය යොමු කර ඇත.
එහි කාරණා තුනක් හඳුනා ගත හැක.

1. පාර්ලිමේන්තුව එහි පළමු රැස්වීමේ සිට වසර පහක ධුර කාලයක් පවතී.
2. පාර්ලිමේන්තුව වසර පහකට පෙර විසුරුවා හැරිය හැක. (parliament may be sooner dissolved )
3. වසර 5 සම්පූර්ණ වූ පසුව පාර්ලිමේන්තුව ඉබේම විසුරුනා සේ සැලකේ.

මෙහි සඳහන් වසර පහකට පෙර විසුරුවා හැරිය හැක යන්න කියවිය යුත්තේ ද තනි විවස්තාවක් වශයෙන් නොව 70 ව්‍යවස්ථාවට යටත් ව බව දක්වන ලදී.

70(5) ඒ දක්වන පරිදි 62(2) හි පරිද්දෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ විට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තේරීම සඳහා ප්‍රකාශනයක් මගින් නොපමාව දිනයක් හෝ දින නියම කොට .... යන්නෙහි සිංහල පිටපතේ 62(2) ඇති 'විසුරුවා හරිනු ලැබූ විට' සහ ඉංග්‍රීසි පිටපතේ ඇති "up on the dissolution" හි අදහස වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු යන්න බව දක්වන ලදී. 62(2) හි සඳහන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිය යන්න ක්‍රියාත්මක විය යුත්තේ 70 ව්‍යවස්ථාවට යටත් වූ බව දක්වන ලදී. 70(3) ව්‍යවස්ථාව සැලකීමේදී පාර්ලිමේන්තුව කල් තබා ඇති අවස්ථාවක එය විසුරුවීම දක්වයි. එම අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් එය කළ යුත්තේ ද 70 ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත් වූ බව දක්වන ලදී.

ගරු අධිකරණයේ නිගමනය:

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලතල 33(2)(ඇ) හි දක්වා තිබුණත් එම බලතල 70 වන ව්‍යවස්ථාවට අනුව ක්‍රියාත්මක කළ යුතු ය.

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් එහි මුල් රැස්වීමේ සිට වසර හතර හමාරක් ගත වී
තිබිය යුතු අතර නො එසේ නම් ඊට ප්‍රථම සිදුකරන විසූරුවා හැරීමකට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව 2/3 ක මන්ත්‍රීවරුන් ගේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය. පාර්ලිමේන්තුවේ මුල් රැස්වීමේ සිට වසර හතර හමාරක් ගත වූ පසුව ජනාධිපතිවරයාට සිය අභිමතය මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ලැබේ. පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර 5 කාලය වසර පහ සම්පූර්ණ වූ පසුව 62(2) ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙන් පාර්ලිමේන්තුව විසුරුනා සේ සැලකේ. එවැනි අවස්ථාවක ව්‍යවස්ථාවේ 70(5) අනුව ජනාධිපතිවරයා කටයුතු කළ යුතු ය. මෙම නිගමනයට ගරු අධිකරණය පැමිණ ඇත්තේ ව්‍යවස්ථා අර්ථ නිරූපනයට අදාළ සම්මත රීති භාවිතා කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර නීතිය වශයෙන් සලකමින් නීතියේ ආධිපත්‍යය බලය බෙදීම යන සංකල්පය සහ සීමාවක් නොමැති අභිමතයක් කිසිදු මහජන අදිකාරියකට නොමැති ය යන කරුණු සලකමිනි.

මේ අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බලාතික්‍රමණ ක්‍රියාවකි. එය අධිකරණ විමර්ශනයට බඳුන් කළ හැකි ය. එමගින් ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුව ඇති අතර එයට මූලික අයිතිවාසිකම් හරහා ප්‍රතිකර්ම ලබා දිය හැකිය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මගින් නව පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම සඳහා වන මැතිවරණයක් කැඳවීමට නියම කර තිබීම හරහා එහිදී ජනතාවට සිය ඡන්ද බලය ක්‍රියාත්මක කළහැකි වන මුත් එවැන්නක් ක්‍රියාත්මක කරන්නට සිදු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් හරහා වන නිසාවෙන් එහිදී ක්‍රියාත්මක කරන වූ ඡන්ද බලය සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක කරන ඡන්ද බලයක් ලෙස හැඳින්විය නොහැක ( not a true exercise of franchise of the people )

මෙහිදී පෙත්සම්කරුවන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) අර්තය තුල අසමාන ව සැලකීම යන්න ධනාත්මක ක්‍රියාවක් ( positive act ) මගින් ඔප්පු කිරීමට අසමත් වුවත් මූලික අයිතිවාසිකම් නඩු විභාග කොට ප්‍රතිකර්ම ලබා දීමට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති අධිකරණ බලය යටතේ විශේෂයෙන් 12(1) යන සියලු පුද්ගලයින්ට නීතිය නීතියේ සමාන ආරක්ෂාව ලබාදෙන බව දක්වන, බලය ඉක්ම
වා භාවිතා කිරීම / අසත්භාවයෙන් භාවිතා කිරීමට එරෙහිව ප්‍රතිකර්ම ලබා දීමට ඇති හැකියාවත් ( 12(1) හි විෂය පථයට නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම, නිත්‍යානුකුල අපේක්ෂාව ආරක්ෂා කිරීම, ස්වභාවික යුක්ති මූලධර්ම ආරක්ෂා කිරීම ආදියද ඇතුලත් ය ) 4(ඉ) ව්‍යවස්ථාව ද සලකමින්, නීතිය කඩ කරන සෑම ක්‍රියාවක්ම නීති විරෝධී යන පදනම සලකමින්, වෙනස්කොට සැලකීමක් / අසමානව සැලකීමක් විශේෂයෙන් පෙන්නුම් නොකළ ද ප්‍රතිකර්ම ලබා දිය හැකි බවය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව කඩ වී ඇති බව බව තීන්දු කරයි. ප්‍රතිකර්මය ලෙස පෙත්සම් කරුවන් ඉල්ලා සිටි පරිදි පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළ ජනාධිපතිවරයා ගේ ගැසට් පත්‍රය මුල සිටම ශුන්‍ය සහ බල රහිත නීතිය ඉදිරියේ කිසිදු බලයක් නොමැති බව තීන්දු කරයි!

