Friday, February 7, 2014

ළමයාගේ විනය හා ආත්මගෞරවය...

විනය විරෝධී හෝ වෙනත් නුසුදුසු ආකාරයකින් ක්‍රියාත්මක වන්නේ නම් පාසැල් ළමුන් ඉන් වැලැක්වීමේ වගකීම ගුරුවරුන්ට ඇති බව සැබෑය ! නමුත් එය කල යුතු ක්‍රමයක් ඇත !

ළමයාට වඩා යමක් කමක් තේරුම් ගත හැකි ගුරුවරිය ලමයාගේ කලිසම හිර යැයි කපා දමන්නට පෙර ඇයගේ ළමයෙකුගේ ඇදුම හෝ එසේ ළමුන් නොමැති නම් තමුන් ඇද සිටින ඇදුම තවත් කිසිවෙකු විසින් ඔවැනි ආකාරයෙන් අන් අය ඉදිරියේ කපා දැමූව හොත් තමුන්ට එය කෙලෙස දැනෙනු ඇතිදැයි සිතන්නට තිබුණි !!!

එකී ළමයාට දඩුවම් දුන් ගුරුවරිය පාසැලට ඇදගෙන විත් තිබුණේ කුමන ආකාරයේ ඇදුමක්ද යන්නත් අතීතයේ සිට මේ දව්ක්වා එහි සංවරකම ගැනත් සොයා බැලිය යුතුය !!!

ළමුන්ට වඩා වැඩිමල් අත්දැකීම් ඇති ගුරුවරුන් මෙහෙස ක්‍රියා කරද්දි තමුන්ව අපහසුවට පත් කරවීම සම්බන්ධව ගුරුවරුන් කෙරේ ක්‍රෝධයක් මිස කෙසේ නම් ගුරුභක්තියක් ඇති කරගනීවිදැයි සිතේ ! අමතක නොකල යුතු කාරණයක් නම් ඔවුන් ලමුන් බවයි ... ඒ අනුව ඔවුන් කල යම් ක්‍රියාවකදී එය කරන්නාවූ ක්‍රියාවක බරපතලකමක් තේරුම් ගත හැකි වැඩිහිටියෙකුගේ ඇසින්ම බැලීම සාධාරණ නැත ! ඒ අනුව ඔවුන්ට දඩුවමක් දීමේදී එයද යම් පමණකට හෝ සැලකීමට බදුන් කල යුතුය !

කලිසම පාසලට නුසුදුසු අන්දමින් තිබේ නම් එය නැවත ඇදගෙන නොපැමිණෙන ලෙස අවවාද කරන්නට තිබුණි ! එසේ අවවාද කොට විදුහල්පතිවරයාගේද අනුදැනුම මත නැවත හරවා නිවෙස වෙත යවන්නට තිබුණි !!! දෙමව්පියන් පාසලට කැදවා එසේ කරනුයේ මන්දැයි විමසා බලන්නට තිබුණි ! එවැන්නක් කලේ නම් ළමයාට කල වරද අවබෝධ කරවන්නට තිබුණි !!!

ඇතැම් කාන්තාවන් සාප්පු සවාරි යනාවූ ආකාරය ඩුටු කල නානාප්‍රකාර ඇදුම් විලාසිතා තිබේ !!! එහෙත් එවැන්නවුන් අතර ඇදීමට හරි හමන් ඇදුමක් නැති මට්ටමේ අයද සිටිය හැකි බව එවැනි බොහෝ දෙනා නොදන්නවා විය හැකිය !!! ඔවුන්ට ඒවා සොයා බැලීමට හෝ අවශ්යද නැත !!!

කෙසේ නමුදු මෙය ළමයාගේ මානසිකව අපහසුවට පත් කරනාවූ ආකාරයේ නුසුදුසු දඩුවමක් සේම වරදට සමානුපාත නොවෙන මට්ටමේ අපහාසය මුසු දරුණු දඩුවම් ලබාදීමකි, වරදක් වී නම් එය නිවැරදි කරනු පිණිස දඩුවම් දීමකට වඩා ද්වේශ සගහත ලෙස සීමාව ඉක්මවමින් කටයුතු කිරීමක් බව පෙනේ ! ඒ අනුව ඇයගේ ක්‍රියාවට සේම සිදුවීමට මුල්වූ ගුරුවරියගේ විනය සම්බන්ධවත් නීතියෙන් කටයුතු කිරීම අවශ්යව ඇති බව කිව යුතුය...

http://lankacnews.com/sinhala/news/103917/

No comments:

Post a Comment