සැ. යු: මෙහි මා විසින් දැක්වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සම්බන්ධ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවේ මා විසින් මාගේ පහසුව උදෙසා කියවා ගැනීමට සරලව සකස් කළ සිංහල පරිවර්තනය වන අතර ඒ අනුව නිතියට අනුව බලධාරී පරිවර්තනයක් ලෙස නොසැලකිය යුතු බවත් කරුණාවෙන් සලකන්න!!!
එසේම මෙය මෙහි පල කලේ මේ සම්බන්ධව උනන්දු වන අයහට මේ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා පමණි!!!

නඩු තීන්දුවට පසුව 19 වන සංශෝධනය

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත් අවස්ථාවේ තිබියදී ඒ පිළිබඳ සිය තීරණය සඳහන් කරමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය එදා 2015 දී දුන් තීන්දුවත්, එම නීතිය අර්ථ නිරූපණය කරමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය පසුගියදා ලබා දුන් නඩු තීන්දුවත්, දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අදාළ කොටස්ද විශේෂයෙන් කියවා අවසන් ය!!!

ඒ අනුව මාගේ නිගමනයන් පහත පරිදි සඳහන් කළ හැකිය!

- 19 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට පසුව ජනාධිපතිවරයා විසින් විධායක බලය භාවිතා කොට නිල තත්වයෙන් සිදු කරනා ක්‍රියා හෝ නොකර හැරීම් ( Act / Omission ) මූලික අයිතිවාසිකම් නඩුවක් හරහා අභියෝග කිරීමේ හැකියාව ඕනෑම පුරවැසියෙකුට උදාවී ඇත. එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද ඊට ඇතුළත් වේ.

- ජනාධිපතිවරයාට සිය අභිමතයට අගමැතිවරයාව ඉවත් කිරීමේ පෙර තිබූ හැකියාව ඉවත් වී ඇත.
(100% ක් තහවුරු කරගැනීම සඳහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයක් අවශ්‍යව ඇත)
- 19 වන සංශෝධනයට පසුව අගමැතිවරයා ධූරය දැරීම අවසන් වන්නේ ,,,

1. මියයෑම,
2. ජනාධිපතිවරයා වෙත ලියනා ලිපියකින් ධුරයෙන් ඉල්ලා අස්වීම,
3. අමාත්‍ය මණ්ඩලය ධූර දැරීම නතර වීම,
4. පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා අවසන් වීම,
5. අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීම.
6. තව දුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවීම.
7. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීම.
8.විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප කිරීම.

- අගමැතිවරයාගේ උපදෙස් මත අමාත්‍ය මණ්ඩල සාමාජිකයෙක් හෝ වෙනත් අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලිපියකින් ඉවත් ඉවත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට ඇත.

- පාර්ලිමේන්තුව මුල් වරට රැස්වීමේ දින සිට වසර හතර හමාරක් යන තුරු පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව තුනෙන් දෙකකින් සම්මත වූ යෝජනාවකින් තොර ව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැක. එවැනි යෝජනාවක් ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයට සම්මත කරගැනීමේ හැකියාවද ඉතා අල්ප නිසාවෙන් සහ පාර්ලිමේන්තුවම එවැනි යෝජනාවක් සම්මත කරගැනිමක් කරනු ඇතැයි සිතීම අසීරු නිසා ප්‍රායෝගිකව බොහෝ දුරට මුල් වරට රැස්වීමෙන් වසර 4 1/2 ක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවීමක් බලාපොරොත්තු වීම අසීරුය!!!

පාර්ලිමේන්තුව එනම් ව්‍යවස්ථාදායකය කෙරෙහි කෙරෙහි විධායකය විසින් සංවරනය තුලනය පවත්වා ගැනීම සිදු කිරීම බෙහෙවින් අසීරු තත්ත්වයට පත්කර ඇති ආකාරයක් දකින්නට ලැබේ.
එසේ වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ අභිමතය ක්‍රියාත්මක කිරීමට හැකි කාල සීමාව වසරේ සිට වසර 4 1/2 දක්වා ඉහළ නැංවීමත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුව තුළින් ම ගෙනා ආ යුත්තේ සාමාන්‍ය බහුතරයේ සිට 2/3 ක බහුතරයකින් ලෙස දැක්වීම මගිනි.
මෙමගින් පාර්ලිමේන්තුවේ ස්ථාවර පැවැත්ම තහවුරු වන මුත් පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය මහජනයා විසින් ප්‍රශ්න කළ යුතු මට්ටමට පත්වූ අවස්ථාවකදී / ජන මතය තවදුරටත් පාර්ලිමේන්තුවෙන් නියෝජනය වීම සිදු නොවෙන තැනට පත්ව එයට විසඳුමක් පාර්ලිමේන්තුවටම ලබා ගැනීමට නොහැකි වූ විට දී එයට ප්‍රතිචාර දැක්වීම සඳහා යුක්තිසහගත හැකියාවක් ජනාධිපතිවරයාට තිබිය යුතු නොවේද ???

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධ නඩුවේ ගරු නීතිපතිතුමා සහ වගඋත්තරකරුවන් සහ අතිරේක පෙත්සම්කරුවන් ගරු අධිකරණයේ 33(2)(ඇ) 62(2) අනුසාරයෙන් මතු කළේ මේ කාරණය යි. 2002 දී මෙවැනිම කාරණයකදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණේ මෙලෙස ජනාධිපතිවරයා සතු පාර්ලිමේන්තුව විසුරුවා ලීමේ බලය සංවරණය තුලනය පවත්වා ගැනීම පැත්තෙන් ඉතා වැදගත් සාධකයක් නිසා එම හැකියාව සැලකිය යුතු ලෙසින් අඩු කරන්නේ නම් එය විධායක බලය සෝදාපාලුවට ලක්වීමක් ( erosion of the executive power ) බවත් එහි යම් සීමාවක් ඉක්මවා යන්නේ නම් එහිදී ජනතා අනුමැතිය හිමිවිය යුතු බවය.

කෙසේ නමුත් මේ කාරණය 2015 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ නඩුවේදී සාකච්ඡා වුවාද යන්න පැහැදිලි නැතත් නඩු තීන්දුවේ ඒ සම්බන්ධ සදහනක් නැත! 16. ක් ලෙස සදහන් සංශෝධන අතරේ පාර්ලිමේන්තුව සම්බන්ධව ඇත්තේ 11. එහි ධුර කාලය අඩු කිරීම සම්බන්ධව සහ 12. වාර අවසාන කිරීම ( prorogation ) සම්බන්ධවය.

2002 දී නඩුවේ සාකච්ඡා කර ඇති කාරණයේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලය වසර 3 කට එහා දික් කරන්නේ නම් ජනමතවිචාරණයක අවශ්‍යතාවය ගෙන හැර දක්වා තිබීමේදී එය යෝජනා කොට තිබී ඇත්තේ ජනාධිපතිවරයා පත්වූ දේශපාලන පක්ෂයෙන් නොවන පක්ෂයකින් පාර්ලිමේන්තුවේ බහුතරය පත්ව තිබියදිය. නමුත් මෙම 19 වන සංශෝධනයෙදී එවන් කාරණයක් දක්වා නැති නිසා 2015 දී ව්‍යවස්තානුකුල බව තීරණය කල 19 වන සංශෝධන කෙටුම්පතට අදාලව එය විශේෂ වැදගත් තැනක් නොගත්තා විය හැකිය.

සත් පුද්ගල විනිශ්චය සභාවක් දුන් තින්දුවක බැදීම තවත් සත් පුද්ගල විනිශ්චය සභාවකට ඇත. එහෙත් එසේ වන්නේ පෙර පැවති තත්වයේ / සිද්ධිමය කරුණුම ඇතුලත් නඩුවක් වර්තමානයේද පැමිණ ඇත්නම් පමණි. එසේ නොවන්නේ නම් ඒ නඩුව මෙම නඩුවේ කරුණු වලින් වෙනස් කොට දක්වමින් ( distinguishing ) ඒ තීන්දුවේන බැදීමේන බැහැර විය හැකිය. සිද්ධිමය කරුණු සමාන නැත්නම් පෙර නඩු තීන්දුව කොතරම් හොද එකක් වුවත් එයින් වර්තමානයේ බදෙන්නටද නොහැකිය. මන්ද එය නීතියට පටහැනි වන නිසාවෙනි.
එසේම එකී කාරණය වගඋත්තරකරුවන් / අතිරේක පෙත්සම්කරුවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළබද නඩුවේදී ද මතු කලත් එයට පෙත්සම්කරුවන් වෙනුවෙන් විරෝධය පල කරමින් කියා සිටියේ එය මෙම නඩුවට අදාළ නොවෙන බවය. ගරු විනිසුරුතුම්න්ලා ඒ කාරණය ගැන නඩු තීන්දුවේ මෙසේ දක්වා තිබේ. (අංක 02)

මුලින් ඇත්තේ එයට පෙර ඡේදයයි.

// The added Respondents have also submitted that following the introduction of the second paragraph of Article 70 (1) by the 19th Amendment and the deletion of the powers vested in the President under Article 70 (1) of the 1978 Constitution to dissolve Parliament on the rejection of a statement of Government Policy following the completion of the first Session of Parliament or following the rejection of two consecutive Appropriation Bills [Article 70 (1) (b) and Article 70 (1) (d) of the 1978 Constitution], the framers of the 19th Amendment realized that it was inadvisable to render the President unable to dissolve Parliament for four and half years even in such situations where it was evident that Parliament was dysfunctional. They contend that Article 33 (2) (c) was intentionally inserted by the 19th Amendment as a new provision to preserve with the President a power to dissolve Parliament at any time and at his sole discretion irrespective of the confines of Article 70 (1).
අංක 02 ;- We see nothing on the face of Article 33 (2) (c) or in the Determination of this Court IN RE THE 19TH AMENDMENT [2015] [SC SD 04/2015] which supports that view. That submission is hypothetical and cannot be accepted.

In any event, following the 19th Amendment, Article 70 (1) and Article 33 (2) (c) must be read and understood as they now appear in the Constitution. The Court cannot dispute or review these provisions. The Court is expressly prohibited from doing so by Article 80(3) which states that “Where a Bill becomes law upon the certificate of the President or the Speaker, as the case may be being endorsed thereon, no court or tribunal shall inquire into, pronounce upon or in any manner call in question, the validity of such Act on any ground whatsoever.” That restriction was clearly declared by this Court in GAMAGE vs. PERERA (supra) which was cited earlier // - උපුටා ගැනීම තීන්දුවේ 73 පිටුවෙන්

// ... It has been said by some of the added Respondents that refusing the Petitioners‘ applications will enable a General Election to be held in pursuance of the Proclamation marked ―P1‖ and, therefore, justified because it will give effect to the franchise of the people. That submission is not correct. Giving effect to the franchise of the people is not achieved by the Court permitting a General Election held consequent to a dissolution of Parliament which has been effected contrary to the provision of the Constitution. Such a General Election will be unlawfully held and its result will be open to question. A General Election will be valid only if it is lawfully held. Thus, a General Election held consequent to a dissolution of Parliament which has been done contrary to the provisions of the Constitution will not be a true exercise of the franchise of the people.
Some of the added Respondents have submitted that the prevailing circumstances require that a General Election be held and that the Court should permit a General Election to be held. The Court cannot be motivated by those considerations which are inevitably tinged with political considerations and other issues outside the scope of the task before us, which is determining the constitutional validity of the Proclamation marked ―P1‖. In any event, it appears to me that, there is ample provision in the second paragraph of Article 70 (1) for Parliament, which is under a duty to act in accordance with the will of people, to take steps to have a lawful General Election where it considers it necessary to do so ... // - උපුටා ගැනීම 85 පිටුවෙන්

පාර්ලිමේන්තුව සම්බන්ධව පන නැගුණු ප්‍රශ්නය විසදන්නට අධිකරණය සක්‍රියව ක්රියාත්මක වුයේ නැති බවට ඇතැමුන් කියන්නේ එක්කෝ නොදැනුවත්කමටය. නො එසේ නම් දැනගෙන තමන්ගේ වාසියටය.
එහෙත් මෙම කාරණයේදී අධිකරණය ක්‍රියාත්මක වුයේ එයට ලබා දී ඇති බලයේ සීමාව තුල බවට මිට වඩා සාක්ෂි ඔබට අවැසි නොවෙනු ඇත!

කිසියම් අර්බුදකාරී තත්ත්වයක දී පාර්ලිමේන්තුව විසින් ම තමන්ව විසුරුවා හරින ලෙසට 2/3 න් යෝජනාවක් කරනු ඇතැ යි ඉතාමත්ම කලාතුරකින් සිදු වනු ඇති / සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව බලාපොරොත්තු විය නොහැකි තැන ඇති කාරණයකි. එවන් අවස්ථාවකදී 2/3 තබා 1/2 ක් වත් සොයා ගැනීමට හැකිවේදැයි සක සහිතය. ( විශේෂයෙන් පාර්ලිමේන්තුවේ යම් අර්බුදයක් ඇතිවූ අවස්ථාවක දී ) ඒ වනාහි සමාගමකට එරෙහි නඩුවක් ගෙන ඒමට සුදුසුම තැනැත්තා සමාගමම බව දක්වන ලද ෆොස් එ. හර්බොටල් රීතිය බදු එකකි.
බහුතර කොටස් හිමියන් විසින් සුළුතර කොටස් හිමියන්ට එරෙහිව කිසියම් වූ අයථා ක්‍රියාවක් හෝ බලය පෑමක් සිදු කරන අවස්ථාවක එයට එරෙහිව සමාගම විසින් ම ප්‍රතිකර්මයක් ගෙන එනවා බදු කාරණයකි. කොටස් හිමියන් ගේ බහුතර මනාපය හෙවත් shareholder democracy යන්න එතන තිබුණත් එය ප්‍රායෝගිකව සිදු නොවන තැන ඇත. ඒ අනුව එවැනි අවස්ථාවක ප්‍රතිකර්මයක් ලබා ගැනීම සඳහා සුළුතර කොටස් හිමියන් ට නීතියෙන් අවකාශය ලබා දිය යුතු ය ( එය නඩු තීරණ නීතිය හරහා ම සහ සමාගම් පනතට අනුව එය සිදුකර ඇත ) ඒ අනුව එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලතල ජනාධිපතිවරයාට තිබිය යුතුවෙයි. නඩු තීන්දුව අනුව එවැනි බලතල දැන් විවස්තාවේ නැත!

- විසර්ජන පනත් කෙටුම්පත දෙවරක් පරාද වුවත් පෙරදී මෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාව අහිමි කර ඇත.
( ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයට යටත්ව )

මෙය හාස්‍යජනක තත්වයක් යැයි සදහන් කිරීමේ වරදක් නැත. එහි අර්ථය එවන් පාර්ලිමේන්තුවක් වුව වසර හතර හමාරක් ඇදගෙන යා යුතු බව විය යුතුය!

- ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග යෝජනාවක් සම්බන්ධ ව පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වීමේදී යම් සීමිත අවස්ථා වලදී ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබූ හැකියාව අහිමි කර ඇත.
( ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයට යටත්ව )

ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති වරයාට තිබු සීමිත අවස්ථා තුනම අහිමි කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතර බලය දරණ තම පක්ෂයේ / සංධානයේ / ජාතික ආණ්ඩුවේ බලය යම් ආකාරයකින් ඉහළ දමා ගනිමින් ජනතාවගේ ඡන්දයෙන් සෘජුව පත් වන, රටේ ආරක්ෂාව ඇතුලු ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරනා ජනාධිපතිවරයාව එම පාර්ලිමේන්තු බලය අනිසි ලෙස යොදවා පාලනයකට ලක් කිරීමේ හැකියාව පාර්ලිමේන්තුවට උදා උදා වී ඇත. එය පාර්ලිමේන්තුවේ පැවැත්ම පැත්තෙන් යහපත් විය හැකි වුවත් ජනතාවගේ පැත්තෙන් කොතරම් යහපත් විය හැකි ද යන්න ප්‍රශ්න කළ හැකි / ප්‍රශ්න කළ යුතු තැන ඇති කාරණයකි!

අවම වශයෙන් 70 (1)(ඇ) ii හෝ ඉතිරි කරන්නට තිබුණි. මන්ද යත් ජනතා ඡන්දයෙන් පත්වෙන ජනාධිපතිවරයාට එරෙහිව අසත්‍ය චෝදනා එල්ලකොට නිරපරාදේ උසාවි ගෙන ගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 150 දෙනා සමග තව දුරටත් යුක්ති සහගතව වැඩ කල හැකිද යන්න ඉතාම සාධාරණ ප්‍රශ්නයක් වන නිසාය !!!

- කොමිෂන් සභා ඇතුළු ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු අනෙකුත් ධූර සදහා ( ත්‍රිවිධ හමුදාපතිවරුන් හැර ) පුද්ගලයින් පත් කිරීමේ දී ඒ සඳහා ජනාධිපතිවරයාට තිබූ පූර්ණ අභිමතය ඉවත් කර ඇත (17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීමකි.

මෙය බරපතල තත්වයක් නොවේ. තනි අභිමතය නිසා පත්කිරීම් වල ස්වාධිනත්වයට හානි වීමේ ඉඩ වැඩි යැයි සැලකු නිසාවෙන් ඒ වෙනුවට ආදේශ කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීනව ක්‍රියාත්මක වන තාක් කල් සහ එහි යෝජනා පාරදෘශ්‍යව සහ යුක්තිමත්ව ඉදිරිපත් වනතාක් කල් එහි ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කල යුතුද නැත!

- ස්වකීය අභිමතය අනුව ජාතික වැදගත්කමකින් යුතු කාරණාවක් පාර්ලිමේන්තුවේ අනුමැතිය නොලැබුණත් ජනතාව වෙත යොමු කිරීමට ජනාධිපතිවරයාට තිබූ හැකියාව ඉවත් කර ඇත
( ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයට යටත්ව )

පාර්ලිමේන්තුව යනු ජනතා නියෝජිතයින් තමන්ට ජනතාවගෙන් කතිරය හරහා ලැබුණු ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරනා ස්ථානයයි. ඔවුන් ක්‍රියාත්මක කරන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒ අනුව ජනතාවට අවශ්‍ය දෑ ජනතා නියෝජිතයින් විසින් සිදු කරන්නේ යැයි උපකල්පනය කිරීම සිදුවේ. එහෙත් යම් හෙයකින් එසේ නොවුනහොත් / යම් කටයුත්තක් පිළිබඳ ව පාර්ලිමේන්තුවට තීරණයක් ගැනීමට නොහැකි තරම් අවස්ථාවක් උදාවුවහොත් / ජාතික වැදගත් කමින් යුතු ප්‍රශ්නයක් පිළිබඳ ජනතා මතය දැන ගැනීමට අවශ්‍ය වුවහොත් එයට අවකාශ තිබිය යුතුවේ. එම අවකාශය ලැබෙන්නේ / ලබාදිය යුත්තේ ජනමතවිචාරණය හරහා ය. එහිදී ජනතාව සෘජුව ම තමන්ගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන නිසා සෘජු ප්‍රජාතන්ත්‍රවාදය නම් වේ. 19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයාට ස්වකීය අභිමතය මත ( පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළා වුවත් ) ආණ්ඩුකම ව්‍යවස්ථාව ව්‍යවස්ථාව සංශෝධනය නොකරන වෙනත් යම් පනත් කෙටුම්පතක් ජනතාව වෙත කෙළින්ම ඉදිරිපත් කොට ජනතා මතය දැන ගැනීමේ හැකියාව අහිමි කර ඇත. තවත් විදියකින් කිවහොත් සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමේ එක අවස්ථාවක් 19 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනතාවට අහිමි කර ඇත. ඒ අනුව ඉතිරි වී ඇති තත්වයට අනුව ජනතාවට සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරවීමේ හැකියාව ඇත්තේ ඔවුන් විසින්ම පත් කර ජනතා නියෝජිතයින්ගේ 2/3 අනුමැතිය ලබා දුන හොත් පමණි.

- හදිසි පනත් කෙටුම්පත් ගැසට් නොකර සිටීමේ පෙර තිබූ හැකියාව ඉවත් කර ඇත. ඒ අනුව සම්මත කිරීමට බලාපොරොත්තු වන සෑම පනත් කෙටුම්පතක් ම මහජනයාගේ දැනගැනීම දැන ගැනීම පිනිස ගැසට් පත්‍රයේ පළ කළ යුතු වේ.

- සෑම පනත් කෙටුම්පත් ම න්‍යාය පත්‍රයට ඇතුළු කිරීමට අවම දින හතකට පෙර ගැසට් කළ යුතු ව යන්නෙහි දින 7 දින 14 දක්වා වැඩිකර ඇත.

ඉහත කාරණා දෙක නම් විධායකය සහ ව්‍යවස්ථාදායකය මහජනයා කෙරෙහි ඇති වගකීම වැඩිකිරීම පැත්තෙන් පැහැදිලිවම යහපත් සංශෝධනයන්‍ ය. හොද දේ කවුරුන් ඉදිරිපත් කලද අගය කල යුතුය!
බලය බෙදීමේ සිද්ධාන්තය ( The Doctrine of Separation of Powers ) සැලකූ කල එහි අර්ථය වන්නේ ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන රජයේ ආයතන තුන ව්‍යවස්ථාමය වශයෙන් එකිනෙකට සමාන සහ ( constitutionally equal status ) අනෙකුත් ආයතන වලින් ස්වාධීන, යම් බලතල ප්‍රමාණයක් තනිව ක්‍රියාත්මක කරන, එකක් අනෙක අභිබවා ක්‍රියාත්මක නොවෙන ( Should not be in a position to dominate others ) එහෙත් අනිත් ආයතන කෙරෙහි සංවරණ තුලනය ( checks and balances ) පැවැත්විය යුතු ආයතන විය යුතු බවයි.

ඒ අනුව මෙම කරුණට අදාලව සැලකීමේදී පාර්ලිමේන්තුව සිය ව්‍යවස්ථාදායක බලය / කාර්ය පටිපාටිය සම්මත නීතියෙන් බැහැරව ගෙන යන්නේ නම් එනම් බලාතික්‍රමණ ක්‍රියාවක් සිදු කරන්නේ නම් එයට වහා ප්‍රතිචාර දැක්විය හැකි ආයතනය වන විධායකය/ජනාධිපතිවරයා විසින් ඒ කෙරේ සංවරනය තුලනය පැවැත්වීමට හැකි තත්ත්වක් / බලයක් දරමින් තිබිය යුතුය. 19 වන ආන්ඩුක්‍රම විවස්තා සංශෝධනයට පසුව විධායකයේ ප්‍රධානීයා වන ජනාධිපතිවරයා සිටින්නේ එවැනි තැනක ද ? නඩු තීන්දුව අනුව නම් එවැනි තැනක ජනාධිපතිවරයා ඇති බවක් පෙනෙන්නට නැත!

පාර්ලිමේන්තුව විසින් සිදුකළ හැකි බලාතික්‍රමණ ක්‍රියාවක් වැළැක්වීමට විධායකයට පෙර තිබූ හැකියාව බොහෝ සීමා කර ඇති බව පෙනෙන්නට ඇත. එයට එක්කෝ පාර්ලිමේන්තුවේම 2/3 ඡන්දය අවැසිය. නො එසේ නම් වසර 4 1/2 ක් ගත වන තුරු බලාසිටිය යුතුය. ඒ අනුව පාර්ලිමේන්තුවේ බලය, විධායකය අනවශ්‍ය පරිද්දෙන් අභිබවා එය යටපත් කල හැකි තරමට ඉහල ගොස් ඇති තත්ත්වයක් ද පෙනෙන්නට ඇත. එය පාලනයට ලක් කිරීමට අධිකරණය හෝ බලවත් කර නැත. ඒ අනුව පෙර දී විධායක ජනාධිපතිවරයා සිය බලය භාවිතා කිරීම ගැන ප්‍රශ්න කළා සේම මෙම කාරණය ද සාධාරණ ප්‍රශ්න කළ යුතු එකක් බවට පත්ව ඇතුවා නොවේද ...???

මේ අනුව බලය බෙදීමේ න්‍යාය (the doctrine of separation of powers) යටතේ පිළිගන්නා විධායකයේ ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන පාලන ආයතන තුන සම මට්ටමේ තිබිය යුතුය යන්න 19 වන සංශෝධනය යටතේ කොතරම් වලංගුද යන්න ප්‍රශ්න කළ හැකි සහ කල යුතුද වන තැන ඇත. මන්ද මේ වැනි තත්වයන් මත ප්‍රශ්න මතුවන්නේ සමස්ථ රට පත්තෙන්මය!

පාර්ලිමේන්තු විසුරුවා හැරීම සම්බන්ධ නඩු තීන්දුව සැලකීමේදී ජනාධිපතිවරයා පමණක් නොව සියලුම රජයේ නිලධාරීන්ට අදාළව අභිමතය ක්‍රියාත්මක කිරීම යන්න නීතියට යටත් ව කළ යුතු ව යන්න දක්වා ඇත. එය ඉතාමත් වැදගත් කාරණයකි. මේ වන විට එය ජනාධිපතිවරයා සම්බන්ධව නම් ඕනෑවටත් වඩා සිදු වී ඇති බව පෙනෙන්නට ඇත. එය පාර්ලිමේන්තුවට ද තරමක් හෝ අදාළ විය යුතුය. මන්ද එයද රටේ පාලන අංගයකි. නොඑසේ නම් 1972, 1 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සියලු පාලන බලතල ඒකරාශී කර තිබූ ජාතික රාජ්‍ය සභාව නම් බල ව්‍යුහය තරම්ම නැතත් ඒ කිට්ටුවට වර්තමාන පාර්ලිමේන්තුව පැමිණීමේ යම් ඉඩක් ඇත. එය ජනාධිපතිවරයා බලවත් වුවාටද වඩා භයානක විය හැකිය. මන්ද ජනාධිපතිවරයා නම් භාවිතා කරන්නේ තමන්ට ව්‍යවස්ථාවෙන් දී ඇති බලතල පමණි. එහෙත් පාර්ලිමේන්තුවට අවැසි නම් නීති සාදාගෙන ( උදාහරණයක් ලෙසින් මැතිවරණ කල් දමමින් ) පාලනය ගෙන යා හැකි නිසාවෙනි.

එය වැළැක්වීම පිණිස එක්කෝ ජනාධිපතිවරයාගේ භූමිකාවේ ධනාත්මක වෙනසක් සිදු කල යුතුය. නො එසේ නම් බලතුලනය ඇති කල හැකි අනෙක් විදිය එනම් පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය අධිකරණයේ ප්‍රශ්න කිරීමේ හැකියාව දැනට වඩා ව්‍යවස්ථානුකූලව වැඩි කළ යුතුව ඇත! විශේෂයෙන් ජනතාවගේ ඡන්දයෙන් පත්වෙන්නාවූ නියෝජිතයින් සිටිනා පාර්ලිමේන්තුවේ ජනතාවට වූ වගකිම වඩ වඩාත් විද්‍යමාන කල යුතුය!

මා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ විශාරදයෙක් නම් නොවේ. එහෙත් සංවරණ තුලනය සමබරව පවත්වා ගැනීමට සහ පාර්ලිමේන්තුවේ පිල් මාරු කලද / කවර පක්ෂ එක්ව සන්ධාන ගැසුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හරයට හානියක් කරන්නට බැරිවන ලෙසින් සංශෝධනයන් අවැසි නම් ඉදිරිපත් කරන්නට හැකිය!
එහෙත් ඒවා බාර ගනීවිද, බාර ගත්තද ක්‍රියාත්මක කරාවිද යන්න නම් මදක් සැක සහිතය !!!

අගමැතිධුරය හිස් වීම

19 වන සංශෝධනයට පසුව අගමැතිවරයා ධූරය දැරීම අවසන් වන්නේ,

1. මියයෑම.
2. ජනාධිපතිවරයා වෙත ලියනා ලිපියකින් ධුරයෙන් ඉල්ලා අස්වීම.
3. අමාත්‍ය මණ්ඩලය ධූර දැරීම නතර වීම.
4. පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා අවසන් වීම.
5. අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීම.
6. තව දුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවීම.
7. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීම.
8. විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප කිරීම.


ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝණය කලේද ?

පාර්ලිමේන්තුව විසුරුවා සම්බන්ධ නඩු තීන්දු වේ වසර හතර හමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය වූ බව තිබෙන බව සැබෑය.

එහෙත් ඊයේ ගරු ජනාධිපතිතුමා පැවසූ පරිද්දෙන් ( එසේ විශේෂයෙන් නොපැවසුවත් ) එතුමා පාර්ලිමේන්තුව විසුරුවාලීමට අදාළ තීරණය ගත්තේ බෞද්ධයාට ශ්‍රී දළදා මාළිගාව වාගේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රවාදයේ සංකේතය ලෙස ඇතැමුන් හඳුන්වා ගන්නා පාර්ලිමේන්තුවේ පැවති අර්බුදකාරී තත්වයත්, එය සමනය කර ගැනීම සඳහා හොඳම විදිය ජනතාව ඉදිරියට ඒ ගැටලුව ඉදිරිපත් කිරීමත් යන්න අනුවය.

එහෙත් 19 වන සංශෝධනය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට ක්‍රියාත්මක විය හැකි ආකාරය පිළිබඳ වූ ප්‍රබල නීතිමය මත ගැටුමට විසඳුමක් ඒ වන වනවිට ලැබී නොතිබුණි. එනම් එම සංශෝධනයේ ඇති අපැහැදිලිතාවය මත වසර හතර හමාරකට පළමුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තමාට නෛතික හැකියාවක් ඇතැයි ජනාධිපතිවරයාට සත්භාවයෙන් මතයක් ගත හැකිය. ( පක්ෂ භේදයෙන් තොරව මා ගත්තේද ඒ මතයය ) එතුමා ගත්තේ ඒ මත යය. ක්‍රියාත්මක වූයේ ඒ අනුවය. ඒ අනුව එවන් අවිනිශ්චිත අවස්ථාවකදී තමාට නීතියෙන් කිසියම් වූ බලයක් ඇතැයි සද්භාවයෙන් විශ්වාස කොට යම් කිසි තැනැත්තෙකු ක්‍රියාත්මක වන යම් ආකාරයක් යුක්තිසහගතය. එහිදී කිසියම් වූ වරදක් වූයේ නම් එයට "සිද්ධිය වැරදීම" ( Mistake of Facts ) නම් විත්තිවාචකයක් ඇත. ඒ අර්ථයෙන් ගත් කල ගරු ජනාධිපතිතුමා විසින් චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් හෝ ස්වකීය ධූරයේ බලතල අයුතු අන්දමින් පාවිච්චි කිරීමක් ඒ සම්බන්ධ විෂමාචාරයක් හෝ දූෂණයක් සිදුකර නොමැත !!!

මේ තත්වය ඉතා පැහැදිලි තත්වයකි. පක්ෂ දේශපාලනයෙන් තොරව වුවද පිළිගත හැකි වන මට්ටමට ම පැහැදිලි තත්වයකි.

ඒ අනුව එවැන්නක් හෝ පිළිගන්නේ නැත්නම් ජනාධිපතිවරයාගේ මනසේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීමට පළමුව එවන් තැනැත්තෙකුගේ මනසේ ක්‍රියාකාරීත්වය දිසා අධිකරණයක් මගින් පරීක්ෂාවට ලක් කිරීම සුදුසුය!!!

දරුවන් යහපත් පුරවැසියන් කරගන්නට ...

කුඩා ළමුන් තමුන්ට පෙනෙන ඇහෙන දේවල් හොඳින් ධාරණය කර තබා ගන්නා බවත් ඒවා එවන් අවස්ථාවක් උදා වූ කළ අනුගමනය කරන්නට ද / යම් ආකාරයකින් ප්‍රකාශ කරන්නට පෙළඹෙනවා යන්නට තවත් කදිම උදාහරණයකි ...

එසේ නම් ඔවුන් යහපත් පුරවැසියන් කරගැනීමට අවශ්‍ය නම් විශේෂයෙන්ම කුඩාකල ඔවුන්ට අහන්නට දකින්නට ලැබෙන දේවල් යහපත් දේවල් ම කළ යුතු වේ ...

මෙහිදී වගකීම පැවරිය යුත්තේ කාට ද ...
මෙහි දෙපැත්තක් ඇත ...

හුදෙක් වගකීම සියට සියයක් මාධ්‍යයට පැවරිය නොහැකිය ... ( එසේ වගකීමක් පැවරීම අවශ්‍ය ද නැත ) පොඩි ළමයින්ට පෙන්වීමට ඉඩ හැරිය යුත්තේ මොනවා ද වැලැක්විය යුත්තේ මොනවාද යන්න තීරණය කරගෙන එසේ කටයුතු කිරීම වැඩිහිටියන්ගේ හෙවත් මහ උන්ගෙන් විය යුත්තකි ...

එසේ නොවුන හොත් උදා වනු ඇත්තේ කවර අන්දමේ ප්‍රතිඵලයක් ද යන්න අමුතුවෙන් ලිවිය යුතුද නොවේ.


Wednesday, December 5, 2018

ගරු අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇත්තේ අතුරු තහනම් නියෝගයකි

ගරු අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇත්තේ අතුරු තහනම් නියෝගයකි. ඒ අනුව පෙත්සම්කරුවන් විසින් කියනා කාරණා සහ ඊට ඇති විරෝධතාද සලකමින් පෙත්සම් විභාග කොට අවසන් වනතුරු ධූරයන් දැරීම තාවකලිකව අත්හිටු විමක් පමණක් සිදුව ඇත. ඒ මිස අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය ධූරය දැරීම නීති විරෝධී යැයි උසාවිය තීන්දු කර නම් නැත.

මේ කාරණයද ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරි ගැසට් පත්‍රය දැන් ඇති තැනමය. එනම් අත් හිටුවිමට ලක්වය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට අගමැතිවරයාව / ඇමතිවරුන්ව පෙරදී මෙන් ලිපියකින් ඉවත් කිරීමද කල නොහැකි ය.

අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීමක් මගින් හෝ අන් ආකරයකින් ධූර හිස් කිරීමක් සිදු කර නැති නිසා සහ ධූර දැරීම අධිකරණයේ අභියෝග කිරිමක් පමණක් සිදුව ඇති නිසා මේ කාලය තුල එම ධූරයන් හිස් වීමක් ද සිදුව නැත.

ධූර පුරප්පාඩු නොවී ඒවා පිරවිය නොහැකි ය.

අනෙක් අතට අතුරු තහනම් නියෝගට අදාල විෂය වස්තුව එනම් අගමැති ඇතුලු කැබිනට් මණ්ඩලය අතුරු තහනම් නියෝගය දෙන අවස්ථාවේ පැවැති තත්වයේ වෙනසක් නොකල යුතු බවද පිලිගත් අදහසයි.
ඒ අනුව කරුණු කාරණා එසේ වෙද්දී නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට හැකියාව ඇතිද යන ව්‍යවස්ථානුකූල ප්‍රශ්නය එයට දිය හැකි යුක්තිසහගත පිළිතුරද සමගින් මතුව ඇත!

ජනතා ඡන්දයෙන් පත් වූ විධායකයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාගේ පැවැත්ම ස්ථාවර වන බැවින් විධායකයේ අඛණ්ඩ පැවැත්මට අගමැතිවරයා හා අමාත්‍ය මණ්ඩලය තාවකාලිකව ක්‍රියාකාරී නොවෙන තැනට පත්විමෙන් කිසිදු බාධාවක් වී නොමැත.

සරලව කියන්නේ නම් අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ පැවැත්ම උසාවියේ අභියෝග වුව ද එය භාවිතාකොට යම් පිරිසක් විසින් රාජ්‍ය බලය නීතියට මුවා වෙමින් උදුරා ගැනීමකට හෝ රාජ්‍ය පාලනය අකර්මන්‍ය වීමකට සංවරණ තුලනය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ඉඩක් තබා නැත.
එයද ජනතා පරමාධිපත්‍යය ඉස්මතු වන අවස්ථාවක් ලෙසින් සදහන් කිරීමේ වරදක් නැත!

අධිකරණ තීන්දුවක් ලැබුණු කල ...

තමා ඉදිරියට පැමිණෙන නඩුවක් ඉදිරියට විභාග කරගෙන යාමට තීරණය කළ විටදී ඉල්ලුම්කරුවන් මූලික සහනයක් ලෙස යම් ක්‍රියාවක් අත්හිටුවන ලෙස ඉල්ලා ඇති විටෙක දී එය ලබාදීමට හැකියාවක් ඇතැයි අධිකරණය විශ්වාස කරන්නේ නම් එය ලබාදීම ගරු අධිකරණයෙන් සිදුවෙයි ...
ගරු අභියාචනාධිකරණය සිදුකර ඇත්තේ එවැන්නකි.

එය ඔබ විසින් ඔබගේ නඩුවකදී එම අධිකරණයෙන් මුූලික සහනයක් ලෙස ඉල්ලා සිටියා නම් ඔබගේ ඉල්ලීම විභාග කිරීමට තීරණය කළ හොත් ලබා දිය හැකි හෝ යුතු එකක් නම් ඔබ වෙනුවෙන් ද එය ලබාදෙනු ඇත.

ඒ අනුව අධිකරණයක අධිකරණ බලය පිළිබඳ හෝ ඉල්ලා ඇති කිසියම් වූ සහනයක් මූලික අවස්ථාවේ ලබාදීම පිළිබඳව විවේචනවල ඵලයක් නැත. මන්ද එය උසාවියේ කාර්ය පටිපාටියට අයත් දෙයක් වන බැවිනි.
ලබාදුන් කිසියම් නියෝගයකට අකමැති නම් කළ නීතියට අනුව අවස්ථාව තිබේ නම් ඉහළ අධිකරණය වෙත අභියාචනය හෝ ප්‍රතිශෝධනය කිරීම ය!

ක්වෝ වොරොන්ටෝ රිට් ආඥවක් ඉල්ලා සිටීම මගින්ද නිගමනය වන්නේ

සම්මත වූවා යැයි කියනා විශ්වාසභංගය සැලකීමේදී එමගින් එක් කාරණාවක් ඉතාම පැහැදිලි වේ.
එනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් විසින් 2018.10.26 දින කරනු ලැබුවාවූ මහින්ද රාජපක්ෂ නව අගමැතිතුමන් පත්කිරීම හා එතැන් පටන් ධූර දැරීම නීත්‍යානුකූල බව එය එසේ නැතැයි කියනා අයම විසින් පිලිගැනීමය. මන්ද එසේ පිලිනොගෙන අගමැතිවරයාට එරෙහිව යෝජනාවක් ගෙන ආ නොහැකි නිසාවෙනි. ඒ අනුව අභියෝග වන්නේ බහුතරය නැතැයි කියනා කාරණය පමණි.

එහෙත් බහුතරය නැති වු පමණින් ආණ්ඩුවකට බලයේ සිටීමට හැකියාක් මතු නොවේ යැයි නීති පොතේ දක්වා ද නැත. එනම් එසේ තිබියදී බලයේ සිටීම නීති විරෝධීබවක් අදහස් නොවේ.

ගරු අභියාචනාධිකරණයෙන් ක්වෝ වොරොන්ටෝ රිට් ආඥවක් ඉල්ලා සිටීම මගින්ද නිගමනය වන්නේ ජනාධිපතිවරයා විසින් 2018.10.26 දින කරනු ලැබුවාවූ නව අගමැතිවරයා පත්කිරීම හා ධූර දැරීම නීත්‍යානුකූල බව පිලිගැනීම ය. මන්ද විශ්වාශභංගයක් සම්මත වන්නට නම් පලමුව අගමැතිවරයකු ධූරය දරමින් සිටිය යුතුබව පිලිගත යුතු වන නිසාවෙනි.

ඒ අනුව පක්ෂ නායකයින් / නියෝජිතයින් මැතිවරණය ඉලක්ක ගතකර මීට වෙනස් කාරණාවක් /කාරණාවන් ප්‍රකාශ කල හැකි වුවත් නීතියට අනුව තත්වය ඕකය. එනම් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා පත්ව ඇත්තේ සහ මේ තාක් ධූර දරා ඇත්තේ පැහැදිලිවම නීතියට අනුවය!!!

විශ්වාසභංයෙන් පසුව අගමැතිවරයා ධූර දැරීම අභියෝගයට ලක් කිරීමෙන් අපට ලබා ගත හැකි පැහැදිලි කාරණය නම් පාර්ලිමේන්තුවේ සම්මත කලා යැයි කියනා ( විශේෂයෙන් හඩ අනුව ) විශ්වාසභංයේ නීතියානුකූලභාවය ඔවුන් විසින්ම උසාවිය මගින් පරීක්ෂාවට ලක් කිරීම පිණිස යොමු කර ඇති බවය !!!

ජනතාවට වග කීමේ වැදගත්කම සමග ජනතා අයිතීන් පුළුල් කිරීම

ජනතා ඡන්දයෙන් පත්වන ඒ නිසා ජනතාවට වග කියන සහ රටේ ආරක්ෂාව භාර කොට ඇති ජනාධිපතිවරයාගේ භූමිකාව අන් කවරදාටත් වඩා මේ වෙද්දි පැහැදිලිව ඉස්මතු වී ඇත. එය නීතිය පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් ඇති නීති ශිෂ්‍යයකුට නම් ඒ ක්ෂේත්‍රය හදාරා නැති අයකුට සාපේක්ෂ ව වඩා පහසුවෙන් අවබෝධ කරගත හැකි මට්ටමේ එකකි.

එනම් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අධිකරණ නියෝගය අනුව තාවකාලිකව ධූර දැරීමෙන් බැහැරව ඇති කළ ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය සේවය හරහා විධායකයේ කාර්යයන් එනම් නීති ක්‍රියාත්මක කරවීම ( පාර්ලිමේන්තුවෙන් හෝ වෙනත් ආකාරයක අනවශ්‍ය මට්ටමේ බලපෑමකින් තොරව ) තුළින් රජයේ දෛනික ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වාගෙන පවත්වා ගෙන යාමට සමත්ව ඇත.
කවුරුන් කෙසේ මොනවා කීවත් ඒ ස්ථාවරත්වය වැදගත්ය. එය ඇති වූයේ විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන කෙරෙහි සංවරණ තුලන මනා ව පවත්වන ලෙස සකසා ඇති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හේතුවෙනි.

ඒ අනුව ජනතා පරමාධිපත්‍යයට අයත් විධායක බලය හෙවත් නීති ක්‍රියාත්මක කරවීමේ බලය ඒ ආකාරයෙන් තිබීමේ වැදගත්කම ඉස්මතු වේ.

එකී බලය / හැකියාව කෙරෙහි සංවරණ තුලන පවත්වාගැනීම මිසක එකී බලය / හැකියාව, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නම් ලේබලය ගසා ගෙන පාර්ලිමේන්තුවට යට කළ යුතු නැත !!!

ජනතා විමුක්ති පෙරමුණ හෝ එක්සත් ජාතික පක්ෂය හෝ ඔවුන් හා එක්ව ක්‍රියා කරන බව පෙනෙනා වෙනත් පක්ෂයක් ඔය තරම්ම ජනතාව ගැන හිතනවා කියන්නේ නම් / ජනතා පරමාධිපත්‍යය ගැන කතා කරන්නේ නම් එහිදී කල යුත්තේ විධායකයේ බලය අනවශ්‍ය ලෙස පාර්ලිමේන්තුවට යට කරන්නා වූ යෝජනා ගෙන ඒම නොව, පරමාධිපත්‍යයේ වැදගත්ම අංගයක් ලෙස සලකන ඡන්ද බලයට හැකි ඉක්මණින් ම වටිනාකමක් ලබාදීමට ගත හැකි සියලු පියවර පලමුව ගැනීමත්, පසුව හෝ ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ලා අවසාන වශයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව දරන අධිකරණයට විශේෂයෙන් දැනට වඩා පාර්ලිමේන්තුවේ කටයුතු කෙරේ අධිකරණ විමර්ශනය පැවැත් වීමට හැකි වන ලෙස යෝජනා ගෙන ඒමය !!!
එහෙත් කණගාටුවට කරුණ නම් එවැනි සාධනීය යෝජනාවක් / ප්‍රතිචාරයක් ඔවුන්ගෙන් දකින්නට නොලැබීම ය !!!

ඒ අනුව ඔවුන් කියනා ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා අයිතීන් යන්න ලේබලයට පමණක්ම සීමා වී ඇති දැයි සිතේ ...